IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ලෙඩාගෙන් වෙද සංගමය කෝටි දෙකහමාරක් වන්දි ඉල්ලයි

ගිය වසරේ මැයි මාසයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවැත්වූ වැඩවර්ජනයට එරෙහිව තමන් හදවත් ලෙඩෙකියි කියමින් තහනම් නියෝගයක් ගත් දෙමටගොඩ වේළුවන පාරේ අජිත් සේනකගෙන් රුපියල් කෝටි දෙක හමාරක් ඉල්ලමින් එම සංගමය අද අතුරු ඉල්ලීමක් කෙළේය.

කොළඹ දිසා විනිසුරු අමල් රණරාජා මහතා නඩු විභාගය ලබන 31 වැනිදාට කල් තැබීය.

හෘදයාබාධයක් ඇතැයි කියමින් 2012 මැයි 10 වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළු වූ ඔහු වෛද්‍ය උපදෙස් නොතකා රෝහලෙන් පිටවී ගොස් ඇතැයි ද සංගමය කියයි.

වැඩ වර්ජනය අවසන් වූ නිසා තම අතුරු තහනම දික් කර ගැනීමට හෝ නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට හෝ ඉල්ලීමක් නොකරන බව අජිත් සේනකගේ නීතීඥ ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා මහතා කියා සිටියේය.

වෛද්‍ය සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ එස් පර්තලිංගම් මහතා කියා සිටියේ පැමිණිලිකරු නඩු ගාස්තු ගෙවිය යුතු බවයි.

වන්දි ඉල්ලීමේ නඩුව විභාගයට ගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

දවසේ නඩු ගාස්තු ගෙවන ලෙස අජිත් සේනකට නියම කළ විනිසුරු වන්දි ඉල්ලීමේ විභාගය මැයි 31වැනිදාට කල්තැබීය.



අදහස් (0)

ලෙඩාගෙන් වෙද සංගමය කෝටි දෙකහමාරක් වන්දි ඉල්ලයි

සනත්123 Friday, 08 February 2013 12:57 AM

කියලා වැඩක් නැහැ රොහාන්. අත කපලා දාන්න කටයුත් සිදුකළ වෛද්‍යවරයාගෙන් කෝටි 100ක් ඉල්ලලා නඩුවක් දාන්නයි තියෙන්නෙ. වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලීම කෝටි දෙක හමාරක් වන්දි ගෙවිය යුතු වරදක් නම්, අත කැපුවට ඒ ගණන අසාධාරණ නැහැනෙ. (නි)

:       0       0

රාමදා Friday, 08 February 2013 01:50 AM

පඩයක් ගියත් නඩු දාන අයට ඔහොම තමයි කරන්න ඕනේ.(නදී)

:       0       0

සිසිර Friday, 08 February 2013 03:34 AM

ලංකාවේ කොන්දොස්තරලාටත් අන්ත දොස්තරලා ඉන්නවා. සල්ලි, සල්ලි,සල්ලි කිසිම මනුස්සකමක් දන්නේ නැහැ. ඒ වුනාට උගන්නන්න වියදමි කලේ රජයෙන්.(නදී)

:       0       0

කුමුදු Friday, 08 February 2013 04:55 AM

ලෙඩුන්ට අයිතිවාසිකම් නැද්ද? හෘද රෝගියෙක් නේද? ලෙඩුන්ට මෙහෙමද සලකන්නේ.(නදී)

:       0       0

මංගල Friday, 08 February 2013 02:23 PM

අපි සෙට්වෙලා දොස්තරලත හලාල් කරලා වර්ජනය කරමූද ?(නදී)

:       0       0

ඩයස් Friday, 08 February 2013 06:02 AM

මහජන මුදල් වලින් ඉගෙනගෙන එම මහජනයාම අපහසුතාවයට පත්කරමින් එම සංගමය වන්දි ඉල්ලිම ලැජ්ජා සහගත ක්‍රියාවකි. මොනතරම් දීමනා රජයෙන් දීලා තිබෙනවාද? ඉන්ධන ගාස්තු ,දුරකතන දීමනා, තීරුබදු රහිත වාහන දීමනා ඔබතුමන්ලා වැඩ වර්ජනයෙ යෙදෙනකොට මහජනයා කොපමණ අසරණ වෙනවාද ?ඔය සංගමයේ කීදෙනෙන් චැනල් සේවයේ යෙදී කීයක් හම්බකරනවාද?ඇත්තෙන්ම අප රටේ ආදායම් බදු දෙපාර්තමේන්තුව මොකද කරන්නේ? පුද්ගලික රෝහල්වල කීදෙනෙක් වැඩ කරනවාද කියලා බලන්නේ කවුද? පුද්ගලික දොස්තර විදුහල් රටේ අනිවාර්යෙන්ම බිහිවිය යුතුයි. එතකොට තමා ඉල්ලුමට සැපයුම තිබෙන්නේ.ඒකාධිකාරිය බිද වැටෙන්නේ.එදාට හොද සේවයක් රටේ මහජනයාට ලැබේවි. (නි)

:       0       0

කුමාර-මැලේෂියා Friday, 08 February 2013 06:17 AM

කවදාවත් වතුර ඉහලට ගලන්නේ නැහැ. හැමදාමත් වතුර ගලන්නේ පහලට.(නදී)

:       0       0

ඉලේපෙරුම Friday, 08 February 2013 07:25 AM

මාතර රෝහලෙන් ප්‍රතිකාර ගනිද්දී වෛද්‍ය නොසැලකිල්ල නිසා අත කපා දැමීමට සිදු වූ නීති ශිෂ්‍යාවට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාගේ එම වෘත්තීය ෙනාසැලකිල්ල ගැන වෛද්‍ය සංගමය මොනවද කර තිබෙන්නේ. වෛද්‍ය වෘත්තීය නොසැලකිල්ල ගැන ලැබෙන පැමිණිලි යට ගැසීම මෙරට සාමාන්‍ය ෙදයක්. ඒංගලන්ත්යේ වෛද්‍ය සභාව නම් වෛද්‍ය වෘත්තීය නොසැලකිල්ල ගැන ලැබෙන පැමිණිලි ගැන සොයා බලා සාධාරණය ඉෂ්ට කරනවා. (නදී)

:       0       0

ප්‍රභාත්-ජපානය Friday, 08 February 2013 07:55 AM

සනත්ගේ කීම හරි. ඔක්කොම එකතු වෙලා අත කපපු දොස්තරට කෝටි සීයක විතර නඩුවක් දාන්න ඕනේ.(නදී)

:       0       0

දම්මි Friday, 08 February 2013 08:21 AM

කැකිල්ලෙ රජ්ජුරුවන්ගෙ නඩු තීන්දුව මතක් වුණා. (නි)

:       0       0

ධම්මි Friday, 08 February 2013 08:23 AM

කොසොල් රජු දුටු සිහින සැබැ වෙන කාලයයි මේ (ස)

:       0       0

සමන් Friday, 08 February 2013 08:24 AM

මහජනයා මහජන මුදල් වලින් ඉගෙන ගනී ? (නි)

:       0       0

දම්මි Friday, 08 February 2013 08:25 AM

අත කපපු ළමය දොස්තරට වන්දි ගෙවිය යුතුයි රොහාන් ඒකයි අලුත් විදියට විය යුතුයි (ස)

:       0       0

ඉන්දිකා Friday, 08 February 2013 08:55 AM

වෛද්‍ය සංගමය මේ ගැන දක්වපු උනන්දුවෙන්ම අර අත කපපු ළම‍යටත් කෝටි 100 ක විතර වන්දියක් අරන් දෙන්නකෝ ඒ දොස්තරගෙන් (ස)

:       0       0

චාමර Friday, 08 February 2013 08:58 AM

මීගමුව රෝහලේදී 6 වැනි තට්ටුවේදී වෛද්‍යවරයෙකු විසින් සිදු කළ දූෂණයේදී මියගිය ඇගලුම් කම්හල් සේවිකාව සම්බන්ධයෛන් දුන් වන්දිය ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් මට කියනවද? (නි)

:       0       0

චාමික Friday, 08 February 2013 09:20 AM

ලංකාවේ M. B. B. S. අය තරම් උද්දච්ච පිරිසක් ලෝකේ කොහේවත් නෑ (ස)

:       0       0

ගයාන් Friday, 08 February 2013 09:26 AM

මම කැමතියි අපේ රටේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන නවත්වලා ප්‍රමිති සහගත ලෙස රජයේ රෝහල් පමණක් පවත්වාගෙන යනවා නම් (නි)

:       0       0

ධම්මි Friday, 08 February 2013 07:26 PM

සනත් ලංකාවෙ කොහෙද සාධාරණය තියෙන්නෙ..!(නු)

:       0       0

චමින්ද Friday, 08 February 2013 07:33 PM

ඉදිරි අනාගතයේදී අපිට වෙන අසාධාරණ වලට මෙහෙමවත් විරෝධතා තියන්න බැරි වේවි. (නි)

:       0       0

ලකී Friday, 08 February 2013 07:39 PM

දර්ශන, දොස්තර මහත්වරු නිසා බේරෙන ගණන මැරෙන ගන්නට වැඩ වැඩියි. මැරෙන්න බෙහෙත් කරන අය ඉන්නවනම් නඩු දාන්න. කුහක කම පෙන්නන්න එපා. (නු)

:       0       0

ලකී Friday, 08 February 2013 07:49 PM

ඉලේපෙරුම ඔයා කොහොමද හරියටම දන්නෙ දඩුවම් දෙනවද නැතිද කියල ? ඔය ඒකෙද වැඩ කරන්නෙ ? දන්නෙ නැති දේ කතා කරන්න එපා. අඩු ගන්නේ නීති මොනවද කියලවත් මෙතන බනින අය දන්නවද ? හැමදෙනාම එක එක දේ කිව්වත් තමන්ගේ අසනීප වලට බෙහෙත් කරපු බව මතක නැහැ. ඔය වෙන රටවල් ගැන කතා කරන මහත්වරුනේ මෙහෙත් වෙලාවට වැඩ කරන ක්‍රමයක් ගේමුද එහෙනම්? (නු)

:       0       0

ලකී Friday, 08 February 2013 07:53 PM

නිදහස් අද්‍යාපනය නැති කරල සල්ලි තියෙන අයට විතරක් ඉගෙන ගන්න පුළුවන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගේමු..!(නු)

:       0       0

උපාලි Friday, 08 February 2013 10:31 AM

එම්.බී.බී.එස්. කියන එකට තේරුම් දෙකක් තියෙනවා. 1 මහත්මා බෝධිසත්ව බුද්ධිමත් සේවය 2 මොළකන බොරුකාර බහිරව සූරාකන්නෝ මේ දෙකින් වලංගු එක තෝරාගැනීම ඔබට භාරයි. (නි)

:       0       0

චාමර Friday, 08 February 2013 10:34 AM

මටත් පෙනෙන්නේ තහනම් නියෝගය අරන් තියෙන්නේ ඇත්තම ලෙඩක‍‍ට නෙමෙයි වගේ (ස)

:       0       0

රොහාන් Thursday, 07 February 2013 09:15 PM

අර අත කපපු ළමයට වන්දි දෙන්නේ කවිද?(නදී)

:       0       0

මාලන් Friday, 08 February 2013 09:43 PM

ඈත්තටම ඔයාලගේ අසාධ්‍ය තත්ත්වයෙන් සිටිය කිසිකෙනෙක් වෛද්‍යවරයෙක් බෙරගෙන නැතිද? එ බේරගත් ජිවිතයක වටිනකම මිලකරන්න පුලුවන් ද?(නු)

:       0       0

කසුන් Thursday, 07 February 2013 09:17 PM

දොස්තරලා හිතාගෙන ඉන්නේ රටේ තියෙන ඉහළම රස්සාව කරන්නේ එයාලයි කියලා. (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 07 February 2013 09:19 PM

ජනතාව සමග හැප්පෙන්නෙ නැතුව තමන්ගේ වෘත්තීය ගරුත්වයත් රැකගෙන ප්‍රසන්නව ඉන්න බලන්න. (නි)

:       0       0

ලක්ෂ්මන් Friday, 08 February 2013 11:59 AM

ඉන්දික හරියටම හරි , මමත් එය අනුමත කරනවා. සිසිරගේ කතාවත් හරි. එයාටත් අපේ ප්‍රණාමය (ස)

:       0       0

දර්ශන Thursday, 07 February 2013 09:40 PM

වෛද්‍යවරුන්ගේ නොසැළකිල්ලෙන් නැතිවු අහිංසක මිනිස් ජීවිත වලට කවුද වන්දි දෙන්නේ? (නි)

:       0       0

අප්පු Friday, 08 February 2013 12:17 PM

රටේ ඉහළම රැකියාව කරන්නේ වෛද්‍යවරු. එයාලට විරුද්ධව කතා කරන හැමෝටමත් අන්තිමට යන්න වෙන්නේ වෛද්‍යවරු ළගටම තමයි. (නි)

:       0       0

ජීව Thursday, 07 February 2013 11:34 PM

පැමිණිල්ල පැහැදිලි මදි. (නි)

:       0       0

භක්ති Saturday, 09 February 2013 12:07 AM

දොස්තරලාගේ වැඩ ගැන අහන්න හෙදියන් ගෙන් සහ අනෙකුත් සේවකයන්ගෙන්.. එයාලා කියලා දෙයි..!(නු)

:       0       0

චන්ද්‍රා Friday, 08 February 2013 12:02 AM

අජිත් ඉල්ලගෙන කාලා වගෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1031 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 680 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1839 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 357 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 602 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1579 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38924 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25521 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site