IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ලග්ගල අවි පන්සලකට විසි කරලා

ලග්ගල පොලිසියෙන් දින දෙකකට පෙර සොරා ගත් ආයුධ තොගය වැල්ලේවල සදගල පංසල් භූමියෙන් අද (16) උදේ 6.15 ට සොයාගත් බව පොලිසිය කියයි.

පන්සලේ නායක හාමුදුරුවන් මුහුණ දෙවා ගැනීම සඳහා ළිද ළගට වැඩම කළ අවස්ථාවේදී එම පාර්සලය දැක දායකයින්ට හා පොලිසියට දන්වා ඇත.

මෙම අවි වල ඇඟිලි සළකුණු සෙවීමට රහස් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (0)

ලග්ගල අවි පන්සලකට විසි කරලා

ශාන් Saturday, 16 April 2016 03:18 PM

මේක ඇතුළේම වැඩක් වෙන්නත් පුළුවන්. වැඩේ වරදින නිසා ආපහු ලැබෙන්න සළස්වන්න ඇති (නි)

:       0       0

සිල්වා Saturday, 16 April 2016 04:10 PM

මෙතන අදහස් දාපු සමහරු බොහොම දේවල් දන්නවා වගෙයි මේ ගැන (නි)

:       0       0

සුරංග Sunday, 17 April 2016 07:21 AM

මේක පන්සල් වල ඉන්න හාමුදුරුවෝ හිරේ දාන්න අටවාගෙන යන අලුත් උප්පරවැට්ටියක්. අලින්ගේ බැරිවෙනකොට ආයුධ ගිහින් තියල හරි ශාසනය විනාශ කරන්න හදන්නේ (අ)

:       0       0

පුෂ්පකුමාර Saturday, 16 April 2016 04:44 PM

මේ දවස් වල පන්සලට ආහාරපාන වලින් දෙන දානෙට වැඩිය ආයුධ දානයක් දුන්නහම වැඩිපුර පින් ලැබෙනවා කියලා හිතලා ආයුධ ටික පන්සලට දානේ දීලාද දන්නේ නැහැ. (නි)

:       0       0

අනූ Sunday, 17 April 2016 07:37 AM

පන්සල් වත්තේ තියෙනවා කියල හාමුදුරුවන් නේද කියල තියෙන්නේ (අ)

:       0       0

ලීලානන්ද Saturday, 16 April 2016 02:53 AM

දෙවියනේ! පන්සලකින්? (නි)

:       0       0

කස්තුරි Saturday, 16 April 2016 03:09 AM

හාමුදුරුවරුන්ගේ අර විශේෂිත ආරක්ෂිත බලකාය හදන්න එකතු කරනවද දන්නෙ නැහැ (නි)

:       0       0

ගුණසිරි Saturday, 16 April 2016 03:21 AM

මේවා පන්සලකින්ම හමුවුණ එකනේ වැඩේ...

:       0       0

කලදේරා Saturday, 16 April 2016 03:30 AM

මට අර හදනවා කිවුව 1000හේ බලකාය මතක්වුණා මේ පුවත දකිද්දී (නි)

:       0       0

මලික් Saturday, 16 April 2016 03:30 AM

දැන් කාවද මේකට අත්අඩංගුවට ගන්න වෙන්නේ? (නි)

:       0       0

ටානි Saturday, 16 April 2016 03:36 AM

සමහරුන්ගේ අදහස් දැක්කහම හිනාත් යනවා. හැබැයි මටත් එහෙම හිතුනා (නි)

:       0       0

නිල්හාන් Saturday, 16 April 2016 03:38 AM

මේවා පසුවට ප්‍රයෝජනයට ගන්න හංගන්න ඇති (නි)

:       0       0

සිරි Saturday, 16 April 2016 03:50 AM

පන්සලකට අලි පැටියෙක් ගෙනත් දාලා යන්න පුළුවන් නම් ආයුධ ගෙනත් දාලා යන එක කජ්ජක්ද? (නි)

:       0       0

සිංහ Saturday, 16 April 2016 03:51 AM

මේ වගේ මිනිස්සු ඉන්නකොට රටේ මේ වගේ දේවල් වෙන එක පුදුමයක් නොවේ. මෙතන අදහස් දාන්නේත් අන්න ඒ වගේ අය (නි)

:       0       0

සමන් Saturday, 16 April 2016 04:02 AM

මිනිස්සු 21 වෙනි ශතවර්ෂයේද නැතිනම් ගල් යුගයේද කියලා හිතෙනවා මේ අදහස් බලනකොට. පන්සල් භූමියකින් හමුවුණ පලියට හාමුදුරුවරු මේකට ගාවාගන්න තරම් නපුරු වෙන්න එපා. මේ අපරාධකාරයන් තමන්ගේ ගැළවිමට පන්සල් වත්තේ දමලා ගියා වෙන්න බැරිද. හොරකම් කරපු මිනිස්සු හොරබඩු තමන්ගේ ගෙදර තියාගන්න සිරිතක් තියෙනවාද? (නි)

:       0       0

අසංක Saturday, 16 April 2016 04:03 AM

ඔන්න කට්ටියකට ආයෙත් ජිනීවා යන්න අවස්ථාවක් ... (නි)

:       0       0

ආරියපාල හේවගේ Saturday, 16 April 2016 06:44 PM

සමන්ගේ අදහස සමඟ එකඟ වෙනවා. අදහස් බැලුවහම පුදුම හිතෙනවා ඒ අයගේ විචක්ෂණ බුද්ධිය පිළිබඳව. අකුරු දැනගත්තට හෝ කියවීමට දැනගත්තට විතරක් මදි. අපි ලියන්නේ මොනවද කියලා හිතන්නත් බුද්ධියක් අවශ්‍යයි. (නි)

:       0       0

මලින්ද Saturday, 16 April 2016 04:20 AM

පොලිසියේ අය සම්බන්ධද දන්නෙ නැහැ මේකට. පොලිසියේ 4 දෙනෙක් ඉඳිද්දි කොහොමද අවි අරන් යන්නේ? (නි)

:       0       0

අරවින්ද Saturday, 16 April 2016 08:08 PM

තව දවස් දෙකතුනක් යද්දී මේ හැමදේම හොඳටම දැනගන්න පුළුවන්වෙයි (නි)

:       0       0

චානක Saturday, 16 April 2016 04:22 AM

මේකටත් දැන් මහින්ද මහත්තයාව ගාවගනියිද දන්නේ නැහැ. (නි)

:       0       0

එරික් Saturday, 16 April 2016 04:22 AM

පන්සල් වල අලි දාලා යනවා, අමුතු සත්තු වැටෙනවා, ආයුධ දාලා යනවා. අනේ මන්දා! (නි)

:       0       0

විජේ Saturday, 16 April 2016 04:25 AM

අනේ ඉතින් පන්සලටනේ බල්ලෝ, බළල්ලු, අලි හැම එකෙක්ම ගෙනත් දාන්නේ (නි)

:       0       0

පද්මිණි Saturday, 16 April 2016 04:32 AM

දින දෙකක් ඇතුළත සොයාගැනීමත් පොලිසියේ වික්‍රමයක් නේද? අර 1000 ක සේනාංකය හදන්න මුලාරම්භයක්ද? (නි)

:       0       0

නිම්මි Saturday, 16 April 2016 04:35 AM

දැන් මෙය ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

සමන් Saturday, 16 April 2016 09:48 PM

1971- 1989 කාලේ සෙල්ලම් ‍වගේ පටන්ගත්තාවද්ද? (නි)

:       0       0

දුමින්ද Saturday, 16 April 2016 04:39 AM

මෙය කාගේ හෝ කුමන්ත්‍රණයක්ද කියා සිතෙනවා (නි)

:       0       0

ධම්ම Saturday, 16 April 2016 04:40 AM

සමන්ගේ අදහසට මාත් එකඟයි. පන්සලේ වැරදි වැඩ සිදුවෙනවා යන මතය සමාජගත කිරීමේ ප්‍රවණතාවයක් මෑතක සිට රටේ පවතිනවා. (නි)

:       0       0

බුද්ධි Saturday, 16 April 2016 04:42 AM

කොහොමහරි කමක් නැහැ හම්බවුණානේ (නි)

:       0       0

කිත්සිරි Saturday, 16 April 2016 05:00 AM

හමුවුණ එක හොඳයි. වරදකාරයින් අල්ලගන්නේ නම් වඩාත් හොඳයි. හරිම වැරදිකරුවන් අල්ලාගන්නේ නම් විශිෂ්ටයි. (නි)

:       0       0

පීරිස් Saturday, 16 April 2016 05:17 AM

පන්සල් වත්තේ හැංගුවාම හොයාගන්න බැරිවෙයි, සැකකරන එකක් නැහැ කියලා හිතලා හංගන්න ඇති (නි)

:       0       0

හෙට්ටිගේ Saturday, 16 April 2016 05:17 AM

දැන් බලනකොට අලිපැටවු දාලා යනවා වගේ ආයුධත් දාලා යනවනේ (නි)

:       0       0

බමුණු Sunday, 17 April 2016 12:29 PM

කුමාර්, ලොරියක් ගෙනල්ලා ගෙනියන්න හොරකම් කරලා තිබෙන්නේ කාලතුවක්කු නොවෙයි, ඉණේ ගහගෙන යන්න පුළුවන් පිස්තෝල 4 යි, කරතියාගෙන යන්න පුළුවන් ටී56 කුයි විතරයි. (නි)

:       0       0

ප්‍රීති Saturday, 16 April 2016 06:01 AM

මේවා මෙතන තියනව බව දැනගත්තෙ කොහොමද? එතකොට සැකකරු කවුද? වෙන කවුරුවත් ගෙනල්ලා පන්සල වත්තෙ හැංගුවද දන්නෙ නැහැනෙ. (නි)

:       0       0

නන්ද Saturday, 16 April 2016 06:02 AM

මෙහෙම ගියොත් අතුරුදහන්වෙන සෑම භාණ්ඩයක්ම සොයන්න පන්සල් වලට යන්න වේවිද දන්නෙ නැහැ (නි)

:       0       0

ලසන්ත Saturday, 16 April 2016 06:06 AM

දැන් සමහරු කියාවි මේවා එන්.ජී.ඕ. කුමන්ත්‍රණ කියලා (නි)

:       0       0

මනෝජ් Saturday, 16 April 2016 06:30 AM

කාලය හොඳ ප්‍රශ්න විසඳන්නෙකි (නි)

:       0       0

පියුමාල් Sunday, 17 April 2016 01:07 PM

ඇඟිලි සළකුණු වලින් අපිට වැදගත් දෙයක් දැනගන්න පුලුවන්වෙයි (නි)

:       0       0

කුෂාන් Saturday, 16 April 2016 06:31 AM

ආයුධ සොයාගැනීම ගැන සතුටු වුණාට එය සිදුවුණ ආකාරය ගැන කණගාටුයි (නි)

:       0       0

සංකල්ප Saturday, 16 April 2016 06:33 AM

ආයුධ සොයාගැනීමේ පුවත හිතට සැනසිල්ල ගෙන දෙන දෙයක්. හාස්‍ය මුසු දේවල් ලියනවාට වඩා පළමුව ආරක්ෂක අංශ අගය කරමු. (නි)

:       0       0

පෙරේරා Saturday, 16 April 2016 06:34 AM

තුවක්කු ටික අරගෙන ගිහින් කවුරුහරි පන්සලේ තිබ්බද දන්නේ නැහැ (නි)

:       0       0

සරත් Saturday, 16 April 2016 06:35 AM

ඔන්න ඉතින් පන්සලක් ගාවාගත්තා. දැන් පන්සලට හාමුදුරුවන්ට බනිනවා. කරුණු සොයා බලන්නේ නැහැ. අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

නිහාල් Saturday, 16 April 2016 06:52 AM

ආගම් භේදයට, ජාතිභේදයට, ත්‍රස්තවාදයට, සොරකමට, වෛරයට, පළිගැනීමට මේ දේවල් වෙන්න පුළුවන්. තව විමර්ශනය කිරීමෙන් සත්‍ය සොයාගත හැකියි (නි)

:       0       0

සුසන්ත Saturday, 16 April 2016 06:56 AM

මේක අදහස් දාන සමහරු ගැන ඇත්තටම දුකයි. ටිකක් හොයලා බලලා දාන්න (නි)

:       0       0

කුෂාන් Saturday, 16 April 2016 06:56 AM

අපේ මිනිසුන්ට මේවා හොයාගත්ත එකත් දැන් වැරදියි වගේ (නි)

:       0       0

සනත් Saturday, 16 April 2016 07:22 AM

එකත් හොයාගත්ත වෙලාව බලන්නකෝ ඉතින්? ඇයි ඕක දවාලක හමුනොවුණේ? (නි)

:       0       0

ඉන්දු Saturday, 16 April 2016 07:22 AM

මේවා බුද්ධ ශාසනයට අගෞරව කරන්න කරන දේවල් වෙන්න පුළුවනේ. සමහර අය එපාවුණ පූස් පැටවූ , බලු පැටවූ දාලා යන්නෙත් පන්සල් භූමියේ. මෝඩ විදිහට අදහස් දාන්නේ නැතුව ටිකක් මොළය පාවිච්චි කරන්න මිනිසුනේ. (නි)

:       0       0

සුදේශ් Saturday, 16 April 2016 07:52 AM

අපි ඉවසලා ඉමුකෝ. ඇත්ත හෙළිවේවි (නි)

:       0       0

භද්‍රානි Saturday, 16 April 2016 07:52 AM

සම්බුද්ධ ශාසනය විනාශ කරන්න හදන මාර කල්ලි අද පන්සල ඇතුළෙන්ම බිහිවී තිබීම තමයි කණගාටුවට කරුණ. සමහර මාර සේනා නියෝජිතයෝ ඔවුන්ගේ වචන, බුද්ධ වචනය හා ගළපන්න හදනවා. බුදු බණ ශ්‍රවනය කරලා සාධුකාර දෙනවා වෙනුවට, සමහර චීවරධාරීන්ගේ කතා අහලා හුරේ දාලා අමුතු ජොලියක් ගන්න නාමික බෞද්ධයින්ට සමහර කාරණා නොවැටහුනාට, අද පන්සල පත්වී ඇති ඛේදනීය තත්වය ගැන අවබෝධයක් සැබෑ බෞද්ධයින්ට තිබෙනවා. (නි)

:       0       0

සුමාල් පෙරේරා Saturday, 16 April 2016 07:59 AM

හොරකම් කරපු ආයුධ හාමුදුරුවන්ට හොරෙන් පන්සල් භුමියේ වළලා තිබිලා අහුවුණාම 88 දී පන්සල් 6 ක අහිංසක හාමුදුරුවරුන්ට අත්වුණ ඉරණම අපිට තාම මතකයි (නි)

:       0       0

හිමාල් Saturday, 16 April 2016 08:05 AM

මේ මිනිස්සු අපේ ආගම දහමත් මේ වැඩවලට යොදාගන්න හැටි? (නි)

:       0       0

සුසන්ත Saturday, 16 April 2016 08:06 AM

මේක නම් කවුරුන් හෝ සිතාමතාම කරපු වැඩක් වගේ (නි)

:       0       0

ඩිලාන් Saturday, 16 April 2016 08:14 AM

පන්සලකින් හමුවුණ එකයි මගේ හිතට හරි නැත්තේ (නි)

:       0       0

ලහිරු Saturday, 16 April 2016 08:13 AM

මට නම් හිතෙන්නේ මේක ඒ වෙලාවේ පොලිසියේ රාජකාරි කළ අයගේ වැඩ නැති කරලා පළිගන්න කරපු වැඩක් වෙන්න පුළුවන් කියලා. පන්සල කියන්නේ අපේ රට රකින්න රජුන් තැනුව තැනක් මිසක රට විනාශ කරපු තැනක් නෙමෙයි. (නි)

:       0       0

උවිඳු Saturday, 16 April 2016 08:15 AM

මේ සිදුවන දේවල් සුළුකොට තකන්න බැහැ. බලය නැතුව ඉන්න බැරි මේ රටේ සමහර අය බලන්නේ උතුරේ නැත්නම් දකුණ හරි ගිනි ගොඩක් කරලා ආපහු බලය ගන්න. රජය තම බුද්ධි බලකාය තව තවත් ශක්තිමත් කළයුතු මොහොතකි මේ. (නි)

:       0       0

උමේශ් Saturday, 16 April 2016 09:14 AM

පොලීසියට කරන්න බැරි දේ සොබාදහම කරලා දුන්නා (නි)

:       0       0

කුමාර් Saturday, 16 April 2016 09:15 AM

ආයුධ හතර පහ දැන් වැඩිවෙලාද? අම්මෝ! කොහොමද අරගෙන ගියේ? ලොරියක් ගෙනල්ලද දන්නෙ නැහැ (නි)

:       0       0

කරුණාපාල Saturday, 16 April 2016 09:31 AM

"කාශ්‍යප, මාගේ ශාසනය පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ගෙන් විනාශ නොවේ. මුහුද ගොඩගැලීමකින් හෝ වෙනත් ස්වභාවික හේතුවක් මත හෝ මිථ්‍යා දෘෂ්ටියකින් විනාශ නොවේ. මාගේ ශාසනය තුළින්ම ඒ සඳහා පිරිස පැනනඟිනු ඇත" යැයි බුදුරජාණන් වහන්සේ වදාළා නොවේද? (නි)

:       0       0

සිරි Saturday, 16 April 2016 10:29 AM

ඔන්න දැන් කට්ටිය පටන් ගනීවි පන්සල් වලට සහ හාමුදුරුවන්ට බනින්න (නි)

:       0       0

රොහාන් දයාදර Saturday, 16 April 2016 11:26 AM

මේ සිද්ධියට පන්සල කිසිම සම්බන්ධයක් නැහැ. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් පන්සල් වත්තේ දාලා යන්න පුළුවන්. (නි)

:       0       0

හේවා Saturday, 16 April 2016 11:35 AM

බුද්ධාගම ඉතා සුක්ෂම ලෙස අවමානයට ලක්කිරීමේ කාගේ හෝ තවත් වෑයමක්දැයි සිතෙනවා (නි)

:       0       0

චන්දන ගමගේ - මාතර Saturday, 16 April 2016 11:36 AM

මේ සිනහ වියයුතු සිදුවීම් නොවෙයි. (නි)

:       0       0

අසෝක Saturday, 16 April 2016 11:53 AM

දැන් කවුරුහරි කෑගහයිද දන්නෙ නැහැ “මෙන්න ආයුධ හොරකම් කරපු අයගෙන් පළිගන්නවෝ“ කියලා (නි)

:       0       0

ඩිලාන් Saturday, 16 April 2016 12:54 PM

ආරක්ෂකයෝ බඳවා ගැනීමටත් පෙර ආයුධ රැස්කරනවද? (නි)

:       0       0

මහින්ද Sunday, 17 April 2016 05:41 AM

මේවත් විදෙස් කුමන්ත්‍රණද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 11 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 160 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 373 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 467 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 280 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 163 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38187 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25143 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 829 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site