IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ලේනාට පේර ගහ බාර දීලා

පානදුර රෝහලේ ඉවත් කළ භාණ්ඩ වෙන්දේසියකදී එක්ස්රේ යන්ත්‍ර තුනක් එහි සේවකයකු සුළු මුදලකට ලබා ගෙන ඇතැයි එහි සේවකයෝ පිරිසක් කියති.

පරණ එක්ස්රේ යන්ත්‍රයක්  රුපියල් අටදහස බැගින් වෙන්දේසියේ විකුණා ඇතැයි ද එය සැකකටයුතු බව ද කියති.

බස්නාහිර පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂිකා වසන්ති රත්නපාල මහත්මිය පැවසුයේ වෙන්දෙසියක් වු බව දන්නා නමුත් වංචාවක් සිදු වු බව නොදන්නා බවයි.ඒ ගැන සොයා බලන බවද ඇය කීවාය.

 

 

 

 



අදහස් (0)

ලේනාට පේර ගහ බාර දීලා

සෙසිල් සිල්වා Friday, 10 October 2014 02:48 AM

නියම පුවත් පතක් (නදී)

:       0       0

සෙසිල් සිල්වා Friday, 10 October 2014 02:53 AM

බඩු වෙන්දෙිසි කරන්නට පෙර ටෙන්ඩර් කැඳවන්න ඕනේ නේද? (නදී)

:       0       0

පෙරේරා Tuesday, 07 October 2014 11:28 AM

තිලක්, ඔබ හරි. මේකත් යන්නේ එතනටම තමා (නි)

:       0       0

පාලිත Tuesday, 07 October 2014 05:33 PM

බැර ලෝහ ඇති උපකරණ වෙන්දේසියේ විකිණීම තහනම් නේද? (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 07 October 2014 01:22 PM

පරණ ඒවා අත්හරිමුකෝ. දැන් ඔතනට එන අලුත් ඒවා ගැන බලමු (නි)

:       0       0

ඉලේපෙරුම Tuesday, 07 October 2014 07:01 AM

රජයේ කාර්යාලවලින් වෙන්දේසි කරන භාණ්ඩ විකිණන්නේ අඩු මිලකට. මෙම වෙන්දේසි ගැන පුළුල් ප්‍රචාරයක් දෙන්නේ නැහැ. නීතියෙන් බේරෙන්න අවශ්‍ය නිසා කිට්ටුව අැති රජයේ අායතන කීපයක කුඩා අකුෙරන් ටයිප් කළ දැන්වීම් කීපයක් අලවනවා. දන්න කියන කීපදෙනා අඩු මිලට බඩු අරගන්නවා. (නදී)

:       0       0

සත්‍යපාල Tuesday, 07 October 2014 07:13 AM

මේක ලේනාට පෙර ගහ බාර දීමකට වඩා නරියාට කුකුල් කොටුවක් භාර දුන්න වාගේ වැඩක්. හැබැයි කුකුල් කොටුව භාරගන්න මහා නරියා ඇවිත් නැහැ වගේ. පොඩි නරියෙක්ව එවලා (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Tuesday, 07 October 2014 07:42 AM

රජයේ ආයතන වල පාවිච්චියෙන් ඉවත් කරන භාණ්ඩ වෙන්දේසියට පෙර ඇස්තමේන්තු මිලක් නියම කරනවා. වෙන්දේසි වලදී ගැනුම් කරුවන්ට ඉල්ලන්න එපා කියනවා. සමහර විට දැලිපිහි පෙන්වා භය කර බඩුටික රැගෙන නැවත වෙන්දේසි කරනවා එළියේ. මෙතැන පොඩි එකෙක් කීයක් හරි නීත්‍යානු කුලව හම්බ කර ගත්තාට මක් වේද ? (නදී)

:       0       0

පුබුදු Tuesday, 07 October 2014 08:27 AM

ඒ සුළු සේවකයාට වැරදි කියන්ඩ බැහැ. ලොකු මිනිස්සු කරන වැරදි වැඩ සහ ගහන ගැහිලි ගැන බලද්දී. මම එක්තරා සිදුවීමක් කියන්නම්. පොලොන්නරුව ප්‍රදේශයේ වසා තිබු හෝටලයක් ටෙන්ඩර් කළා. ඉල්ලුම් කරුවන්ට ඉල්ලන්ඩ දුන්නේ නැහැ. දැලි පිහි ඇතුළු වෙනත් තර්ජන කොට එලෙව්වා. අන්තිම ලන්සුව ලක්ෂ 25 යි සොච්චමක්. ගෙයක් ගන්ඩ පුළුවන් සල්ලි. අපි මේවා නිසයි රට (දේශපාලනය) ගැන කල කිරිලා ඉන්නේ. කොහොමද බාල ඉන්දන ගෙනාවේ. බාල සේලයින්, බාල බෙහෙත්, මේවායි හෙවිය යුත්තේ. අනේ අපේ අවාසනාව. ටෙන්ඩරය වැරදි නම් දැන් අහෝසි කරන්ඩ (නදී)

:       0       0

තිලක් Tuesday, 07 October 2014 08:56 AM

එක්ස් රේ යන්ත්‍ර රෝහලෙන් ඉවත්කර වෙන්දේසි කර ඇත්තේ ඒවා නැවත භාවිතයට සුුදුසු නැති හෝ අලුත්වැඩියාකර පවත්වාගෙන යාම නොවටිනා නිසයි. නමුත් මේ යන්ත්‍ර තව ටික දවසකින් එක්ස්රේ ලබාදෙන පුද්ගලික ආයතන වලින් එලියට එයි. ඒව නිසි පරිදි ක්‍රියාකරයිද යන්න පිලිබදව කිසිම සහතිකයක් නැතිව. දිනක් මා හට පානදුර රෝහල අසල පිහිටි මෙවැනි ස්තානයකට යාමට සිදුවුනා. එහි තිබුනේ මලබැදුන අඩ තැබූ එක්ස්රේ යන්ත්‍රයක්. (නදී)

:       0       0

මාලා Tuesday, 07 October 2014 09:06 AM

හෝව් හෝව්, මෙතන ඉස්සරහ ඉන්නේ සුලුසේවකයා උනාට, පිටිපස්සෙන් ඉන්න කෙනා ගැන කතා කරන්නේ නැත්තේ දැලි පිහි පාර හින්දද? (නදී)

:       0       0

සමන්ති Tuesday, 07 October 2014 02:31 PM

සමහරවිට මේ යන්ත්‍ර තුන එක ජාතියේ නම් වැඩකරන එකක්වත් හදාගන්න පුළුවන්. (නි)

:       0       0

චාමික Tuesday, 07 October 2014 09:27 AM

මමත් දැකල තිබෙනවා විශ්ව විද්‍යාලෙදී අබලි භාණ්ඩ වෙන්දේසියේදී සුළු සේවකයන් ඉතා අධි තාක්ෂණික යන්ත්‍ර සුළු මුදලකට මිලදී ගන්නවා. මේක සැක සිතුන නිසා සොයා බැලුවම දැක්කේ හරිම කණගාටුදායක විදියට ඒවා කෑලි කෑලි වලට කඩලා පරණ යකඩ වලට විකුනන්න දාල තිබුන හැටි. ඔවුන්ට ඒවගෙන් ඊට වැඩිය වටිනාකමක් තිබුනේ නැහැ. (නදී)

:       0       0

ගාමිණී Tuesday, 07 October 2014 10:22 AM

මම දන්නා තරමින් මෙවැනි විකිරණශීලී අබලි දේවල් ප්‍රසිද්ධ වෙන්දේසි වල විකුණන්නේ නැත. එබැවින් මේ වෙන්දේසියම වැරදි ක්‍රියාවකි. මෙවැනි දේ අයථා පුද්ගලයින් අතට යාම මහජන ජීවිත වලට ලොකු තර්ජනයකි. (නි)

:       0       0

නලීන් Tuesday, 07 October 2014 10:31 AM

මේක අලුත් කතාවක් නෙමෙයි. කලකට පෙර එක්තරා රාජ්‍ය ගමනාගමන ආයතනයක අබලන් වූ ධාවනයට නොසුදුසු යැයි තීරණය කළ බස් රථ මේ වගේ විකුණුවා. කොන්දේසියේ තිබුනේ ආයතන භූමියෙන් පිටට මිලදී ගනු ලබන්නාට ඇදගෙනවිත් භාරදෙන ලෙසටයි. එහෙම එළියට ගෙනා වාහන කිහිපයකම යටට රිංගා ඇණ තදකොට පණගන්වා කට්ටියම හිනාවෙවී බස් එකේ නැඟලා ගියා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 13 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 173 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 379 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 470 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 281 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 164 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38187 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25143 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 829 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site