IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ලංගම අධිවේගි බස්වල 1 දා සිට කොන්දොස්තර නෑ

(යොහාන් භාසුර)

ලංකා ගමනාගමන මණ්ඩලය සතු අධිවේගී මාර්ගවල ධාවනය කරන සියලුම බස් රථවල කොන්දොස්තර මහත්වරුන් නොමැතිව ලබන ජුලි 1 වනදා සිට ධාවනය කිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

අදාල බස් රථ ධාවනය කරවීමට පෙර ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත් බස් රථයේ රියදුරු මහතා එම ප්‍රවේශපත් නිකුත් කරන බවත් එම නිලධාරියා කීය.

ලොව දියුණු රටවල් වන එංගල්තය සහ ඩුබායි ආදි රටවල් වසර ගණනාකවක සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (15)

ලංගම අධිවේගි බස්වල 1 දා සිට කොන්දොස්තර නෑ

Sunil Sunday, 18 June 2023 03:38 PM

එංගලන්තයේ එහෙම කළත් ලංකාවේ එහෙම කරනු බැහැ.

:       22       23

සමීර Sunday, 18 June 2023 03:59 PM

හොඳ තීරණයක්... මෙහේ (ඩුබායි) වල කිසිම බස් එකක් රිය සහාය⁣කයෙක් නෑ. ටිකට් දෙන්නේ , ගමන් මළු හසුරවන්නේ රියැදුරුමයි. ගමන ආරම්භයට පෙර...

:       3       41

RajithSunday, 18 June 2023 04:39 PM

ඩුබායි කොයි කාලෙද? ඩුබායි වල nol කාඩ් එක, බස් මෙට්‍රො ඔක්කොම දුරගමන් පවා බස් කාඩ් හෝ nol කාඩ් තමයි පාවිච්චි කරන්නේ...! 

:       3       18

Samitha S. Aluthgamage. Sunday, 18 June 2023 04:10 PM

පොඩි ගැටළුවකට හිටින්නේ, අතරමගදී නගින මගීන්ට ටිකට් දෙන්නේ කොහොමද කියන එකයි. බොහෝ සීටීබී බස්රථ ඉන්දියානු ලොරිචැසි බස්. බොඩිය විතරයි බස්. අනිත් සියලුම උපාංග ලොරි තඩියක තියෙන ඒවාමයි තියෙන්නේ. මෙහෙව් තඩි අලියෙක්ව සියලු වෙර ගෙන ආණ්ඩු මට්ටු කරන එක සෙල්ලමක් නොවන බව මේ තීරණය ගත් ළාබාල මනස් ඇත්තන් නොදන්නා හැටි. එංගලන්තය වගේ රටවල දේ උදාහරණයකට ගෙන තියෙන්නේ. ඒ වගේ රටවල තියෙන්නේ ඉතා ඉහළ තාක්ෂණයෙන් නිපදවා ඇති ඉතා පහසුවෙන් ධාවනය කළ හැකි බස්රථ බව මේ තීරණ ගන්නා බාලයින් හට අවබෝධ වී නැහැ. මේ රටේ තියෙන සීටීබී බස් කබල් වලට ඒවා සමාන කරලා. අපේ රියැදුරන් පව්. හරකා, බල්ලා, එළුවා, බයිසිකල් කාරයා ඇතුළු හැමෝම ගමන් කරනා පාරවල්වල එංගලන්තේ වගේ වාහන පදවන්න පුළුවන්ද? මෙහෙව් රටේ පාරවල්වල සොච්චම් පඩියකට අපේ රියැදුරන් මේ කසිකබල් බස් පදවනවාට ඔවුන්ට සම්මාන දිය යුතුයි. එහෙව් එකේ, දැන් රියැදුරාට මඟීන්ගේ වගකීමත් ගන්න වුණාම වගකීමකින් ඔහුට බසය ධාවනය කිරීමට පුළුවන්ද?

:       44       21

ප්‍රනීත් Sunday, 18 June 2023 09:29 PM

ඔබතුමා අධිවේගී මාර්ගයක බසයක ගිහින් නැති හැඩයි. මොකද අධිවේගී මර්ග බස්රථ ගමන ආරම්භ කළාට පසු ආයේ නවත්වන්නේ ගමනාත්තයේ. ඒකනිසා මගින් සෙනග ගන්න වෙන්නේ නැහැ...

:       2       0

DKHMonday, 19 June 2023 09:03 AM

අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් වල අතර මැදදී මගීන් පටවා ගන්නේ නෑ

:       1       1

DilanjanMonday, 19 June 2023 10:14 AM

Samitha S. Aluthgamage - මේ කතාකරන්නේ ලංගම අදිවේගී මාර්ගවල ගමන් ගන්නා බස්රථ ගැන ඒවායේ අතරමගින් ගොඩවන මගින් නැති තරම් හදිස්සියකදී රියදුරාට පුළුවන් බස්රථයට ගොඩවන මගීන්ට ගොඩවන අවස්ථාවේදීම ටිකට් පතක් නිකුත් කරන්න.

:       1       1

Samitha S. Aluthgamage Monday, 19 June 2023 12:31 PM

මේ ක්‍රමය තව ටික දවසකින් අනෙක් සීටීබී බස් වලටත් ව්‍යාප්ත වෙන ආකල්පයේ පිහිටායි...

:       0       1

pakeer Sunday, 18 June 2023 04:37 PM

හොඳ ක්‍රමයක්... සුබ පැතුම්. මගීන්ටත් හරි පහසුවක්... හොඳ දේවල්වලට උත්සාහ කරමු...

:       3       26

sujeewar Sunday, 18 June 2023 06:16 PM

හොඳ ක්‍රමයක්. බස්රථයට ගොඩවීම ඉදිරි දොරෙන් පමණයි. එහිදී සුදුසු ක්‍රමයකට අවසරපත් ලබාදිය හැකියි. බසයෙන් බැසීම පසුපස දොරෙන් පමණයි. කොවිඩ් කාලයේ දුම්රිය ප්‍රවේශයට යොදාගත් ක්‍රමයත් අඩුපාඩු හදාගෙන හරි පවත්වාගෙන ගියා නම් මේ වනවිට සෑහෙන දියුණු කරගන්න තිබුණා. අපේ රටේ මිනිස්සු තාක්ෂණය යොදාගන්න කැමති නැහැ. තමන් නැතුව ඕවා කරන්න බැහැ කියලා හිතන, වැඩ්ඩෝ කියලා හිතන් ඉන්න ලිං මැඩියන් බොහෝ දෙනෙකුට තමන්ගේ එකම පුරුද්දට වඩා වැඩි තාක්ෂණයක් දන්නේ නැහැ.

:       6       24

සත්‍ය ගවේෂී. Sunday, 18 June 2023 07:16 PM

අනේ ... පව්.. තමන් විතරක් සියල්ල දන්නවා කියා හිතන ළිංමැඩියා තමයි ඔයවැනි කතා කියන්නේ. තම අදහස හරියට ගලපා ලියන්න දන්නේ නැති භාෂා පරිචයක් නොමැති ගොබ්බයින් තමයි අනුන්ට ළිං මැඩියා කියන්නේ... අන් අයගේ මතය නුරුස්සන එයට නිවැරැදි තාර්කික උත්තරය දෙන්න නොදන්නා අනුවණයා අන්තිමට කියන්නේ, ඔයා ඔහොම නෙමෙයි ඔලුව බිම තියන් කිව්වත් මං ඕක පිළිගන්නේ නැහැ කියලයි. ඔබත් අන්න ඒ වගේ කෙනෙක්. ඒකේ කිසි සැකයක් නැහැ...

:       1       1

රනේ Sunday, 18 June 2023 10:11 PM

පසුපසට ගන්නකොට බලන්නේ?

:       0       0

Sampath Abeygunasekara Sunday, 18 June 2023 11:01 PM

මේක ඉතා හොඳ ක්‍රමයක්... ලංගමයේ පාඩුව අවම කරගන්න පුළුවන් ලෝකයේ බොහෝ රටවල කාලයක් තිස්සේ කොන්දොස්තරවරු නෑ...

:       0       1

නිමල් Monday, 19 June 2023 10:09 AM

ඕක නොවෙයි බස් සේවාවේ දැවෙන අවශ්‍යතාවය . මගීන්ට ගුණාත්මක සේවාවක් ලබා දීම. දේශපාලකයන් පිටරටවල අත් විඳින සහ දකින අනෙකුත් සුභසාධන සේවාවන් සහ පහසුකම් මෙරටත් ස්තාපිත නොකිරීමයි අවාසනාව.

:       1       2

Bunny Preena Tuesday, 20 June 2023 02:37 PM

බස් එක ආයෙත් පසු පසට එන්නෙ නැහැ. කෙලින්ම ඉස්සරහට තමයි යන්නෙ. එහෙම පසුපසට ගන්නට ඔනෙ උනොත් අපි සපෝට් එකක් දෙමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 14 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 70 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 318 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 877 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 520 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 2302 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 661 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1886 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site