IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ලුතිනන් යෝෂිතගේ වැඩ තහනම්

මූල්‍ය අපරාධ අංශයේ ඉල්ලීමක් අනූව ආරක්ෂක අමාත්‍යංශයේ නියෝගයක් පරිදි ලුතිනන් යෝෂිත රාජපක්ෂගේ වැඩ 2016 පෙබරවාරි 28 වැනිදා සිට තහනම් කළ බව නාවික හමුදාව කියයි.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය දැනට පවත්වාගෙන යන පරීක්ෂණ ස්වාධීනව කරගෙන යාම පහසු කරවීම සඳහා මෙම පියවර ගෙන ඇත. ඔහුට එරෙහිව අධිකරණයේ දී චොදනා ගෙනු කිරීමට නියමිතය.

නාවික හමුදාවෙන් ලැබෙන වැටුප් වහා දීමනා වහාම නතර කැරේ.

අංක 1010/1 අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් 1998 ජනවාරි 13වැනිදා සංශෝදනය කළ 1982 නාවික වැටුප් ව්‍යවස්ථා මාලාව  අනූව මෙම පියවර ගැනේ. නාවික හමුදා මූලස්ථානයේ අවසරයක් නොමැතිව ඔහුට කිසිම නාවාක හමුදා භූමියකට ඇතුළු වීමට නොහැකි බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අක්‍රම් අලවි කියයි.



අදහස් (0)

ලුතිනන් යෝෂිතගේ වැඩ තහනම්

බුද්ධික Monday, 29 February 2016 08:22 AM

යෝෂිත යුධ පිටියට ගියා කියන මිනිස්සු යුද්ධය ගැන අහලාවත් තියෙනවද. ? (ර)

:       0       0

උපාලි Monday, 29 February 2016 08:15 AM

අපිත් රජයේ සේවයේ ඉන්දැද්දී ඕන තරම් දැකලා තියෙනවා සුදුසුකම් නැතුව රජයේ සේවයට බැඳිලා ඉඳලා අහුවුනාම එලියට දාපු අය. මේක අහුවුනාම කෑ ගහනවා මෙන්න පළි ගන්නවෝ කියලා. (ර)

:       0       0

සරත් සෞදි Monday, 29 February 2016 08:29 AM

සරණ පාල මහත්තයෝ ඇත්තටම කණගාටු හිතෙනවා ඔබතුමා ගැන. (ර)

:       0       0

මෝහම්මෙඩ් Monday, 29 February 2016 08:38 AM

සරත් ඔබ හරියට හරි ඒකයි ඇත්ත. (ර)

:       0       0

ලංකා Monday, 29 February 2016 08:46 AM

අපේ රටේ මිනිස්සු හිතන විදිය වෙනස් වෙන තුරු මේ රට හඳන්න බැහැ .වැරදි කරන මිනුස්සු රකින්නම තමයි කතාව(කෞ)

:       0       0

අර්ජුන් Monday, 29 February 2016 08:48 AM

අනේ සරත් අනිත් ළමයාව ඇතුලට දාද්දි ඔයාගේ ජීවිතේට අනතුරක් කරගන්ඩ එහෙම එපා (කෞ)

:       0       0

මිලානෝ Monday, 29 February 2016 09:11 AM

රගර් දින්නෙත් මේගොල්ලෝ, කාර් රේස් දින්නෙත් මේ ගොල්ලෝ හොඳ වෙලාවට ක්‍රිකට් බැහැ. (ම)

:       0       0

පිරිස් ඉතාලි Monday, 29 February 2016 02:35 PM

කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි. රටක නීතියක් තියනවානේ (නි)

:       0       0

සහන් Monday, 29 February 2016 09:23 AM

දැන් වත් නීතිය ක්‍රියාත්මක වනු දැකීම ගැන මට නම් හරිම සතුටුයි. (ර)

:       0       0

පාලිත Monday, 29 February 2016 09:47 AM

මධු! අපි යෝෂිත හා මහින්ද යන මහත්වරු සමග කිසි අමනාපයක් නෑ. එත් යුධ පිටියට යාම හා යුධ හමුදාවට බැඳීම අර්ථ දෙකක්. (කෞ)

:       0       0

mohan Monday, 29 February 2016 05:58 AM

දුක සැප කැරකෙනවා, රිය සක ලෙස ලෝකේ, ජනරාල්ට තනතුරු හිමිවන විට යෝශිතට අහිමි වෙනවා. (ම)

:       0       0

කුමාර් මෙන්ඩිස් Monday, 29 February 2016 09:42 AM

අයි මහින්ද රාජපක්ෂ සේරම වැඩ කරලා නෙමේද ගියේ .දහයක් ඉඳලත් බය වෙන්න එපා මේ ආණ්ඩුව පුළුවන් විදිහට කරයි අනික්වා හොදේ. සේරටම කලින් හොරු අල්ලලා සල්ලි ආපහු අරගෙන එහෙම හොදේ... (ර)

:       0       0

මධූ Monday, 29 February 2016 06:04 AM

යෝසිත රට වෙනුවෙන් යුද පිටියට ගිය ජාතික වීරයෙක් මෙයාට මෙහෙම කරන එක කොහෙත්ම අනුමත කරන්න බැහැ.(ම)

:       0       0

සරත් සෞදි Monday, 29 February 2016 06:26 AM

පළිගැනීම්වල අවසානය කවදා වේද? නව රජයේ වැඩ මේවා විතරද (බ)

:       0       0

චමිල Monday, 29 February 2016 06:36 AM

හිනෙන්ද දන්නේ නැහැ එය යුද්දෙට ගියේ ? අපි දැක්කනේ බොරු පුහුණුවීම් වලට වෙන වෙන රටවල් වලට වෙලා හිටිය හැටි යුද්දේ ඉවර වෙනකම් ම (බ)

:       0       0

අමාලි Monday, 29 February 2016 06:45 AM

කවුරු කෙසේ කීවත් මේවා නම් අනුමත කරන්න බෑ (අ)

:       0       0

ඉමේෂ් Monday, 29 February 2016 06:48 AM

රට බේරාගත්තු රණවිරුවන්ගෙන් මෙන්න පලිගන්නවෝ. අධිරාජ්‍ය වාධින්ගේ කුමන්ත්‍රණ මේවා.(අ)

:       0       0

සරණපාල Monday, 29 February 2016 06:49 AM

මේ සරත් මහත්මයෝ මෝඩ කතා කියන්න එපා මේක පලි ගැනීමක් නෙවෙයි වංචා දුෂණ බලය පාවිච්චි කිරීම ගැන ප්‍රශ්නයක් (අ)

:       0       0

ජයා Monday, 29 February 2016 10:17 AM

හොදට හොයල බලන්න ලංකාවේ යුද පිටියකද වෙන රටක යුද පිටියකටද සටනට ගියේ කියල. ලංකාවේ නාවික හමුදා නිලධාරින්ගෙන් හා ආරක්ෂක අමාත්‍යංශයෙන් වැඩි විස්තර දැන ගැනීමට පුළුවන්. (බ)

:       0       0

ජානක Monday, 29 February 2016 06:51 AM

ජාතික වීරයෙක් මෙයා යුද පිටියට ගිය (අ)

:       0       0

නුවන් Monday, 29 February 2016 10:30 AM

කොහොම කිවිවත් මෙයා යුද හමුදාවට බැදුනෙ කිසි කෙනෙක් බැදෙන්නවත් නොහිතන මොහොතක ඒක අනිත් අයත් බැදෙන්න උනන්දු විමට හේතුවුනා නිසැකයි. මහින්දත් බලාපොරොත්තු වෙන්න ඇත්තෙ ඒකයි එය අගය කළ යුතුයි (බ)

:       0       0

සරත් Monday, 29 February 2016 06:57 AM

දරුවන් ගෙන් පලි ගැනීම නව මගකට ගත් ක්‍රියා දාමයක් (අ)

:       0       0

අනුර Monday, 29 February 2016 06:59 AM

සරත් , නව රජයේ වැඩ සෞදියට පෙන්නේ නැහැ . ලංකාවට ඇවිල්ල බලන්න. (අ)

:       0       0

නන්ද Monday, 29 February 2016 04:07 PM

අනේ ඇත්තට මොනාද මෙය කරපු වැඩ? කාටද මේ "වැඩ" කළේ? රටටද, නැත්නම් තමන්ටද? ප්‍රශ්න ගොඩක් තිබුනට උත්තර නම් බොහොම අඩුයි.....(බ)

:       0       0

චතු Monday, 29 February 2016 07:11 AM

මේ රජය මේ වසරේදීවත් වැඩක් කරන පාටක් නැහැ වගේ.(අ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 29 February 2016 07:14 AM

මධූ, මෙයා යුද්ධ කාලේ ලංකාවේ නොවෙයි, පිටරටවල පුහුණු කඳවුරු වල. (අ)

:       0       0

සරත් Monday, 29 February 2016 07:22 AM

අනික් හිටපු නායකයන්ගේ දරුවෝ පිට රට සැප විදිනවා රට නිදහස් කර දුන් ඔබ තුමාගේ දරුවෝ හිරබත් කනවා (අ)

:       0       0

නිශාදි Monday, 29 February 2016 07:15 AM

මධු, යෝෂිත රට වෙනුවෙන් ඉදිරියට ගිය එක යුද පිටියක් කියන්නකෝ අපිත් ආසයි දැනගන්න. මෙහෙම යුද්ද කරන්න කාටද බැරි. (අ)

:       0       0

නලින් Monday, 29 February 2016 07:25 AM

අයියෝ සල්ලි .(අ)

:       0       0

නිමලරත්න Monday, 29 February 2016 07:28 AM

යුද්දයට ගිය හැටි දන්නෝ දනිති (ම)

:       0       0

දම්මික කරුනාරත්න Monday, 29 February 2016 11:17 AM

සරණපාල මම එකගයි ඔයා එක්ක. මදූ මොනවද මේ කියන්නේ... (ර)

:       0       0

රෝහිත Monday, 29 February 2016 11:22 AM

ඉමේෂ්- අධිරාජ්‍ය වාධින්ගේ කුමන්ත්‍රණ කතා අපිටනම් දැන් අහල එපා වෙලා. ඔයේ තැටිය දැන් අවූරුදු 100 විතර ඉදල අපේ කට්ටිය පට්ට ගහනවා. එක නිසා දැන් අලුත් කුමන්ත්‍රණනයක් ගැන කියන්න. (ර)

:       0       0

ප්‍රිය ප්‍රන්සය Monday, 29 February 2016 11:57 AM

වැඩ තහනම් කරන්න වැඩකරන්න ඕනනේ, යුධ විරුවෙකු වෙන්න යුද්ධ කරන්න ඕනේ. ඔය සරල දේ තේරුම් ගන්න පොඩියටවත් මොලයක් තියෙන්න ඕනේ. (ර)

:       0       0

පෙරේරා Monday, 29 February 2016 07:26 AM

මේ අය හිතුවේ මුළු රටත් ,රටේ කෙල්ලෝ ටිකත් මෙයාලට අයිති කියලා.මේ විදියට අසීරුයි. (ම)

:       0       0

අප්පුහාමි Monday, 29 February 2016 07:32 AM

කාලයක් විමර්ශනය කරද්දී කියනවා හොරු අල්ලන්නේ නැහැ කියලා. ඇල්ලුවහම කියනවා පළිගන්නවා කියලා. (ර)

:       0       0

අනිල් Monday, 29 February 2016 07:40 AM

සරත්ගේ කතාව හරියටම හරි . (ර)

:       0       0

චතුරි Monday, 29 February 2016 12:24 PM

මෙතන අදහස් ලියන සමහර අය රටට නේමෙයි ආදරය කරන්නේ යෝශිතට සහ පවූලේ අයට. මේ වගේ කට්ටිය රටේ වගකීමක් ඇති තැන්වල. වැඩකෙරුවානම් අපේ රටට යන කල හිතා ගන්න පුළුවන්. (ර)

:       0       0

මොහොට්ටි Monday, 29 February 2016 07:32 AM

මෙම රජය කිසිදු වැඩක් නොකර සිටිනවා කියන උදවිය මෙම රජය නොකර ඇත්තේ මොනවද කියා කියන්න.(

:       0       0

විජේ Monday, 29 February 2016 07:41 AM

මේ වගේ දේවල් ඉදිරියේදී නොවෙන්න මේ වගේ දේවල් වෙන්න ඕන, නැත්නම්, ඔය දෙශපලකයන් දෙගොල්ලෝ එකතුවෙලා ඒ ඒ කට්ටිය බෙර ගන්නවා, අපට බොරුවට එයාල විරුද්ද බව පෙන්නලා, කවුරු වුණත් මේ වගේ දේවල් ඉදිරියේදී නොවෙන්න ඕන. අනිත් කට්ටිය ආපුවම මෙයාලට දෙන්නන ඕන වැරදි කරල නම් (අ)

:       0       0

හෆීල් Monday, 29 February 2016 07:54 AM

සැබෑ වීරයාගේ තනතුරු, විශ්‍රාම වැටුප් අහිමිකළ දේවල් දැන් මතක්වෙනවා ඇති. (නි)

:       0       0

රුක්ෂාන් Monday, 29 February 2016 12:30 PM

වැඩ තහනම් කරලා මදි. විදෙස් පුහුණුවීම් සඳහා වියදම්.... (ර)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Monday, 29 February 2016 12:37 PM

මේ පුතාලගේ දඩබ්බර කටයුතු නිසා , අපේ හිටපු ජානාධිපති උතුමාට තියෙන කරදරයක් , පියෙක් හැටියට කොහොම ඉවසන් ඉන්නවද මන්දා ? (ර)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Monday, 29 February 2016 07:45 PM

ඒක කරන්න කලින් තව දේවල් ගොඩක් කරන්න තිබුණා. ඒවායින් ටිකක් නම්, ලුතිනන් පදවිය තරම් උසස් තනතුරකට එන්න මේ පුද්ගලයාට තිබුණ ප්‍රාථමික සුදුසුකම් මොනවද, නාවික හමුදාවේ සමත්වුණ විභාග, පරීක්ෂණ මොනවද, අප්පච්චිගෙන් සහ එයාගේ සගයින්ගෙන් ලැබුන "තල්ලු" මොනවාද කියලත් බලන එක (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 0 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 227 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 232 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 92 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1339 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1593 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site