IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ලක් සිසුවෙක් දස්කම් පිට දස්කම් දක්වයි

ශ්‍රී ලංකාවේ  විමුක්ති සමීර මහින්දරත්න (24) බ්‍රිතාන්‍යයේ නෝර්ත්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයයේ 2012 උපාධි ප්‍රදානෝත්සවයේ දී විද්‍යාවේදී  (පළමු පෙළ ගෞරව ) උපාධිය තවත් විශේෂ සම්මාන තුනක් ද සහිතව දිනාගත්තේය. රාජ්‍ය සංනිවේදන සඳහා වන රැජින සම්මානය , වසරේ හොඳම ශිෂ්‍යයා සඳහා වන උපකුලපති සම්මානය හා නායකත්ව හා කළමණාකරණ ආයතනික සම්මානය එම විශේෂ සම්මාන තුනයි.  කොළඹ මහානාම හා රාජකීය විදුහල් හී මූලික අධ්‍යාපනය ලැබූ විමුක්ති, ඊස්ට්බෝන් පාර්ක් විද්‍යාලයයේ දී විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා නෝර්ත්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයයට ඇතුළත් වුයේ ශිෂ්‍යත්වයක් ද දිනා ගනිමිනි.



අදහස් (0)

ලක් සිසුවෙක් දස්කම් පිට දස්කම් දක්වයි

තිස්ස මඩවල Tuesday, 07 August 2012 09:19 PM

විමුක්ති ලන්ඩන් නුවර දීර්ග කාලයක් ජීවත් උනත් සිංහල කම අමතක නොකළ කෙනෙක්. ලන්ඩනයේ ශ්‍රී ලාංකික සංස්කෘතික උත්සව සඳහා නිබදව සිය සම්පත් දායකත්වය නොමිලයේ ලබාදෙන කෙනෙක්. මෙවැනි සිංහල තරුණයන් අප කාටත් ආඩම්බරවියහැකි අය ලෙසටයි මම දකින්නේ.ඔබට ජය පතමි.තෙරුවන් සරණයි.(අ)

:       0       0

ජනිත් Tuesday, 07 August 2012 09:56 PM

ඔබට සුභ පැතුම් විමුක්ති අයියේ! (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 08 August 2012 02:04 PM

නියමයි. උසස් ජයග්‍රහණයක්. (නි)

:       0       0

සිතිජ Tuesday, 07 August 2012 10:18 PM

ලන්ඩන්, නෝර්ත්හැම්ටන්, ඊස්ට්බොර්න් කියන්නේ එකිනෙකට ගොඩක් දුරින් තියෙන්නේ.. (නු)

:       0       0

ෂෙරිෆ් Tuesday, 07 August 2012 10:22 PM

කාසි පනම් හිටි හැටියේ.. සතුරෝ ගෙන යති රහසේ පොතින් පතින් ලද දැනුමේ.. ධනය සදාකල් සුරුකේ..!! (නු)

:       0       0

ධර්ම Tuesday, 14 August 2012 12:53 AM

ජයවේවා

:       0       0

ධර්ම Tuesday, 14 August 2012 12:53 AM

සන්තෝසයි

:       0       0

අමරා අයිරංගනී Tuesday, 07 August 2012 10:50 PM

අපට රටට වැඩදායකවෙන්න.. නුඹවන් පුතුන්ට ජයම වේවා..!!(නු)

:       0       0

ලාල් හේරත් Wednesday, 08 August 2012 03:09 PM

ලංකා, ඔබ සරසවි කීයක් ගැන දන්නවාද? අන්තර්ජාලය ගැන දන්නවා නම් කරුණාකර එහි ගොස් පරීක්ෂා කර බලන්න. (නි)

:       0       0

ප්‍රමිල් Wednesday, 08 August 2012 12:09 AM

ඇයි අපේ මිනිස්සු මේ විදියට පටු විදිහට හිතන්නේ. අපි ඔහුගේ දක්ෂතා අගය කල යුතුයි. මේ දරුවා ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගියානම් ඔහු තවමත් වර්ජන නිසා ඇතුලේ හෝ නවක වද නිසා විශ්ව විද්‍යාලය අත්හැර ගිහින්. මේ වගේ පටු චින්තනය නිසා තමයි අපි දියුණු වෙන්නේ නැත්තේ. ඔබ දන්නවද 2012 ජනවාරි ජගත් විශ්වවිද්‍යාල ශ්‍රේනිගත කිරීම අනුව ශ්‍රී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍යන් වන උගන්ඩාවේ, ඝානාවේ , සුඩානයේ සහ ඉතියෝපියාවේ ජාතික විශ්වවිද්‍යාල වලට වඩා පහත් දර්ශකයක් දරන බව? සාක්ෂරතාවය අඩු අසමත් අප්‍රිකානු රාජ්‍යවල විශ්ව විද්‍යාල පවා මේ අනුව අධ්‍යාපනික ගුනත්මකභාවෙන් ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල පරාජය කොට තිබෙන විට මේ දරුවා බ්‍රිතාන්‍යයේ නෝර්ත්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයට යාම වරදක් වන්නේ කෙසේද? (නු)

:       0       0

සෙනරත් Tuesday, 14 August 2012 09:05 PM

මට ගොඩක් සතුටුයි. (නි)

:       0       0

ලක්සිරි Wednesday, 08 August 2012 12:52 AM

විදේශිකයන් කල පලියට, ඒ අය කොපි කර,කොන්ඩෙ වවා පාට දමා,කන් විද කරාබු දමා,ඇඟේ පච්ච කොටා, ලංකාවේ සමහර අයියලට නැතුවම බැරි බීර බි බී, දුම් කුඩු පානයෙන් මත්ව,කටේ රැප් ගායනයෙන් ද, මේ රටේ රේඩියෝ නාලිකාවල ඉන්නා වූ නිවේදිකයන් මෙන් 'සින්ගිරිස්' කට ගා ගත්ත කෙනෙක් නොවී, අනාගතේදී, නියම සිංහල කම රැක ගත් පුතෙක් වී, මේ රටේ සිංහල දෙමල මුස්ලිම් ජනයාට සේවය කිරීමට, තුනුරුවන් ගේ සරණින්,මේ රට රකින සම්‍යක් දෘෂ්ඨික දෙවි දේවතාවන්ගේ පිහිටෙන්, නුඹට යෝධ බල යෝධ හයිය ලැබේවා!(නු)

:       0       0

සනත් Wednesday, 08 August 2012 03:12 AM

ලංකා ඔබතුමා අහපු නැති දේවල් තව ගොඩක් ඇති.... මුලින් තමන් ගැන හොයන්න...(නු)

:       0       0

ලංකා Wednesday, 08 August 2012 05:06 AM

සුභ පැතුම්..!!(නු)

:       0       0

නදින්ද්‍ර ලංකා Wednesday, 08 August 2012 05:47 AM

සුභ පැතුම් පුතා.. හොද මිනිසෙකු වන්න..!(නු)

:       0       0

රුවන් Friday, 10 August 2012 08:34 PM

ඉතා හොදයි. සුභ පැතුම්! (නි)

:       0       0

බුද්ධි Wednesday, 08 August 2012 07:57 AM

ලක්සිරි ගමේ හොද කොල්ලෙක්. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 08 August 2012 08:08 AM

මේ යුනිවර්සිටි එක ගැන අහල නැත්නම් මෙන්න වෙබ් ලිපිනය: www.northampton.ac.uk (වි)

:       0       0

Muditha Wednesday, 08 August 2012 08:22 AM

ලංකා ඔයා බොරුවට උඩ පනින්න එපා. කෙනෙක් ජයක් ලැබුවාම සතුටු වෙන්න. කොහොමටත් ඔයාට මාර හීන මානයක් තියනවා ඔයාට වඩා අනිත් ය පහත් කියල. (වි)

:       0       0

ලලිත් -කටාර් Tuesday, 07 August 2012 04:17 PM

ජයවේව !! "ඔබට ලොකු ගමනක් යන්න තියෙනවා පුතේ " (දී)

:       0       0

සම්පත් Tuesday, 07 August 2012 04:26 PM

මගේ සුභ පැතුම් (දී)

:       0       0

රකිත Wednesday, 08 August 2012 09:43 AM

උගතමනා ශිල්පයමයි මතු රැකෙනා! විමුක්ති ඔබට සුබ පැතුම්..(වි)

:       0       0

ගුණපාල Wednesday, 08 August 2012 06:38 PM

ලක්සිරි, ඔබ ලියා ඇති විදියට ''මේ රටේ රේඩියෝ නාලිකාවල ඉන්නා වූ නිවේදකයන් මෙන් 'සින්ගිරිස්' කට ගා ගත්ත කෙනෙක් නොවී...'' මේ රටේ ඉංග්‍රීසි එෆ්.එම්. සේවයන්වල වැඩ කරන 'සිංහල දෙමළ නිවේදිකාවන්' එකම සිංහල හෝ දෙමළ වචනයක්වත් කියන්නේ නැත්තේ මොකෝ? (නි)

:       0       0

ඉන්දි Wednesday, 08 August 2012 09:49 AM

ජය වේවා...!! ජය වේවා..!!(වි)

:       0       0

අමිල Tuesday, 07 August 2012 04:43 PM

ජය වේවා...!! ජය වේවා..!!(නු)

:       0       0

පෙරේරා Wednesday, 08 August 2012 10:10 AM

සිරිලක් මවගේ අනාගතේ රැදී තිබෙන්නේ ඔබේ අතේ. (නි)

:       0       0

අජිත් ද සිල්වා Tuesday, 07 August 2012 04:41 PM

දයාබර විමුක්ති.. සුභ පැතුම් ඔබගේ විශිෂ්ඨ දස්කම්වලට.. සහ සුභ පතනවා...(නු)

:       0       0

නාලක Wednesday, 08 August 2012 06:55 PM

මේවා ගැන ඇයි මෙච්චරටම වර්ණනා කරන්නේ? (නි)

:       0       0

දයා සෞදි Tuesday, 07 August 2012 04:48 PM

ලංකාවට ගෞරවයක්.. අපගේ සුභ පැතුම්.. හොද අනාගතයක් පතමු..!! (නු)

:       0       0

ලංකා Tuesday, 07 August 2012 04:52 PM

මම මේ වගේ විශ්වවිද්‍යාලයක් අහල නැහැ.. කරැණාකරලා කියන්න ඔබ සමග කීදෙනෙක් මෙම උපාධිය සම්පූර්ණ කලාද කියලා..??(නු)

:       0       0

නිහාල් ගුණතිලක Tuesday, 07 August 2012 04:51 PM

ඔබ අපේ සැමට විශාල සම්පතක් ජයවේවා පුතේ. (අ)

:       0       0

ස්ටෙලා Tuesday, 07 August 2012 05:01 PM

එංගලන්තයේ ඉන්න ලංකාවේ කෙනෙක්ට කිඹුහුමක් ගියත් වටිනවා. ලංකාවේ විශ්ව විද්‍යාල වලත් හොඳ හොඳ වැඩ දාපු අය ඉන්නවා. අඩුම ගණනේ උපාධි ප්‍රධානෝත්සවයක්වත් වාර්තා කරලා තියනවාද? (නි)

:       0       0

මරික්කාර් Tuesday, 07 August 2012 05:11 PM

අපි ඔබ ගැන ඇත්තටම ආඩම්බරයි.. සුභ පතනවා ඔබට තව තවත් දිනන්න..!!(නු)

:       0       0

රෝහිත Tuesday, 07 August 2012 05:20 PM

ඔබට ජයෙන් ජය ලැබේවා.. ලංකාව අමතක කරන්න එපා..(නු)

:       0       0

පාලිත අබේරත්න Wednesday, 08 August 2012 11:06 AM

මෙ සම්මාන ඔබ ට විතරක් නොවේ රටම ලැබූ සම්මානයි .ඔබට ජය .. (දී)

:       0       0

දේශන Wednesday, 08 August 2012 11:08 AM

සුභපතනවා ඔබට !!!!!!!!! (දී)

:       0       0

චානක එල්.පී. Tuesday, 07 August 2012 05:33 PM

ජයවේවා...!! දළදා සමිදු පිහිටයි..!!(නු)

:       0       0

අනුර Tuesday, 07 August 2012 05:34 PM

ජය වේවා කොහේ ගියත්.. අපේ කම රැක ගන්න.. ඔයාට මගෙන් සුභ පැතුම්..!!(නු)

:       0       0

අත්තනායක Tuesday, 07 August 2012 05:42 PM

ලංකා සුභ පතන්න පුරැදුවන්න..(නු)

:       0       0

තිමිර Wednesday, 08 August 2012 11:20 AM

ඔබට ජය(දී)

:       0       0

නිරෝෂණ Wednesday, 08 August 2012 11:23 AM

ජය වේවා (දී)

:       0       0

පැරා Tuesday, 07 August 2012 05:45 PM

ඔයවගේ ප්‍රශ්ණ අහන්නෙ නැතිව සුභ පතන්න..පුරුදුවන්න(නු)

:       0       0

Kukulegama Gunarathana Tuesday, 07 August 2012 05:51 PM

දයාබර පුතණුවනි ඔබ අපට සම්පතකි..!(නු)

:       0       0

ආසිරි බණ්ඩාර - ලන්ඩන් Tuesday, 07 August 2012 05:57 PM

ලන්ඩනයේ ජීවත්වන විමුක්ති අධ්‍යාපනයට මෙන්ම විශේෂයෙන් ගායනය මෙන්ම නිවේදන කලාවටද දස්කම් දක්වන්නෙකි. බටහිර රටක ජීවත් වන තරුණයකු වුවත් රැල්ලට හසු නොවී දේශීය රසය මතු කරන ගීත ගායනය මොහු තුල ඇති වඩාත් වටිනා ගුණාංගයක් ලෙස මම දකිමි. ඔබට ජය..!! (නු)

:       0       0

තුෂාරා කොරියා Tuesday, 07 August 2012 05:59 PM

ඔයා ලක්මෑණියන්ට රත්තරං වටින පුතෙක්.. ඔබගේ සේවය මව් රටට පැමිණ ලබාදෙන්න.. ඔබට ජය..!(නු)

:       0       0

කෙවින් Tuesday, 07 August 2012 05:57 PM

ලංකා දක්ෂ දරුවන්ට ගෞරව කරන්න පුරුදු වෙන්න.. (නු)

:       0       0

මංජු Tuesday, 07 August 2012 06:11 PM

අපේ සුභ පැතුම්..!!(නු)

:       0       0

සමීර බාලසූරිය Tuesday, 07 August 2012 06:26 PM

ලංකාවේ අය විදේශ උපාධි වලට බැන බැන තව විදියකට උදම් අනනවා. (නු)

:       0       0

කොල්ල Wednesday, 08 August 2012 11:55 AM

අපේ රටේ කොල්ලට ජයවේව (දී)

:       0       0

උපාලි Friday, 10 August 2012 02:33 PM

සුභ පැතුම්, සුභ අනාගතයක් වේවා !(ස)

:       0       0

හැරිස් Tuesday, 07 August 2012 06:29 PM

රටට සේවයක් කරන්න ලංකාවට එනවා නේද?(නු)

:       0       0

සමන් Thursday, 09 August 2012 12:17 AM

නාලක, වර්ණනා කරන්නේ මේකයි. මොන විශ්ව විද්‍යාලයක වුණත් පාස් වෙන්න පුළුවන්. නමුත් මේ වගේ සම්මාන ගන්න එක හැමෝටම කරන්න බැහැ. අයින්ස්ටයින්ලා හිටියේ ලෝකෙට එකයි. උසස් අධ්‍යාපනය ලබපු අය මේවා අගය කරනවා. අනිත් එක ලංකාවේ විශ්ව විද්‍යාල වලට වඩා එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලවල තත්වය උසස්. (ඒක තමයි ඇත්ත) (නි)

:       0       0

අසංක Tuesday, 07 August 2012 06:33 PM

මේ වගේ දක්ෂයෝ දැකීමත් වාසනාවක්.(නු)

:       0       0

නාමල් Thursday, 09 August 2012 01:42 AM

මේ සම්මානයේ ඇති වටිනාකම කුමක්ද? (නි)

:       0       0

ඉමේෂ් ලක්මාල් Tuesday, 07 August 2012 06:50 PM

මට සමාවෙන්න. (අ)

:       0       0

කුසුම් Thursday, 09 August 2012 02:53 PM

මේ යහපත් දේවල්වලට මෙවැනි දස්කම් දක්වන ශ්‍රී ලංකා පුත්‍රයන් පිළිබද ව මීටත් වඩා වැඩි ප්‍රසිද්ධියක් දෙන්න ඕන.අපරාධකාරයින්ට මේ රටේ මාධ්‍ය මීට වඩා ලොකු ඉඩක් වෙන් කරනවා. මේ දරුවා යම්කිසි දවසක ලංකාවට ඇවිත් මේ රටට සේවය කරන්නේය යන ආදරණීය පැතුමත් අපට තියෙනවා.(ස)

:       0       0

බෙනට් Tuesday, 07 August 2012 06:57 PM

දැන් ඉතින් මෙයාගෙන් ලංකාවට සේවයක් බලාපොරොත්තු වෙනවා කියන්නේ කළුනික හොයනවා වගේ වැඩක් .... මෙලහකටත් එංගලන්තේ හොඳ රැකියාවක් ලැබිල ඇති ... අපේ අය මෙහෙ ඉඳන් ලංකාවේ ඉපදුන කෙනෙක් හින්ද අප්පුඩි ගහනවා .....(නු)

:       0       0

ඉන්දික Tuesday, 07 August 2012 07:43 PM

ඔබට අපෙන් සුබ පැතුම් (අ)

:       0       0

දාස Tuesday, 07 August 2012 07:50 PM

මුළු හදින්ම සුභ පතනවා පුතා.. ඉතාමත්ම උසස්..!!(නු)

:       0       0

නිමල් Tuesday, 07 August 2012 08:30 PM

අනේ මගේ ඊර්ෂ්‍යාවක් නම් නැහැ. බොහොම හොදයි. එහෙත් මේක ප්‍රවෘතියක් නම් නෙමෙයි. නොර්තම්ප්ටෝන් කියන්නේ එංගලන්තේ හුගක් පසු පෙළ විශ්වවිද්‍යාලයක් සහ ඔය රැජින සම්මානය (මම දන්නේ නැහැ මොකක්ද කියලා) ඇරෙන්න අනිත්වා නම් ලංකාවේ හුගක් ළමයින් ලබා ගන්නවා. ඉතින් ඒ ළමයින් ගැනත් දාන්න වටිනවා එහෙම නම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 2961 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 520 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 769 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2745 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3585 7

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1940 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40148 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25987 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 262 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1325 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site