IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ලන්ඩන් බණ අහන්න මහ සෙනඟක්

පසුගිය බදාදා ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයෙදී පැවැත්වු ධර්මදේශනාවකට සවන්දීමට පැමිණි යුරෝපා ජාතිකයින් ඇතුළු පිරිසකගෙන් පන්සලේ අස්සක් මුල්ලක් නෑර සියලු ඉඩ කඩ පිරී ඉතිරී ගියේය.

ඕස්ට්‍රේලියාවේ බෝධිඥාන විහාරස්ථානාධිපති  සංඝපීතෘන් වහන්සේ නමක් ලෙස සුප්‍රසිද්ධ  අජාන් බ්‍රහ්මවම්සෝ හිමියෝද දේශන පැවැත්වුහ.

ලන්ඩන් බෞද්ධ විහාරය පිහිටුවා ඇති චිසික් නගරයට යාබද ඇක්ටන් නගරයේ මධ්‍යපන්තික පවුලක උපත ඒ හිමියෝ කුඩා කාලයේ ගමේ පාසලෙන් ඉගෙනුම ලබා ශිෂ්‍යත්වයක් දිනා කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට ඇතුළුවී න්‍යායික භෞතිකවිද්‍යාව හදාරා උපාධියක් දිනාගත්තේය.

වයස අවුරුදු විසි තුනේදී තායිලන්තයේ අජාන් චා බෝධිඥාන මහ තෙරුන් වෙතින් පැවිදි උපසම්පදාව ලැබූ  බ්‍රහ්මවම්සෝ හිමි වසර නමයක් වනවාසීව ධර්මය ගැඹුරින් උගත්හ.

උන්වහන්සේ ඕස්ට්‍රේලියාවේ බෞද්ධ සංගමය ඇතුළු බොදු සංවිධාන රැසක උපදේශක තනතුරුද හොබවති.

සරල පැහැදිලි ඉංග්‍රීසි බසින් බුදුදහමේ ගැඹුරු තැන් පිලිබඳව සාමාන්‍ය ජනයා හට මනා අවබෝධයක් ලැබෙන ආකාරයට ධර්මදේශනා පැවැත්වීම සම්බන්ධයෙන් බ්‍රහ්මවන්සෝ හිමියෝ ප්‍රකටව සිටිති.

එංගලන්තයේ විවිධ නගරයන්හිදී බෞද්ධ විහාරස්ථාන, විශ්ව විද්‍යාල සහ අනෙකුත් ප්‍රජා සහ ආගමික සංවිධානයන්ගේ මෙහෙයවීමෙන් ඔක්තෝබර් මාසය පුරා දිනපතා උන්වහන්සේගේ ධර්මදේශනා පැවැත්විණි.

ලන්ඩන් බෞද්ධ විහාරයේ පැවැත්වුයේ එම චාරිකාවේ අවසන් ධර්ම දේශනයයි.

ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල නාහිමියෝ බ්‍රහ්මවම්සෝ හිමියන් පිළිගත්හ. පුණ්‍යාණුමෝදනාවද කළහ.

 2 3 4.jpgl; 6 7.jpgl 8 9 14 15 16

 

 



අදහස් (0)

ලන්ඩන් බණ අහන්න මහ සෙනඟක්

යාසීර් Saturday, 01 November 2014 11:20 AM

පිට රට ඉන්න අය ගැන ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

සෙත්මී Sunday, 02 November 2014 02:56 AM

මේ පින්තුර ටික දැක්කම මුළු සිතම පහන් වුනා වගේ දැනුනා. බුදු හඩ. බුදු බණ නොඅඩුව ලොවට ඇසේවා (නදී)

:       0       0

සිරිසේන Saturday, 01 November 2014 12:43 PM

ලන්ඩන් බෞද්ධ විහාරය කියන්නේ අනගාරික ධර්මපාල තුමන් දුර දක්නා නුවනින් යුතුව මීට වසර 88 ටකට පෙරා ආරම්භකළ අදට යුරෝපයේ ප්‍රමුඛ ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානය බවට පත්ව ඇති අගනා විහාරස්ථානයයි. එමඟින් බටහිර ජාතීන් අතර නිර්මල බුදුදහම ප්‍රචලිත කරවීද්ම සඳහා අනුපමේය සේවයක් ඉටු කෙරෙනවා.(හේ)

:       0       0

පැතුම් Saturday, 01 November 2014 03:50 PM

මේ හාමුදුරුවන් ඉතා හොදින් දහම් කරුණු පැහැදිලි කරන බව අසා තියෙනවා.(හේ)

:       0       0

චම්පික Friday, 31 October 2014 03:05 PM

‍සාධු සාධු! සිල් සුවඳ බුදු සුවඳ මේ ලොව පුරා පැතිරේවා! (නි)

:       0       0

රජින්ද Saturday, 01 November 2014 04:55 AM

බොදු ඉතිහාසයේ තවත් එක් අසිරිමත් මොහොතක්.! (හේ)

:       0       0

නිහාල් Friday, 31 October 2014 03:12 PM

පන්සලට ගැළපෙන විදියට මෙම කාන්තාවන් ඇඳුම් ඇඳගෙන ඒම සතුටක්.සමහර රටවල (ටිකදෙනෙක්) කාන්තාවන් අධික සීතලෙත් එන්නේ, විනිවිද පෙනෙන කලිසම් ඇඳගෙන. අප්‍රසන්නයි....මේවාට අවවාද දී නිවැරදි කළයුතුයි (නි)

:       0       0

වසන්ත Saturday, 01 November 2014 05:09 AM

බුද්ධා ලම්බන ප්‍රීතිය සිතට දැනෙනවා.(හේ)

:       0       0

දිල්ෂාන් Friday, 31 October 2014 03:41 PM

ඇත්තටම හොඳ වැඩක්. සාධු සාධු! (නි)

:       0       0

විද්‍යා Friday, 31 October 2014 03:52 PM

හාමුදුරුවගේ ධර්මය අසා තිබෙනවා නම් සෙනඟ තව ඕනෑතරම් පැමිණේවි. උන්වහන්සේගේ ධර්ම දේශනා අන්තර්ජාලයේ තිබෙනවා (නි)

:       0       0

සරණ Friday, 31 October 2014 04:14 PM

උපතින් බෞද්ධ වූ ලක්ෂ ගණන් ජනතාව පන්සිල්වත් නොරැක සැබෑ බෞද්ධ දර්ශනයෙන් පරිබාහිර දේ මූලික කොටගෙන ජීවත්වෙද්දී, උපතින් බෞද්ධ නොවූ පින්වතුන් මේ උතුම් දර්ශනය තේරුම්ගෙන සැනසීම ළඟාකර ගන්නවා. (නි)

:       0       0

සී.ගංගොඩ Friday, 31 October 2014 05:16 PM

ලොව පවතිනා තුරු, බුදුසසුන බැබළේවා!!! (නි)

:       0       0

කමල් Friday, 31 October 2014 05:50 PM

සාධු සාධු සාධු!!! (නි)

:       0       0

නිහාල් Friday, 31 October 2014 05:54 PM

හරිම සතුටුයි! (නි)

:       0       0

ශ්‍රීලාල් Friday, 31 October 2014 06:06 PM

ලන්ඩන් වල තිබෙන මෙම පන්සල නිසා සුදු ජාතිකයින් අතර පවා විශ්වාසය ගොඩනැඟුන‍ා. පන්සලේ සිටින නායක ස්වාමීන් වහන්සේ ඇතුළු අනෙකුත් ස්වාමීන් වහන්සේලාගේ අවංකභාවය සහ මහත් කැපවීම නිසා මෙම ස්ථානය මුළු යුරෝපයේම ගෞරවයට පාත්‍ර වී ඇත (නි)

:       0       0

රෝහිත් Saturday, 01 November 2014 08:52 PM

18 දා කැනඩාවේ දවසක්ම භාවනා වැඩසටහනක් තිබුනා. ස්වාමින් වහන්සේ හරිම සරල වගේම ආශාවෙන් එය සිදුකළා.තව තවත් එවනි වැඩසටහන් කරන්න ලැබේවායි ප්‍රාර්ථනා කරමි! (නි)

:       0       0

සිල්වා ලන්ඩන් Saturday, 01 November 2014 09:37 PM

ඇත්තටම හොඳ වැඩසටහනක් (නි)

:       0       0

කරුණාරත්න Friday, 31 October 2014 09:17 PM

මම කවදාවත් මේ පන්සලට ගිහිල්ලා නැහැ. (නි)

:       0       0

වසන්ත Saturday, 01 November 2014 08:34 AM

ඇත්තටම හොද වැඩ සටහනක්.(හේ)

:       0       0

රොකී Saturday, 01 November 2014 01:35 AM

ධර්ම දේශනා පවත්වන එකත්, ධර්මය අසන එකත් අපේ බෞද්ධයන් බොහොම උසස් හැටියට සළකනවා. නමුත් වැඩිදෙනා ඒවා පිළිපදිනබවක් නම් අපේ ධර්මද්වීපයේ සිද්ධවෙන දේවල් වලින් පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

සුපුන් Saturday, 01 November 2014 01:40 AM

බුදුන් වහන්සේගේ ධර්මය බුද්ධිමත් මිනිසුන් සඳහායි කියන්නේ ඒකතමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 2 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 3 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 15 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 58 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 68 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2344 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38315 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site