IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ලිච්ඡවි සම්ප්‍රදායට තැන

දින සියයේ වැඩසටහනට අනුව විධායක ජනපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධවූ විධායකයක් සහිත ආණ්ඩු ක්‍රමයක්, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් ස්වාධීන කොමිසන් සභා ස්ථාපිත කෙරෙන 19 වැනි සංශෝධනය, ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත් කෙටුම් පත, ජාතික විගණන හා තොරතුරු දැනගැනීමේ පනත් පාර්ලිමේන්තුවේදී සම්මත කරගත යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් කීවේය.

පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා පිහිටුවීමට ක්‍රියා කරන බවත් නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය නියෝජනය නොකරන මන්ත්‍රීවරුන් සහ සෑම පක්ෂයක්ම නියෝජනය වන පරිදි ඒවායේ සභාපතිවරුන් පත් කිරීමට බලාපොරොත්තුවන බවත් අගමැතිවරයා කීය.

තම ආණ්ඩුව රාජ්‍ය පාලනයේදී අනුගමනය කරන්නට බලාපොරොත්තු වන්නේ ලිච්ඡවී සම්ප්‍රදාය බවත් නව දේශපාලන සංස්කෘතියක් බිහි කරන්නට, ශීලාචාර ආණ්ඩුවක් නිර්මාණය කරන්නට, පවුල්වාදය වෙනුවට ජන සම්මතවාදය ස්ථාපිත කරන්නට, දූෂණයෙන් වංචාවෙන් තොර යහ පාලනයක් ඇති කරන්නට, ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කරන්නට ක්‍රියා කරන බවද අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (0)

ලිච්ඡවි සම්ප්‍රදායට තැන

ෂාන් Wednesday, 21 January 2015 07:39 AM

මම දැන ගෙන හිටිය කවද හරි රට ගොඩගන්න රනිල් තුමා ඕන වේවි කියල .කවුරු කවුරුත් තමන්ගේ ඇස් වලින් බලා ඉන්න ලංකාවේ ඉතාමත්ම උගත් බුද්ධිමත්,පරිනත මෙම දේශපලඥයාගේ වැඩ ඉදිරියට (අ)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 21 January 2015 08:21 AM

සිරිපාල ජයකොඩි කවුරු උනත් දේශපාලනය ගැන , පුද්ගලයින් ගැන,සිදුවීම් ගැන මොනවත් දන්නේ නැති කෙනෙක් හැටියයටයි මම නම් දකින්නේ. හිතට ආවට, ලියන්න හිතුනට නොදන්නා දේවල් ලියන්න එපා. ලංකාදීප එසැන පුවත් වලට සම්බන්ද වෙලා සිටින කණ්ඩායම අපේ රටේ දේශපාලනය පිළිබඳව, පරිසරය පිළිබඳව, සමාජය පිළබඳව හොඳ අවබෝධයක් තියෙන අය බව අමතක කරන්න එපා. ඔබ ඔය කියන බටලන්ද අදත් තියෙනවා. එදත් එහි යුධ හමුදා කඳවුරක් තිබුනා. එය අදත් තිබෙනවා. ඔය නිර්ලජ්ජිත බටලන්ද මඩ කතාව වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත්තා, ඒ චන්ද්‍රිකා මැතිනියගේ පාලන කාලයේ. නඩුවෙන් රනිල් මැතිතුමා නිදොස් කොට නිදහස් කළා . ඒක නිසා මේවගේ පිළුණු වෙච්ච, මඩ කතා නැවත එලියට අරන් අදහස් දක්වන්න එපා. ඒ නිසා රට තොට ගැන මීට වඩා අවබෝධයෙන් සිට සත්‍ය තොරතුරු ගැන අදහස් දමන්න. දිනපතා පුවත් පත් කියවන්න. ඉදිරියේදී හොඳ ලංකාදීප එසැන පුවත් පාඨකයෙක් වෙන්න හැකි වේවි , ඔබට සුභ පතමි! (අ)

:       0       0

රන්ජිත් Wednesday, 21 January 2015 02:24 AM

හොඳ දේවල් හොඳ විදිහට දකින්න පුරුදුවෙමු . පරණ දේවල් කරේ තියාගෙන හැමදාම බැන බැන ඉන්නේ නැතුව ආකල්ප වෙනස්කර ගන්න. ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න. රටට හොඳක් වෙනකොට සතුටුවෙන්න (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 21 January 2015 08:28 AM

එදා බුදු රජාණන් වහන්සේ ලෝ වාසීන්ට යහපත් ජීවිතයකට මග සහ නිවන පිළබඳව කොපමණ කියා දුන්නත්, බණ දේශනා කලත් ඒවා නොසලකා ඉරට හඳට සහ ගස් ගල්වලට, වඳින, යක්ෂයින්, මළවුන්, අදහන මිනිස්සුත් හිටියා. ඒවගේ දුෂිතයින් අදහන, ඔවුන්ගේ ප්‍රසස්ති ගයන උගත් යයි කියා ගන්න මිනිස්සු අදත් අප සමාජයේ ඉන්න බව එසැන පුවත් අදහස් දකින විට පැහැදිලි වෙනවා. (නදී)

:       0       0

වික්‍රම Wednesday, 21 January 2015 02:42 AM

ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ප්‍රජා අයිතිය සහ අනෙකුත් අහිමිවූ දේ නැවත ලබාදුන්නොත් නේද වඩාත් හොඳ?මෙය දුන් පොරොන්දුවක් (නි)

:       0       0

ලක්මාල් Wednesday, 21 January 2015 02:53 AM

සිරිපාල මහත්තයෝ, ඔබතුම අපිට වැඩිය වයසින් වැඩි ඇති. ඒත් අපි කණගාටු වෙනවා, බටලන්ද තවම අල්ලාගෙන මඩ ගහනවට.රනිල් මහත්තයා කළ හොඳ වැඩ 1000ක් තියෙද්දී එතුමා නඩුවෙන් පවා නිදහස් වුණ බටලන්ද ගැන තවම කියවන එකට. අපිට ඕනෑ අලුත් ශීලාචාර රටක්. ඒකට මේ වගේ බුද්ධිමත් නායකයෝ ලංකාවට ඕනෑ. ඒකයි තරුණ අපේ බලාපොරොත්තුව. (නි)

:       0       0

ලාල් Tuesday, 20 January 2015 01:39 PM

ලිච්ඡවී සම්ප්‍රදාය හොඳයි.ඒ වගේම සිංහලයා ගැනත් සිතා කටයුතු කරනු ඇතැයි සිතමු. (නි)

:       0       0

පද්මේන් Wednesday, 21 January 2015 03:04 AM

සිරිපාල ජයකොඩි බොරුවට බටලන්දක් ගැන කියන්න එපා. අවුරුදු විස්සක්ම රනිල් විපක්ෂයේ හිටියා. ඔයගොල්ලන්ට තිබුනේ නැද්ද බටලන්ද ගැන හොයන්න. ලංකාදීප, කරුණාකරලා රනිල්ගේ සම්පුර්ණ කතාව පලකරන්න. එය අයිතිහාසික කතාවක්. එයින් තරුණ දේශපාලකයින්ට බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන්. (නදී)

:       0       0

මංජු Wednesday, 21 January 2015 09:18 AM

සිරිපාලට හරියන්නේ මොන විදියේ නායකත්වයක්ද ? ගමේ චන්ඩියා වගේ වහසි බස් දොඩවන, අවංකව වෘත්තීය විභාගයකට තමන්ටම ලියා ගන්න බැරි, තමාට නැති ප්‍රභූ පවුල් පසුබිමක් තියනවා කියල පෙන්වන්න දගලන කට්ටියද ? (නදී)

:       0       0

ජයසේකර Tuesday, 20 January 2015 01:44 PM

අදහස නම් හිස් මුදුනින්ම පිළිගන්නවා (නි)

:       0       0

උමේෂ් Wednesday, 21 January 2015 09:21 AM

සිරිපාල ජයකොඩි ලියන්නේ අභ්‍යවකාශයේ සිට විට යුතුයි. නැති නම් පොළොවේ පය ගසා ගෙන සිට නායකයෙකු විවේචනය කරන අන්දම තවම නොදන්නා බව පෙන්වන්නේ නැහැනේ .(දිල්)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 21 January 2015 03:13 AM

රනිල් යනු ජාත්‍යන්තර කීර්තියට පත් උගත්, බුද්ධිමත් නායකයෙක්. කිසිවකින් නොසැලෙන,නොපැකිලෙන,අති දක්ෂ රාජ්‍ය පාලකයෙක්. එතුමාට අවස්තාව නොදී බොරු වීරයින්ට රට භාර දීමේ තරම දැන් දැන් එලිවෙමින් පවතී. රණවිරුවන් දිවි පුදා බේරාගත් රට යන්නේ කොහෙද මල්ලේ පොල් තත්වයට පත්වූ මොහොතේ නව රජය බිහිවීම වාසනාවක් ලෙස සිතමු. (නදී)

:       0       0

ප්‍රියා Wednesday, 21 January 2015 10:15 AM

මොහොමඩ් සහෝදරයා කොහෙද ඔයගොල්ලන්ගේ නිජබිම මෙහෙ එක අරාබියේ තියෙන්නේ (නදී)

:       0       0

බණ්ඩාර Tuesday, 20 January 2015 02:16 PM

පවුල්වාදය තියෙන්නේ කවුරු ළඟද කියලා අපි දන්නවා. (නි)

:       0       0

අසංකා Wednesday, 21 January 2015 03:42 AM

අපේ මහපොළ 5000 ක් කරන එක ගැන කතාවක් නැහැ නේද ? (නදී)

:       0       0

නුවන් අමරසිංහ Wednesday, 21 January 2015 03:46 AM

දොන් සිරිපාල ජයකොඩි මහතාට ලියමි. බටලන්ද ඔබ දුටුවාද ? එය කරපු බව නීතිය ඉදිරියේ ඔප්පු උනාද ? නිකන් ගොරවන්න එපා සහෝදරයා. අනික රටේ පවතින නීතියට පටහැනි ව කැරලි ගහන ඕනෑම කෙනෙකුට තරාතිරම නොබලා දඩුවම් කල එකම පක්ෂය ඒ ජා ප ය විතරයි. මම එ්ක හොදින්ම දන්නවා අපිට සාක්ෂිත් තියෙනවා (නදී)

:       0       0

කර්තිනි Tuesday, 20 January 2015 02:45 PM

වැඩේ කනවා නේ ද? (නදී)

:       0       0

ධනු Wednesday, 21 January 2015 04:01 AM

අන්තිමට වැඩක් කරන්න ඉතුරුවුණේ මෙතුමා.රට නිසි මඟට ගන්නවා නම් ඒ ඇති.ඒ වාගේම කුහකයෝ ටික හිරේට දාන්නත් වගබලාගන්න.ජය වේවා! (නි)

:       0       0

වර්ණ Tuesday, 20 January 2015 03:19 PM

නියමයි (නදී)

:       0       0

ගජබා Wednesday, 21 January 2015 04:15 AM

කවුරු මොනවා කිවුවත් අපේ ජනපතිතුමා තවමත් අපිට නම් මහින්ද රාජපක්ෂයි. (නි)

:       0       0

ජයසේන Tuesday, 20 January 2015 03:28 PM

මේවා ඉතා ඉක්මනින් කළයුතුයි.කල්මැරීම හොඳ නැත. (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 20 January 2015 03:54 PM

මෙම නීති කෙටුම්පත් බලයේ සිටි අයටත් බලපාන ලෙසද, ඔවුන් යම් නීතිවිරෝධී කටයුත්තක් කර ඇත්නම් නීතිය හමුවට පමුණුවා නීතිප්‍රකාරව දඬුවම් කළ හැකිවන ලෙසද සම්පාදනය කරන මෙන් ඉල්ලා සිටිමි. (නි)

:       0       0

රවි Wednesday, 21 January 2015 05:01 AM

ලිච්චවී රජවරු රට නම් බෙදුවෙ නෑ. අපේ මුල්ම ඉල්ලීම රට රැකගැනීම. මංගල සමරවීර ඉන්දියාවෙදි බළල මල්ලෙන් එලියට අරං. ඊළම දීමේ මුල් පියවර ගන්නවලු. (බ)

:       0       0

යහපාල Wednesday, 21 January 2015 05:04 AM

අපිටත් ආරංචියි හොඳ හොඳ දේවල් (නි)

:       0       0

kකල්පි Wednesday, 21 January 2015 05:20 AM

ගජබා වැනි නොදරුවන් /බාලයන් ගැන මට හරිම දුකේ බෑ. (නදී)

:       0       0

රොහාන් Tuesday, 20 January 2015 05:16 PM

ජයවේවා ...ජයවේවා ...ජයවේවා ...ජයවේවා ..අප ..ශ්‍රී ලංකා (නදී)

:       0       0

කොචාහි Tuesday, 20 January 2015 05:24 PM

අනේ මොන තරම් දෙයක්ද, අපේ අගමැතිතුමනි! ඔබතුමන්ට තෙරුවන් සරණයි. (නදී)

:       0       0

පිවිතුරු Wednesday, 21 January 2015 05:31 AM

මේ අගමැති කම හොර එකක්..දින 100න් පස්සේ පවත්වන මැතිවරනෙන් අගමැති වෙලා පෙන්නන්න..එතකොට ඔබ තුමා අගමැති බව අපි පිළිගන්නම්..විපක්ෂයට බහුතරය ඇති පාර්ලිමේන්තුවක ඔබ කොහොමද අගමැති වෙන්නේ.. (අ)

:       0       0

ලක්ම Wednesday, 21 January 2015 05:44 AM

ඒකීය රටක් කියන එක ඊයේ අගමැතිතුමා පැහැදිලිව කිව්වා.. දැන් වත් මෝඩ කතා කියන්න එපා. රට බෙදනවා කියල දාපු රුපවාහිනී ප්‍රචාරණ දේවල් වලට ජනතාව එපා කිව්වා.. දැන් බලන්න රට හදන හැටි.. ඉවසන්න රවී මහත්තයෝ (අ)

:       0       0

මොහොමඩ් Wednesday, 21 January 2015 06:02 AM

කරුණා කරලා දෙමළ මුස්ලිම් ජනතාව අමතක කරන්න එපා.. ඔවුන් ගෙන් උදුරාගත් නිජබිම් නැවත ලබාදෙන්න. (අ)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Wednesday, 21 January 2015 06:17 AM

මේ දින සීය දෙමල චිත්‍ර පටියක් වන මුදල්වන් හි කොපියක්. එම චිත්‍ර පටිය බලන්න. (නදී)

:       0       0

ජනිත්‍ය Wednesday, 21 January 2015 06:23 AM

යහ පාලනයට පෙර ඊලාම් ස්වයංපාලනය. අනේ අපේ මව්බිම්. (නදී)

:       0       0

ලක්ෂිත - පැරිසිය Tuesday, 20 January 2015 07:48 PM

ඔක්කොම කෙරුවොත් මම ගොඩාක් සතුටුයි (නදී)

:       0       0

සිරිපාල ජයකොඩි Tuesday, 20 January 2015 08:48 PM

අනේ මහත්තයෝ ඔය තරම්ම සුද්දෝදන වෙන්න එපා. ඔබතුමා ගැනත් බටලන්ද ගැනත් අපි දන්නවා. දින 100 යෙන් මහජනතාවට හොඳ දෙයක් කරන්න පුලුවන්නම් කරන්න (නදී)

:       0       0

සුරංජිත් Tuesday, 20 January 2015 09:44 PM

නියම කතාව අගය කරනවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 550 2

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 217 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1272 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2514 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 205 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1476 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38619 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25403 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 940 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site