ගිය වසරේ මැයි මාසයේදී චෙන්නායිහිදී ශ්‍රි ලංකා සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය යුවළක් පැහැර ගැනීමක් සම්බන්ධයෙන් ලන්ඩනයේ ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය චෙන්නායි පොලිස් කොමසාරිස් හමු වී සාකච්ඡා කළේය.
බ්‍රිතාන්‍ය පුරවැසි භාවය ලැබු තවරාජා (59) සහ ඔහුගේ බිරිය සලාජා (55) නම් මෙම වැඩිහිටි යුවළ පැහැරගෙන ඇත්තේ ඉන්දියා රුපියල් දෙකෝටි පනස්අට ලක්ෂයක (ශ්‍රී ලංකා රුපියල් පන්කෝටි හතලිස් ලක්ෂයක් ) කප්පමක් කෑම සඳහා බව ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය කියයි.
චෙන්නායි පොලීසිය මේ සම්බන්ධයෙන් නව දෙනකු අත්අඩංගුවට ගත් බවත් ඉන් දෙදෙනකු ශ්‍රී ලාංකිකයන් බවත් කියති.
මෙම යුවළ පැහැර ගැනීමට කුමන්ත්‍රණය කළැයි ලන්ඩන් පොලීසිය ලන්ඩනයේදී ත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම යුවළ තිරුචිරපල්ලපල්ලි කෝවිලට යාම සඳහා පැමිණ සිටියදී පැහරගෙන ඇතැයි කියති.
ලන්ඩනයේ සිටින දියණිය දර්ශනීගෙන් කප්පම් ඉල්ලා ඇතැයිද අත්අඩංගුවට ගත් ඇතැමුන් එම යුවළගේ ලන්ඩන් ආයතනයේ සේවකයන් බවද කියති.
කප්පම්කරුවන් හා ඇය සමඟ පැවැති දුරකතන කතා බහ පටිගත කැර ඇය ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසියට දී ඇත.
ලන්ඩනයේ පැවැත්වෙන නඩු විභාගයට සාක්කි හා ලේඛන සොයා ගැනීම සඳහා ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය චේන්නායි නුවරට පැමිණියේය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලන්ඩන් පොලීසිය චෙන්නායි තොරතුරු ගනී
සත්‍යයා Thursday, 13 February 2014 05:17 AM
දකුණු ඉන්දියාවේ දේශපාලනයක් මෙතනට ඇද ගෙන මුව හැමට තලන්න උත්සාහ කරන්න එපා. අපේ පාලකයෝ බ්‍රිතාන්‍යට බැණ වදින්න කියල ජනතාවට උගන්වන නිසා බ්‍රිතාන්‍යයෙන් හොඳ වැඩක් වෙනකොටත් ඒක දකින්න තරම් විචක්ෂණ වෙන්න අපේ මිනිසුන්ට බැහැ. ලංකාවට විසඳගන්න බැරි අපරාධ පිලිබඳ ප්‍රශ්නවලදී අපට උදව්වෙන්නෙත් ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය බව අමතක කරන්න එපා. (අ)
සංජු Wednesday, 12 February 2014 06:05 PM
චේන්නායි නුවරට....?චේන්නායි කවදද නුවරක් උනේ මහා ජරම පැත්තක්.... (දී)
ද සිල්වා Wednesday, 12 February 2014 06:58 PM
දකුණු ඉන්දියාවේ ඉඳගෙන ශ්‍රිලංකාවේ ද්‍රවිඩ ජාතිකයන්ගේ මානව හිමිකම් ගැන කියමින් කිබුල් කදුළු හෙලන අය දැන් මොකද කියන්නේ ? (නදී)