IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ලංකා සතොස භාණ්ඩ 9ක මිල තවත් අඩු කරයි

(යොහාන් භාසුර)

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 9 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

එම භාණ්ඩ අඩු කළ මිලට හෙට (17) සිට ලංකා සතොස අළෙවිසැල්වලින් මිලදී ගත හැකි බව ද සතොස පවසයි.

කිරිපිටි ග්‍රෑම් 400 ක් රුපියල් 29 කින්, සෝයාමීට් කිලෝවක් රුපියල් 25 කින්, හාල්මැස්සන් (තායි) කිලෝවක් රුපියල් 15 කින්, බාස්මති හාල් කිලෝවක් රුපියල් 15 කින්, දුඹුරු සීනි කිලෝවක් රුපියල් 10 කින්, අර්තාපල් කිලෝවක් රුපියල් 5 කින්, කඩල කිලෝවක් රුපියල් 5 කින්, සුදු ලූණු කිලෝවක් රුපියල් 5 කින් සහ රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 4 කින් අඩු කළ බව සතොස කීය.

ඒ අනුව කිරිපිටි ග්‍රෑම් 400 ක් රුපියල් 970 කට, සෝයාමීට් කිලෝවක් රුපියල් 625 කට, හාල්මැස්සන් (තායි) කිලෝවක් රුපියල් 1160 කට, බාස්මති හාල් කිලෝවක් රුපියල් 675 කට, දුඹුරු සීනි කිලෝවක් රුපියල් 350 කට, අර්තාපල් කිලෝවක් රුපියල් 325 කට, කඩල කිලෝවක් රුපියල් 555 කට, සුදු ලූණු කිලෝවක් රුපියල් 630 කට සහ රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 147 කට මිලදී ගත හැකි බව ද සතොස වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (6)

ලංකා සතොස භාණ්ඩ 9ක මිල තවත් අඩු කරයි

වටලප්පං Wednesday, 16 August 2023 04:54 PM

බාස්මතී නම් තව ටිකක් ගණන් ඇරියත් කමන් නැහැ. කිරිපිටි, හාල් මැස්සෝ, අල, පරිප්පු, සුදුසීනි වගේ ඒවා තව ගොඩක් අඩු කළොත් හොඳයි. ඔය ගානට කන්න බැහැ. ඒ නිසා සාමාන්‍ය ජනතාවට එදිනෙදා අවශ්‍ය කෑමබීම තව ගොඩක් අඩුකරන්න. ලොකු ලොකු අය කරපු අපරාධ වලට පොඩි අපි මොනවා කරන්නද?

:       0       20

Gunendra Wednesday, 16 August 2023 05:42 PM

ඇත්තෙන්ම ඇත්ත...

:       0       9

ravin Wednesday, 16 August 2023 05:06 PM

සුදුළූණු වෙළෙන්දා ඔන්න දැන් මාධ්‍යය විකුණනවලු... !

:       2       5

Saman Wednesday, 16 August 2023 05:07 PM

සතොස පාඩු තියාගෙන භාණ්ඩ කිහිපයක මිල පොඩ්ඩක් අඩු කරනවා... ඊට පස්සේ නන්දෙ උද්දමනය තවත් අඩුවෙලා කියලා රිපෝර්ට් එකක් හදලා පෙන්වනවා.

:       5       10

himalThursday, 17 August 2023 10:31 AM

උද්ධමනය කියන්නේ පොදු මිල මට්ටමේ කාලය එක්ක බලන වෙනස් වීමක්. සතොසේ මිල ගණන් නෙවෙයි.

:       0       0

අන්නකොරොස් Wednesday, 16 August 2023 05:47 PM

වැඩි කරනකොට සියගණන් වලින් වැඩි කරලා අඩු වෙන්නේ 10/15යි.

:       4       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පුරා ඔසු සල් අරින්න යයි
2024 ඔක්තෝබර් මස 14 2002 0

ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට ජනතාවට ලබාදීමේ රජයේ වැඩපිළිවෙල අනුව දිවයින පුරා ඔසුසල් ජාලාවක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලි


ඊශ්‍රායල හමුදා කඳවුරට හිස්බුල්ලා ඩ්‍රෝන ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 14 873 0

ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100


පාලන මිලට බැරිනම් සහල් අලෙවිය වර්ජනය කරනවා
2024 ඔක්තෝබර් මස 14 1227 0

පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි නම් සහල් අලෙවිය වර්ජනය කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග සහ සිල්ලර වෙළඳ සංගමය පවසයි.


පොහොර සහනාධාරය අද සිට
2024 ඔක්තෝබර් මස 14 210 0

රජය විසින් වැඩි කරන ලද පොහොර සහනාධාරය අද සිට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ශිෂ්‍යත්වය ගැන කොමසාරිස්ගේ තීරණය
2024 ඔක්තෝබර් මස 14 852 0

ආන්දෝලනයට තුඩු තුන් 2024 පහ වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය යළි නොපැවැත්වීමට තීරණ කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.


ත්‍රිරෝද රියදුරු මරා පුංචි ලෝකාන්තයට දාලා
2024 ඔක්තෝබර් මස 14 966 0

හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකු මඩොල්සිම පුංචිලෝකාන්තය අසල ට රැගෙන ගොස් පහරදී සිරුර මඩොල්සිම පුංචිලෝකාන්තයේ ප්‍රපාතයට ඇද විසිකර දෑමූ බව ක


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 376 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 440 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1392 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site