IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ලන්ඩනය දම්පල් ගුණ සමරයි

නිර්මල බුදු දහම ආරක්ෂා කර ගැනීමත් ප්‍රචලිත කිරීමත් අරමුණු කොටගෙන දුර දක්නා නුවනින් යුතුව මිට වසර 88 කට පෙර අනගාරික ධර්මපාල තුමන් විසින් ආරම්භ කරන ලද අද වනවිට යුරෝපයේ ප්‍රමුඛ ථේරවාදී බෞද්ධ මධ්‍යස්ථානය බවට පත්ව ඇති ලන්ඩන් බෞද්ධ විහාරය මඟින් එතුමන්ගේ 150 වෙනි ජන්මදිනය සිහිපත් කරමින් සතියක් පුරා සමරු වැඩසටහනක් පැවැත්විණි.

ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ මුලිකත්වයෙන් සහ විහාරවාසී මහා සංඝරත්නයේත්, විහාර පාලක මණ්ඩලයේත්, දම්පල් සමරු උත්සව කමිටුවෙත්,  දායක දායිකාවන්ගේත්, ලන්ඩන් නුවර බෞද්ධ සංගමය සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේත් කැපවීමේ, මහන්සියේ සහ සහයෝගයේ ප්‍රතිපලයක් ලෙස දම්පල් සමරු උළෙල ඇති සාර්ථක අන්දමට පැවැත්වීමට හැකිවූ බව දම්පල් සමරු සතිය අවසානයේ නිකුත්කළ නිවේදනයෙහි දක්වා ඇත.

අනගාරික ධර්මපාල තුමන් විසින් බුද්ධ සාසනයේ චිරස්ථිතිය සඳහාත් දඹදිව බෞද්ධ පුජනිය සිද්ධස්ථාන සුරක්ෂිත කරලීම සඳහාත් ඉටුකරන ලද අනුපමේය සේවය සිහිපත්කරමින් ශ්‍රී ලංකාව ප්‍රමුඛ කොට ලෝකයේ විවිධ රටවල සංවිධානය කැරුණු සමරු වැඩසටහන් අතර ලන්ඩන් සමරු සතිය වැදගත් තැනක් ගන්නා බව එම උත්සවය සඳහා වැඩමකළ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති බෙල්ලන්විල විමලරතන නාහිමියෝ පැවසුහ.

සමරු උළෙල ආරම්භ කෙරුනේ සැප්තැම්බර් 13 වනදින ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ දම්පල් ශාලාවේදී පැවැත්වුණ පිරිත් පින්කමකින් සහ ඒ සඳහා වැඩමකළ මහා සංඝ රත්නය උදෙසා පසුදින උදෑසන පිරිනැමුණු හිල්දානමය පින්කමකිනි. පිරිත් සජ්ජායනය සඳහා එංගලන්තයේ සියලුම ශ්‍රී ලාංකික විහාරස්ථාන නියෝජනය කරමින් මහා සංඝ රත්නය වැඩම කර සිටියහ.

14 වන දින සිට 20 වන දින දක්වා ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ ප්‍රධාන ශාලාවේ ධර්මපාල තුමන්ගේ ජිවිත තොරතුරු සහ එතුමන් අතින් සිදුවූ සාසනික සේවාව පිලිබඳ විස්තර ඇතුලත් චයාරුප සහ චිත්‍රපට ප්‍රදර්ශනයක් පවත්වනු ලැබිය.

ධර්මපාල තුමන් විසින් ආරම්භකෙරුණු ආනන්ද, නාලන්ද, විශාඛා, දේවිබාලිකා, මහින්ද,මියුසියස්,ධර්මරාජ ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාඨශාලාවන්හි ආදිශිෂ්‍ය සංගම්වල ලන්ඩන් ශාඛාවන්, ලන්ඩන් බෞද්ධ විහාර දහම් පාසල සහ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමය මෙම ප්‍රදර්ශනයේ කටයුතු සඳහා අනුග්‍රහය දක්වනු ලැබිය.

ලන්ඩනයේ දම්පල් සමරු සතියේ මස්තකප්‍රාප්තිය වුයේ 21 වනදා ලන්ඩන් නුවර හැමර්ස්මිත් නගර ශාලාවේදී පැවැත්වුණු දැවැන්ත සමරු උත්සවයයි.

ශාලාවේ සම්පුර්ණ ඉඩ ප්‍රමාණය අනුව ආරාධිතයින් දහසක් පමණක් සහභාගී කරවීමට සිදුවූ එම සමරු උත්සවයදී දම්පල් ගුණ විස්තරකරමින් බෝගොඩ සීලවිමල නාහිමි, අමරාවතී බොදු සෙනසුණේ අධිපති පුජ්‍ය අජාන් අමරෝ හිමි, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති පුජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමි, ලන්ඩනයේ බෞද්ධ සංගමයේ සභාපති ආචාර්ය ඩෙස්මන්ඩ් බිඩල්ෆ්, එංගලන්ත සභාවේ ඩන්කන් ග්‍රීන් පියතුමන් සහ ශ්‍රී ලංකා මහා කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් කෙටි දේශනා පැවැත්වුහ.

අනගාරික ධර්මපාල සමරු උළෙලේ මූලදේශනය පවත්වන ලද්දේ කොළඹ විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යාපන අංශයේ මහාචාර්ය අසංග තිලකරත්න විසිනි.

දම්පල් සමරු උත්සවය සඳහා සහභාගිවූ විශාල පිරිස අතර ශ්‍රී ලාංකික සහ ලන්ඩනයේ පදිංචි විවිධ ජාතීන්ට අයත් බෞද්ධ මෙන්ම වෙනත් ආගමිකයින් බොහෝදෙනෙකු සිටීම විශේෂත්වයකි.

ලන්ඩන් විහාරවාසී කොන්වැවේ අරියරතන හිමියන් විසින් දම්පල් සමරු උත්සවය උදෙසා විශේෂයෙන් රචනා කළ  අනගාරික ධර්මපාල සමරු ගීතය ගායනා කරනු ලැබුවේ ලන්ඩන් බෞද්ධ විහාරයේ දහම් පාසලේ සිසු සිසුවියන්, දෙමාපියන් සහ ගුරු මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් විසිනි.

ලන්ඩන් නුවර පදිංචි ප්‍රවීන නර්තන ගුරුවරුන් වන කමලාංගනී පේරුසිංහ සහ ඒ.පී.අත්තනායක විසින් ඉද්දිරිපත්කල අලංකාර නැටුම් අංගයන් කිහිපයක් මඟින් උත්සවය වර්ණවත් කෙරුණි.

දම්පල් සමරු සතියේ අංගයක් ලෙස සංවිධානය කෙරුණු ලන්ඩන් බෞද්ධ විහාරයේ දහම් පාසලේ සිසු සිසුවියන් සහභාගිවූ රචනා සහ කථික තරඟයේ ජයග්‍රාහකයින් හට ත්‍යාග ප්‍රධානය කරනු ලැබිය.

කථික තරඟයේ ප්‍රථම ස්ථානය දිනාගත් දෙවින් හේවගේ සිසුවා ප්‍රබෝධමත් කතාවක් ඉදිරිපත් කළේය.

ලන්ඩන් විහාරවාසී තවලම බන්දුල හිමියන් ස්තුති කතාව කල අතර උත්සවයේ විස්තර කථනය කලේ වෛද්‍ය ඥානිස් සුභසිංහ විසිනි.

දම්පල් සමරු සතිය උදෙසා අගනා ලිපි සහ සේයාරු ඇතුලත් විශේෂ සමරු කලාපයක් මුද්‍රණයකොට බෙදා හරිනු ලැබිය.

ප්‍රවීණ කලාකරු ගාමිණී අබේවර්ධනයන් විසින් නිර්මාණය කරන ලද ධර්මපාල තුමන්ගේ පිළිරුව සහිත සුවිසාල පුවරුවකින් වේදිකාව අලංකාරවත් කර තිබුණි.

මෙම දම්පල් සමරු සතියේ වැඩකටයුතු බලාපොරොත්තු වූවාටත් වඩා සාර්ථක අයුරින් සිදුකිරීමට හැකිවන අන්දමට දීර්ඝකාලයක් තිස්සේ අධික ලෙස වෙහෙස මහන්සිවූ සමරු උත්සව කමිටුවටත්, නන් අයුරින් උපදෙස් හා සහයෝගය ලබාදුන් කොළඹ අනගාරික ධර්මපාල භාරකාර මණ්ඩලයටත්, ලන්ඩන් බෞද්ධ විහාරවාසී මහා සංඝ රත්නයටත්, දායක දායිකාවන්හටත්, සියලුම වැඩකටයුතු සඳහා සහභාගිවූ මහා සංඝ රත්නයටත්, ලන්ඩන් නුවර බෞද්ධ සංගමය සහ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයටත්, වේදිකා සැරසිලි, පැමිණ සිටි සියලු දෙනා වෙතම ආහාරපාන ලබාදීම, නර්තන අංගයන් සංවිධානය කිරීම,ප්‍රදර්ශනයේ කටයුතු, සමරු කලාපය සහ වැඩසටහන් සකස් කිරීම, ප්‍රදර්ශන සහ ප්‍රධාන උත්සව ශාලා සැරසිලි සහ ආරක්ෂක කටයුතු සංවිධානය කිරීම, අනුග්‍රාහකත්වය දැක්වීම, විවිධ අයුරින් උදව් උපකාර කිරීම සහ පිරිත් පින්කමටත් දානමය පින්කමටත්, ප්‍රදර්ශනයේ කටයුතු වලටත් ප්‍රධාන උත්සවයටත් සහභාගිවූ සියලුම දෙනාටත්  සීලවිමල නාහිමියන් විසින් පුණ්‍යානුමෝදනා කරනු ලැබිය.

DSC_4705 DSC_4712 DSC_4729 DSC_4828 DSC_4935 DSC_4968 DSC_5046 DSC_5215 DSC_5220

 

 

 

 



අදහස් (0)

ලන්ඩනය දම්පල් ගුණ සමරයි

ඒබ්‍රහම් Sunday, 28 September 2014 11:23 PM

අනේ! හරි ලස්සනයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 904 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 420 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 917 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3337 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 602 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 233 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site