IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ලතා මංගෙෂ්කාර්ගේ නිවස පිහිටි ගොඩනැගිල්ලට සීල් තබයි

ලෝක ප්‍රකට ගායිකා ලතා මංගෙෂ්කාර්ගේ නිවස පිහිටි ගොඩනැගිල්ලට සීල් තැබීමට ඉන්දියාවේ මුම්බායි නුවර නිලධාරීන් පියවර ගෙන ඇත .

ඉන්දියාවේ දරුණු ලෙස පැතිර යන නව කොරෝනා වයිරසයෙන් 90 හැවිරිදි වියේ පසුවන ලතා මංගෙෂ්කාර් ඇතුළු එම නිවාස සංකීර්ණයේ ජීවත් වන වැඩිහිටියන් ආරක්ෂා කරගැනීමේ පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස එම පියවර ගත් බව එම නිලධාරීහු සඳහන් කළහ.

පවුලේ සාමාජිකයන් ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් මේ පියවර ගෙන ඇත්තේ ගොඩනැගිල්ලේ සිටින පිරිසගේ විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ආරක්ෂාව උදෙසා බවත් ලතා මංගෙෂ්කාර්ගේ පවුල සාමාජිකයෝ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළහ.

ගොඩනැගිල්ලේ ලතා මංගේෂ්කාර්ගේ පවුලට අමතරව තවත් පවුල් කිහිපයක්ම ජීවත් වන අතර එම පවුල්වල වැඩිහිටියන්ගේ ආරක්ෂාව සලකා බලමින් නව කොරෝනා වයිරසය පැතිර යෑම වැළැක්වීමේ පූර්ව ආරක්ෂිත පියරවක් ලෙස මෙලෙස ගොඩනැගිල්ලට සීල් තැබීමට බලධාරීන් පියවර ගෙන ඇත.

ඉන්දියාවේ සුප්‍රකට නළු අමිතාබ් බච්චන්, ඔහුගේ පුත් අභිෂේක්, ලේලිය අයිෂ්වරයා රායි, මිනිබිරිය ට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ අමිතාබ් බච්චන්ට අයත් දේපළවලට ද සීල් තැබිණි.

ප්‍රකට නිළි රේඛාගේ ආරක්ෂක කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් කිහිපදෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත් හඳුනාගැනීමත් සමඟ ඇයගේ බංගලාවට ද සීල් තැබීය.

මේ අතර සුප්‍රකට නළු අමීර් ඛාන්, බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදක කරන් ජොහාර් සහ බොනී කපූර් යන අයගේ කාර්යමණ්ඩලවල සාමාජිකයන්ට ද නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

එන්.ඩී.ටීවී.

055



අදහස් (2)

ලතා මංගෙෂ්කාර්ගේ නිවස පිහිටි ගොඩනැගිල්ලට සීල් තබයි

vidya Monday, 31 August 2020 04:06 AM

අනේ ඕක පරිස්සම් කරගන්න.. එ්ක කොච්චර වටිනවද?

:       0       0

විජේ Monday, 31 August 2020 04:15 AM

දකුණු ඉන්දියාවේ අපේ අර යාලුවො සෙට් එකට නැද්ද තාම පිං පලදීලා...

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 142 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි
2024 නොවැම්බර් මස 20 437 0

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප


කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 277 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


හරීන් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 4816 0

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 389 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 908 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 412 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1904 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site