IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ලන්ඩනයේ නුවන් 'සුළඟ' එක්ක ලෝකෙ වටේ

2016-11-06-ent-17

පසුගියදා ඉතාලියේ දී පැවැති METRICAMENTE CORTO ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූයේ ශ්‍රී ලංකාවේ තරැණ සිනමාවේදියෙකු වන නුවන් ජයතිලකගේ “සුළඟ අප රුගෙන යාවි” සිනමා නිර්මාණයයි.

2016-11-06-ent-18රටවල් 41ක් නියෝජනය කරමින් මෙම උළෙල සඳහා තරග වැදුණු චිත්‍රපට අතුරින් “සුළඟ අප රුගෙන යාවි” හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍රවීම සුවිශේෂී කාරණයක්. දැනට ලන්ඩනයේ වෙසෙන නුවන්ගේ කුළුඳුල් සිනමා නිර්මාණය සඳහා රංගනයෙන් දායක වූෙය් අයිරාංගනී සේරසිංහ, ප්‍රියංකර රත්නායක, සුරංගා රණවක, සුජීව ප්‍රියාල්, සම්පත් ජයවීර, අන්ජනා ප්‍රේමරත්න, සුදම් කටුකිතුලෙ, ප්‍රවීන් කටුකිතුලෙ හා සේමිණී හෙන්නායක ඇතුළු පිරිසයි.

මෙහි අනෙක් විශේෂත්වය වන්නේ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂක නුවන්ගේ, සංගීත අධ්‍යක්ෂක චිත්‍රාල් චිටි සෝමපාලගේ හා කැමරා අධ්‍යක්ෂකවරයාගේ කුළුඳුල් නිර්මාණය වීමය. මායා නවගත්තේගම හා නුවන් ජයතිලක නිෂ්පාදනය කළ ‘සුළඟ අප රුගෙන යාවි’ චිත්‍රපටය දින 16ක් වැනි කෙටි කාලයක් තුළදී අවසන් කර තිබෙන අතර සියලුම ශබ්ද දර්ශන තලයේදීම පටිගත කර තිබීම විශේෂ්ත්වයකි.

මෙම චිත්‍රපටය මේ වනවිට ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සම්මාන උළෙලවල් 8ක් නියෝජනය කර තිබෙන අතර මීට පෙර අමෙරිකාවේ පැවැති හූස්ටන් ජාත්‍යන්තර සිනමා උළේලේදී රෙමී සම්මානයද දිනාගත්තේය.

ලන්ඩනයේ සිට හදසර හා කතාබහකට සම්බන්ධ වුණු නුවන් ජයතිලක කියා සිටියේ තරැණ සිනමාවේදියෙකු හෝ සිනමා නිර්මාණ සඳහා ලෝකය තුළ හොඳ ඉල්ලුමක් තිබෙන අතර ස්වාධීන තරැණ සිනමාවේදින් එකමුතුව හා සාමූහික ක්‍රියාදාමයන් තුළින් අපට ලෝකය ජය ගත හැකි බවය. “ජාත්‍යන්තර සිනමා උළෙලවල් හැරෙන්නට මගේ චිත්‍රපටය විවිධ රටවල්වල විශේෂ දර්ශන වාර පැවැත්වූවා. ඒ සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකිකයින් වාගේම විදෙස් සිනමා රසිකයින්ද විශාල වශයෙන් හිටියා. මා එය දකින්නේ ඉතාම හොඳ සුභවාදී ප්‍රවණතාවයක් හැටියටයි.”

“බොහෝ තරැණ සිනමාවේදීන්ගේ එකම ඉලක්කය වී තිබෙන්නේ තම චිත්‍රපටය ලංකාවේ සිනමා ශාලාවල මුදා හැරීමය. මගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ මේ චිත්‍රපටය ශාලාවල මුදාහැරීම තිබෙන්නෙ හතරවෙනි ස්ථානයේ. ලෝකය පුරා විකල්ප අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් අපේ චිත්‍රපට ජගත් තලයට ගෙනයන්න පුළුවන්. ලංකාවෙ දුවනකම් ඉන්න ඕන නැහැ.” ඔහු කීය.

“අපේ චිත්‍රපට කර්මාන්තය නඟා සිටුවන්න ඇතැම් පිරිස් රජයට බල කරනවා. ලෝකෙ බොහෝ රටවල්වල සිනමා කර්මාන්තය දියුණු කරන්න උත්සුක වෙන්නේ, ඒ සඳහා කැපවෙන්නෙ සිනමාකරණයේ නියුතු අයයි. රජයෙන් පිළිසරණක් පතන්න අවශ්‍ය නැහැ. රජයට කළ හැක්කෙ සිනමා කර්මාන්තයේ දියුණුව උදෙසා ඉදිරිපත් කරන ව්‍යාපෘති සඳහා අවශ්‍ය සහාය දෙන එකයි. සිනමා කර්මාන්තයේ නියැලි අය වගේම පොත් ලියන අයත් කවි ලියන අයත් තම තමන්ගේ ක්ෂේත්‍ර බේරාගන්න කියල රජයට බල කර හිටියොත් ආණ්ඩුවලට වෙන කරන්න දේවල් නැති වෙයි. අපේ සිනමා කර්මාන්තය බේරා ගැනීම හා රුකගැනීමේ වගකීම පැටවෙන්නෙ අප මතයි. අප අවට තියෙන අවස්ථාවල් ගැන අපි විමසිල්ලෙන් බලන්න ඕනෙ. අපේ චිත්‍රපට සඳහා ඩීවීඩී වෙළෙඳපොළ ගැනත් මීට වඩා අවධානය යොමු කළ යුතුව තිබෙනවා. මේ තිබෙන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ලබාගන්නට තරැණ සිනමාවේදින් එකට අත්වැල් බැඳගන්න ඕනේ. ඔහු අවධාරණය කළේය.”

 

රාමේෂ් උවයිස්

 

2016-11-06-ent-20
2016-11-06-ent-19



අදහස් (0)

ලන්ඩනයේ නුවන් 'සුළඟ' එක්ක ලෝකෙ වටේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 88 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 282 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 202 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 205 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 152 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 522 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39811 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 91 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site