IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ලොතරැයි දිනුම නවත්වයි

රුපියල් දස ලක්ෂයක ලොතරැයි දිනුමකට බිරිය හා සැමියා අයිතිවාසිකම් කියන නිසා අයිතිය තහවුරු කරනතුරු දිනුම අත්හිටුවා ඇත.

බිරියත්, සැමියාත් තම අයිතිවාසිකම් කියමින් ගම්පොල පොලිසියට පැමිණිලි ද කර ඇත.

පුතාගේ අකුරු කියවන නැකත අනුව ටිකට්පත ගත් බව බිරිය කියන්නීය.

තමා මිලට ගත් ටිකට්පත බිරිය විසින් ලොතරැයි මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි සැමියා කියයි.

 

 

 



අදහස් (0)

ලොතරැයි දිනුම නවත්වයි

විජේසිංහ Tuesday, 25 June 2013 01:58 PM

අය්යෝ ඉතින් කාට ලැබුනම මොකද, එකම සක්කුවටම නේද? (ත)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 25 June 2013 01:59 PM

ළමයගෙ අනාගතේට දෙවියන්ගෙම පිහිටයි මේ වගේ දෙමාපියො හින්ද (ත)

:       0       0

ධම්ම Tuesday, 25 June 2013 02:01 PM

දෙන්නට කුද ගහගන්න කියල ලොතරැයි දිනුම රාජසන්තක කරන්න තියෙන්නේ. (ත)

:       0       0

ඩිල්ශාන් මොහොමඩ් Tuesday, 25 June 2013 02:02 PM

තන්හාව (ත)

:       0       0

දම් Tuesday, 25 June 2013 06:25 PM

රෑට හොරෙන් ඇඳ යටින් ගෙනත් තියන්න. (නි)

:       0       0

ජෝන් Tuesday, 25 June 2013 02:03 PM

කාන්තාවන්ට මුල් තැන දෙනන් එපා. සල්ලි වගේ ද පවුල් ජීවිතේ. (ත)

:       0       0

සම්පත් Tuesday, 25 June 2013 02:06 PM

ගම්පොල දැන් වැඩියෙන් ඉන්නේ සේනාවට විරුද්ධ කට්ටිය නේද?(නදී)

:       0       0

ශාන් සෞදි Tuesday, 25 June 2013 02:06 PM

මේ ගෙදර ජීවත් වෙන්නේ ගෙවල් දෙකක අඹුසැමියෝ දෙන්නෙක්ද දන්නේ නැහැ. මොකද නැත්නම් කාට ලැබුනත් එක ගෙදරටනේ ළමයා තවකාගේවත්ද දන්නෙත් නැහැ. පොලිසියට තිබුනේ මෙයාලට ගහලා එලවන්නයි.(නදී)

:       0       0

පිටබෙද්දර ජයා Tuesday, 25 June 2013 06:37 PM

ඕකනේ කියන්නේ සල්ලි දැක්කහම මළ මිනිත් දිව දික්කරනවා කියලා (නි)

:       0       0

සුජානි Tuesday, 25 June 2013 02:11 PM

ඔන්න බලාගන්න ආදර වන්ත අඹු සැමියන්, අද කාලේ කොතනද ආදරය තියෙන්නේ සල්ලි පමණයි මනුස්සකම වල් වැදිලා රටකට ගියකලක් මේ එකක් නොවේ වෙඩි දෙනෙක් මෙහෙම තමා.(නදී)

:       0       0

සාරධා Tuesday, 25 June 2013 02:13 PM

ලක්ෂ 10 බෙදාගන්න බැරි මිනිස්සු කොහොම එකට ජීවිතේ බෙදගත්තද මන්දා? දැන ඉතින් විවාහයත් මෙතැනින්ම ඉවර වෙයි. පස්සේ මිනිහත් මරා ගනීද දන්නේ නැහැ.(නදී)

:       0       0

චන්දි Wednesday, 26 June 2013 02:05 AM

මන් දන්නා දෙයක් කියන්නම්...පව්ල රට ගිහින් සැමියාට සල්ලි එවලා ඉඩමක් ගන්න.මේ මනුස්සය ෂෝක් එකට එයාගේම නමට (සැමියාගේ) ඉඩමක් අරන් හෙන කදු ගැටයක්. ඉතින් මේ කාන්තාව ලංකාවට ඇවිත් ගේ හදන්න හිතාගෙන .ඇවිත් බලන කොට කන්ද නිසා එපාවෙලා .සැමියාට කිවුවලු මේ ඉඩම විකුණලා මට සල්ලි දෙන්න කියලා. නැවත රට ගිහින් කෝල් කරලා අහලා තියෙනවා ඉඩම විකුණුවද කියලා. කොහොමහරි අවරුදු 3ක් 4ක් ගිහින් ඉඩම විකුණා සල්ලි බාගයක් බිරිදගේ පොතට දාලා.ඇය ඇහුවලු ඒ මොකද එහෙම බාගයක් දුන්නේ කියලා. ඔය ඉඩම ගන්න දුන්නේ එච්චරයිනේ කිව්වලු. ඉතින් ඇගේ පොතේ ඒ සල්ලි ටික තිබුනා නම් කියක් පොලිය වෙනවද? පුදුමේ කියන්නේ අනෙක් සල්ලි බාගෙට කරපු දෙයක් නැති එකයි. ඉතින් මේවා මොනවද ? (නි)

:       0       0

කමල් Tuesday, 25 June 2013 02:19 PM

බලන්නකෝ ඒකෙත් හැටි දරුවට අකුරු කියවන වෙලාවටම ස්වීප් වෙලෙන්දෙකුත් ඇවිත්නේ. කලින් එන්න කියල තිබුනද?(නදී)

:       0       0

අමාලි සිල්වා Tuesday, 25 June 2013 02:25 PM

මේ දෙදෙනා සැමියා සහ බිරිඳ නිසා දෙන්නටම එක බැංකු ගිණුමක් සදා එයට මුදල් දාන්න .. නැතිනම් රණ්ඩුව ඉවර වෙන්න දෙදෙනාටම බාගේ බාගේ බෙදල දෙන්න . පුදුම රටක් සැමියා සහ බිරිඳ මුදල් වලට වලි කන විදිය දැක්කම. (ත)

:       0       0

රෝසා Tuesday, 25 June 2013 07:34 PM

දැන් කවුද ගම්පොල ? කවුද රයිගම ? (නි)

:       0       0

රුවිනි Wednesday, 26 June 2013 04:51 AM

අනේ ඔය දෙන්නා දරුවාගේ නාමයෙන් ඔය මුදල සමගියෙන් බෙදාගන්න. ඔය මුදල පොඩි දරුවාගේ වාසනාවට ලැබුන එකක්. එනිසා ඒ දරුවාගේ අධ්‍යාපනය සදහා ගිනුමකට බැර කරන්න. ඔයාලා ඔය හිටිය විදියටම ඉන්න. ලොතැරැයියක් නොඇදුන ගානට.(නදී)

:       0       0

කුමාරි Tuesday, 25 June 2013 02:33 PM

දැන් ලක්ෂ දහය නිසා මේ දෙන්නගේ ඇස් අන්ධ වෙලා තියෙන්නේ (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 25 June 2013 02:40 PM

සල්ලි වටිනවා අද මිනිස්සුන්ට හැමදේටම වඩා. එනිසා තමයි අන්තවාදී සමහර සංවිධාන බිහිවෙලා තියෙන්නේ. (ත)

:       0       0

වරුන Tuesday, 25 June 2013 02:47 PM

දැන් පොලිසියේ ලොකු මහත්තුරු ටික මේ නෝනට උදව් කරන්න සූදානම් වේවි. (ත)

:       0       0

නන්දන Tuesday, 25 June 2013 02:56 PM

හැමදේකටම ඇමරිකන් කුමන්ත්‍රණ කියන අය කෝ. (ත)

:       0       0

දයා අළහකෝන් Tuesday, 25 June 2013 02:58 PM

දරුවාගේ ගිණුමට 5000ක් තැන්පත් කරලා 2500 ගානේ මේ දෙන්නට බෙදලා දෙමුද? (නි)

:       0       0

අමිල් Tuesday, 25 June 2013 03:09 PM

මාටින් කිව්වා වගේ තුනට බෙදලා දෙද්දී රුපියලක් ඉතුරුවෙයි. ඒක මට එවන්න කියන්න. (නි)

:       0       0

අප්පුහාමි Tuesday, 25 June 2013 03:18 PM

මේ තොරතුරු අනුව නම් ලොතරැයි බෝර්ඩ් එක බිරිදගේ හිමිකම තහවුරු කර ලදු පතක් නිකුත් කර තිබේ නම් ස්වාමි පුරුෂයාට ඉතින් අතින් කෑම සහ පයිප්පයෙන් වතුර තමා. (නි)

:       0       0

සරත් Tuesday, 25 June 2013 03:21 PM

අපිට හරියටම මේ දෙන්නා ගැන තොරතුරු දන්නේ නැතුව නිගමනවලට එන්න බැහැ. උදාහරණයක් වශයෙන් ස්වාමියා වුනත් අධික සුරාවට ( කසිප්පු ) සහ සුදුවට යොමු වුන ස්වාමියෙක් නම් බිරිද කැමති වෙන්නේ නැහැ ඒ මුදල අපරාදේ විනාශ කරනවට (නි)

:       0       0

කරු Tuesday, 25 June 2013 03:21 PM

පොලිස් ස්ථානාධිපතිට තිබුන කරුණු පහද දීමෙන් මෙය නිරාකරණය කරන්න. එයයි පොලිසියේ කාර්ය භාරය. මේ දෙමව්පියන් ඉගෙනීමක් නැති අයද කොහෙද? නැත්නම් මෙහෙම දේවල් වෙන්නේ නැහැ. ධර්මය නොදැනීම තමයි හේතුව. (ත)

:       0       0

සඳරුවන් Tuesday, 25 June 2013 03:28 PM

මේක විවාහයක් නෙමෙයි මුදලට තරඟ පාවාදීමක් ? (ත)

:       0       0

ලාරා Tuesday, 25 June 2013 03:29 PM

සැකේ වාසිය පිතිකරුවාට !(ත)

:       0       0

අනුර Tuesday, 25 June 2013 03:30 PM

දරුවාගේ අනාගතය ගැන හිතලා දෙමවුපියෝ වැඩ කරන්න ඕනෑනේ. දෙවියෝ දුන්න වාසනාව ගැන හිතලා බලන්න තිබුණා (නි)

:       0       0

කිරිහාමි Tuesday, 25 June 2013 03:43 PM

විජේසිංහ කියන විදිහට තමෙල්නාඩුව සුරපුරයක් වෙන්න ඕන ,..... අනේ මෙහෙමත් මිනිස්සු...(ත)

:       0       0

ධනුෂ්ක Wednesday, 26 June 2013 09:07 AM

මේ දරුවත් මේ දෙන්නගේද කියලා දැන්නම් මට සැකයි (නි)

:       0       0

සුමේද Tuesday, 25 June 2013 12:57 PM

මෙයාලට දෙවියන්ගේ පිහිටයි. (ත)

:       0       0

මිනිපේ Tuesday, 25 June 2013 10:04 PM

මේ වලිය සල්ලි හින්දම නොවේ. මේ විවාහය කොට උඩ ගිය එකක් වගේ මට නම පේන්නේ.(නදී)

:       0       0

ආනන්ද Tuesday, 25 June 2013 10:22 PM

ලක්ෂ දහයට මෙච්චර නම් ලක්ෂ විස්සකට කොච්චරද. (නි)

:       0       0

මාටින් Tuesday, 25 June 2013 01:04 PM

..ඔන්න ලංකාවේ පවුල් සංස්ථාව, තුනට බෙදල තාත්තටයි, අම්මටයි, පුතාටයි දුන්නනම් ඉවරයි.....නැත්නම් ඕක ඇදුන වගේ නෙවෙයි පවුල කඩා ඉහිරෙන්න ඉඩ තියෙනවා මේ කෙහෙල්මල් ලොතරැයියක් හින්ද (ත)

:       0       0

සරත් Tuesday, 25 June 2013 01:06 PM

දරුව දෙන්නගේම නිසා. දරුවට දෙන්න. මේ දෙන්න ‍දිග කන්නේ කොහොමද මන්ද. කොහොම හරි වාසනාව අවාසනාව වෙලා වගේ.(ත)

:       0       0

සමන් පෙරේරා (සෞදි) Tuesday, 25 June 2013 01:07 PM

මෙහෙමත් මිනිස්සු. බිරිදට ලැබුනම මොකෝ සැමියාට ලැබුනම මොකෝ? දෙන්නට ලක්ස පහ බැගින් දුන්නනම් ඔක්කොම සල්ලි එක ගෙදරට (ත)

:       0       0

ඉන්දික, කේ එස් ඒ Tuesday, 25 June 2013 01:09 PM

පෙනෙන විදියට මේ දෙන්නා අඹුසැමියෝ වෙන්න බැහැ. අපිටනං කාට අදුනත් අපේ කියලා හිතන්න පුළුවන්..(ත)

:       0       0

නිලූ Tuesday, 25 June 2013 01:11 PM

රත්තරන් මැණික් මුතු මොකටද ඒවා.. හිස් අතින් සිනා සිසි පැමිණේවා....එද්දී ස්වීප් එකක් ගෙනේවා.. (ත)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 25 June 2013 01:19 PM

එදා වෙලා පිරිමහගෙන දුක,සැප බෙදාගෙන නිතරම දරුවන්ගේ අනාගතය ගැන කතාකරමින් ,සතුටින් ජීවත් වූ පවුලක් ,හදිසි වාසියක් ලැබුණු අවස්ථාවක ,දෙදෙනාම සතුවීමට වඩා , පුදුමේ කියන්නේ වෙනස් උන වෙනස්විල්ල .තණ්හාය ... ජායතී... ශෝකෝ! (ත)

:       0       0

වසන්ත අබේසිංහ නුවර Tuesday, 25 June 2013 01:21 PM

දෙයියෝ සාක්කි. (ත)

:       0       0

සංජීව Tuesday, 25 June 2013 01:24 PM

ලක්ෂ දහයකින් දැන් කාලේ මොනවා කරන්නද ? අවරුදු ගණනක් කරගෙන හිටපු කසාදෙ ලක්ෂ දහයකට නැති කර ගන්නේ මොන මෝඩයද.... අනේ කාලේ වනේ වාසේ කිව්වලු (ත)

:       0       0

රොෂාන් Wednesday, 26 June 2013 10:05 AM

මෝඩ මිනිස්සු. දෙන්නම භාගෙට භාගේ බෙදාගත්තා නම් හරිනේ (නි)

:       0       0

තිළිණි Tuesday, 25 June 2013 01:35 PM

මෙහෙමත් මෝඩයො දෙන්නෙක් (නි)

:       0       0

රංග ශනි Tuesday, 25 June 2013 01:36 PM

මෝඩ කමට බේත් නැ කියන්නේ බොරුවට කට කහනවට නෙමේ (ත)

:       0       0

වරුණ Tuesday, 25 June 2013 01:39 PM

දෙන්නට ලක්ස 5 ගැනේ දීල ඩිවෝස් වෙන්න කියමු එතකොට අවුල විසදේවි? (ත)

:       0       0

රන්ජනී ලන්ඩන් Tuesday, 25 June 2013 11:34 PM

ඔහොම එකක් එංගලන්තේ වුනා.විශාල මුදලක් ඉන්දියන්කාරයෙකුට ඇදුනේ. අන්තිමට දික්කසාදෙන් තමා අවසන් වුනේ.මේකත් එහෙම වුනොත් පව් දරුවට. (නි)

:       0       0

පෙරේරා Tuesday, 25 June 2013 11:35 PM

ලක්ෂ 10 කට මෙහෙම නම්, ඊට වැඩි ගානක් දිනුවොත් මෙයාලා මොනවා කර ගනීද? (නි)

:       0       0

ආනන්ද Tuesday, 25 June 2013 11:36 PM

අනේ ඕකට මොකට රන්ඩු වෙනවද? හෙටත් නැකතක් බලලා ලොතරැයි ගන්නකෝ. (නි)

:       0       0

සම්පත් ප්‍රියංකර Wednesday, 26 June 2013 10:31 AM

මෝඩකම සහ අතට ලැබිච්ච දේ කටේ දාගන්න බැරි අවාසනාව. ඔය සල්ලි ළමයාගේ ගිණුමකට දාලා දෙන්නට උඩ බලන් ඉන්න කියන්න.(නදී)

:       0       0

අතුල - මාලදිවයින Tuesday, 25 June 2013 01:46 PM

මට හිතෙන විදියට නම් මේ දෙන්නා අතර නියම බැඳීමක් තිබිල නැහැ. නිකම් නමට පොතේ කුරුටුගාලා තියෙන විවාහයක්. 'ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ' (ත)

:       0       0

විජේසිංහ Tuesday, 25 June 2013 01:47 PM

ලොතරය් යනු එක්තරා ආකාරයකට සූදුවකි. සුරාවෙන් සූදුවෙන් සමාජය පිරිහීම පුදුමයක් නොවේ. තමිල් නාඩු රජයෙන් ලොතරයි තහනම් කර ඇත . නමුත් මේ රටේ එහෙම නැත. අපි කෑ ගහන්නේ ගවයන් වෙනුවෙන් මිස මිනිසුන් වෙනුවෙන් නොවේ. (ත)

:       0       0

ජගත් Tuesday, 25 June 2013 01:47 PM

තන්හාය ජායතී සෝකෝ, තන්හාය ජායතී භයං! දරුවට දෙවියන්ගේම පිහිටයි! (ත)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 25 June 2013 01:49 PM

මගේ ගමේ , දැන් ඉතින් පොලිසියට තමයි වාසනාව. (ත)

:       0       0

සයිනාවා Tuesday, 25 June 2013 05:59 PM

මමනම් කියන්නේ දිනුම දෙන්න ඕනෑ බිරිදට.නැතුව මනුස්සයා සල්ලි ටික අරගෙන යාලුවෝ සමග ඇති තැබෑරුමේ. (නි)

:       0       0

යසින්ත Tuesday, 25 June 2013 01:53 PM

අනේ මන්දා? මම නම් මගේ නෝනට ලක්ස 10 දීලා ෂේප් වෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 462 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 484 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 149 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1454 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1105 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 434 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 747 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site