IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ලිට්‍රෝ ගෑස් සැපයුම අඩකින් අඩුකරයි

(යොහාන් භාසුර)

රට ආර්ථික අර්බුදයෙන් මිදෙන තෙක් නගරවලට සහ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ගෑස් සපයන බවත් ඒ අනුව ඉදිරියේදී ගෑස් ඉල්ලුමෙන් අඩක් පමණක් සැයීමට තීරණය කර ඇති බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

එම තීරණයත් සමඟ දෛනික පැවැති සිලින්ඩර 60,000 ත් 80,000 ත් අතර පැවැති ගෑස් සැපයුම සිලින්ඩර 30,000 ක් දක්වා අඩු කරන බව කී එම නිලධාරියා ගෑස් පාරිභෝගිකයන්ගෙන් සියයට 27 ක් පමණක් ගෑස් පමණක් පාවිච්චි කරන බව ද සඳහන් කළේය.

රටේ මාසික ගෑස් ඉල්ලුම සම්පූර්ණ කිරීමට නම් මාසිකව ඩොලර් මිලියන 30 ක් අවශ්‍ය වීම නිසා වර්තමාන තත්වය අනුව එවැනි වියදමක් කළ නොහැකි බවත් රට ගොඩගැනීමට නම් සියලු දෙනාට කැපවීම් කළ යුතු බවත් එම නිලධාරියා පැවසීය.

දර ඇතුළු සෙසු ඉන්ධන වර්ග පාවිච්චි කළ හැකි සියලුම ජනතාව ගෑස්වලින් නැවත සෙසු ඉන්ධන සඳහා මාරුවීම රට වෙනුවෙන් කළයුතු බව කී එම නිලධාරියා සඳහන් කළේ ජනතාව වර්තමාන තත්වය තේරුම් ගනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ය. 



අදහස් (8)

ලිට්‍රෝ ගෑස් සැපයුම අඩකින් අඩුකරයි

ravin Thursday, 28 April 2022 05:38 PM

නගරයේ ඉන්න මිනිස්සු විතරද කන්නේ... බොන්නේ..? දර ටිකක් කඩාගන්න කැලයට ගියොත් නවතින්නේ උසාවියේ. දැන්නේ මතක් වුණේ දේශපාලුවන්ට කැලේ කපාගන්න ක්‍රමවේදයක්ද? 

:       0       0

බයියා Thursday, 28 April 2022 05:42 PM

අපිට තියෙන දෙයක්වත් තම්බාගෙන කන්නවත් දෙන්නේ නෑ වගේ. ගෑස් වලින් විතරක් උයාපිහා ගන්න අයට අබසරණයි...!

:       0       0

Soma dubayi Thursday, 28 April 2022 09:38 PM

නියම තීරණයක්. රටේ සියලුම ජනතාව දර වලට මාරු වුණොත් සෑහෙන විදේශ විනිමයක් ඉතිරි කරගන්න පුළුවන්...!

:       0       1

hemantha Thursday, 28 April 2022 11:46 PM

මෙයා කියන්නේ, එයාලගේ වැරැදිවලට අපිට පව් ගෙවන්න කියලද?

:       0       1

Lalith M Friday, 29 April 2022 06:45 AM

ඔය සමාගම පුද්ගලික අංශයට විකුණන්න. රජය බිස්නස් කරනවා කියන්නේ කලුකඩය ව්‍යාප්ත කිරීම. වැඩබැරි හොරු සෑම රජයකම පත්කිරීම් ලැයිස්තුව බව හොඳට පේනවා.

:       0       1

de silva Friday, 29 April 2022 07:30 AM

ගෑස් මිල දෙගුණ කරලත් මනුෂ්‍යයාට අවශ්‍ය ගෑස් ටික දෙන්න බැරිනම් ඔයාලා රැකියාවෙන් අස්වෙලා ගෙදර යන්න. ඩොලර් නැහැ කියලා කියන්න එපා. ගෑස්වලට අවශ්‍ය මුදල් IMF එකෙන් ලැබුණු ණය සහනාධාරේ වෙන් කරලා තිබෙනවා.

:       0       1

wikcy Friday, 29 April 2022 08:40 AM

අනිවාර්යයෙන්ම කළයුතු දෙයක්. නමුත් ඉතින් වැඩකරන මිනිස්සුන්ට තමයි පොලිමේ ඉන්නයි, දර හොයන්නයි ඔක්කෝම... ලොකු තැන්වලට කිසිම ප්‍රශ්නයක් නැහැ. ගෑස් එකත් ළඟටම ලැබෙනවා. කරන්ට් එකත් තියෙනවා. ඉන්ධන ඕනෑ නම් ඒකත් තියෙනවා. සියලු කැපකිරීම් සාමාන්‍ය මනුස්සයාගෙන්... සැපයුම අඩු කරනකොට ඕකෙ ඉන්න නිලධාරින්ට පඩි ගෙවන්නේ කොහොමද? ඒකත් ආපහු පාඩුව අපිටමනේ... පුදුම තීරණ හැබැයි ඔන්න...

:       0       2

Hafeel Friday, 29 April 2022 12:40 PM

නිදහස ලබුණුදා ඉඳන් අවුරුදු 74 ක්ම ජනතාව රට වෙනුවෙන් කැපකරලා සහ කැපකරමින් ඉන්නවා. ඒක ඉතින් අමුතුවෙන් කියන්න ඕන දෙයක් නැහැ. 1977 ඉඳන් මේ රටේ ජනතාවගේ කැපවීම් තමයි. නමුත් දේශපාලකයින් සහ ඔවුන්ගේ පවුල් සහ ගෝලයන්ගේ නම් එහෙම කැපවීම් වෙලා නම් නැහැ. මේ ගෑස් අර්බුදය ජනතාවගේ වැරැද්ද නොවේ. පාලකයින්ගේ වැරැද්ද...!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 876 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 323 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 933 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 1165 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 668 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 665 2

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 677 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1926 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site