IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ලන්ඩන් නුවරට සිංහල චිත්‍රපට

ලන්ඩන් නුවරදී අලුත් සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

මෙහි ආරම්භයක් ලෙස ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ "සමනල සංධවනිය" චිත්‍රපටය පසුගියදා ප්‍රදර්ශනය කරනු ලැබිය.

එම චිත්‍රපට ප්‍රදර්ශනයේ සාර්ථකත්වය නිසා මැයි මාසයේදී නිලේන්ද්‍ර දේශප්‍රිය ගේ " තණ්හා රතී රගා" සහ ජයන්ත චන්ද්‍රසිරිගේ " මහරජ ගැමුණු" චිත්‍රපටයත් තිරගත කරවීම සඳහා කටයුතු කර ඇත.

මෙම චිත්‍රපට දර්ශන පැවැත්වෙන්නේ උතුරු ලන්ඩනයේ හැරෝ නඟරයේ පිහිටි " සෆාරි" සිනමා ශාලාවේදීය. මුල් චිත්‍රපටය මැයි 23 වන සෙනසුරාදා දහවල් 1 ටත් දෙවැන්න මැයි 31 වන ඉරිදා දහවල් 1.30 ටත් පැවැත්වෙයි.

ඉදිරියේදීත් වෙනත් සිනමා කෘතීන් ලන්ඩනයට ගෙන්වා ප්‍රදර්ශනය කරවීම සඳහා කටයුතු කිරීමටත් ලන්ඩන් නුවරින් පිට ප්‍රධාන නගරවල මෙම චිත්‍රපට ප්‍රදර්ශනය කරවීමේ පහසුකම් ඇත්දැයි සොයාබැලීමටත් බලාපොරොත්තුවන බවද සංවිධායකයින් පවසති.

මෙපරිද්දෙන් ලන්ඩන් නුවර සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය කැරුණේ බොහෝ කාලයකට පසුවය. මිට වසර බොහෝ ගණනකට පෙර ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකුවූ ජී.ඩී.එල්. පෙරේරාගේ මුලිකත්වයෙන් සෑම මාසයකම අවසන් ඉරිදා දිනයේදී සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කෙරුණි. ලන්ඩනයේ එවකට සෑම පළාතකම සිනමා ශාලා විවෘත තිබුණද කල් යත්ම අදායම් පහළ බැසීමත් සුපිරි සාප්පු සංකීර්ණයන් තුල සිනමා ශාලා ඉදිවීමත් හේතුවෙන් පැරණි නඟරබද සිනමා ශාලා සියල්ල වසා දමනු ලැබිය. මේ හේතුවෙන් සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය ද නවතා දැමීමට සිදුවිය. 

මෑතක සිට ලන්ඩන් නුවර ප්‍රධාන සිනමා සමාගම් කිහිපයක් මඟින් ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලබන හින්දි සහ දෙමළ චිත්‍රපට එංගලන්තය බෙදාහරිනු ලබයි.

gamunu Thanha

 

 



අදහස් (0)

ලන්ඩන් නුවරට සිංහල චිත්‍රපට

පිනා Friday, 03 April 2015 06:34 AM

ඉන්දියාවෙන් අවසර ගත්තද ? (ස)

:       0       0

මේකලා Friday, 03 April 2015 09:40 AM

ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

සඳරුවන් Friday, 03 April 2015 01:43 PM

ලන්ඩනයේ හුඟක් සමාජ සේවා, ආගමික සංවිධාන ලංකාවේ දුප්පතුන්ට පිහිටවෙන විවිධ පුණ්‍ය කටයුතු සඳහා මීට සමාන දෑ සංවිධානය කරමින් මුදල් එකතු කරනවා. එහෙත් මේ කණ්ඩායම් මොනවද එකතුවෙන මුදල් වලට කරන්නේ? නොදන්නා නිසයි අහන්නේ (නි)

:       0       0

සිරි Friday, 03 April 2015 02:31 PM

සඳරුවන් නගන ප්‍රශ්නය එංගලන්තයේ ඕනෑම වැඩක් කරන අයගෙන් බොහෝදෙනා නිරතුරුවම අසන ප්‍රශ්නයක් නිසා ඔබගේ මේ විමසුම හොඳින් වටහා ගන්නට පුළුවන්. සමහරවිට මුදල් එකතුකරන සියලුම කණ්ඩායම් ඒවා නිසි අයුරින් භාවිතාකරනවාද කියා මට කිව නොහැකියි. නමුත් මා දන්නා හෙළ සරණ, උපන්දින අරමුදල වැනි සංවිධාන මඟින් අගය කලයුතු සහන වැඩ කටයුතු නිහඬව ඉටුකරන බව කිවයුතුයි. මෙම චිත්‍රපට දර්ශන අතරින් "තන්හා රති රගා" අතුල දස්සන පන්සල සඳහා නව ගොඩනැඟිල්ලක් ලබාගැනීමට ආධාර ලබාගැනීමේ අරමුණෙන් සංවිධානය කර ඇතිබව සඳහන් වනවා. එම පන්සල අලුතින් ආරම්භ කල එකක් බැවින් නව ගොඩනැඟිල්ලක අවශ්‍යතාවයක් ඇති නිසා එය වරදක් ලෙස මා දකින්නේ නැහැ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 85 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 771 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1607 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1042 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 440 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 269 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38042 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25051 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 244 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 788 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site