IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ලග්ගල කොල්ලයේ කෙරුමා අල්ලයි

පොලිසියෙන් බව කියමින් ලග්ගල හත්තොටඅමුණේ මැණික් ව්‍යාපාරිකයාගේ  නිවසට ඇතුළු වී  රුපියල් කෝටී  එකහමාරක  මැණික්, රන් හා මුදල් කොල්ලය සිදු කළ බවට සැක පිට  යුද හමුදා විශේෂ බළකායේ හිටපු සෙබළකු (ආමි ජිනේ) ඇතුළු  හය දෙනකු  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරුවන් අතර මංකොල්ලකෑම් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට නිදහස් වූ කිහිප දෙනකු ද සිටින බවත්, මේ කොල්ලය බන්ධනාගාරයේ සිටියදීම සැළසුම් කර ඇති බවත් පොලිසිය පවසයි.

පසුගිය බ්‍රහස්පතින්දා (24) රාත්‍රී  ලග්ගල හත්තොට අමුණ  මැණික් ව්‍යාපාරික  යූ ජී මුතුබණ්ඩා  මහතාගේ නිවසට වලාන දුෂණ මර්දන ඒකකයෙන් බව පවසමින් ඇතුළු වි  රුපියල්  කෝටියක මුදල් , රන් බඩු හා ලක්ෂ පනහක් වටිනා  මැණික් ගල්  පැහැරගෙන ගිය බවට පොලීසියට පැමිණිලි ලැබිණි.

මාතලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  සජීව මැදවත්ත මහතා  පොලිස් කණ්ඩායම් කිහිපයක්  පරීක්ෂණ සදහා යෙදවීය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට පෞද්ගලික ඔත්තුකරුවකු හරහා ලැබුණු  තොරතුරක්  මත සීගීරිය ප්‍රදේශයේ පදිංචි    ‘ ආමි ජිනේ‘   අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී  සෙසු සැකකරුවන් පිළිබඳ තොරතුරු හෙළි වී ඇත.

ඒ අනුව  ගම්පහ ,වේයන්ගොඩ, මිනුවන්ගොඩ ප්‍රදේශවලින්  සැකකරුවන් තිදෙනකු සහ කණ්ඩලම හා සීගීරීයෙන්  තවත් සැකකරුවන් දෙදනකු  අත්අඩංගුවට ගත් පොලිසිය සිද්ධියට සම්බන්ධ බව කියන තවත් සැකකරුවකු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇත.

මේ කොල්ලය සඳහා වෑන් රියක් හා ත්‍රීරෝද රථයක් භාවිත කර ඇතතැයි ද, එම වාහන දෙක වේයන්ගොඩින් හා සීගිරියෙන් සොයා ගත් බව ද පොලිසිය කියයි.

සොරා ගත් මැණික් විකුණූ මුදල් වලින් මිලදී ගත් බව කියන යතුරුපැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සීගිරියෙන් අත්අඩංගුවට ගත් හිටපු සෙබළා සතුව තිබී අත්මාංචු කුට්ටමක්, ඇත් දළවලින් නිපයූ බවට සැක කරන මුදු දෙකක් හා පතුරොම් උණ්ඩ 44ක් ද සොයා ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

මැණික් ව්‍යාපාරිකයාගේ නිවසින් සොරා ගත් බවට සැකකර රන් මාල දෙකක් සහ රුපියල් අට ලක්ෂයක් ද සොයා ගත් පොලිසිය  සොරා ගන්නා ලද සෙසු භාණ්ඩ සොයා පරීක්ෂණ පවත්වයි.

මාතලේ උසස් පොලිස් නිලධාරියකු පැවසුවේ කොල්ලය සිදු කර පැය විසි හතරක් යන්නට මත්තෙන් මුල්ම තොරතුරු ලැබුණු බවත්, සතියක් ඇතුළත සැකරකුවන් අත්අඩංගුවට ගෙන සුළ මුළ හෙළි කර ගැනීමට ලැබීම විශේෂත්වයක් බවයි.

මාතලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  සජීව මැදවත්ත මහතාගේ උපදෙස් පරිදි  මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ  ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක  එස් ආර් රාජපක්ෂ, කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන අංශයේ  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  සුනිල් ඒකනායක , කොට්ඨාස බුද්ධි ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස් සිරිවර්ධන මහත්වරු ඇතුළු නිලධාරීහු මෙම වැටලීම සිසුකර සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.



අදහස් (0)

ලග්ගල කොල්ලයේ කෙරුමා අල්ලයි

ඔස්ටින් Thursday, 20 June 2013 12:51 PM

හොඳ ක්‍රියාවක්. (ස)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Thursday, 20 June 2013 12:52 PM

හමුදාවෙන් පැනපු අය නිදැල්ලේ හැසිරීම රටටම ප්‍රශ්නයක්.(ස)

:       0       0

පියල් Thursday, 20 June 2013 12:52 PM

අපි තාම තරයේ විශ්වාස කරනවා ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුවට නිසි ලෙස ක්‍රියා කරන්ක දෙනවා නම් මසකට අඩු කාලයකින් අපරාද 90% ඉවරයි.(නදී)

:       0       0

කුමාරි Thursday, 20 June 2013 12:54 PM

කොච්චර වුනත් අපේ පොලසිය ගොඩක් දක්ෂයි. හැබැයි හොද දේ කරනකම් කව්රුත් හොදයි. යහගුකයෙනක් පිරි සමාජයක් බිහිවේවා!(නදී)

:       0       0

පෙරේරා Thursday, 20 June 2013 12:54 PM

කළකම් පලදෙන බව බොරුවක් නොවේ. (ස)

:       0       0

චතුල වෙරෝනා Thursday, 20 June 2013 12:53 PM

ගේමක් නම් ඉතින් පොලිසියෙ හරි හමුදාවෙ හරි නම ඉදිරියෙන්ම ඈති. අනේ අපේ රට වෙනුවෙන් දිවි දුන් ආබාදිත වූ විරුවන්ගෙ අභිමානෙ කනවා.(නදී)

:       0       0

හසිත Thursday, 20 June 2013 12:55 PM

අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකරගැනීම ගැන මාතලේ පොලිසියට මගේ ප්‍රණාමය.. එත් මේ සොරකමට පොලිසියේ මහත්තුරුන්ගේ සම්බන්ධයක් නැහැ කියල හරියටම විශ්වාසද (අ)

:       0       0

සීල Thursday, 20 June 2013 12:56 PM

හොද වෙලාවට ඕකට දේශපාලුවෙක් හෝ ආරක්ෂක අංශයේ කෙනෙක් සම්බන්ද නැතුව ඇති.(නදී)

:       0       0

දිලහානි Thursday, 20 June 2013 01:13 PM

පොලිසිය හොඳයි, යම් යම් බලපෑම් නිසා ජරා ජීර්ණ වුණු ආයතනයක්. (ස)

:       0       0

ලාල් Thursday, 20 June 2013 01:16 PM

පොලීසිය කොච්චර ඇල්ලුවත් වැඩක් නැහැ. ආයෙත් මෙයාලා එලියට ඇවිල්ලා කරන්නේ මේ රස්සාවමනේ. දැන් මෙයාලා නිදහස් කරන්න දවස් කීයක් විතර යාවිද? (නි)

:       0       0

ජයසිංහ Thursday, 20 June 2013 01:43 PM

අමි ජිනේ කියන්නේ දරුණු පාතාල සාමාජිකයක් නේද පිටිගල මිලානෝ ඔබලාගේ සමකාලීනයෝ නේද? (අ)

:       0       0

උපාලි Thursday, 20 June 2013 01:46 PM

පියල්, කුමාරි, සහතික ඇත්ත. අවංකව වැඩ කරන, වැඩ කරන්න උවමනාව තියෙන ඒ වගේම ඉතා දක්ෂ හොඳ නිලධාරීන් පිරිසක් අපට ඉන්නවා. අවාසනාව තමයි ඒ පිරිස කරන හොඳත් නිල ඇඳුමට මුවා වුනු, දේශපාලකයින්ගේ පස්සෙන් යන අපරාධකරුවන් කිහිප දෙනෙක් නිසා වැනසෙන එක. (අ)

:       0       0

චානක Thursday, 20 June 2013 01:53 PM

මේ වගේ දක්ෂ පොලිස් නිලධාරීන්ට අපේ ආචාරය. හැබැයි ඔක්කොම අය මේ වගේ නෙවේ. (ස)

:       0       0

සේරම් Thursday, 20 June 2013 02:49 PM

ප්‍රධානියා ඇල්ලුවා කියන්නේ හොරකමේ සුල මුල ඔක්කොම හොයාගන්න පුළුවන්. මෙයාව ඇල්ලු පොලිස් නිලදාරීන් සියලු දෙනාට අපේ ස්තුතිය සමග ඔබලාට තව තවත් දිරිය ලැබෙවා . මෙවැනි හොරුන් දාමරිකයන් ඇල්ලීමට. (ස)

:       0       0

සංජීව Thursday, 20 June 2013 03:15 PM

අපේ පොලිසිය වැඩ පෙන්නනකොට ඉහලම වැඩ පෙන්නනවා. අනා ගන්නකොට උපරිමට අනා ගන්නවා. හොදට වැඩ කරගෙන ඉදලා එක පාරටම අසූචි බාල්දියක් ඔලුවේ ඉදලා හලා ගන්නවා . (නි)

:       0       0

මහින්ද Thursday, 20 June 2013 03:31 PM

දක්ෂ පොලිස් නිලධාරීන්ට අපේ ආචාරය! (නි)

:       0       0

මහින්ද Thursday, 20 June 2013 03:29 PM

දක්ෂ පොලිස් නිලධාරීන්ට අපේ ආචාරය ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 200 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1126 5

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3879 9

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2944 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3393 4

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1488 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24977 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site