IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ලක් සිත්තරාගේ චිත්‍ර ලන්ඩනයේ

එංගලන්තයේ ජීවත්වන සුප්‍රකට ශ්‍රී ලාංකික කලාකරුවකුවන එස්.එල්.සෙනෙහෙදීරගේ ඒක පුද්ගලචිත්‍ර ප්‍රදර්ශනයක් පසුගියදා "ලේච්වර්ත් ගාර්ඩන් සිටි" චිත්‍රාගාරයේදී විවෘත විය. සෙනෙහෙදීරගේ නව නිර්මාණ 30ක් ඇතුළත්වන එම ප්‍රදර්ශනය මැයි මාසය අවසන් වනතුරුම පැවැත්වෙයි.

චිත්‍ර ප්‍රදර්ශනය ආරම්භවුයේ ලේච්වර්ත් පදනම් ආයතනයේ ප්‍රධානී විලියම් ආර්මිටෙජ් සහ උතුරු හාර්ට්ෆාර්ඩ්ෂයර් ප්‍රාන්ත සෞඛ්‍ය සේවා ප්‍රධානී ජෙරමි ක්රෝක්ස්ෆර්ඩ් ප්‍රධාන අමුත්තන් ලෙස සහභාගීවු කෙටි උත්සවයකිනි.

බ්‍රිතාන්‍ය මහා රැජිනගේ සහ ඩයානා කුමරියගේ විශාල චිත්‍රදෙකක් ඔහු මෙම ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත්කර ඇති චිත්‍ර මුර්ති සහ ප්‍රස්තාරික නිර්මාණ අතර කැපීපෙනෙන නිර්මාණ විය.

වසරවිසිපහක පමණ කාලයක් තිස්සේ චිත්‍ර කලා නිර්මාණයන්හි යෙදී ඉන්නා සෙනෙහෙදීරශ්‍රී ලංකාවේ, ජපානයේ සහ එංගලන්තයේදී ද චිත්‍ර ප්‍රදර්ශන කිහිපයක්මඉදිරිපත් කර ඇත. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංස්කෘතික සහ ආගමික වැඩ කටයුතුසඳහා තම නිර්මාණ සහ ශ්‍රම දායකත්වය ස්වෙච්ඡාවෙන් ලබාදෙන සෙනෙහෙදීර ලන්ඩන් නුවර නිෂ්පාදනය කළ චිත්‍රපට සඳහාද තම සහයෝගය ලබාදී ඇත.

ස්කොට්ලන්තයේ සහ ලේච්වර්ත් නගරයේ ශ්‍රී ලාංකික බෞද්ධ විහාරයන් දෙකෙහිම බුදුමදුරු නිර්මාණය කරන ලද්දේද ඔහු විසිනි.

ලන්ඩන්මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයෙන් චිත්‍රකර්ම උපාධියක් ලබාගත් සෙනෙහෙදීරදැනට ඇන්ග්ලියා විශ්වවිද්‍යාලයේ සිනමා රුපවාහිනී සහ මාධ්‍ය භාවිතය පිලිබඳ පශ්චාත් උපාධියක් සඳහා පර්යේෂණාත්මක කෘතියක් සකස්කරමින් සිටී.



අදහස් (0)

ලක් සිත්තරාගේ චිත්‍ර ලන්ඩනයේ

රංජනි Friday, 10 May 2013 12:09 PM

අපිට ආඩම්බරයක්. අපේ කෙනෙක්නේ. ඔබගේ චිත්‍ර දැක්ම නැරඹීමට අනිවාර්යයෙන්ම එනවා.මොකද, මගේ අයියා ශ්‍රි ලංකාවේ චිත්‍ර ශිල්පියක්. මහ රැජිනගේ සිල්වර් ජුබිලියට රැජිනගේ පින්තුරය ඇද පළවැනි තැන දිනාගත්තේ මගේ දුව අවුරුදු දොළහේදී.ලංකාවෙන් ඇවිත් ඉන්න ළමයි හැමෝම මෙය නැරඹීමට යන්නම ඕනෑ. (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 10 May 2013 12:17 PM

ඔබට සියලුම ලාංකිකයන්ගේ ප්‍රනාමය ස්තූතියි.(නදී)

:       0       0

රාජ්. Friday, 10 May 2013 06:27 PM

සුද්දා සාමාන්‍ය විදියට ඇදලා ඉන්න ලස්සන බලන්නකෝ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 89 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


කළුගංතොට සිංහය නික්ම යයි
2024 සැප්තැම්බර් මස 30 6 0

හිටපු අමාත්‍ය සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද සවස (30) මතුගම පාන්තිය ආදාහනාගාරයේ


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 538 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 258 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 366 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1135 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site