අන්තර්ජාතික කැරම් සම්මේලනය සහ මැලේසියානු කැරම් සංගමය එක්ව සංවිධානය කළ 6 වැනි ලෝක කැරම් සම්මේලන කුසලාන කැරම් තරගාවලියේ කණ්ඩායම් ඉසව්වේ (පිරිමි/කාන්තා) අනුශුරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කැරම් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත් වුහ. ලෝක කැරම් ශූරතාවලියට පමණක් දෙවැනි වන මෙම තරගාවලියේදී වත්මන් ලෝක ශූරයන් වන ඉන්දියාව සහ අනුශූරයන් වන ශ්‍රී ලංකාව අතර සමස්ත ශූරතාව සඳහා තියුණු සටනක් දැක්වුණි. තරගාවලියේ කණ්ඩායම් ඉසව්වේ ශූරතාව මෙන්ම විවෘත ඉසව්වල රන් සහ රිදී පදක්කම් (පිරිමි/කාන්තා) ඉන්දියාව දිනා ගැනීම කැපී පෙනේ. පිරිමි කණ්ඩායම් ඉසව්වේ තුන්වැනි ස්ථානය මාලදිවයිනට ද, සිවුවැනි ස්ථානය පාකිස්තානයට ද හිමිවිය. මාලදිවයින සහ මැලේසියාව පිළිවෙලින් කාන්තා කණ්ඩායම් තරගාවලියේදී තෙවැනි සහ සිවුවැනි ස්ථාන ලැබීය. මැලේසියාවේ ක්වාලාලාම්පුර් නුවරදී පැවැති මෙම තරගාවලියේ සියලූ ගෞරවය දකුණු ආසියානු රටවල් හිමිකර ගත්තේය. විවෘත පිරිමි කේවළ ඉසව්වේ ලෝකඩ පදක්කම නිශාන්ත ප‍්‍රනාන්දු දිනාගත් අතර නිශාන්ත සහ චමිල් කුරේ පිරිමි යුගල ඉසව්වේ ලෝකඩ පදක්කමද දිනා ගැනීමට සමත්වුහ. නිශාන්ත ප‍්‍රනාන්දු අවසන් පුර්ව තරගයේදී ලෝක ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ සිටින ඉන්දීය ක‍්‍රීඩක ප‍්‍රකාශ් ගයික්වාල්ඞ් හමුවේ පරාජයට පත්විය. ලෝක ශූර ඉන්දීය ක‍්‍රීඩක යෝගේෂ් පර්දේශී හමුවේ පරාජය ලැබු ජාතික ශූර චමිල් කුරේ විවෘත පිරිමි ඉසව්වේදී සිවුවැනි ස්ථානයට පත්විය. එම්. ෂෙරිෆ්ඞීන්ට හිමි වුයේ 7 වැනි ස්ථානයයි. මධුෂිකා කාංචනමාලා සහ ජෝශප් රොෂිටා විවෘත කාන්තා යුගල ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දුන්හ. විවෘත කාන්තා කේවළ ඉසව්වේදී මධුෂිකා කාංචනමාලා, ජෝශප් රොෂිටා, චලනි ලක්මාලි සහ අරෝෂා වික‍්‍රමසිංහ යන ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ පිළිවෙලින් පස්වැනි ස්ථානයේ සිට අට වැනි ස්ථානයට පත්වුහ. ලෝක කැරම් සම්මේලන කුසලාන තරගාවලියට සමගාමීව පැවැති ස්විස් ලීග් කැරම් තරගාවලියේ රිදී පදක්කම දිනා ගැනීමට චමිල් කුරේ සමත්විය. යුරෝපයේ ජනප‍්‍රිය මෙම කැරම් ක‍්‍රීඩා ක‍්‍රමවේදයේ ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ එක්ව තරග වදිති. ඉන්දීය කී‍්‍රඩක රාද ක‍්‍රිෂ්ණා රන් පදක්කම දිනාගත් අතර ඉන්දීය කී‍්‍රඩිකා කවීතා සොමන්ජි ලෝකඩ පදක්කම ලැබීය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලෝක සම්මේලන කැරම් අනුශූරතාව ශ්‍රී ලංකාවට