IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ලෙඞ්ඩු අමාරුවේ දොස්තරලා වර්ජනයේ

වැඩි පඩි ඉල්ලා රජයේ වෛද්‍යවරුන් අද වැඩ වැරීමත් සමග ප‍්‍රතිකාර සඳහා රෝහල්වලට ආ රෝගීහු නන්නත්තාර වූහ. දඹුලූ රෝහලට ආ පිරිසත් කිසිත් කරකියාගත නොහැකිව තැන තැන වාඩිවී සුසුම් හෙළන්නට වූහ.



අදහස් (0)

ලෙඞ්ඩු අමාරුවේ දොස්තරලා වර්ජනයේ

ආනන්ඳ මාලඳිවයින Friday, 26 October 2012 09:55 AM

ප්‍රයිචට් කරලා භමබවෙන ගාන මඳි ඇති (නි)

:       0       0

නිශාන්ත Friday, 26 October 2012 09:57 AM

තෝමස්, ලෙහෙසියෙන් ඉගෙනගත් කෙනෙක් නම් මම අහලා නැහැ මේ ලෝකයේ (නි)

:       0       0

සුනිමල් Friday, 26 October 2012 09:51 AM

කවුරුහරි රවලා බැලුවත් වැඩවර්ජන... (නි)

:       0       0

සේන Friday, 26 October 2012 10:05 AM

හවස 1 න් පස්සේ දොස්තර කෙනෙක් හොයාගන්න නෑ රෝහල්වල ..අනේ අපි නොදන්නයි මෙයාලගේ කෙරුවාව (ස)

:       0       0

සුපුන් Friday, 26 October 2012 09:55 AM

නැති මිනිහට හැමදාම මොකුත්ම නැහැ (නි)

:       0       0

කමල් Friday, 26 October 2012 09:58 AM

මේක ජනතා සේවයක් කියලා හිතන්න නොතේරෙන හැටි? (නි)

:       0       0

අජිත් Friday, 26 October 2012 10:10 AM

මුදල අගයන තොපේ ලොවට ගුණ දහම් හොද සිරිත් මොකටද?(නදී)

:       0       0

තෝමස් Thursday, 25 October 2012 07:54 PM

දොස්තර මහත්තුරු අමාරුවෙන් ඉගෙන ගත්ත දේ නොමිලේ දෙන්න කියලද ඔයා කියන්නේ? එහෙනම් ලෝයර්ලාටත් නොමිලේ නඩු වලට පෙනී ඉන්න කියන්න. කඩේ මුදලාලිටත් ඔයා වගේ අයට අනුකම්පා කරලා නොමිලේ බඩු දෙන්න කියන්න. (නි)

:       0       0

ලුම්බිණි Thursday, 25 October 2012 03:19 PM

දැන්වත් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැද්ද මේ අය ඇයි පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධ වෙන්නේ කියලා. (නි)

:       0       0

සුලාජ් Thursday, 25 October 2012 08:32 PM

කවදත් දොස්තරලා ලෙඩ්ඩු අමාරුවේ දානවා

:       0       0

ෂෙලාන්සියුස් Friday, 26 October 2012 11:00 AM

අහිංසක උසස් පෙළ සිසුන්ට බලෙන් ජීව විද්‍යාව උගන්වා, බලෙන්ම වෛද්‍ය විද්‍යාලවලට යවා, බැහැ කියද්දී වෛද්‍යවරුන් බවට පත්කිරීමේ ක්‍රමය වහාම නතරකල යුතුයි. ඒ වෙනුවට එම අයට තමන් කැමති විෂයයක් ඉගෙනගෙන, තමන් කැමති ඉහල වැටුප් සහ වෙනත් පහසුකම් ලබාදෙන වෙනත් රැකියාවක් කිරීමට නිදහස දිය යුතුය.(නදී)

:       0       0

බණ්ඩාර Thursday, 25 October 2012 10:59 AM

දවසපුරාම චැනල් සේවයට යයි (ස)

:       0       0

වසන්ත Thursday, 25 October 2012 10:51 AM

දොස්තරලට‍ද වැඩිපුර මුදල් දිය යුත්තේ මේ පින්තූරවල ඉන්න අහිංසකයින්ටද ?? (ස)

:       0       0

වසන්ත Thursday, 25 October 2012 11:05 AM

ජනතා මුදලින් ඉගෙන ගෙන මහජනතාවටම විණ කරනවා (ස)

:       0       0

සමන් Friday, 26 October 2012 11:37 AM

ඇමති කෙනෙක් මොනවටද ඉන්නේ (ස)

:       0       0

ෂිෆාස් Friday, 26 October 2012 11:43 AM

චැනල් සේවයෙන් ලැබෙන මුදල් මදිද ?? (ස)

:       0       0

මනෝජ් Thursday, 25 October 2012 11:19 AM

මට ආරංචි විදියට චැනල් සේවා වලටත් අද මෙයාලා එන්නෙ නැතිලු. මම අදුරන කෙනෙක් ප්‍රසිද්ධ දොස්තර කෙනෙක් චැනල් කරල තිබුනා අද. දැනට මාසෙකට කලින් චැනල් එක දැම්මේ. එයාට ලොකු අනතුරක් වෙලා එක තැන ඉන්නේ. අද උදේ වාහනයකුත් කුලීයට අරගෙන ගාල්ලේ ඉදන් කොළඹ ඇවිත් තීනවා චැනල් එකට. ඒත් ඒ දොස්තරත් වැඩ වර්ජනයේ. ලොකු ගානක් වියදම් කරගෙන ඇවිත් හිස් අතින්ම යන්න වෙලා. මෙහෙමද අහිංසක මිනිසුන්ට සලකන්නේ? (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 25 October 2012 11:45 AM

තව ටික දවසකින් වෙන දේ බලන්න. වැටුප ගැන තීරණයක් නැතිව වැඩේ ඉවර වෙයි, හැබැයි ටික දිනක් යනකොට රාජ්‍ය සේවයේ අනෙක් කාටත් නොදැනෙන්න දහස් ගණනක දීමනාවක් මොකක් හරි වැටුපට අමතරව දීලා කියා ආරංචි වෙයි. දුරකථන, ඉන්ටර්නෙට්, වාහන, ඉන්ධන, අනතුරු දීමනා, පැමිණීමේ දීමනා ..... ඔය ගොඩට තව 'මොළය වෙහෙසීමේ දීමනා' වැනි දෙයක් ලබාගෙන වැඩේ ඉවර වෙයි (දැනට) . වෙන කාටවත් ප්‍රශ්න කරන්න බැහැ, මොකද මූලික වැටුප වැඩි කලානම් නේ අනික් සමාන්තර අය ප්‍රශ්න මතු කරන්නේ.. (නු)

:       0       0

දියස් Friday, 26 October 2012 12:45 PM

මම හිතන්නේ නෑ මේ පාර ඔය තර්ජන හරියාවි කියලා .අපේ සෞඛ්‍ය ඇමති තුමා කෙලින් ඉඳීවි (ස)

:       0       0

රෝහණ Thursday, 25 October 2012 10:09 PM

මෙයාලා ණය වෙලා ගෙවල් හැදුවට රටේ මිනිස්සු පළි නැහැ. (නි)

:       0       0

සුමිත් Thursday, 25 October 2012 10:11 PM

පුද්ගලික බෙහෙත් ශාලා වලිනුත් සල්ලි ගන්නවා. තව ආණ්ඩුවෙනුත් ඉල්ලනවා. (නි)

:       0       0

නන්දි Thursday, 25 October 2012 12:25 PM

අර පහුගිය ටිකේ පාරේ වෙදකම්කල දොස්තර කොහෙද දන්නේ නෑ (ස)

:       0       0

කමල් Thursday, 25 October 2012 10:24 PM

වෙන අයට වගේ නෙමෙයි. දොස්තරලට ක්‍රම තියෙනවා ඕනෑ තරම් සල්ලි හොයන්න. වැඩිකරන්න එපා ශත පහක්වත්. රටේ වෙන මිනිස්සු නැද්ද? (නි)

:       0       0

චතුර Thursday, 25 October 2012 12:28 PM

දොස්තරලා වැඩ වරණ කොට ලෙඩ්ඩු අමාරුවේ. දේශපාලකයෝ වැඩ කරන තරමට මහජනතාව අමාරුවේ. එයාලා වැඩ වැරුවොත් රට ගොඩ. එහෙත් මෙතන බනින කට්ටිය එයාලට ගිහින් ලස්සනට ඡන්දෙ දීලා එනවා. දොස්තරලා ලෙඩ්ඩු වෙනුවෙන් කරන කැපවීම දකින්නේ නැහැ.රෝහල් වල කාර්ය මණ්ඩලය මහන්සි වෙන තරම දන්නෙ නැහැ.එහෙත් නිකන් ඉඳගෙන කෝටි ගණන් ගසා කන ,ලක්ෂ ගණන් පඩි කන මන්ත්‍රීලාට කවුරුත් විරුද්ධ නැහැ. (නි)

:       0       0

දේශප්‍රිය Thursday, 25 October 2012 10:21 PM

චතුර, අද ලංකාවේ මහන්සියට සරිලන වැටුපක් ගන්නේ බොහොම සුළු පිරිසක් (නි)

:       0       0

සේනක Thursday, 25 October 2012 10:24 PM

පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට අකමැතියි. හැබැයි වැඩ වර්ජන වලට කැමතියි. පුදුම මිනිස්සු. (නි)

:       0       0

පෙරේරා Thursday, 25 October 2012 10:28 PM

මොනවා කිවුවත් සල්ලි වලට උගත්කම යටයි. (නි)

:       0       0

ෂෙරීෆ් Thursday, 25 October 2012 12:35 PM

අනේ දොස්තර මහත්වරුනේ, අහස ගොරවන වෙලාවට එහෙම එළියට එන්න එපා. (නි)

:       0       0

නිරංග Friday, 26 October 2012 12:26 AM

මට බලයක් තිබුණා නම් මෙයාලට මෙහෙම නටන්න දෙන්නෙ නැහැ (නි)

:       0       0

හිල්මි Friday, 26 October 2012 12:38 AM

මිනිස්සු 1000ක් මැරුවට පස්සේද වෘත්තීමය සුදුසුකම් සපුරන්නේ? (නි)

:       0       0

තරිදු Thursday, 25 October 2012 12:45 PM

හවසට පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානත් තියන එකේ තවත් මොකටද වැඩි පඩි? (නි)

:       0       0

ඩයස් Thursday, 25 October 2012 12:48 PM

චතුර, ඔබගේ අදහසට මමත් එකගයි (නි)

:       0       0

ලලිත් කටාර් Thursday, 25 October 2012 05:04 PM

පව් මෙයාලා දොස්තරලාටත් ඉඩ දෙන්න එයාලගෙ ඉල්ලීම් ටික ලබාගන්න.. ඉහළම කට්ටියත් එක්ක සාකච්ඡා කරන්න.. නැත්නම් හරි නැහැනේ..!(නු)

:       0       0

චමින්ද Friday, 26 October 2012 02:30 AM

එයාලගේ ළමයි දොස්තරලා වුණහම පඩිය ඇද්ද කියලා එයාලටම තේරෙයි. (නි)

:       0       0

මැක්සි Friday, 26 October 2012 03:41 AM

දොස්තර= දොස් වැඩි කරන්නා (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 25 October 2012 01:18 PM

ඉස්සර වෙදමහත්තුරු දෙවිවරු. දෑන් දොස්තරලා අලි හොරු. රෝහලකට ගියත් ඒක පේනවා. චෑනල් කරන තැන් වලින් ලක්ෂ ගානක් හොයාගෙනත් මිනිස්සු ඇපයට තියලා කරන මේ අසාධාරනයට සොබාදහමෙන්ම දඩුවම් ලෑබෙයි. (නි)

:       0       0

දසුන් Thursday, 25 October 2012 05:20 PM

රාජ්‍ය සේවයේ නිරත සියල්ලටම මෙදා අයවැයෙන් රුපියල් 1000ක් වැඩිකළා නම් වැඩේ හරිනේ (නි)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 25 October 2012 01:34 PM

මෙයාලා දොස්තරලා නෙමෙයි වර්ජකයෝ. (නි)

:       0       0

මුණසිංහ Friday, 26 October 2012 07:16 AM

පුර්ව ජන්මයකදී අක්ෂි ශල්‍ය වෛද්‍යවරයකුව උපත ලබා රෝගියකුගෙ ඇස් අන්ධ කළ පාප කර්මයට"චක්කුපලහිමියන් අනධද භාවයට පත් වුණා. කරුණාකර මෛත්‍රී සිතින් කටයුතු කරන්න . (නි)

:       0       0

ඉන්දිරා Thursday, 25 October 2012 01:48 PM

අයියෝ ලෙඩ්ඩු

:       0       0

හිමාල් Friday, 26 October 2012 07:32 AM

නිමා, 30000ක් ලැබෙන්නේ පුහුණු ව‍සරේ. ඉන්පස්සේ 70000 ගානේ ලැබෙනවා කියලා දන්නෙ නැද්ද? (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Thursday, 25 October 2012 02:02 PM

ඉගෙන ගත්තට වැඩක් නෑ.මානුෂික හැගීම කියන එක නැත්තම්. මේ ගොල්ලන් රටටත් ණයයි. ඒ මදිවට නරකාදියට යන්න පාරත් කපා ගන්නවා. මේ මිනිස්සුන්ගේ මුහුණු දැක්කහම අසරණකම පේනවා. මෙහෙමත් සල්ලි මත්තතේ නැහෙන දොස්සතලා..... (නි)

:       0       0

සරත් Friday, 26 October 2012 03:23 PM

නිමා අන්තිම ටික හැංගුවා නේද හිමාල් (ස)

:       0       0

අසංක Thursday, 25 October 2012 02:08 PM

ලෙඩ්ඩු ගැන හැගීමක් නැහැ

:       0       0

සුසන්ත Friday, 26 October 2012 08:20 AM

ටික දවසක් වර්ජනය නොකර හිටියොත් ඒක රස්සාවට හොද නැහැ. ඒකයි ඔය. (නි)

:       0       0

නවී Friday, 26 October 2012 03:37 PM

අපේ රටේ මොනතරම් මෝඩයෝ ඉන්නව ද ? (ස)

:       0       0

සදුන් Thursday, 25 October 2012 02:21 PM

හවසට පෞද්ගලික රෝහලේ නැත්නම් සාප්පුවෙ ඉදීවි.. එතකොට වර්ජන නැතැයි.. සල්ලිවලට ඕන දෙයක්...!(නු)

:       0       0

නිමා Friday, 26 October 2012 04:21 PM

හිමාල්.ඔයා කියන 70000 දෙන්නෙ ලංකාවෙද නැත්නම් වෙන රටකද? මම දන්න විදියට නම් වෛද්‍යවරයෙකුගෙ මුලික වැටුප 43000 ක් විතර. ඒකත් දෙනනේ අවුරුදු 3 ක් ගිහින්. ඉතින් ඔය විදුලි බල මණ්ඩලය, දුම්රිය දෙපාර්තුමේන්තුව ඔන්න ඕවාගෙ පාඩු දන්නවාද ඔයා? එයාලා ගොඩාක් මහන්සි වෙලාද ඒවා ගන්නේ? ඒවා ගැන කතා කරන්නකෝ. එයාලට 65000 ත්100000 ත් අතර පඩි. අනේ අපේ රටට ගිය කලක්... මේ රටේ උගතුන්ට තැනක් නැත. උදාහරණය ගුරුවරයෙකුගේ පඩිය 22500 යි. ඕකෙන් ජීවත් වෙන්න තිබුණා 1995 විතර කාලෙනම්...... (නි)

:       0       0

නිමා Thursday, 25 October 2012 02:55 PM

චතුර ඔබ නිවැරදියි. වෛද්‍යවරයෙක් වීමට අවම වශයෙන් අවුරැදු 6ක් ඉගෙන ගන්න ඕනෑ. රජය වියදම් කරනවා ලක්ෂ 13 ක් එක් අයෙකුට. ඉතින් ඒ වගේම ඉන්ජිනේරුවන්ට, බැංකු නිලධාරින්ට, නිතීඥවරුන්ටත් වියදම් කරනවානේ. වෛද්‍යවරයෙක් තමන්ගෙ ජීවතය මිනිසුන් වෙනුවෙන් කොච්චරනම් කැප කරනවාද? ඒක කාටත් අගයක් නැහැ. හරි කියන්න අපිට අනෙක් අයට වඩා වෛද්‍යවරු සේවය කරන්නෙ නැද්ද? නිකන් ඉදල සල්ලි හොයන්නේ නැහැනේ.ඒ මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ. අපි හැමෝටම නිවැරදි වැටුප් ක්‍රමයක් අවශ්‍යයයි. දැන් පළමු අවුරුද්දේ සේවය කරන වෛද්‍යවරයෙකුට ලැබෙන්නේ රු.30000 ක්. ඉතින් ඔයලාම හිතලා බලන්න.අවුරුදු 2 ක් උසස් පෙළ කරලා තව අවුරුද්දක් ගෙදර ඉදලා, අවුරුදු 6 ක් ඉගෙන ගෙන ආයෙත් අවුරුද්දක් ගෙදර ඉදලා මේ ලැබෙන පඩිය ඇතිද කියලා. (නි)

:       0       0

සදුන් Thursday, 25 October 2012 02:57 PM

තව ටික කාලෙකින් මිනිසුන් මෙයාලට විරුද්ධව නීතිය අතට ගනීවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 251 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 981 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 202 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1015 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 398 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1034 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39632 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25781 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site