(සුජිත් හේවාජුලිගේ )
ලංකා සතොස ලිමිටඩ් ආයතනයේ සේවකයන් සඳහා 2019 වර්ෂයේදී චක්‍රලේඛවලට පටහැනිව රුපියල් හත් කෝටි හතළිස් හය ලක්ෂයකට වැඩි ප්‍රසාද දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
ආයතනයේ සේවකයන් සඳහා ප්‍රසාද දීමනා ලෙස 2019 වර්ෂයේ ගෙවිය යුතු මුදල රුපියල් තුන්දාහක් වුවත් භාණ්ඩාගාර අනුමැතියකින් තොරව රුපියල් 25000 බැගින් ගෙවා තිබූ බවද එම වාර්තාවේ දැක්වේ.
ප්‍රසාද දීමනා ගෙවීමේදී 2003 ජුනි මස දෙවැනි දිනැති රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අංක 12 හි 6.5 ඡේදය අනුව වාර්ෂික මූල්‍ය ප්‍රකාශන නියමිත දින විගණකාධිපතිට ඉදිරිපත් කර තිබිය යුතු වුවද වසරකුත් මාස හයක් ප්‍රමාද වී ප්‍රකාශන ඉදිරිපත් කර තිබියදී චක්‍රලේඛ වලට පටහැනිව මෙම ප්‍රසාද දීමනා ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ අතර ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරීන් සඳහා ගෙවිය යුතු වෘත්තිය දීමනාව ප්‍රමාණය ඉක්මවා වැඩිපුර ගෙවා ඇති බවත් එලෙස වැඩිපුර ගෙවා ඇති මුදල රුපියල් හය ලක්ෂ තිස් දහසක් බවත් විගණන නිලධාරීහු පෙන්වා දෙති.
ලංකා සතොස ආයතනයේ උසස් නිලධාරීන් හත් දෙනකු වෙනුවෙන් භාණ්ඩාගාර අනුමැතියකින් තොරව 2018 වර්ෂයේදී පනස් එක් ලක්ෂයක්ද 2019 වර්ෂයේදී නිලධාරීන් නව දෙනෙකු වෙනුවෙන් ලක්ෂ 45 ක්ද ගෙවා ඇතැයි විගණන වාර්තාවේ දැක්වේ.
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව ප්‍රධාන විධායක නිලධාරී සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් සඳහා ගෙවිය හැකි මාසික දීමනාව පිළිවෙලින් රුපියල් අනූපන් දහසක් සහ අනූ දහසක් වශයෙන් අනුමත කර තිබුණද අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය මත ප්‍රධාන විධායක නිලධාරී සඳහා රුපියල් දෙලක්ෂ පනස් දහසක මාසික දීමනාවක්ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් සඳහා අධ්යක්ෂ මණ්ඩල අනුමැතියකින් තොරව එක් ලක්ෂ පනස් දහසක මාසික දීමනාවක්ද ගෙවා තිබු බව විගණන කාර්යාලය පවසයි.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘ලංකා සතොස සේවකයින්ට කෝටි 7 ක බොනස් ‘