IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසර ලැබුණු විගස එන්නත ලංකාවට දෙනවා

(හර්ෂණ තුෂාර සිල්වා)

ගෝලීය අර්බුද රැසක් ඇති කළ නව කොරෝනා වයිරසය හෙවත් කොවිඩ්-19’ වයිරසය මර්දනය කිරීම සඳහා රුසියාවේ විද්‍යාඥයන් සොයාගත් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලද විගස එය ශ්‍රී ලංකාවට ලබාදෙන බව මෙරට රුසියානු තානාපති යූරි මතේරි මහතා සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට අද (21)  දැනුම් දුන්නේය.
 
ඔහු මේ බව දැනුම් දීම කළේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හමු වූ අවස්ථාවේදීය.
 
රජය ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ශ්‍රී ලංකාවට නව කොරෝනා වයිරසය සාර්ථකව මර්දනය කිරීමට හැකි වූ බවත් ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවටත් එම වගකීම බාරගෙන ඊට නායකත්වය දුන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත් රුසියානු රජයේ ප්‍රශංසාව පළ කරන බව ද තානාපතිවරයා එහිදි කීවේය.
 
විද්‍යාඥයන් මාස දෙකක් තිස්සේ මනුෂ්‍යයන් යොදාගෙන කළ පරීක්ෂණ සාර්ථක වී ඇති බවත් කොවිඩ්-19’ එන්නතට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වී ඇති බවත් රුසියාව ඉකුත් දා (11)  ප්‍රකාශ කළේය.  
 
විද්‍යා ක්ෂේත්‍රයේ ලබාගත් ජයග්‍රහණය නිවේදනය කරමින් එන්නත තම දියණියකට ලබාදුන් බව ද රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් එහිදි පැවැසීය.
 
රුසියාවේ විද්‍යාඥයන් සංවර්ධනය කළ එන්නත තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා ලබන සතියේදී පුද්ගලයන් 40,000කට ලබාදීමට නියමිතව බව රුසියානු මාධ්‍ය පෙරේදා (20)  වාර්තා කර තිබිණි.
 
මේ අතර මෙම එන්නත සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු ලබාගැනීම සඳහා රුසියාව සමඟ සාකච්ඡා පවත්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත.  



අදහස් (7)

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසර ලැබුණු විගස එන්නත ලංකාවට දෙනවා

chandima Friday, 21 August 2020 04:14 PM

ආයේ මොන ලෝක සෞඛ්‍ය සංවිධානද.? අර ඉන්දියාවේ ඉඳන් හොරෙන් බෙහෙත් ගේන කෙනෙකුට කිව්වානම් සතියෙන් රටටම ඇතිවෙන්න බෙහෙත් ගෙනෙල්ලා දෙනවා.

:       0       0

විපුල යාපා Friday, 21 August 2020 04:16 PM

මේ එන්නත අවශ්‍ය ප්‍රමාණයට ටෙස්ට් කළේ නැහැ කියන එක පිළිගන්න බැහැ. මේ බ්‍රිතාන්‍යයේ සොයාගත් එන්නතයි. රුසියානුවන් එය ඉස්සුවා. ඒ නිසා බ්‍රිතාන්‍ය පර්යේෂකයන් කරන 3 වන අදියරේ ටෙස්ට් මේකටත් අදාලයි.

:       0       0

Prabha Friday, 21 August 2020 08:01 PM

ඉස්සෙලම තමන්ගේ රටේ අයට දීලා ඉන්න.

:       0       0

JAYATH Saturday, 22 August 2020 04:22 AM

බටහිර කුහකයින් මේක රුසියන් නිෂ්පාදනයක් හින්දා විකාර කියවනවා. සමහර අය කසාය බීපු ගොළුවන් වගේ ඉන්නවා. මොකද මේ වගේ එකක් තාම ඒ අයට හිතාගන්නවත් බැරිවුණ හින්දා රුසියානු එන්නතට ජයවේවා..!!! 

:       0       0

kamal Saturday, 22 August 2020 06:07 AM

ඔය ධනවාදී අධිරාජ්‍යවාදී අය කියන ඒවා අහන්න එපා.

:       0       0

mahee Sunday, 23 August 2020 01:04 AM

ඇත්තටම අද වනවිට හොයාගන තියෙන හොඳම ඉන්ජෙක්ෂන් එක රුසියාවෙ එක. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දුන්නොත් ඉක්මනින් අපට ලැබෙනවා කියන්නෙ මෙච්චර කරපු අපේ කැපවීමට ලොකු අගැයීමක්. කුහකයින් මොනවා කිව්වත් ලෝකෙ කොරෝනා මර්ධනය කරපු රටවල් අතර අපිත් ඉදිරියෙන් ඉන්නවා.

:       0       0

menna Sunday, 23 August 2020 01:24 AM

ලෝක සෞඛ්‍ය සංවිධනයේ අවසර ලැබුනට එකපාරටම මෙම එන්නත් භාවිත නොකරොත් හොඳයි කියලා හිතනවා. සමහරවිට පසුකාලීනව විවිධ කරදර වලට මුහුණ දෙන්න වෙයි කියලා හිතෙනවා. ජ්‍යාත්යන්තර ක්‍රීඩා තරඟ වලදී ලංකාවේ ක්‍රීඩකයන් උත්තේජන භාවිත කරලා කියලා වගේ චෝදනා කරන්න පුළුවන්. රුසියාව දැනටම ඔලිම්පික් වැනි තරංග තහනමට ලක්වී තිබෙන්නේ රටක්. ලංකාවට කොවිඩ් 19 ට දේශීය වෙදකම හොඳටම ඇති කියල හිතනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන්න
2024 නොවැම්බර් මස 20 69 0

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම


වගා හානි සතුන් එලවන්න ලාල් කෙවිට අතට ගනී
2024 නොවැම්බර් මස 20 105 0

වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.


බිමල්ගේ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිලා දෙන්නෙක්
2024 නොවැම්බර් මස 20 142 0

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්‍


දසවැනි පාර්ලිමේන්තුව හෙට
2024 නොවැම්බර් මස 20 39 0

දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.


මහ පාරට වැටීම ගැන සතුටුයි
2024 නොවැම්බර් මස 20 166 0

මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.


ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 1254 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1928 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site