IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ලන්ඩන් ඔලිම්පික් උළෙලට ලෙඩ ගොඩක්

තව දින කිහිපයකින් ඇරැඹීමට නියමිත ලන්ඩන් ඔලිම්පික් උළෙල  ප‍්‍රශ්න රැසකට මුහුණ දෙයි. ඔලිම්පික් ගම්මානයේ ආරක්‍ෂාව සඳහා අවශ්‍ය පිරිස බඳවා ගැනීමට කොන්ත‍්‍රාත් සමාගම අපොහොසත් විය. අවසානයේදී බි‍්‍රතාන්‍ය හමුදාවෙන් සෙබළුන් 3500 දෙනකු බඳවා ගත් නමුත් ඔවුන්ට ගෙවිය යුතු අධික මුදල සමාගමට අතිරේක බරක් වී ඇත. ලන්ඩනයට බලපාන අස්වාභාවික වසන්තයත් සමග දිනපතාම වාගේ ලැබෙන වැසිවලින් ඔලිම්පික් බිම් පුංචි ජලාශ බවට පත් වී තිබේ. වැසි නිසා ඔලිම්පික් උද්‍යාන කටයුතු ද පමා වී ඇත. ලන්ඩනයේ බොහෝ පාරවල ඔලිම්පික් ලාංඡුනය ඇඳ එම මාර්ග සෙසු වාහනවලට තහනම් කිරීම නිසා ලන්ඩනය පුරාම වාහන තදබදයක් පවතී. බස් හා ටැක්සි රියැදුරෝද ඊට විරෝධය පළකරති. ලොකුම ප‍්‍රශ්නය වීමට ඉඩ ඇත්තේ ආගමන නිලධරයන් 5500 ක් දෙනා හීත්රෝ ගුවන් තොටේ අරඹන්නට යන වැඩ වර්ජනයයි. ඔලිම්පික් උළෙලේ මංගල දිනයට එතියි සිතන තිස්දාහකට පමණ එයින් හිරිහැර වෙතියි කියති. ඔලිම්පික් ගමේ වැඩ ද අවසන් වී නැත.



අදහස් (0)

ලන්ඩන් ඔලිම්පික් උළෙලට ලෙඩ ගොඩක්

ඉන්දික Monday, 23 July 2012 03:57 PM

නාලකගේ කතාව හරි (දී)

:       0       0

ලංකා Monday, 23 July 2012 03:59 PM

නාලක,බොරුවට සුද්දන්ට ආවඩන්න එපා.බොහෝ දුරට ලංකාවේ අසාර්ථකම ඔලිම්පික් එක මේක වෙන්න පුලුවන්. (නි)

:       0       0

කමල්-ABU DHABI Monday, 23 July 2012 03:59 PM

නාලක, කියන දෙයක් ලංකාවට බණි‍න්නේ නැතුව කිවුවා නම් ඉවරනේ. (නි)

:       0       0

ජානක Monday, 23 July 2012 04:06 PM

නාලක සුද්දන්ට පුදුම විදියට ආවඩනවනේ. (නි)

:       0       0

රිස්වාන් Monday, 23 July 2012 04:15 PM

මොකද්ද තියෙන ප්‍රශ්නේ මට කියන්න මම විසදන්නම් (දී)

:       0       0

ගයාන් Tuesday, 24 July 2012 04:16 PM

වැරදි කරන්නට ඕනෑම මනුෂ්‍යයකුට ස්වභාවික නීතිය යටතේ අවකාශයක් හිමිවිය යුතු අතර යුක්තිය පසිද ලන්නට අධිකරණ පිහිටුවා ඇත්තේ මේ නිසාය. නීතිඥවරු කියන්නේ මේ වැරදි කළ හෝ නොකළ සැක කරුවන් වෙනුවෙන් පෙනී සිටින නියෝජිතයන් පමණි. වරදකරු නම් දඩුවම් පමුණුවන්නටත් නිවරදිකරු නම් දඩුවමින් බේරා ගන්නටත් අධිකරණයට සහය වීම හැර මොවුන්ගේ වෘත්තියේ ඇතැයි මොවුන්ම සිතා ගෙන සිටින රහස කුමක් දැයි අපට නම් නොවැටහේ. මේ මොහොතේ ආසියාවේ ආශ්චර්ය කරා කෙමෙන් පිය නගන ශ්‍රී ලංකාවේ හතලිස් දහසක් පමණ සිය සහෘදයන් මිය ගිය උතුරු නැගෙනහිර මිනිසුන්ට සියලු සැප සම්පත් ලබා දී තිබෙන බව රජය පවසයි. නමුත් අපට අවසන් වශයෙන් පවසන්ට ඇත්තේ මේ මිනිසුන් හට සිය ජ්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනා ගන්නට නම් මේ මොහොතේ ලබා දිය යුත්තේ රතු තීන්ත බවයි. (නි)

:       0       0

අසංක Monday, 23 July 2012 11:13 PM

ඇරඹුමම කදුලක් වෙලා, ඔලිම්පික් බලද්දී මා

:       0       0

ටිරන්ත Tuesday, 24 July 2012 04:20 PM

නාලක හැබැයි ඔස්ට්‍රලියාවේ පුවෘති වලට නම් ලන්ඩන් වල ප්‍රශ්ණ තියනවා කියල පෙන්නුවා .. හැබැයි සුදු මහත්වරුම තමයි එහෙම කිව්වේ ... අනේ මන්ද මේවා ....(නු)

:       0       0

විදානගේ-london Wednesday, 25 July 2012 04:41 AM

ලන්ඩන් වලටවත් ලංකාවටවත් බණින්න එපා. මෙවර ඔලිම්පික් උළෙල අන් සියළුම උළෙලවල් වලට වඩා අලංකාරව පැවැත්වේවි. (නි)

:       0       0

තිස්ස මඩවල Tuesday, 24 July 2012 11:44 AM

එන්ගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ............ (ස)

:       0       0

Saman Rohan Ranasinghe Monday, 23 July 2012 04:45 PM

ඔලිම්පික් උළෙලේ මුවාවෙන් 1936 ජර්මණියේ පැවති ඔලිම්පික් උළෙලේදි ඔත්තු සොයා, ලෝකය ආරක්ෂා කරන රටටක් වන ජර්මණියට කුඩුවෙන්නට ගැහැව්වා. ඕකට තමයි කියන්නේ කල කල දේ පල පල දේ. (අ)

:       0       0

ලංකාව මගේ රට Monday, 23 July 2012 04:53 PM

නාලක අපි ලන්ඩන් වල නෙමෙයි ඉන්නේ. තමුන් එහෙ ගිහින් සුද්දෙක් උනාට ලංකාවට බනින්න එපා. ඔලිම්පික් නිසා බ්‍රිතාන්‍යයේ ඇති වෙලා තියන දැවෙන ප්‍රශ්න ටික BBC එකේ දැම්මේ නැති උනාට russia Today එකේ නිවුස් බලන මිනිස්සු දන්නවා. (දී)

:       0       0

දිල්හාන් Monday, 23 July 2012 04:57 PM

නාලක අයියේ, වැරදිලාද සිංහල පත්තරයක් බැලුනේ? දවස් දෙකක් ලන්ඩන් ගියේ පාපන්දුවක නැගලද? (නි)

:       0       0

සුනිල් ශාන්ත Wednesday, 25 July 2012 07:23 AM

ඕව ලේසි වැඩ නෙමෙයි (දී)

:       0       0

අතපත්තු Tuesday, 24 July 2012 01:10 AM

ලන්ඩන් යන්න කලින් ටීවී එක බලන්නකෝ. එතකොට තේරෙයි ලෝකේ මොනවද වෙන්නේ කියලා.... (නි)

:       0       0

අල්විස් Tuesday, 24 July 2012 12:01 PM

බොරු කියන්න එපා ..... දවස් 3 කින් වැස්සේ නෑ ..... (නි)

:       0       0

කුමුදු Monday, 23 July 2012 12:45 PM

අපේ රටේ මෙහෙම උනානම් කපෝතියි.......රට කොතරම් බලවත් උනත් වැරදි විය හැකියි......(ස.වි)

:       0       0

නාමල් Tuesday, 24 July 2012 02:25 AM

ඇරඹුමම කදුලක් වෙලා (දී)

:       0       0

ඉන්දික Monday, 23 July 2012 01:03 PM

ඔන්න එන්ගලන්තෙත් වෙන වැඩ..... (නි)

:       0       0

ධම්මික Tuesday, 24 July 2012 06:00 PM

නාලක කියපු දෙය නිවැරදියි. (නි)

:       0       0

නාලක Monday, 23 July 2012 01:10 PM

තිස්ස , ඔහේ දන්නා දෙයක් නැහැ. බොරු කියන්න එපා හලෝ. තමුන් ජීවත්වෙන රටටම වින කරන ඔහේලා වගේ අයට හරියන්නෙම ලංකාව වගේ රටවල්ම තමයි. G4S එකට අදාල ආරක්ෂා විධි සපයාගත නොහැකි වීම මත හමුදා නිලදාරීන් 3500 දෙනා යෙදවීමට සිදුවීම නිසා එම මුදල (පවුම් මිලියන 82) හමුදාවට ගෙවන්නේ G4S සමාගම මගින්. G4S කියන්නේ ඔහේ නොදන්නවට බ්‍රිතාන්‍යයේ තියන විශාලතම සමාගමක්. එහි වසරක අදායම පවුම් බිලියන 7.5. ඉතින්, එම දඩ මුදල ඔහෙට බරක් උනාට එම සමාගමට බරක් නැහැ. අනික, හැම තැනටම වැස්සට ඔලිම්පික් තියන්නේ ස්ථාන කිහිපයක. ඒවා බහුතරයක් ආවරණය කරන ලද ස්ථාන. අනික සුද්ද වහිනකොට ආ වහිනවා කියල නිකන් ඉන්නවා කියල හිතුවද ලංකාවේ අය වගේ? මම ඊයේ, සහ අද උදෙත් ලන්ඩන් ගියා. සාමාන්‍ය තදබදය තමයි තියෙන්නේ. විශේෂ මං තීරු වෙන් කරලා තියන නිසා ඔලිම්පික් වාහන වලට ඉතා පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. ඔහේ ලන්ඩනයේ ජිවත් උනාට එහි නිදහස ගැන දන්නේ නැහැ නේ. මෙහෙ සේවකයන්ට ඉල්ලීම් දිනාගන්න නිදහස තියනවා. ලංකාවේ වහේ සුදු වැන් එන්නේ නැහැ රැට. අනික, වර්ජනය ගැන සාකච්චා යනවනේ. ඉවසීමෙන් ඉන්නවා, කුහකය වෙන්නේ නැතුව. ඔලිම්පික් සඳහා පැමිණෙන සියලුම රටවල ක්‍රීඩකයන්ට (ලංකාවේ 4 දෙනා ඇතුළුව) සුබ පැතුම්! (නි)

:       0       0

සෑම් Tuesday, 24 July 2012 12:20 PM

නාලක, ඔයා ඔච්චර උඩ පැනගෙන සුද්දට ආවැඩුවට එයාලා ආසියාවේ අයව ගණන් ගන්නේ නෑ... නාලක ඔයාටත් ආසියාවේ කෙනෙක් හැටියට තමා සුද්දා සලකන්නේ.... නාලක ඔයාකොහේහරි රෙස්ටුරන්ට් එකක පිඟන් හෝදනවට වඩා අපට ලංකාව දාහකින් සම්පතක්... යම් කලකිරීමකට තියෙන්නේ අපරාද රැල්ල, දේශපාලන ගසාකෑම් සහ අවනීතිය.... (නි)

:       0       0

චමි Tuesday, 24 July 2012 06:02 PM

මම ටැක්සි කාරය මම ආරලා යන්න හරිම සුරයා. මොකක් හරි ටැක්සි ප්‍රශ්නයක් නේ (දී)

:       0       0

ලාල් Tuesday, 24 July 2012 03:25 AM

නාලක දන්නේ ටිකයි. තමන්ගේ මවුබිමට ගරහන්න එපා. තිස්ස කියන්නේ ඇත්ත. මම ඉන්නෙත් ලන්ඩන් තමයි.නාලක, හොදට හොයලා බලලා කතා කරන්න. (නි)

:       0       0

ප්‍රියලාල් Tuesday, 24 July 2012 03:53 AM

විරාජ්, යන්නේ කොහෙද, මල්ලේ පොල්. නාලක ලංකාවට බැන්නේ නැහැ. ඇත්ත තේරුම් ගන්න බලන්න. (නි)

:       0       0

ගැමුණු Monday, 23 July 2012 05:48 PM

කවුරු මොනවා කිවුවත් හොදම ඔලිම්පික් උළෙල මේ පාර තියෙන්නේ ලන්ඩන් වල. (නි)

:       0       0

එෆ්.ඩී.ආර් Monday, 23 July 2012 01:17 PM

අනුන්ගේ වැඩ වලට අත දැම්මට මෙයාලට මෙයාලගේ වැඩක්වත් හරියට කරගන්න බෑනේ......(ස.වි)

:       0       0

තිලක් Tuesday, 24 July 2012 04:38 AM

අපිට තිබුන ප්‍රශ්න වල හැටියට ඕකත් ප්‍රශ්නයක්ද? අපේ ගෝඨාභය මහත්තයට කිව්‍වා නම්‍ ඔලිම්‍පික් නෙමෙයි, මුලු එංගලන්තයටම ආරක්ෂාව සලසල දෙයි. අපිට තියෙන්නේ ඒ වගේ ශක්තිමත් හමුදාවක්. (නි)

:       0       0

පිලිපිනෝ Monday, 23 July 2012 01:27 PM

හොද වැඩේ. සාධු.... සාධු.... සාධු..... (නි)

:       0       0

ලවර් Tuesday, 24 July 2012 05:12 AM

නාලක කියන්නේ ඇත්ත. ඔබ වගේ කෙලින් ඇත්ත කතා කරන අය හරි අඩුයි. රට හදන්න කලින් මිනිස්සු හදලා ඉන්න ඕනේ. (නි)

:       0       0

මඩවල Tuesday, 24 July 2012 05:16 AM

එන්ගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.... (නි)

:       0       0

ඒ. සී. (අජිත්) Monday, 23 July 2012 01:48 PM

නාලක ප්‍රශ්නේ මොකක් උනත් කරුණාකරලා ලංකාවට බනින්න එපා. අපේ මව්‍ රටට අපි හරි ආදරෙයි. (නි)

:       0       0

අමිල කටුනායක Monday, 23 July 2012 06:46 PM

ලස්සන තරග වලියක් බලන්න ලැබුනොත් ඇති , අපේ සුරයෝ 4 දෙනාටත් ජයක් අත් වේවා (දී)

:       0       0

ආනන්ද Monday, 23 July 2012 01:52 PM

එන්ගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ..... (නි)

:       0       0

නිෂාඩ් Monday, 23 July 2012 01:53 PM

බැරි දේවල් නොකර හිටින් අබරෝ කිවුවලු. (නි)

:       0       0

ප්‍රියලාල් Monday, 23 July 2012 01:58 PM

නාලකගේ කතාව හරියටම හරි.ඇත්ත කතා කරන්න බය වෙන්න ඕනේ නැහැ. (නි)

:       0       0

තිස්ස Tuesday, 24 July 2012 08:06 AM

එන්ගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. (නි)

:       0       0

ඉන්දික Monday, 23 July 2012 01:58 PM

නාලක, මම ඔයාට මුකුත්ම කියන්නෙ නැහැ.හැබැයි, පින් සිද්ධ වෙයි. මෙහෙට එන්නේ නැතුව එහාටම වෙලා ඉන්න. (නි)

:       0       0

රෝහණ Monday, 23 July 2012 02:02 PM

ඕකනේ බැරි වැඩ කරන්න එපා කියුවේ (දී)

:       0       0

ලංකා Tuesday, 24 July 2012 08:15 AM

නාලක හරියටම හරි. (නි)

:       0       0

සරත් Monday, 23 July 2012 02:06 PM

නාලක,කියන දෙයක් විනීතව කිවුවොත් නේද හොද? අනික ඉපදුන රටට බණින්න එපා. (නි)

:       0       0

අජිත් Tuesday, 24 July 2012 08:19 AM

නාලකලා හිතාගෙන ඉන්නේ එයා ඉන්නේ ලෝකේ හොදම රටේ කියල. ඔය ඉන්න රටේ දැන් අම්මා තාත්තා පවා නැති මිනිස්සු ඉන්නේ. දැන් ඔහේලා ලන්ඩන් ඉදගෙන ලංකාවේ අඩුපාඩු කතා කරනවා. අනේ මෙහෙමත් මිනිස්සු... (නි)

:       0       0

තිස්ස Tuesday, 24 July 2012 08:19 AM

බලාගෙන යද්දි දැන් ලංකාවෙ කට්ටිය ඉස්සර වගේ නිකන්ම මෝඩයෝ නෙමෙයිනේ. (නි)

:       0       0

සාමා Monday, 23 July 2012 02:09 PM

නාලකගේ දෙමවුපියෝ ලංකාවේද ඉන්නේ? (නි)

:       0       0

ඒ. සී. (අජිත්) Monday, 23 July 2012 02:16 PM

ඉන්දික ඔබ හරි. සමහරු ඉන්නවා රට පවා දීලා වීසා ගත්ත අය. එයාලට ර‍ටේ වෙන වැරදි විතරයි පේන්නේ. (නි)

:       0       0

අජිත් Tuesday, 24 July 2012 08:34 AM

මෙයාලා හිතාගෙන ඉන්නේ අපි ඉන්නේ ලෝකේ හොදම රටේ කියල. දැන් ඔයාල ලන්ඩන් ඉදගෙන ලංකාවේ අඩුපාඩු කතාකරනවා. ........ (ස)

:       0       0

තිස්ස මඩවල Tuesday, 24 July 2012 08:44 AM

බලාගෙන යද්දි දැන් ලංකාවෙ කට්ටිය ඉස්සර වගේ නිකන්ම මෝඩයෝ නෙමෙයිනේ.ලේසියෙන් අන්දන්න බෑ මේ අයව..... (ස)

:       0       0

ජයලාල් Monday, 23 July 2012 02:26 PM

සල්ලි වලට හැම දේම කරන්න බැහැ. (නි)

:       0       0

සම්පත් Monday, 23 July 2012 07:37 PM

නාලකගේ ප්‍රතිචාරයට ඉඩක් ලැබුන එකම ලොකු දෙයක්. නාලකගේ කීමට මමත් එකඟයි. මෙම තීරුවල ප්‍රතිචාර ලියන අය බොහෝ දුරට මාතෘකාවෙන් පිට යනවා... මෙවයේ ලියන ගොඩාක් අය පක්ෂග්‍රාහී, ආගම්වාදී සහ ජාතිවාදී අය. ඇත්ත ඇති සැටියෙන් බලා තේරුම් ගන්නා අය බොහෝම අඩුයි..... (නි)

:       0       0

කෝලිත Monday, 23 July 2012 07:45 PM

එන්ගලන්තේ ඇවිදලා නාලකට ලංකාව අමතක වෙලාවද්ද? (නි)

:       0       0

කෝලිත Monday, 23 July 2012 07:45 PM

නාලකගේ සැර.... පුහ්.. මැස්සෙක් ගිය උඩ කිවුවලු. (නි)

:       0       0

මධු Tuesday, 24 July 2012 09:22 PM

කැනඩා පුවත්වලත් කිව්වා ලන්ඩන්වල යම්කිසි ගැටලුවක් තියෙනවා කියලා...(නු)

:       0       0

සංජේ Monday, 23 July 2012 02:40 PM

නාලක, ඔහේ එන්ගලන්තේ වුණාට අපි ලංකාවේ.තමන් උපන් රටට බණින අයට කියන නම දන්නවා ඇතිනේ. (නි)

:       0       0

රොශාන් Monday, 23 July 2012 02:42 PM

ලංකාවේ අයට හරි ඉරිසියාවක්නේ තියෙන්නේ මේවා දකිද්දි......ඉරිසියාව නිසා තමයි ලංකාව දියුණු නොවෙන්නේ......(ස)

:       0       0

සමන්ත Monday, 23 July 2012 02:44 PM

මේවා ලොකු වැඩසටහන්. එහෙම එකක අතපසුවීම් වෙන්න පුලුවන්. (නි)

:       0       0

තිලක් Monday, 23 July 2012 02:56 PM

අපි බලමුකෝ ඔය කියන මහ ලොකු ජලාසේ...තව ටික දවසනෙ තියෙන්නේ පටන් ගන්න. අජිත් සහ ඉන්දික, ලංකාවේ ඉපදුනු අය විදියට අපි ලංකාවට ආදරෙයි. හැබැයි, අපි බොරු දේශ ප්‍රේමියෝ නොවෙයි. එසේම බටහිර ජීවත් වෙන ඉතා බහුතරයක් දෙනා නිත්‍යානුකුලව පැමිණි උදවිය. අද ලංකාවේ නීතිය කොහෙද තියෙන්නේ? අද උසාවියට මක් වෙලාද? (නි)

:       0       0

රියදුරෙක් Monday, 23 July 2012 02:58 PM

ප්‍රශ්නයක් නැහැ මොකද එහෙ ත්‍රී වීල් රියදුරෝ නැතිනිසා (දී)

:       0       0

රංගන Monday, 23 July 2012 03:05 PM

ලන්ඩන් වලත් ප්‍රශ්න නම් අපිට දුන්නනම් මොනවා වෙයිද (දී)

:       0       0

විදානගේ Monday, 23 July 2012 08:45 PM

ඔලිම්පික් කියන්නේ හොදට සැළසුම් කරලා කරන ලෝකයේ විශිෂ්ඨතම වර්ණවත් ක්‍රීඩා මංගල්‍යයයි. (නි)

:       0       0

රංගන Monday, 23 July 2012 03:06 PM

කොහොමද ඔලිම්පික් තියන්න අපේ රටට දුන්නනම් (දී)

:       0       0

කණිෂ්ක Tuesday, 24 July 2012 02:22 PM

බීබීසී එකේවත් මෙහෙම දේවල් කිවුවේ නෑනේ.පුදුමයි. (නි)

:       0       0

ගයාන් Tuesday, 24 July 2012 10:21 AM

කවුද මේ බනින්නෙ..(නු)

:       0       0

එරංග Thursday, 26 July 2012 08:21 AM

තරගේ සවුත්තු වෙයිද (දී)

:       0       0

සේන Monday, 23 July 2012 09:08 PM

කවුද නාලක කියන්නේ? එයාට දැන් බලා ගන්න පුලුවන් වෙන්නේ මොකක්ද කියලා. (නි)

:       0       0

විරාජ් Monday, 23 July 2012 09:08 PM

නාලක, ඔයා ඇරගන්න ආසා නිසා මෙහෙම කියනවද දන්නෙ නෑ..හැබැයි කියපු කතාවනම් කැතයි. මමත් ලන්ඩන් ඉඳන් තමයි මෙහෙම ලියන්නෙ. කසාද බැඳපු නෝන චොකලට් කේක් හදල දුන්නට එයා ඔයාට මව්කිරි දීල ලොකු මහත් කලේ නෑ නෙද? එක නිසා ඔයා අම්මා චොකල්ට් කේක් හදන්න දන්නෙ නෑ කියල බනිනවනම් ඒක වැරදියි නේද? නොනගෙ කේක් එක වර්නනා කලාට කමක් නෑ අම්ම කරපු දේවල් අමතක නොකර. (දී)

:       0       0

ප්‍රවීන් Tuesday, 24 July 2012 02:30 PM

ගමරාළේ, සාධාරණ විවේචන අවශ්‍යයි තමයි. නමුත් ඒ ආසියාවේ රටවල් කොල්ල කාලා නැගී හිටපු අනික් බටහිර රටවල් වලට පක්ෂව නම් නෙමෙයි හොදද? (නි)

:       0       0

සමර Monday, 23 July 2012 03:25 PM

කමක් නැහැ කියමුකෝ. අපෙන් ගිය කට්ටියට සුභ පැතුම් (දී)

:       0       0

ප්‍රේමදාස Monday, 23 July 2012 09:16 PM

ක්‍රීඩකයො හතර දෙනයි. නිලධාරීන් දහ දෙනයි. එන්න මේ රට. (ත)

:       0       0

තේජා Monday, 23 July 2012 03:32 PM

නාලක කියන්නේ ඇත්ත .අපි අපේ රට හදාගමු....(ස)

:       0       0

චමිල Monday, 23 July 2012 09:20 PM

ලංකාවේ තිබ්බනම් කොහොම වෙයිද (දී)

:       0       0

ජගත් Monday, 23 July 2012 03:44 PM

නාලක,අමතක කරන්න එපා මේක ඔයාගේ මවුබිම කියලා.සුද්දන්ට රට පාවලා දුන්නේ ඕගොල්ලෝ වගේ කට්ටිය තමයි. (නි)

:       0       0

සුධීර Tuesday, 24 July 2012 10:50 AM

ලංකාවේ මිනිස්සු දුප්පත් වුණාට අපේ රට පොහොසත් රටක්. මට ආඩම්බරයි ශ්‍රී ලංකා....... (නි)

:       0       0

සිරිමල් Tuesday, 24 July 2012 03:06 PM

බීබීසී සේවය කියන්නෙ තවම පාරවල්වල ප්‍රශ්ණ තියෙනවා කියලයි.(නු)

:       0       0

ප්‍රගීත් Monday, 23 July 2012 03:54 PM

නාලක සහෝ,ඔහෙම ඉන්න .මෙහෙටනම් එන්න හිතන්නවත් එපා..(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 429 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 620 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 373 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 320 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1022 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 191 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site