අම්බලන්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ දුර්ලභ ඝණයේ කැස්බෑවන් තිදෙනෙකු අද (22) හික්කඩුව සාගර අභය භුමියට මුදා හැරිණි.
පොතු කැස්බෑවන් , දාර කැස්බෑවන් වර්ගයට මොවුන් අයත් වෙති.
හික්කඩුව වනජිවි දෙපාර්තමේන්තුවේ උද්‍යාන භාරකරු ඒ.වී. කසුන් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ හිමිකරු ජිවන් කස්තුරිආරච්චි මහතා ඇතුළු නිලධාරින් විසින් කැස්බෑවන් මුහුදට මුදා හරින ලදී.
ලංකාවේ විවිධ ප්‍රදේශවල අනතුරු වලට ලක්ව මුහුදු වෙරළට ගොඩ ගසන ලද මෙම කැස්බෑවන් අම්බලන්ගොඩ ප්‍රදේශයේ සංරක්ෂණය කර මුහුදට මුදා හරින බව වනජිවි නිලධාරිහු පවසති.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලෙඩ කැස්බෑවෝ සුවය ලබා ගෙදර යති
වරුණ Wednesday, 23 March 2016 04:28 AM
සැබෑ පුන්‍යකර්මයක් මස් වැද්දන්ගෙන් සතුන් බේරා මුදට නිදහස් කිරීම. (ර)
චතුර Tuesday, 22 March 2016 02:03 PM
අන්තිමට යන එක්කෙනාට නම් තවම අසනීපයි වගේ. හරිම පින්අතේ වැඩක්. අහිංසක සත්තු! (නි)
ලලීන් Tuesday, 22 March 2016 02:09 PM
ඉතා හොඳ වැඩක්. අගය කරමු (නි)
සමන් පෙරේරා සෞදි Tuesday, 22 March 2016 07:21 AM
ඉතාමත් පින් අතේ වැඩක්. (ර)
පියුමාල් Tuesday, 22 March 2016 03:56 PM
මෙවන් දසුන් දැකීමෙනුත් අපි ලබන්නේ මහත් වූ සතුටක් (නි)
අබරන් Tuesday, 22 March 2016 07:52 AM
කිව්වත් වගේ ඉතාම පින් අතේ වැඩක්... එත් අපේ අයියලාගෙන් බේරා ගන්න තමයි අමාරු. (ර)
ප්‍රසාද් Wednesday, 23 March 2016 05:49 AM
මම මීගමුවෙන්, මෙහෙ ඔය සත්තුන්ව යහමින් මස් කරනවා. එ්කටත් බෙහෙතක් දුන්නොත් තමා හොද. මොකද නැත්නම් මේගොල්ලන්ව බලන්න වෙන්නේ පින්තුර වලින් තමයි. (බ)
පියුමි Tuesday, 22 March 2016 08:30 AM
බොහොම පිං කටයුත්තක්. (ර)
යොහාන් Tuesday, 22 March 2016 10:09 PM
කොච්චර හොඳද? මේක ලොකු පිනක් (නි)
මිලින්ද Tuesday, 22 March 2016 09:41 AM
ලොකු පිනක් අද පෝය දවසේ. මමත් අසනීප වුන ඉබ්බෝ ගෙදර ගෙනිහිල්ල සුව කිරීමෙන් පසුව පරිසරයට මුදා හරිනවා.(හේ)
විජිත් Tuesday, 22 March 2016 10:03 AM
අන්න හොද වැඩක් කරලා තියෙනවා.(හේ)
සරත් Tuesday, 22 March 2016 10:46 AM
ඔන්න වැඩ පින් අතේ මුළු ලෝකයට ආදර්ශයක් (බ)
සෞදි සරත් Tuesday, 22 March 2016 10:47 AM
සිරගත කර ඉන්න සංඝයා වහන්සේලා නිදහස් කරනවා වගේ පිනක් මේකත් (බ)
කුමාර් (ගල්ෆ්) Tuesday, 22 March 2016 11:36 AM
දැන් මෙයාලට පීනන්න මතක නැතිවෙලාත් ඇති. (නි)
ලුම්බිණි Wednesday, 23 March 2016 02:34 AM
හොඳ දෙයක් මේ අය කරන්නේ. අගය කළයුතුයි. (නි)
දුමින්ද Thursday, 24 March 2016 05:43 AM
ගොඩක් උතුම් වැඩක් (නි)
ඉන්දු Wednesday, 23 March 2016 09:37 AM
මහත්වරුනේ ඔබලාට මගේ ප්‍රණාමය..!(අ)
ජයනායක Wednesday, 23 March 2016 03:23 AM
මේ ක්‍රියාවට දායක වූ හැමදෙනාටම නිරෝගී සුව අත්වේවා (බ)
නිශාර්ඩ් Wednesday, 23 March 2016 03:43 AM
කණගාටුවට කරුණක් තමයි කළ ගුණ නොදන්නා ධිවරයින් සහ මිනිසුන් පිරිසක් ඉන්නවා කැස්බැවුන් සහ ආපදාවකදී ධීවරයින්ගේ සහ අන් අයගේ හොඳ ගැලවුම් කරුවන් ලෙස කටයුතු කරන ඩොල්පින් මසුන් මරණ සහ එම මසුන්ගේ මස් විකුණන අසික්කිත මිනිසුන් සහ ඒවා අනුභව කරන පිරිසක් සිටීම ගැන. (බ)