IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ලෙඩා බලන්න මිනිත්තු 10 ක් නැත්නම් ලෙඩක්

පෞද්ගලික රෝහලකදී වෛද්‍යවරයෙකු විසින් රෝගියෙකු පරීක්ෂා කළ යුතු  අවම කාලය විනාඩි 10ක් විය යුතු බවට දැනුම් දී ඇති අතර රෝගීන් පරීක්ෂා කිරීමට ලබාගන්නා මුදල ද නියම කර ඇති බව සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය  පාලිත මහීපාල මහතා කීවේය.

එමරෝහල්වල රසායනාගාර පරීක්ෂණ කිහිපයක් සඳහා සාධාරණ මිලක් නියම කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැළසුම් කර ඇති බවත් ඒ අනුව සී.ටී ස්කෑන්,  එක්ස්-රේ  වැනි පරීක්ෂණ මීට ඇතුළත් වන බවෙ මහීපාල මහතා සඳහන් කළේය.

රෝහල් නියාමනය කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති අතර රසායනාගාර පරීක්ෂණ 33ක් සඳහා මේ වන විටත් සාධාරණ මිලක් නියම කර ඇති බව මහීපාල මහතා කියා සිටි‍යේය.

රෝහල් පරීක්ෂා කිරීම සඳහා ජ්‍යෙෂ්ට සහකාර ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විමර්ශන කමිටුවක් යෙදවීමට  නියමිත බව  ඔහු වැඩිදුරටත් කීවේය. රෝහල්හි රෝගී සත්කාරක සේවා නිවැරදි ආකාරයකට නියාමනය කර ගුණාත්මක සේවාවක් ඇති කිරීම මෙහි අරමුණ බව අධ්‍යක්ෂ ජනරාල් කීවේය.



අදහස් (0)

ලෙඩා බලන්න මිනිත්තු 10 ක් නැත්නම් ලෙඩක්

ජයන්ත Thursday, 07 April 2016 04:14 AM

මම ගියා නවලෝකයක තියෙන රෝහලකට. එන්න කිව්වේ 5.00 ට. සුප්‍රසිද්ද ස්නායු දොස්තර ආවේ 7.00 ට. මම ගත්තේ 9.30 ට. මම කාමරයට ඇතුළු වුනා. මෙන්න දෙබස් ...මොකද? ..හිසරදේ ඩොක්ටර් ...වමනේ යනවද? කලන්තේද? නෑ..ඩොක්.. ඩොක්...මේ බෙහෙත් අර පාමසියෙන් ගන්න ...මේ පරීක්ෂණ ටික මේ රෝහලෙන් කරගන්න ...එපමණි . ගාන 1500. තත්පර 13 ...ගියේ ..බෙහෙත්වලට 1700. පරීක්ෂණ වලට සීටී ස්කෑන් 14500.. මම ඒවා කළේ නෑ .. ගෙදර ආව ...පැනඩෝල් 2ක් බිව්වා ... නිදා ගත්තා ඊට පස්සේ මට හිසරදේ හැදුනේ නෑ .. දෙවියනේ හැදෙන්නත් එපා ..(බ)

:       0       0

සිල්වා බර්ලින් Wednesday, 06 April 2016 03:05 PM

මේ චැනෙල් දොස්තරලගෙන් අාදායම් බදුත් අය කරගන්න ඕනේ , මෙය නියම විධියට ක්‍රියාත්මක වෙනවද කියලත් බලන්න ඕනේ (බ)

:       0       0

සුනිල් Wednesday, 06 April 2016 03:31 PM

අනේ.... මේ විදිහටම, 1000 ක් 1500 විතර ළමයි එක හෝල් එකකට දාල කරන ටියුෂන් කෙරුවාවටත් වැට බඳින්න අධ්‍යාපන ඇමතිට හිතේවා...(බ)

:       0       0

කසුන් Thursday, 07 April 2016 05:23 PM

අපරාදේ පුද්ගලික රෝහලට ගියේ. ගෙදරදී පැනඩෝල් බීලා හිටියා නම් හරිනේ. සල්ලි නැත්නම් රජයේ රෝහල තියෙන්නේ. අනේ අනිච්චං! (නි)

:       0       0

සැමුවෙල් Wednesday, 06 April 2016 04:12 PM

සෞඛ්‍ය අමාත්‍යංශයට ජය වේවා! (නි)

:       0       0

සේන Wednesday, 06 April 2016 04:26 PM

මෙම නීතිය රජයේ රෝහල් වලට එන දුප්පත් රෝගීන්ට අකැපද? මෙතන අදහස් දාන අය නම් රජයේ රෝහල් වලට යන්නේ නැතුව ඇති. (නි)

:       0       0

ප්‍රශාන්ත Wednesday, 06 April 2016 05:13 PM

යහපාලනෙන් අපි බලපොරොතුවෙන්නේ මෙන්න මේවා තමයි (නි)

:       0       0

ලාල් Wednesday, 06 April 2016 05:20 PM

වැඩේ හොඳයි. ඒ වුණාට සමහර දොස්තරලා මුහුණ බලන්නේවත් නැහැ. කාමරේට යනකොටම තුණ්ඩුව ලියලා ඉවරයි. (නි)

:       0       0

රෝෂන් Wednesday, 06 April 2016 07:01 PM

ජයම්පත්ගේ අදහසට මමත් එකඟයි. මෙහි ප්‍රතිලාබ අත්වන්නේ රෝගීන්ට නොව පෞද්ගලික රෝහල් වලට හා වෛද්‍යවරුන්ටයි. ඉදිරියේදී වෛද්‍යවරු මෙම නීතිය රජයේ රෝහල් වලත් ක්‍රියාත්මක කරාවි. (නි)

:       0       0

තරුෂි Wednesday, 06 April 2016 08:17 PM

ඇත්ත තමයි චාමර. මෙතන අදහස් දා තිබෙන කරුණාපාලලා ඔය අනිත් අය වගේ හිතේ දෙකක් තියාගෙන වැඩකරන කෙනෙක් නොවෙයි වගේ තමයි. කියන දේ කෙළින්ම කියලා තියනවා. ඒ වුණාට චැනල් සෙන්ටර් එකේදී අපිට නම් ඒක මහා ලොකු ගානක් කියලා දැනෙන්නේ නැහැ. (නි)

:       0       0

අමිරා Wednesday, 06 April 2016 09:40 PM

මේ මුදලාලිලාගේ දක්ෂතාවය නිසා තමයි හැම රෝහලක් ළඟම මල් ශාලාවක් දාලා උපහාර දක්වා තියෙන්නේ. මොවුන්ගේ හොර අල්ලන්න නලාවේ සීසීටීවී කැමරා සවිකරලාවත් බැහැ. ඔය වකුගඩු ජාවාරමත් කරලා තියෙන්නෙත් ලයිසන් අරගෙන නීතිමය විදිහටනේ. ඔය මුදලාලිලාට මුහුණ දිහා බලලා සාක්කුවේ තිබෙන ගණන දැනගන්න විශේෂ පුහුණුවක් ලැබෙනවා (නි)

:       0       0

කෝනාර Wednesday, 06 April 2016 10:10 PM

ඉතාම හොඳයි. මෙහෙමවත් නොකළොත් මේ රට හදන්න බැහැ. රෝගීන් දැනුවත් කරන්න මෙහෙම නොකරන අයව සාක්ෂි සහිතව සමාජයට හඳුන්වාදීමට. දෙවිවරු වන් දොස්තරවරු ඇත. ඒවාගේම ඉතා අකරුණාවන්ත ලෙස රෝගීන්ට සළකන නමට දොස්තරවරුද ඇත. (නි)

:       0       0

ඉෂාන් Wednesday, 06 April 2016 11:52 AM

ඉතාම හොඳ වැඩක්. මේවා තමයි වෙන්න ඕනේ..(හේ)

:       0       0

රොහාන් Wednesday, 06 April 2016 11:52 AM

ලංකාවේ සේවාවල් නැත ගසා කෑම ඇත (හේ)

:       0       0

පෙරේරා Wednesday, 06 April 2016 11:54 AM

පරීක්ෂණ සඳහා නියම කරන ප්‍රමාණය මහජනතාවගේ දැනුවත් වීම සඳහා පුවත්පත් වල සඳහන් කරන්න.(හේ)

:       0       0

හේරත් බණ්ඩා Wednesday, 06 April 2016 12:08 PM

කරුණාකර ගාස්තුත් සටහන් කරන්න.(හේ)

:       0       0

ඉන්දු Wednesday, 06 April 2016 11:34 PM

හා... ඔය දොස්තර මහත්තුරුත් අදහස් දාලා තියෙන්නේ. (නි)

:       0       0

දහම් Wednesday, 06 April 2016 12:35 PM

ගාස්තු සටහනක් සියලු ජන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන්න.(හේ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Thursday, 07 April 2016 12:30 AM

මදැයි කළා.....! පැයකට ලෙඩ්ඩු 20ක් විතර උඩින් බලලා සාක්කුව පුරවාගත්ත අයට දැන් මොනවා වෙයිද? (නි)

:       0       0

චතුරි Wednesday, 06 April 2016 12:45 PM

විනාඩි 10 මොනවා කරන්නද . නලාව දමලා ලෑස්තිවෙන්න ඒ කාලේ ඉවරයි (හේ)

:       0       0

සමිත Wednesday, 06 April 2016 12:58 PM

ලෙඩ බලන්න මිනිත්තු 10 ඇතිද?(කෞ)

:       0       0

සමන් Wednesday, 06 April 2016 01:16 PM

රජයක් තීරණ ගත යුත්තේ 20,000 දොස්තරගා ගැන සිතා නෙවෙඉ 20000,000 ජනතාව ගැන සිතා. කිසිම රජයකට මේක කරන්න උවමනාවක් තිබුනේ නැහැ. දැන්වත් මෙය ක්‍රියාත්මක කරනවා නම් අසරණ ජනතවට ලොකු පිහිටක්. දොස්තර මාෆියාවට යට නොවී මෙය ක්‍රියාත්මක කරන්න ඔබලාට ධෛර්යය ලැබේවා.(හේ)

:       0       0

හේමන්ත Wednesday, 06 April 2016 01:27 PM

සියලු මිල සදහන් සටහනක් සියලු රෝහල්වල ප්‍රදර්ශනය කළ යුතුයි.(හේ)

:       0       0

නිමල් Thursday, 07 April 2016 01:49 AM

අර දානවා කියපු පරීක්‍ෂණ කමිටුව සාමාජිකයන්ගේ වාර්ෂික ආදායම හරියට හොයා බලන්න. නැත්තම් එයාලත් පුද්ගලික මෙඩිකල් සෙන්ටර්ස් දාගනියි ඉක්මනටම. (නි)

:       0       0

කරුණාපාල Wednesday, 06 April 2016 01:42 PM

ඔය බොරු සෝබන වැඩ නෙමේ කරන්න ඕනා. මොකද විනාඩි දහයට අඩුනම්, අපි දොස්තර මහත්තයට කියනවද තව විනාඩි කීපයක් තියනවා කියලා. මට ඒ විනාඩි කීපය මෙතන රැඳෙන්න ඕනා කියලා.. ඕවට තමයි කියන්නේ ගොන් පාට් කියලා. ඔය චැනල් සෙන්ටර් වල අයකරන ගාන වැඩියි කියල බලධාරීන්ට ගානක් නැතිව ඇති ?(හේ)

:       0       0

බුද්ධික Wednesday, 06 April 2016 01:59 PM

මේවා කියනවා වගේ කරනවා නම් හොඳ,,,අද කියනවා හෙට මතක නෑ (බ)

:       0       0

ජයම්පත් Wednesday, 06 April 2016 01:59 PM

මේ ප්‍රවෘත්තිය ගැන කොමෙන්ට් කරන අයට හිතන්න තවත් දෙයක් මේ කියන්නේ. මේ නීතියට අනුව පැයකට බලන්න වෙන්නේ රෝගීන් 06. කොහොමද මේ ක්‍රමය ඉදිරියේදී රජයේ රෝහල් වලට ආවොත්. දැනටමත් සායනවලදී පැයකට රෝගීන් 50-75ක් බලනවා. හිතන්න ඉදිරියේදී මොනවා වෙයිද කියල. මෙතන වැඩි දෙනෙක් අදහස් පළකරන්නේ ද්වේශයෙන්. මට බැනලා කොමෙන්ට් නොකර හිතන්න.(බ)

:       0       0

චාමර Wednesday, 06 April 2016 02:09 PM

කරුණාපාල කියන්න ඕන එක එකෙන්ම කියල (බ)

:       0       0

රොකී Thursday, 07 April 2016 02:32 AM

විනාඩි දහයක් ලෙඩෙක් බැලීම සඳහා ගත කළයුතුයි කියා යෝජනා කිරීමෙන් ඊටවඩා කාලය ගත කළයුතු ලෙඩෙක් ආවොත් "මම බලන්නේ විනාඩි දහයයි , යනවා යන්න" කියලා ලෙඩාව එළවලා දාන්නත්, ඉක්මනට බලලා ඉවර කරන්න පුළුවන් ලෙඩෙක් ආවොත් "ඔහොම තව ටිකක් ඉන්න, අපි මොනවාහරි තව අනං මනං ටිකක් කතා කරමු, වෙලාව තියනවනේ" කියලා ලෙඩාව නතර කරගන්නත් දොස්තර මහත්තයට පුළුවන්නේ (නි)

:       0       0

ආනන්ද Wednesday, 06 April 2016 02:16 PM

මේවා සියල්ල විනිවිද භාවයකින් යුතුව කෙරෙනවානම් අපටත් හිතෙන්න ගනියි අපේ රට යහපත් පැත්තකට ගමන් කරනවා කියල. (බ)

:       0       0

අබේරත්න Wednesday, 06 April 2016 02:24 PM

රාජිත මහතාට අපේ උත්ටමචාරය (හේ)

:       0       0

දිල් Thursday, 07 April 2016 03:28 AM

මේක කියලා තියෙන විධියටම ක්‍රියාත්මක කරනවා නම් තමා හොද (ම)

:       0       0

ඇසළ Wednesday, 06 April 2016 02:36 PM

දතක් ගලවන්න කොච්චර වෙලාවක් වෙන් කරලා තියනවද ? ගාන කීයද ? (බ)

:       0       0

මිහිල් Wednesday, 06 April 2016 02:39 PM

ලංකාවේ රජයේ රොහලක වෙද්‍යවරයකුගේ වැටුප රු ලක්ෂයක් පමණ වෙනවා සාමාන්‍ය පුරවැසියකු වශයෙන් ජිවත්වෙන්ට මෙම වැටුප මදිද බොහෝ වෛද්‍යවරු උදේ පහට පමන නිවසින් විටවෙනවා 6 සිට 8 දක්වා චැනල් කරනවා ඉට පසු රෑකියාවට යනවා 4 පසු චැනල් සේවේ රැ 8 විතර වනතුරු එතන ඉන්නවා උදේට යනකොටත් ළමයි නිදි සවස එනකොටත් නිදි (බ)

:       0       0

අසංක Wednesday, 06 April 2016 02:52 PM

වැඩේ හොඳයි (හේ)

:       0       0

බණ්ඩාර කුවේට් Thursday, 07 April 2016 04:06 AM

ඉතාම හොඳ වැඩක් හිසේරදයට බෙහෙත් ගන්න ගියොත් ආයේ බ්ලඩ් ප්‍රෙෂර් හදාගෙන ගෙදර එන්නේ මේ මිල අහපුවාම (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 648 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 306 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 688 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2496 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 494 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 201 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38098 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site