(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මිලදී ගත් රුපියල් දෙකෝටියකට වැඩි වටිනා ෆෝර්ක්ලිෆ්ට් යන්ත්‍ර තුනක් අක්‍රීයව පැවැතිම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) විශේෂ අවධානය යොමුවී ඇත.
මණ්ඩලයට ටොන් පහක ෆෝර්ක්ලිෆ්ට් යන්ත්‍ර දෙකක් පමණක් අවශ්‍ය ව තිබියදී එම යන්ත්‍ර තුනක් මිලදී ගැනීම පිළිබඳවද එහි ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කෙරුණු බව කෝප් කමිටුව පවසයි.
යන්ත්‍රෝපකරණ ප්‍රසම්පාදන ලයිස්තුවේ ඇස්තමේන්තුගත අගය රුපියල් පහළොස් ලක්ෂයක් වුවත් සැපයුම් සමාගම විසින් ඉදිරිපත් කරන ලද මිල සහ මණ්ඩලයේ ඇස්තමේන්තුගත මිල අතර වෙනස රුපියල් පනස් හත් ලක්ෂයක් බවද කෝප් කමිටු විමර්ශනවලදී තොරතුරු හෙළිවී ඇත.
තාක්ෂණික ඇගැයීම් කමිටුව අදාළ කරුණු හෝ වෙළෙඳපොළ වටිනාකම නොසලකා මෙම යන්ත්‍ර මිලදී ගැනීමට නිර්දේශ කර තිබීම පිළිබඳවද කමිටුවේ අවධානය යොමුවී ඇත.
මේ මිලදී ගැනීම කර ඇතැයි පැවසෙන්නේ 2018 වර්ෂයේදීය.
යන්ත්‍ර තුනෙහි භාවිතය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ලංකා ගමනාගමන මණ්ඩලයට නිර්දේශ කර ඇත .
එහෙත් එම වාර්තාව මෙතෙක් ඉදිරිපත් කර නැතැයි කෝප් කමිටුව සඳහන් කරයි.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලංගමට කෝටි දෙකක ෆෝර්ක්ලිෆ්ට්ර තුනක් මිලට අරන්