IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ලිංගික අල්ලස් ඉල්ලූ යාපනයේ සංවිධායකයෙක් ඇතුළු දෙකක් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

කාන්තාවකට රජයේ රැකියාවක් ලබා දෙන බව පවසා ලිංගික අල්ලසක් සහ රුපියල් 50,000 ක මුදලක් ඉල්ලූවැයි අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා එක්සත් පෙරමුණේ යාපනයේ දිස්ත්‍රික් සංවිධායකවරයා ඇතුළු සැකකරුවන් දෙදෙනකු ලබන 21 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (07) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ උරයප්පුලම්, අතෙයිකෝට්ටේ, කල්මුණේ පදිංචි ශ්‍රී ලංකා එක්සත් පෙරමුණේ යාපනය දිස්ත්‍රික් සංවිධායක මුහම්මදු කාසිම් මුහම්මදු හා ඔහුගේ ලේකම් යැයි කියන එම්. පී. එස් නවාතැන්පළ , ආරුප්පු වීදිය, කොළඹ 13 පදිංචි ලෙබ්බෙ සෙයිනුල් ආබ්දීන් නමැත්තන්ය.

රජයේ රැකියාවක් ලබා දෙන බවට පවසා තමාගෙන් රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් හා ලිංගික අල්ලසක් ඉල්ලූ සැකකරු මුලින් රුපියල් පනස් දාහක මුදලක් රැගෙන ඔහු හමුවීමට පැමිණෙන ලෙසට දැනුම් දුන් බව පැමිණිලිකාරිය අල්ලස් කොමිසමට කළ සිය පැමිණිල්ලෙන් දක්වා ඇත.

ඒ අනුව අදාළ මුදල ලබා ගැනීමට යාමේදී යාමේදී සැකකරුවන් දෙදෙනා පිටකොටුව ප්‍රදේශයේ පිහිටි අවන්හලක දී  අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය,

 



අදහස් (0)

ලිංගික අල්ලස් ඉල්ලූ යාපනයේ සංවිධායකයෙක් ඇතුළු දෙකක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නියෝජ්‍ය අමාත්‍ය දිවුරුම් දීම බ්‍රහස්පතින්දා
2024 නොවැම්බර් මස 18 59 0

ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීමට එරෙහිව නියෝගයක්
2024 නොවැම්බර් මස 18 110 0

නොබෝදා පැවැති පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුරු නියෝගය නිකුත් කළේය.


ව්‍යාජ ටිකට් පෙන්වා මැච් බලන්න ගිය සරසවි සිසුවා මාට්ටු
2024 නොවැම්බර් මස 18 241 0

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත


මීගමුව පොලීසියේ පාලන අංශ ස්ථානාධිපතිනි අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 917 0

මීගමුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රථවාහන වව්චර්පත් 13 ක් ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් 192,400 ක් වංචා කළ බව කියන මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානා


ජනපතිට අමාත්‍යාංශ තුනක්
2024 නොවැම්බර් මස 18 2534 0

අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.


කසිප්පු ඇල්ලුවාම පාට් දැමූ කතුන් දෙකක් ඇතුළු 3 ක් දැලේ
2024 නොවැම්බර් මස 18 338 0

දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 633 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1810 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site