IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


ලග්ගල මැණික් ව්‍යාපාරිකයෙකුගේ කෝටි 7ක් කොල්ල කාලා

( කාංචන කුමාර ආරියදාස)

ලග්ගල දේවාලදෙණිය ප්‍රදේශයේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුළු වු නාදුනන පස් දෙනෙකු කෝටිපති ව්‍යාපාරිකයා බිරිඳ සහ ව්‍යාපාරිකයාගේ පියාගේ  දෑත් දෙපා ගැටගසා රුපියල් කෝටි හතක් පමණ වටිනා මැණික් ස්වර්ණාභරණ සහ මුදල් මෙන්ම මෝටර් රථයක් පැහැරගෙන ගොස් ඇතැයි ලග්ගල පොලිසිය කියයි.

පැහැරගෙන ගිය මෝටර් රථය ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ තලකිරියාගම   ප්‍රදේශයේ මහා මාර්ගය අසල දමා ගොස් තිබියදී  අද(11 ) පෙරවරුවේ සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.

ලග්ගල  ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකු වන සුසන්ත ප්‍රදීප් කුමාර නොහොත්  පොඩි රෝහණ  නැමැති ව්‍යාපාරිකයාගේ මුදල් රන් භාණ්ඩ මෙන්ම කෝටි තුනක් පමණ වටිනා මැණික් ගලක්  ඊයේ (10) රාත්‍රීයේදී මෙසේ සොරාගෙන ගොස් ඇතැයි ලග්ගල පොලිසිය කියයි.

රාත්‍රී නවය පසුවනවාත් සමඟ මෙම ව්‍යාපාරිකයා නිවසට පැමිණ   නිවස ඉදිරිපිට බුදු මැදුරේ බුදුන් වැඳීම සිදුකරමින් සිටියදී නිවස පිටුපස තාප්පයකින් පැන පැමිණි  මුහුණු ආවරණය කරගෙන පැමිණි පුද්ගලයන් පස් දෙනෙකු පිස්තෝලයක් හිසට තබා ඔහුගේ දෑත් දෙපා සෙලෝ ටේප් වලින් අලවා ඔහු ඔසවාගෙන ගේ තුලට රැගෙන ගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය කියයි.

 



අදහස් (0)

ලග්ගල මැණික් ව්‍යාපාරිකයෙකුගේ කෝටි 7ක් කොල්ල කාලා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුංචි පාර්ලිමේන්තුවට ලොකු පාර්ලිමේන්තුවෙන් තල්ලුවක්
2024 නොවැම්බර් මස 13 55 0

රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමි


කොරියාව කෘෂි-ධීවර රැකියා පුහුණුවට අත දෙයි
2024 නොවැම්බර් මස 13 66 0

කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්‍රිත රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමය ඉදිරිපත්ව සිටියි.


කෙහෙලියගේ නඩුවකට දින දෙයි
2024 නොවැම්බර් මස 13 271 0

මැතිවරණ ප්‍රචාර කටයුතු වල යෙදෙන අතරතුර වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පස්දෙනකුට බරපතල තුවාල කිරීමේ චෝදනා ලැබ


ඇමෙරිකාව ආරුගම්බේ තහනම ඉවත් කරයි
2024 නොවැම්බර් මස 13 255 0

ආරුගම්බේ ප්‍රදේශයේ නැවත දැනුම්දෙන තුරු සංචාරය කිරීමෙන් වළකින ලෙස පවසමින් මෙරට ඇමෙරිකානු තානාපති කාර්යයාලය ඇමෙරිකා ජාතිකයන්ට පසුගිය 23 වැනිදා කළ අනතු


උඩරට දුම්රිය ධාවනයට බාධා
2024 නොවැම්බර් මස 13 478 0

උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (13) පස්වරුවේ විශාල ගල් කඩා වැටීමෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින්


හෝටලයට පැමිණි පිරිසට පහර දුන්නැයි කළමනාකරු ඇතුළු 4ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 13 890 0

බණ්ඩාරගම බොල්ගොඩ ප්‍රදේශයේ බොල්ගොඩ ගඟ ආශ්‍රිත හෝටලයකට විනෝද වීම සඳහා පැමිණි පිරිසකට අධික ලෙස ලුණු මිශ්‍ර කර ආහාර සපයා අනතුරුව පිටස්තරයන් ලවා පහරදී ත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 197 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 526 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1618 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site