(මනෝප්‍රිය ගුණසේකර)
තායිවාන බැංකුවක මුදල් වංචාවක් සම්බන්ධයෙන් රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ මහතා ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන බව රහස් පොලිසිය කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මියට අද (11) දැනුම් දුන්නේය.
ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ එංගලන්තයේ පුරවැසිභාවය සහිත පුද්ගලයෙකු බවත්, ඔහුට ලංකාවේ රැදී සටීම සඳහා ලබාදී ඇති වීසා කාලය ලබන දෙසැම්බර් මාසයෙන් අවසන් වන බවත් රහස් පොලිසිය කීවේය.
මෙම සිද්ධියට අදළව ශලීල මුණසිංහ මහතාට අමතරව අත්අඩංගුවට ගනු ලැබු ජනක චමින්ද නම්මුණි නම් සැකකරු එංගලන්තයේ සහ ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලැබු අයෙකු යැයිද රහස් පොලිසිය දැනුම් දුන්නේය.
නිව්යෝර්ක් නුවර පිහිටි ‘සිටි බැංකු මූලස්ථානයේ‘ පරිගණක ඡාලයට අනවසරයෙන් ඇතුළු වී මුදල් වංචා කිරීමෙන් අනතුරුව ඉන් 50% ක මුදලක් බෙදා ගැනීමට සුදානමින් සිටි ඉන්දියන් ජාතිකයෙකු පිළිබඳ තොරතුරු හෙළි වී ඇතැයි දැනුම් දුන් රහස් පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකරමින් සිටින්නේ යැයිද කීවේය.
සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරය තුළදී සැකකරුවන් දෙදෙනාගෙන්ම ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බව රහස් පොලිසිය දැන්වූ අතර ඊට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අවසර දුන්නාය.
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට
මිගමුව කලපුවේ ගමන් කරමින් තිබු කුඩා ධීවර යාත්‍රාවක් අද (24 ) දහවල් පෙරළී යාමේන් එහි ගමන් කළ පියා සහ දියණීයක් අතුරුදහන්ව ඇති බවත් මෙම යාත්‍රාවේ ගමන් කළ ඉත
කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් කැරැටි ,ගෝවා වැනි බොහෝ එළවළු වර්ගවල මිල පහත වැටී විකුණාගත නොහ
පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ස්ථානමාරු ලබාදීම සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් කොමිෂන් සභාවට යවා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලිට්රෝ සභාපති ලාංකිකයකු නොවේ
Missaka Wednesday, 11 October 2017 02:22 PM
යහපාලන හොරු ඔක්කොම ශ්‍රී ලංකාවේ පුරවැසියෝ නෙමෙයිනේ. කොහොමද වැඩ! නඩුවක්වත් දාට බැරි විදිහේ වැඩනේ කරන්නේ.
sudaunThursday, 12 October 2017 01:24 AM
කොහේ වුනත් නඩු දාන්න පුළුවන්. ගියපාර කට්ට්ය මිට වඩා අය තියාගෙන හිටියා. නමුත් ප්‍රසිද්ධ කලෙත් නැහැ. හොරකම් ඇල්ලුවෙත් නැහැ. දන්නා හොරුන්ව නිතිය ඉදිරියට ගෙනාවෙත් නැහැ. අද හොරු අහුවෙනවා. නිතිය ඉදිරියට ගේනවා. දඩුවම් දෙනවා. එහෙම තමයි රටක් හැදෙන්නේ. නැතුව යහපාලනය කියන්නේ 100%ක් අවංක අය විතරක් අරන් රට පාලනය පටන් ගන්නවා කියන එක නෙමෙයි. එහෙම කරන්න නම් අඟහරු ලෝකෙන් ගේන්න වෙනවනේ. හැබැයි හොරකම් හොයන කොට නිසි දඩුවම් දෙනකොට ඉන්න හොරු ඉවත් වෙනවා. ඉස්සරහට හොරකම් කරන්න හිතන් ඉන්න හොරු ඒවා නොකර ඉන්නවා.
kumaraThursday, 12 October 2017 05:07 AM
අපි නොදන්නා යහපාලන හොරු ඇල්ලිල්ල. මුලින්ම වංචාවක් උනේ නැහැ කියල වැඩේ වහන්න බලනවා. පස්සේ අගමැති කමිටු, කෝප් කමිටු, විගණකාධිපතිවාර්තා, ජනාධිපති කමිටු අවුරුදු ගණන් වැඩේ අදිනවා. හැබැයි නඩු දන්නේ නෑ. අමතිලගේ අල්ලස් ගැනීම් ගැන අහු උනාම ඇමතිට ටික කාලෙකට ඇමති කමෙන් අයින් වෙන්න කියනවා. නඩු නෑ. මෙයාට වැරදුනේ ඇමරිකාවේ බැංකුවක් කඩපු නිසා. කමිටු දදා හිටියනම් ජාත්‍යන්තරය ජයගන්න බැරිවෙනවනේ.
UpaliThursday, 12 October 2017 02:18 AM
මෙයා ලංකාවෙ පුරවැසියෙක් නෙමේ නම් කොහොමද ලංකාවේ දේශපාලන පක්ෂයක සභාපති උනේ? කොහොමද මේ රටේ රාජ්‍ය ආයතනයක සභාපති උනේ? ඔහුව පත් කළ අයත් මැතිවරණ කොමසාරිස් වරයාත් මේවාට උත්තර දිය යුතුයි.
darshanaThursday, 12 October 2017 03:21 AM
ශ්‍රී ලාංකිකයෙක් නොවන කෙනෙක් නායකත්වය දරන පක්ෂයක් නිත්‍යනුකුල නැහැ. එම පක්ෂයෙන් චන්දෙ ඉල්ලලා ජනාදිපති වෙච්ච කෙනාගේ ජනාදිපතිකම නිත්‍යනුකුලද නැහැ.
chintaThursday, 12 October 2017 04:46 AM
නීතිය හදාරපු කෙනෙක් දර්ශනට උත්තර එකතු කරන්නකෝ
rohanThursday, 12 October 2017 09:04 AM
කරුණාකරලා යහපාලනය මේකට ගාවගන්න එපා යහපාලනය නිසා තමයි අද මේ හොර කට්ටිය අල්ලගන්න පුළුවන්වෙලා තියෙන්නේ
ජගත් Wednesday, 11 October 2017 02:26 PM
මේ ආණ්ඩුව පත් කරපු ආයතන වල ලොක්කෝ , ලංකාවේ පුර වැසියෝ නෙවෙයිද ?
SL Wednesday, 11 October 2017 02:40 PM
අපේ අගමැතිට ලොකු පිටරැටියෝම තමයි !!!
PerakumWednesday, 11 October 2017 03:54 PM
ජාත්‍යන්තර මගඩි වලට පිට රටින්ම ගේන්න ඕන බව එස්.එල්. දන්නේ නැද්ද?
Ranjith Silva Wednesday, 11 October 2017 02:41 PM
අපේ රටේ නම කතා කරන මෙවැනි අයට සුදුසු දඬුවම් දෙන්න. මේ ලංකාව සුද්ද කරන්න. තවත් හොරු ඉන්නවා වගේ දැනෙනවා.
ධම්ම Wednesday, 11 October 2017 03:04 PM
පිටරැටියන්ට මෙහෙ ඇවිල්ලා හිටිපිනුම්, බඩපිනුම් ගහන්න හැකි කාලයක් දැන් උදාවෙලා තියෙන්නේ.
aseThursday, 12 October 2017 07:11 AM
හරි නේන්නම්
siri Wednesday, 11 October 2017 03:04 PM
කාටත් නීතිය ක්‍රියාත්මක කෙරෙන අන්දමට කටයුතු කිරීම ගැන කවුරුවත් හොඳක් දකින්නේ නැත්තේ මොකද? කුහක කමද නැත්නම් මෝඩ කමද?
dahamWednesday, 11 October 2017 04:08 PM
අම්මට සිරි, මිනිස්සු නීතිය ක්‍රියාත්මක කරනවට දොස් කියන්නේ නැහැ. යහපාලනෙන් ලොකු තැන දීපු අය ඔක්කොම වගේ හොරු වෙච්ච එක ගැනයි ළමයෝ විවේචනේ.
siriWednesday, 11 October 2017 05:17 PM
"යහපාලනයේ ඔක්කොම වගේ හොරු "කියන එක සාධාරණද? වැරදි වැඩ කරපු අය අහුවෙන්නේ ඒවා යට ගහන්නේ නැතුව හොයා බලන නිසා නේද? ඒ ගැන හොඳක් කියන්න දිව නැමෙන්නේ නැත්තේ මොකද කියා හිතාගන්න පුළුවන්. ඉස්සර කරපු වැඩකටයුතු මොනවාද කියා දහම් නමින් පෙනී ඉන්න ඔබ නොදන්නවා වෙන්න බැහැ. ඒ කාලයේ පරීක්ෂණ තියා වැරැද්දක් සිද්ධ උනා කියල මාධ්‍ය මඟින්වත් කියන්න ලියන්න හැකියාවක් තිබුනාද? ආපහු එවන් කාලයක් ආවොත් සතුටුද එහෙනම්?
sahanThursday, 12 October 2017 01:35 AM
සිරි, ඔබ කියන සමහරක් දේ හරි. නමුත් ඔබ සහ බොහෝ දෙනෙක් කතාකරන්නේ අපේ වැරදි ඉතිහාසය පටන් ගත්තේ රාජපක්ෂගෙන් කියල. ඔබල බොහොම දෙනෙක් 87-89 මේ රටේ නෙවෙයි ඉන්න ඇත්තේ. 1977දි පොලිසියට සතියක් නිවාඩු දෙන බව අලුත් නායකයා කිව්වේ ඇයි. 1980 ජුලි වර්ජනය. මේ සියල්ලම සිදු වුනේ රාජපක්ෂ යටතේද.
yahapathThursday, 12 October 2017 01:54 AM
මා පලමුවෙන්ම කිව යුත්තෙ "හොරකම හොරකමම වේ, එය සාධාරනීය කිරීමම ශ්‍රි ලාංකික අප සැමදා කල මෝඩ කමකි". දැන් යුද්ධය ඉවර වී වසර 08.නමුත් අප බලාපොරොත්තුවූ සංවර්ධනයක් ලඟාවී තිබේද?, මා සිතනුයෙ ලංකාව ඉදිරියට ගෙනයාමට නිසි සැලැස්මක් කිසිදු දේශපාලකයකුට නැති බවය. අවම වශයෙන් පලාත් සභා මට්ටමින් හො නැත. ඒ සදහා තිබෙන බලයම ප්‍රමාණවත්ය. උදා: ලංකාවට කිරි පිටි ආනයනය අවම කිරීමට හො පරිභෝජනය අවම කිරිමට කිසිදු අධිකරියක් කටයුතු කරයිද? මුදල් මතම මොවුන් කටයුතු කරයි.යුද්දයෙදි මෙන් දැඩි තීරණ ආර්ථික සංවර්ධනය පහසු වනු ඇත. අවසාන වශයෙන් කීමට ඇත්තේ මෙ සදහා ජනතා කතිකාවතක් අවශ්‍ය බවය.එවිට වත් සිංගප්පූරුව ගොඩ නැගූ, චීනය ගොඩ නැගූ පාලකයින් වැනි නායකයින් බිහිවනු ඇත.
nishanath dombagoda Wednesday, 11 October 2017 03:18 PM
ගත මේ රටේ එනමුත් සිත ඇත නොරටේ... නොරටුන් නිසා මහ උන් බිම ඇනං හොටේ … උඩඟු ලෙසින් සැරිසැරුවත් ලෝකෙ වටේ ... පරගැති හදින් මෙහෙවන රට මකර කටේ ...
පිටිගල මිලානෝ Wednesday, 11 October 2017 03:32 PM
ලංකාවට වැඩියම හානි කරලා තියෙන්නේ පැරෂුට් වලින් බැහැපු අයයි.
SB Wednesday, 11 October 2017 04:33 PM
පාඩු ලබපු ලිට්රෝ ගෑස් කොම්පැණියත් නග්ගලා ගත්තේ. කොහොම වුනත් ඔහුව ලංකාවෙන් පිටමං කිරීමට සිදුවෙනවා.
rohana Wednesday, 11 October 2017 05:07 PM
මහි මෝඩ අදහස් දාපු සැමට මාගේ ප්‍රණාමය.
purawasiya Wednesday, 11 October 2017 08:10 PM
අඩුම ගානේ අද හොරු එකින් එක අසුවෙනවා. එදා හොරු හොරකම් කොට මහත්වරු වගේ හිටියා. ණයට රට සංවර්ධනය කල චීන මිනිස්සු මෙරටට බැස්සා. මයිත්‍රීපාල මහතා ජනාධිපති වුණා. නීතිය යම් තරමකට ස්ථාපිත වුණා.. ආණ්ඩුව විවේචනය කිරීමට අවස්ථාව දුන්නා. ඒකයි වෙනස. කොයි ආණ්ඩුවේ වුනත් හොරුන්ට දඬුවම් දිය යුතුයි.
Don Wednesday, 11 October 2017 08:15 PM
මොහුට තියෙන්නේ එංගලන්ත පාස්පෝට් එකක් නම් කොහොමද මොහු ශ්‍රී ලාංකිකයෙක් කියල තායිවානය කිවුවේ ?? මොකක් හෝ ලොකු දෙයක් හංගන්න හදනවා වගේ පේනවා ..
nisa Wednesday, 11 October 2017 11:59 PM
දැන්වත් මේ තනතරු සඳහා නිසි සුදුසුකම් මොනවද කියා ස්තාපනය කරන්න.
ravin Thursday, 12 October 2017 12:05 AM
පාර්ලිමේන්තු කාරක සභාවක් තියනවනේද රජයේ ආයතනවල උසස් තනතුරු අනුමත කරන? පත්වීම් ලබාදෙන්න ඉස්සර පුරවැසිභාවය ගැන හොයල බලලා නොමෙයිද පත්වීම් අනුමැතිය දෙන්නේ? කාගේ කාගේත් වගකීම් පැහැර හැරලා වගේ. මුන් ඔක්කොම හොරු.
sathyayaa Thursday, 12 October 2017 01:30 AM
හොරකමට මේ තරම් නිදහසක් තියෙන රටක් ලෝකයේ කොහෙවත් නැහැ.
nimallalitha Thursday, 12 October 2017 01:59 AM
මේ යහ පලුවන් කලේ මේ රටේ මහා තැන් දුන්නෙම මේ රටේ පුරවැසි යන්ට නොවේ. මේගොල්ල තව යහ පලු පාලන ගැන කතා කරන්නේ රෙදි ඇඳගෙනද.? තවමත් යහ පාලුවන්ගේ අස්චි සුවඳ කියන් එවුන් ගේ නම් දැන් කටවල් වැහිලා
shehan Thursday, 12 October 2017 03:09 AM
ඔහේ පලයන්. එතකොට ගීතා ද්විත්ව පුරවැසියෙක් නිශා පුටුව අහිමි වෙනවා. මී යකා හංසයාගේ සබාපති. එතකොට හංසයාගෙන් ඉල්ලලා දිනුව ජනපතිට මොකද වෙන්නේ.
tikiri Thursday, 12 October 2017 03:10 AM
පිටරටින් හොරු ගෙන්නුවේ අහු වෙන්නේ නැති වෙන්න හොරකම් කරන්න වෙන්න ඇති , අනේ පවු .
Deepal Nirosh Thursday, 12 October 2017 03:38 AM
කොච්චර කළත් නීතිඥයෙක් වුණත් යුද්ධයක් දිනුවත් මහින්දට මේ ක්‍රමවේදෙ ඉගෙන ගන්න බැරි වුනානෙ.
Nuwan Thursday, 12 October 2017 04:25 AM
ඒ කාලේ මේවා ඇල්ලුවෙ නෑ කියන එක තාම මිනිස්සුන්ට තේරෙන්නේ නෑනෙ
B.L.Ramanayake Thursday, 12 October 2017 05:39 AM
එකල හොරු ඇල්ලුවේ නැති හේතුව දන්නේ හොරුත් ඔවුන් පසුපස ගොස් බැලමෙහෙවරකම් කරපු අයත් පමණි. ඒකනේ අදත් ඔවුන් වෙනුවෙන් උද්ගෝෂන කරන්නේ පෙළපාලි යන්නේ .මේවා නොතේරෙන්නේ අපි වගේ මෝඩයන්ට කියලයි හිතන්න වෙන්නේ
hasitha Thursday, 12 October 2017 06:22 AM
දැන් යන විදියට අපි ඉන්නේ ලංකාවේද කියලත් ෂුවර් නෑ වගේ මටනම්..
CHANDA Thursday, 12 October 2017 06:31 AM
ආඩවනේ... තිරුපති දෙවියනේ ...