IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ලන්ඩනයේ වෙසක් තොරණක්

ලන්ඩන් බෞද්ධ විහාරය ප්‍රමුඛ මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන මෙවරත් වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් දාන, සීල, භාවනාදී ආගමික වැඩසටහන් රැසක්ම සූදානම් කර ඇත. මේ අතරට එංගලන්තයේ ඉපදී හැදෙන වැඩෙන ශ්‍රී ලාංකික දෙමව්පියන්ගේ දූ දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් මාලාවක් ද පැවැත්වේ.
ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ වෙසක් වැඩසටහනට මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ සහභාගි වෙයි. පසුගියදා පොලොන්නරුවේදී පරීක්ෂාවට ලක්කරන ලද උල්කාපාත කොටස් සහ එමගින් එළිදරව් වුණ පිටසක්වල ක්ෂුද්‍ර ප්‍රාණීන් පිළිබඳව තමන්ගේ මතය සහ පිටසක්වල ජීවීන් පිළිබඳව බුදුදහමේ දැක්වෙන කරුණු අතර ඇති සමානතා ද පැහැදිලි කරන සිසුන් විශේෂ දේශනයක් දොස්තර ඥානිස්සර සුභසිංහ සහ කුසුම් සුභසිංහ ඉදිරිපත් කෙරෙන බොදු බැති ගී වැඩසටහනක් ද විශේෂාංගයෝයි.

කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී සිල් වැඩසටහනක් පැවැත්වෙන බව විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී හිමියෝ පැවසූහ. ලන්ඩන් මහමෙව්නා අසපුවේදී දවස පුරාම සීල සමාධි වැඩසටහන් පැවැත්වේ. පොහොය දා සවස සිරි ගෞතම බෝධි වන්දනා වැඩසටහනක් ද සංවිධානය කර ඇත.
හවුන්ස්ලෝ අතුල දස්සන විහාරස්ථානයේදී අලංකාර වෙසක් තොරණක් ඉදිකිරීමට කටයුතු යොදා ඇති බව විහාරාධිපති වඳුරඹ කස්සප හිමියෝ පැවසූහ. විහාරස්ථ තරුණ දායක කාරකාදීන්ගේ සහයෝගයෙන් ඉදිකෙරෙන වෙසක් තොරණේ විදුලි බුබුළු දහසකට වඩා ඇතුළත් වන බව කස්සප හිමියෝ පැවසූහ.

ලන්ඩන් නුවර පමණක් ශ්‍රී ලාංකික විහාරස්ථාන දහයකට වැඩි සංඛ්‍යාවකි. මේ හැම විහාරස්ථානයකටම ශ්‍රී ලාංකික මෙන්ම අන් ජාතික හෝ විශාල පිරිසක් නිරන්තරයෙන් බණ භාවනාදී වැඩසටහන් සඳහා සහභාගි වීමට පැමිණෙති.

ලේච්වර්ත්, බර්මින්හැම්, ලෙස්ටර්, මැන්චෙස්ටර්, නොටින්හැම් සහ ග්ලාස්ගෝ වැනි බ්‍රිතාන්‍යයේ ප්‍රධාන නගර යන්හි ශ්‍රී ලාංකික විහාරස්ථාන වල වෙසක් උත්සව සංවිධානය කර ඇත.

 



අදහස් (0)

ලන්ඩනයේ වෙසක් තොරණක්

පද්මා Tuesday, 14 May 2013 12:54 PM

මේ මිනිස්සු මේවා කරන්නේ හොද සිහියෙන්ද කියලා මම අහන්නේ ලංකාවේ අන්‍ය ආගමිකයන්ට චෝදනා කරන ගමන් එහෙ මේවා කරන නිසා. බෞද්ධ අය ක්‍රිස්තියානි වෙද්දී හරවා ගත්තා කියන කටින්ම සුද්දෙක් බෞද්ධ වෙද්දී සත්‍ය අවබෝධ කළා කියන නිසා. අන්‍ය ආගමිකයින් සිංහල බෞද්ධ සංස්කෘතිය වනසනවා කියන ගමන්ම එංගලන්තේ සුද්දන්ගේ සංස්කෘතිය වනසන දේවල් කරන නිසා. (නි)

:       0       0

මනෝජ් Wednesday, 15 May 2013 11:21 AM

පද්මා, ඔයත් සල්ලි වලට ටකරන් කෑල්ලට ආගම වෙනස් කරපු කෙනෙක් වගේ පෙනෙන්නේ. ධර්ම ප්‍රචාරය කියන්නේ ඉතා හොඳ දෙයක්. තව කෙනෙක්ව ධර්මය අවබෝධ කරදීලා එයාට සත්‍ය පෙන්නන එක ලොකු පිනක්. බෞද්ධයෝ කවදාවත් සල්ලි දීලා කට්ටිය අදින්නේ නැහ. අන් ආගමිකයෙක් බෞද්ධයෙක් වෙන්නේ සත්‍ය තේරුම් ගෙන. අපි අන් ආගමිකයෝ වගේ මිනිස්සුන්ව බලෙන් හරවන්නේ නැහැ (නි)

:       0       0

රංජනී Wednesday, 15 May 2013 02:37 AM

ලංකාවේ තොරන් බලන්න යනවා වගේ කොහෙද අනේ මෙහෙ? (නි)

:       0       0

නයෝමි Tuesday, 14 May 2013 05:07 PM

බලන්නත් ලස්සනයි

:       0       0

සේරම් පැරිස් Tuesday, 14 May 2013 02:08 PM

අපේ ලාංකියයෝ ගොඩක් ජීවත් වෙන්නේ අන්ධ භක්තියෙන්. වෙන ආගමක තියෙන හොඳ නරකවත් කියවලා තේරුම් ගන්න බයයි. එහෙම ඉගෙන ගන්න ගියොත් කියන්නේ අන්‍ය ආගමිකයින් බවට පත් වෙනවා කියලා. අපේ ජාතිවාද ආගම බේද නැති කරන්න හැමෝම සියලු ආගම් ගෙන අවබෝදයක් තියෙන්න ඕනෑ. ආගම් ව්‍යාපාර කර ගත්ත ලෝකෙක අපි අද ජීවත් වෙන්නේ (නි)

:       0       0

කමල් Tuesday, 14 May 2013 02:09 PM

කරුණාකර බුදු දහම සමග ඔය කියන විද්‍යාව පටලවන්න උත්සාහ ගන්න එපා.(නදී)

:       0       0

කේෂන් Tuesday, 14 May 2013 02:11 PM

පත්මා ඔයා කරුණු දැනගෙන කතා කරන්න. බෞද්ධයෝ සල්ලි දීලා ආගම මාරු කරවන්නේ නැහැ. බුදු පිළිම පොඩි කරලා පාගවලා අනික් අය වගේ දහම ප්‍රචාරය කරන්නේ නැහැ.(නදී) .

:       0       0

ශ්‍රීමල් Tuesday, 14 May 2013 02:32 PM

පත්මාගේ සටහන කිසිම අවබෝධයකින් තොරව පොදු දූසමාන ආරංචි මත පදනම් කරගත් මනසකින් ඇතිකරගත් එකක් බව පැහැදිලියි. ලංකාවේ හෝ වෙනත් ඕනෑම රටක ශ්‍රී ලාංකික විහාරස්ථාන අන්‍ය ආගමිකයන් බුදුදහමට හරවාගනීම සඳහා කිසිදු ආකාරයකින් කටයුතු කරන ආයතන නොවේ. ආගම් පතුරුවන අනෙකුත් කණ්ඩායම් වලට මෙන් ඒ සඳහා අවශ්‍ය මුල්‍යමය ශක්තියක් හෝ උවමනාවක් මේ තැන්වල වැඩ ඉන්න භික්ෂුන් වහන්සේට නැත. බුදුදහමේ හරය ගැන පැහැදී විහාරස්තානයන්ට පැමිණෙන අන්‍යාගමිකයන්ට අවශ්‍ය තොරතුරු සහ භාවනාදිය සඳහා උපදෙස් සහ පහසුකම් ලබාදීම ඔවුන් ආගමට හරවා ගැනීමට ක්‍රියා කිරීමක් නොවේ. මේ බොහෝදෙනෙක් උපතින් බෞද්ධයන් වුවන්ට වඩා ධර්මය ගැන මනා අවබෝධයක් ඇති අය බවද කිවයුතුය. ඔවුන් පෙනුමෙන් බෞද්ධයන් නොවෙති.සමහරවිට ඔවුන්ගේ මුල් ආගමද අත්හල අයද නොවෙති. බුදුදහමේ ඇති සත්‍යතාවය සහ එමගින් ජීවිතයට එකතුකරගත හැකි සැනසීම ලබාගැනීම මේ අයගේ බලාපොරොත්තුවයි. උදේ සවස පන්සිල් ගැනීම හෝ ඉන්නා තැන්වල පිරිත් තැටි වාදනය කිරීම ඔවුන් දන්නා බුද්ධාගම නොවේ. ඔවුනට එමඟින් අවාසියක් සිදුවී නොමැත. පත්මා වැනි "කියන්නන් වාලේ කියන අය" මේවග දැනගැනීම ඉතාම වැදගත්වෙයි.(නදී)

:       0       0

රුසිරු Tuesday, 14 May 2013 02:53 PM

පද්ම, ඔය කවදාවත් අහල තියනවද සුද්දේකුට හාල් ගෝනියක් දීල බුද්ධාගමට හරවා ගත්ත කියල. සුද්දෝ බුද්ධාගමටඑන්නේ තමන්ගේ කැමැත්තෙන් පන්සල් හොයාගෙන. එත් ඔයගොල්ලෝ මිනිස්සුන්ව ආගමට ගන්නේ සල්ලි දීල. වරදාන දීල. අන්න ඒකයි වෙනස.(ස)

:       0       0

සුධිර Tuesday, 14 May 2013 03:05 PM

එහෙහ් අර සේනා මේ සේනා පාරවල් ගානේ කෑ ගගහා ගිහින් නැද්ද? (නි)

:       0       0

බන්දුල Tuesday, 14 May 2013 03:38 PM

එහෙම තමා පද්මෝ. පන්දුවක් දාලා කඩුල්ලක් කැඩුනොත් ඒක ඉතා විශිෂ්ට පන්දුවක්, හරිද? නමුත් ඒ බෝලේටම 6 පාරක් වැදුනොත් ඒ පන්දුව ඉතා දුර්වල පන්දුවක්. ඔයාට තේරුනාද දැන්? (නි)

:       0       0

අමල් Tuesday, 14 May 2013 03:40 PM

ෂා නියමයිනේ! (නි)

:       0       0

හේමන්ත Tuesday, 14 May 2013 03:40 PM

අනේ සාධු .. ! (ස)

:       0       0

ගිහාන් Tuesday, 14 May 2013 03:40 PM

දන්සලකුත් තියේවි නේද ? (ස)

:       0       0

ශාමන් Tuesday, 14 May 2013 03:41 PM

නියමයිනේ..(ස)

:       0       0

නෙතුමි Tuesday, 14 May 2013 09:13 PM

මෙහි ආගමකට ගරුකරන්න බැරි පිරිස ගැන තවදුරටත් කතා කරලා වැඩක් නැහැ. ඒ තරම්ම ආත්මාර්ථකාමීයි (නි)

:       0       0

ඩී.උපුල් Wednesday, 15 May 2013 10:50 AM

රංජනීට දුක හිතිලා. ඇයි ඒ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 78 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 2074 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 306 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 384 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1590 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1572 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 847 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site