යුරෝපා සංගමයට අයත් නොවන රටවල සංචාරකයින්ගේ හදිසි අසනීප සඳහා පිළියම් ප්‍රතිකාර කිරීමේදී වැය වන වියදමට වඩා 150% ක මුදලක් අයකිරීමට අවශ්‍ය නීති පැනවීමට බ්‍රිතාන්‍ය රජය සැරසෙයි.
දැනට ඇති ප්‍රතිපත්තිය වන්නේ බ්‍රිතාන්‍යයට පැමිණෙන ඕනෑම කෙනෙකුට නොමිලයේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමයි.
මෙම සම්ප්‍රදාය දඩමීමා කර ගනිමින් බොහෝ දෙනා සියලු නවීන පහසුකම් ඇති බ්‍රිතාන්‍යයේ රෝහල්වලදී හදවත් සැත්කම්, පිළිකා රෝග සහ දරු ප්‍රසුති ඇතුළු බොහෝ අසනීප සඳහා නොමිලයේ ප්‍රතිකාර ලබාගැනීමට බ්‍රිතාන්‍යයට පැමිණෙති.
විශේෂයෙන් අප්‍රිකාව, දකුණු ඇමෙරිකාව සහ මැදපෙරදිග රටවලින් මේ අන්දමට අසාධ්‍ය රෝගීන් නොමිලයේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා එංගලන්තයට යැවීමේ කුට ව්‍යාපාරයක් ක්‍රියාත්මකවන බව හෙලිවුයේ මීට වසර බොහෝ ගණනකට පෙරාතුවය.
මෙම ජාවාරම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවයට වසරකට බ්‍රිතාන්‍ය පවුම් මිලියන 500 ක් (රුපියල් ලක්ෂ 510) කට වඩා වැයකිරීමට සිදුව ඇත.
මේ මුදල අයකරනුයේ එරට රැකියා කරන අයගේ බදු මුදලින් වීම හේතුවෙන් මේ ගැන රට පුරාම විශාල විරෝධ තාවයක් පැන නැඟුණි.
මේ හේතුවෙන් කලක සිට බ්‍රිතාන්‍යයෙදී උපදින දරුවන් සඳහා පුරවැසි භාවය හිමිවීමේ නීතිය අවලංගු කරනු ලැබීය.
දැන් ඉදිරිපත් කිරීමට සුදානම් කර ඇති නීතියට අනුව බ්‍රිතාන්‍යයට පැමිණෙන යුරෝපා සංගමයෙන් බාහිර රටවල පුරවැසියන්ගෙන් සෞඛ්‍ය සේවාවන් සඳහා යන වියදම අයකර ගැනීමට කටයුතු යොදනු ඇත.
මෙම නීතිය ක්‍රියාත්මක වුවහොත් බ්‍රිතාන්‍යයේ නීත්‍යානුකුලව රැකියා සඳහා හෝ අධ්‍යාපනය සඳහා පැමිණෙන යුරෝපා සංගමයෙන් බාහිර රටවල පුරවැසියන් හටද සෞඛ්‍ය පහසුකම් සඳහා මෙවැනි විශාල ගෙවීමක් සිදු කිරීමට සිදුවනු ඇත.
මෙම මුදල් අදාළ රෝගීන්ගෙන් අයකර ගනු ලබන්නේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි කර නැතත් එම වගකීම අදාළ රෝහල් බාරකාර මණ්ඩල වලට පැවරීමට යන බවට යෝජනා වී ඇත.
එහෙත් නව යෝජනාවලිය පිළිබඳව අදහස් දක්වන වෛද්‍ය වරුන් පවසා ඇත්තේ " ඔවුන්ගේ රාජකාරිය රෝගීන් ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීම මිස සංක්‍රමණ නීති ක්‍රියාවට නැංවීම නොවන" බවය.
පසිගිය වසරේ ලන්ඩන් නුවර දරු උපත් සංඛ්‍යා ලේඛන වලට අනුව වැඩිම දරු උපත් සිදුව ඇත්තේ පෝලන්ත ජාතික දෙමාපියන්ටය. දෙවන ස්ථානය සෝමාලියානු දෙමාපියන්ටත්, තුන්වන ස්ථානය ඇෆ්ගනිස්තානු දෙමාපියන්ටත්, හතරවන ස්ථානය පකිස්තානු දෙමාපියන්ටත් පස්වන ස්ථානය ඉංග්‍රීසි දෙමාපියන්ටත් ලැබී ඇත. මෙම සංඛ්‍යා ලේඛන සලකා බැලීමේදී ලන්ඩන් නුවර අනාගත ජන වාර්ගික තුලිනතාවය ඉංග්‍රීසි ජාතිකයින්ගෙන් ගිලිහීයාමට හොඳටම ඉඩ ඇති බව නිරීක්ෂකයින් පෙන්වා දී ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලන්ඩන් ගිහින් ලෙඩ වුණොත් ලෙඩ ගොඩයි
ජයන්ත Wednesday, 16 July 2014 08:48 PM
වීසා නොමැති නිසා නිව්මෝනියාවෙන් පෙලුණ අවුරුදු 28ක මීගමුවේ තරුණයෙකුත් ලිවර්ෆුල් වලදී මියගියා මීට මාස කීපයකට පෙර (නි)
ගයාන් Wednesday, 16 July 2014 09:41 AM
බොරු ලියන්න එපා (නදී)
ගයාන් Wednesday, 16 July 2014 10:11 PM
පුෂ්පා, සෞඛ්‍ය රක්ෂණ පවුම් දෙතුන්සියක් දීලා ලබාගන්න බැහැ.ඊටවඩා වියදම් යනවා. අසනීප වෙන වෙන සැරේට රක්ෂණ මුදල් ලබාගන්න පුළුවන්කමක් නැහැනේ. (නි)
රවී Wednesday, 16 July 2014 09:54 AM
එහෙමයි කියලා හදිසියේවත් ලෙඩ වුණොත් මොකද කරන්නේ? (නි)
සනත් Wednesday, 16 July 2014 10:31 AM
පහළ ඡායාරූපයේ ඉන්නේ කවුද කියලා කියන්න පුලුවන්ද? (නි)
ජයන්ත කින්ස්බරි Thursday, 17 July 2014 09:03 AM
වීරේ ඔයත් ඉතින් හොඳම පින් පඩි කාරයෙක් කියල අපි දන්නවා. දැන් වත් බොරු නොකියා රස්සාවක් කරන්න බලන්න. (අ)
චමින්ද Thursday, 17 July 2014 09:10 AM
ජයනි,මම දන්නා විදියට නම් දෙමව්පියන්ට ඕස්ට්‍රේලියාවේ පුරවැසිකම හෝ ස්ථිර පදිංචිය සදහා නිකුත් කල වීසා නැති නම්,ඔවුන්ගේ මෙහි උපදින දරුවන්ට පුරවැසිකම ලැබෙන්නේ නැහැ. (අ)
ඉනෝකා Wednesday, 16 July 2014 11:04 AM
එහෙනම් ඒකත් එහෙම වුණා? (නි)
හෂාන් Wednesday, 16 July 2014 11:12 AM
බුදු අම්මෝ! ඒක නිසයි කියන්නේ ආරෝග්‍යා පරමා ලාභා කියලා (නි)
අසෝකා Thursday, 17 July 2014 09:25 AM
එංගලන්තයේ රෝහලකට යනවාට වඩා හොඳයි ලංකාවේ රෝහල්. (නි)
ජයනි Thursday, 17 July 2014 02:13 AM
සමහර උදවිය කපටිකමට ගැබිණි බව හංගාගෙන පිටරට යනවා. පුරවැසි බව ඉපදෙන ළමයාට ලබා දෙන්න. අපේ ගමේ කාන්තාවක් ඇගේ සහෝදරයා බලන්න කියල සංචාරක වීසා මත ඔස්ට්‍ර්ලියාවට ගිහින් එහෙම කපටිකමක් කල බව ආරංචියි. (නදී)
චමිල් තුෂාර Thursday, 17 July 2014 02:34 AM
මේ වෙලාවට තමයි ලංකාවේ අගේ තේරෙන්නේ (නදී)
මහේෂ් Wednesday, 16 July 2014 12:25 PM
අහනකොටත් බයයි (නි)
පුෂ්පා Thursday, 17 July 2014 03:21 AM
ගයාන්, ඔබ රක්ෂණ ගැන මෙලෝ හසරක් දන්නේ නැති බව පේනවා. මම මාස 3 කට පෙර සංචාරක රක්ෂණයක් කළා - සෞඛ්‍ය රක්ෂනයද ඇතුළුව - ඔස්ට්‍රලියානු ඩොලර් 520.19 කට. එය මගේ චාරිකාව අවසන් වන තුරු වලංගු වුණා. එය මට බොහෝ උපකාරී උනා විදේශ රටක දී මම අසනීප වුණා වෙලාවේ. රක්ෂණය තිබුනේ නැතිනම් ඇමෙරිකන් ඩොලර් 10,000ක් පමණ වියදම් වෙනවා. මට වියදම් වුනේ ඇමරිකන් ඩොලර් 127.00ක් පමණයි. (නදී)
කසුන් Wednesday, 16 July 2014 12:37 PM
එහෙනම් එහේ ගිහිනුත් ඉවරයි වගේ (නි)
නිහාල් විතානගේ Wednesday, 16 July 2014 12:46 PM
ප්‍රංශයේදී අධික උණ නිසා දවස් දෙකක් රෝහල්ගත වුණා. ගාස්තුව ලංකා මුදලින් 95000 පමණ වුණා. එදයි ලංකාවේ අගය නියම විදියට වැටහුනේ (නි)
චමින්ද Wednesday, 16 July 2014 12:51 PM
දරු උපත් ගැන කියූ එක නම් හරියට හරි. මේ යන විදියට ලංකාවට අනාගතයේදී වෙන්නෙත් ඒ ටිකම තමයි. (නි)
සමින්ද Wednesday, 16 July 2014 01:26 PM
එහෙත් මේ රටේ ඉන්න සමහර අය වගේ පාරට බැහැලා මිනිසුන්ට අරියාදු කරන කට්ටිය එහෙ නැහැ. (නි)
පුෂ්පා Wednesday, 16 July 2014 01:46 PM
සෞඛ්‍ය රක්ෂණ තියෙනවානේ? ඉතින් එංගලන්තයට යන්න පුළුවන් අයෙකුට තව පවුම් දෙතුන්සීයක් දීලා රක්ෂණයක් ගන්න පුලුවන් නේද? (නි)
පුක්කුස වීරේ ලන්ඩන් Wednesday, 16 July 2014 02:00 PM
මේ රටේ සෞඛ්‍ය මෙන්ම අනෙකුත් මහජන වැයකිරීම් අඩු කිරීමට නම් කළයුත්තේ මෙහෙ කිසිම රැකියාවක් නොකර ආණ්ඩුවේ පින්පඩිය ලබා ගන්නා අයට එය නොදීම මිස සුළු වශයෙන් පැමිණෙන යුරෝපීය නොවන සංචාරකයන් මත ඒ බර පටවන එක නොවෙයි. (නි)
සුගුනවති Wednesday, 16 July 2014 03:06 PM
අනේ අප්පෝ, කව්ද වලාමේ අර හැඩකාර කෙලි පැටියා (අ)
ෂානි ද සිල්වා Wednesday, 16 July 2014 03:37 PM
ෆොටෝ එකේ ඉන්නේ ඔය වාර්තාව ලියපු එක්කෙනාගේ දුව. (අ)
සමරතුංග Wednesday, 16 July 2014 05:41 PM
මේක පුදුම වැඩක්නේ! (නි)
නන්දන පනාගොඩ මිලානෝ Thursday, 17 July 2014 08:29 AM
ඉහත ඡායාරුපයේ ඉන්නා රූමතිය කවුද? (නි)