(චාපා මධුභාෂිණී)
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් පස්දෙනකු ඇතුළු පුද්ගලයන් 22 දෙනකු ලාදුරු රෝගයට මේ වසරේ ලක්වී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි.
මෙම වර්ෂයේ අගෝස්තු මාසය වන විට ලාදුරු රෝගීන් 25 දෙනකු ප්‍රතිකාර ලබන අතර, අලුතින් ලාදුරු රෝගය වැළඳී ඇති බවට හඳුනාගත් රෝගීන් 22 දෙනකු හා පසුගිය වසරේ හඳුනාගත් රෝගීන් තිදෙනකු ද තවමත් ප්‍රතිකාර ලබන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
ඒ අනුව, තමන්කඩුව ප්‍රදේශයෙන් රෝගීන් 5ක් ද, මැදිරිගිරිය ප්‍රදේශයෙන් 3ක් ද, ලංකාපුර ප්‍රදේශයෙන් 3ක් ද, වැලිකන්ද ප්‍රදේශයෙන් 4ක් ද, හිඟුරක්ගොඩ ප්‍රදේශයෙන් 2ක් ද, අරලගංවිල ප්‍රදේශයෙන් 5ක් ද, සිරිපුර ප්‍රදේශයෙන් 3ක් ද වශයෙන් රෝගීන් හඳුනාගෙන ඇති අතර, ඇලහැර ප්‍රදේශයෙන් මේ වන තුරු කිසිදු රෝගියකු වාර්තා වී නැතැයි එම දත්ත සඳහන් කරයි.
මෙම රෝගීන් අතර වයස අවුරුදු 15ට අඩු රෝගීහු පස්දෙනෙක් ද සිටිති. රෝගය හඳුනා ගැනීමට කල් ගිය, ආබාධිත තත්ත්වයේ පසුවන පස්දෙනකු ද මේඅතර සිටින බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා පැවැසීය.
මෙලෙස හඳුනාගත් රෝගීන් අතුරින් බෝවන වර්ගයේ රෝග ලක්ෂණ සහිත රෝගීන් 19ක් සහ බෝ නොවන වර්ගයේ රෝග ලක්ෂණ සහිත රෝගීන් 6ක් වශයෙන් වෙන් කොට හඳුනාගෙන ඇත.
මේ වන විට සායනික ලෙස පොළොන්නරුව, මැදිරිගිරිය සහ හිඟුරක්ගොඩ රෝහල්වල සමේ රෝග සායනයෙන් ලාදුරු රෝගීන්ට ප්‍රතිකාර කෙරේ. මෙම වසරේ හමු වූ රෝගීන් හා පෙර වසරවල හමු වූ රෝගීන් ද ඇතුළත්ව පොළොන්නරුව රෝහලේ සායනයෙන් රෝගීහු 40ක් ද, මැදිරිගිරිය මූලික රෝහලෙන් රෝගීහු 12ක් ද, හිඟුරක්ගොඩ රෝහලෙන් රෝගීහු 4ක් ද වශයෙන් සායනිකව ප්‍රතිකාර ලබති.
මෙලෙස රෝගය හඳුනාගෙන, එහෙත් ප්‍රතිකාර ලබා නොගෙන හැරගොස්, නැවත රෝගය උත්සන්නව ප්‍රතිකාර ලබන රෝගීහු දෙදෙනෙක් ද ඒ අතර වෙති.
සමෙහි ලා පැහැති ලප, එම ස්ථානවල දැනීම අඩු බව වැනි ලක්ෂණ ඇත්නම් තමන්ටම රෝගය හඳුනා ගැනීමට හැකි අයුරින් සෞඛ්‍ය අංශ මේ වන විට රෝගීන්ට පහසුකම් සලසා ඇතැයි සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.
එවැනි සමෙහි ලා පැහැ ලප වැනි ස්ථාන ඇත්නම් ඒවායේ ඡායාරූප ගෙන 0754088604 හෝ 0754434085 යන අංකවලට වට්ස්ඇප් පණිවුඩයක් මගින් යවා, මෙම රෝගය වැළඳී ඇත්ද යන්න තමන්ටම සැක හැර දැනගැනීමේ අවස්ථා සලසා දී ඇත.
එසේත් නැති නම්, මෙම රෝග ලක්ෂණ ඇත්නම්, ආසන්නම රෝහලට ගොස් පෙන්වා, වෛද්‍ය උපදෙස් ලබාගෙන, ප්‍රතිකාරවලට යොමු විය හැකිය.
මෙම රෝගයට අනවශ්‍ය ලෙස බිය නොවිය යුතු බවත්, මේ වන විටත් ඊට ඖෂධ හඳුනාගෙන ඇති අතර, කාලයක් ප්‍රතිකාර කිරීමෙන් රෝගයෙන් මිදීමට හැකි බවත්, පොළොන්නරුවේ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය බී.ජී. ඔභාෂා එම්.අයි. චන්ද්‍රසිරි මෙනවිය පැවැසුවාය.
මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී
රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු
ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ලාදුරු වැළඳුණු 22 පොලොන්නරුවෙන්
ඩඩ්ලි Tuesday, 05 September 2023 11:32 AM
සිරාට ලාදුරු තිබ්බෙ නැත්නම් බෝම්බ ගහනකල් නොදැනෙන්න විදියක් නෑ