IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ලන්ඩන් මහමෙව්නා වෙසක් පිංකම 25

ලන්ඩන් නුවර මහමෙව්නාව භාවනා අසපුව මගින් මෙවරත් උතුම් සම්බුදු තෙමඟුල සිහිපත් කරවමින් වෙසක් පුන් පොහොය දිනයේදී (25) අසිරිමත් වෙසක් මංගල්‍යය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සැරැසේ .

අසපු සෙවනේදී වෙසක් පොහෝදා දාන, ශීල ,බණ භාවනා වැඩ සටහන් මාලාවක්ම පැවැත්වේ. එදින සිල් සමාදන්වන දරු දැරියන් වෙනුවෙන්  ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා ඉංග්‍රීසි භාෂාවෙන්ද පැවැත්වීමද යයි.

අසපුවාසී ස්වාමීන් වහන්සේලාගේ සිරි සම්බුදු බෝධි වන්දනාවෙන් පිංකම සමාප්ත වෙයි.

ලන්ඩන් නුවර මහමෙව්නා අසපුව සඳහා ශ්‍රී ලංකාවේදී නිර්මාණය කරන ලද බුදු පිළිම වහන්සේ අභිනව බුදුමැදුරෙහි තැන්පත් කිරීමද වෙසක් පුන් පොහොය දිනයේදී සිදුකිරීමට කටයුතු සුදානම් කර ඇත.

ලන්ඩන් නුවර මහමෙව්නා භාවනා අසපුව පිහිටුවා කෙටි කාලයක් ඇතුලත ශ්‍රී ලාංකික මෙන්ම අන් ජාතික  බෞද්ධ සැදැහැවතුන් විශාල පිරිසකගේ ආකර්ෂණය දිනාගැනීමට සමත්වී තිබීම විශේෂත්වයකි. මේ නිසාම අසපු මුලස්ථානයට අමතරව ඉන් පිට දුර බැහැර  ප්‍රදේශවල ජීවත්වන සැදැහැවතුන්හට සහභාගීවීම සඳහා පහසුවන අන්දමට සති අන්තයේ ලන්ඩනය අවට වෙනත් ස්ථාන කිහිපයකම බණ භාවනාදී පින්කම් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 



අදහස් (0)

ලන්ඩන් මහමෙව්නා වෙසක් පිංකම 25

ආරච්චි Monday, 13 May 2013 12:44 PM

පිටිගල මිලානෝ මහත්මයා, එය සතියක් ඔබත් ගුවන් තොටුපල වෙත ගිය දිනයක එය වන්දනා කරන්න පිනක් උපදවා ගන්න පුළුවන්. ඇද හෙව්වම පින් රැස් වෙන්නේ නැහැ.දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහිත සම්පුර්ණ බුදු පිළිමයක් එහි වැඩ ඉන්නවා දැක බලා සතුටු වෙන්න. තෙරුවන් සරණයි! (නි)

:       0       0

රංජනී Sunday, 12 May 2013 11:28 PM

සුසිල්,සහතික ඇත්ත ඔයා කියන්නේ. අපි යන්නේ නැත්තේ ඒකනේ. හැබැයි හැමෝම එහෙම නැහැ. (නි)

:       0       0

සුසිල් මිලානෝ Monday, 13 May 2013 01:38 PM

කෙනත්,සදුන්,සියලු දෙනා පින්වත්නම් මොකටද විශේශයෙන් ලියන්නේ. තමන්ගේ සීලය හුවා දක්වන්නේ සිල් අඩු අයයි.ඔය වෙනත් විදියකින් කියන්නේ අපි අනෙත් අයට වඩා සිල්වත් ඒ නිසා අපි ලගට එන්න කියලනේ. තමන්ට ආවෙනික පද වචන භාවිතා කරමින් කරන්නේ තමන්ගේ කන්ඩායමක් හදා ගන්න එක. ඔය මහමෙව්නා අස්පුවලින් ගොඩක් යුරොපයේ බෞද්ධයො බෙදලා අවසන්.ආරන්ය ගත වෙලා කරන්න ඕනේ දෙවල් ලන්ඩන් පෑරිස් මිලනෝ කරන්න ගියාම ගෑටුම් වෑඩි වෙනවා. මටනම් මහමෙව්නාව පෙනෙන්නේ බෞද්ධ ප්‍රොතෙස්තන්ත්‍ර ව්යාපාරයක් විදියටයි. අද ලෝක ප්‍රවනතාවය ශක්තිමත් අය කඩලා බලය බිදින එකනේ. (ස)

:       0       0

සදුන් Monday, 13 May 2013 12:39 AM

ස්වාමින් වහන්සේ කෙනෙක් වෙනවා කියන්නේ ගොඩක් පින්වත් කෙනෙක් කියන එකමනේ. හිතන්න ඕනෑ ඒ ස්වාමින් වහන්සේලා නිසා කී දෙනෙකුගේ හිත් සැපවත් වෙනවද සාමයෙන් පිරෙනවද කියලයි සුසිල් මහත්තයා. තෙරුවන් සරණයි....!!!! (නි)

:       0       0

පාරු Monday, 13 May 2013 01:50 PM

'පින්වත් මහණෙනි ' කියලා බුදුන් නිතරම ඇමතු හැටි සුත්‍ර දේශනා වල තියෙනවා. පුදුම මෝහයක් ඉරිසියාවක් මේ අයට... ඇයි මේ ? සමගි වෙන්න අපි විනාශ වෙලා යන්න ඉස්සර. (නි)

:       0       0

නන්දා Monday, 13 May 2013 01:22 AM

අපෙ රටේ දුෂ්කර ප්‍රදේශවල අමාරුවෙන් කැපවී දුප්පත් ජනතාවට සේවය කරන හිමි වරුන් අමතක කරන්න එපා.(නදී)

:       0       0

ආරච්චි Monday, 13 May 2013 02:24 AM

සුසිල්, ඔයා අනුමෝදන් වෙන්න පුරුදුවෙන්න. නැත්නම් හිස් අතින් තමයි යන්න වෙන්නේ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 13 May 2013 04:33 AM

මත්තල ගුවන් තොටුපලේ ඇති 'ශ්‍රී සම්බුද්ධ පිළිම වහන්සේ' එහි වැඩමවන ලද්දේ මහමෙව්නා අසපුවෙන් යයි කියන්නේ සත්‍යක්ද? අවිද්‍යාවෙන් පෙලෙන බොහෝ අපිට මෙයට හේතුවක් තිබේ නම් කවුරු හෝ පැහැදිලි කරන්න.(නදී)

:       0       0

කෙනත් Monday, 13 May 2013 05:28 AM

අනේ සුසිල් මෝඩකම ලෝකෙට පෙන්වන්න එපා , සම්බුදු දහම ඒ අයුරින්ම බෙදාදෙන සිල්වත් ඕනෑම බුද්ධ පුත්‍රයෙකු සිල්වත් තමයි. මෙතන දාලා තිබෙන්නේ මහමෙව්නාවේ වෙසක් පිංකම නිසා තමයි 'මහමෙව්නාවේ පින්වත් ස්වාමින් වහන්සේලා' කියලා ලියලා තිබෙන්නේ. ඔයා ඒ තුලින් වෙන වෙන ඒවා ඔලුවේ දාගත්තට අනිත් අය මොනවා කරන්නද. අනෙක මේ වගේ දෙයක් අහල සාදුකාර දීමත් පින් පහල කරන්නක් බව ඔයාට ඔයාගේ ඉරිසියාව හින්ද අමතක උනානේ, අවසනාවක තරම! ඔය අදුරෙන් එලියට එන්න බලන්න මේ වෙසක් පොහොය දවසේවත්.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Monday, 13 May 2013 02:55 PM

පින්වතාණෙනි, මම ඇද හෙව්වා නොවේ. සම්බුදු හිමියන් දෙසු පරිදි විචක්ෂණ බුද්ධියෙන් ප්‍රත්‍යක්ෂව දැනගන්න අවශ්‍ය වුනේ 'නා මලෙන්' උපන් කුමාරයෙක් වත් 'මහමෙවුනාවේ පිරිසත්' අපේ යැයි කියාගන්න අටවපු උගුලක්ද කියලයි. මෙවැනි තැනක 'ශ්‍රී සම්බුද්ධ පිළිම වහන්සේ' නමක් වැඩ හිදුවනට වඩා නරකද ලංකාවේ නැගෙනහිර පළාතේ කුමන වැනි දුෂ්කර ප්‍රදේශ වල එදා දානේ වේලවත් ලැබෙන්නේ නැති නමුත් 'උට්ඨාන වීර්යයෙන්' චිරාත් කාලයක් දුෂ්කරව වැඩ වසන හිමි වරුන්ට ඔබලාගේ 'අතිරික්තයෙන්' දාන සලාකයක් වත් දුන්නා නම්? බුද්ධ දේශනාවට වඩා එකග කුමක්ද යන්න තේරුම් ගනිත්වා. (නි)

:       0       0

ප්‍රසාද් Monday, 13 May 2013 09:27 AM

ලංකාදීප පුවත් පතට බොහොම පින් මෙම පින්බර පණිවිඩය අප වෙත ගෙන ආවාට. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. නමෝ බුද්ධාය ! (ස)

:       0       0

අජිත් Monday, 13 May 2013 09:38 AM

කෙනත්, ඔබ හරියටම හරි (නි)

:       0       0

මනෝජ් Monday, 13 May 2013 10:31 PM

සාදු .... සාදු.... සාදු ....! (නි)

:       0       0

මංජු Sunday, 12 May 2013 05:57 PM

ඔබ සියලු දෙනාටම තුනුරුවන් සරණි. (නදී)

:       0       0

සේරම් පැරිස් Sunday, 12 May 2013 06:13 PM

අපි ලංකාවෙන් පිට ගියත් මේ දේවල් අමතක නොකර කරන එකට. අපි ඔබලාට සුබ පතමි. ඔබ සැමට තුනුරුවන් පිහිට ලැබේවා.(නදී)

:       0       0

ලසන්ත Monday, 13 May 2013 10:22 AM

සේනාව ආවලුද? (නි)

:       0       0

කවීෂා Monday, 13 May 2013 10:25 AM

නමෝ බුද්ධාය ! (නි)

:       0       0

සුසිල් Sunday, 12 May 2013 06:35 PM

මේ අසපුවල විතරද පින්වත් ස්වමීන් වහන්සෙලා ඉන්නේ. අනිත් ස්වාමීන් වහන්සෙලා පින්වත් නොවේද? මේවාගෙන් කෑපී පෙනෙන්න හදන අය ගොඩයි. (නදී)

:       0       0

කෙනත් Tuesday, 14 May 2013 02:54 AM

අවසනාවක විපත , කමක් නෑ සුසිල් ඔයා ඕන එකක් හිතාගන්න. ඔයාට එහෙම හිතෙනවා නම් ඔයා නොයා ඉන්න. ඒකට අපි කව්රුත් මුකුත් කියන්නේ නැහැ. කොහොමත් ඔබ මහමෙව්නාවට තබා මොන පන්සලකටවත් යනවද යන්න අපි දන්නේ නැහැ. නමුත් ඕනෑම සිල්වත් ධර්මධර විනයධර බුද්ධ ශ්‍රාවකයන්ට අවමන් කිරීමත්, මෙවන් සිද්ධියක් අසා සිතෙහි තෙරුවන් ගැන කෙනෙකුගේ හිතේ පහළවෙන ශ්‍රද්ධාවට හානි වෙන අයුරින් චේතනා සහිතව ලියන නිසාත් ඔබ මහත් වූ අකුසල් රැස්කර ගන්නවා. අනෙක මොනවා කැවිලද ඔයාට ? පින්වත් ස්වාමින් වහන්සේලා කිවූ පමණින්ම මේ තරම් ක්‍රෝධ ඊර්ෂයාවකින් බැනගෙන යන්නේ? ලිපිය නැවත කියවා බලන්න. "මහමෙව්නාවේ පමණක් වෙසෙන පින්වත් ස්වාමින් වහන්සේලා" කියලා එකේ ලියල තිබෙනවද කියලා. මන් හිතන්නේ ඔයාගේ හිතේ කහට නිසා එහෙම පෙනිලා ඇති. ඒකේ තිබෙන්නේ "මහමෙව්නාවේ පින්වත් ස්වාමින් වහන්සේලා" කියලයි. ඒකෙන් කියවෙනවද අනෙක් ස්වාමින් වහන්සේලා දුසිල් කියලා? පිංකම වෙන්නේ කොලඹ ගංගාරමයෙදී නම් "ගංගාරාමයේ පින්වත් ස්වාමින් වහන්සේලා " කියල ලියාවි. මොකක්ද ප්‍රශ්නේ මෙතන.(නදී)

:       0       0

කෙනත් Tuesday, 14 May 2013 03:13 AM

සුසිල්, සීලය හුවා දැක්වීම එකක් සීලයට නමස්කාර පුර්කව ගරු කිරීම එකක්. අනෙක හුවා දැක්වීම නොවෙයි උතුම්, මතුකර දැක්වීමයි වඩා උතුම්. මතුකර දක්වන්නේ මතුකරන්න තරම් වටිනා එකක් තිබෙනවානම් පමනයිනේ! ඉතින් එහෙම තිබෙනකොට මතුකරලා, විවරකරලා, අලෝකමත්කරලා දෙව් මිනිස් සහිත ලෝකයට මනාව පෙන්වීම බුද්ධිමත් කරුණු කරන අවබෝධකර ගැනීමට සමත් ලෝකයටම වැඩදායකයි නේද? ශ්‍රද්ධාවේ නොපිහිටියවුන් ශ්‍රද්ධාවේ පිහිටීමටත්, ශ්‍රද්ධාවේ පිහිටියවුන් එහි මනාකොට ඔපනම්වා ගැනීමටත් සිල්වත් ආර්ය මහා සඟ රත්නය දැකීම තුලින් පවා අවස්ථාව උදාකරගත හැකියි. ඉතින් මේ වගේ අනගි උතුම් සිදුවීමක් කර පෙළගැසෙන්න මේ පළකර ඇති පුවත මේ විකාර රූපී සමාජ ලෝක ක්‍රමය අස්සේ මතුවෙන ආශීර්වාදයක් ලෙස මම දකිමි. කලකට පස්සේ මේ මහා බද්ධ්ර කල්පයේ සතරවෙනුව පහළවුණු ගොඋතම සම්බුදු රජුන්ගේ ශ්‍රාවක පෙළගැස්මක් , සසර දුක් නිවාලන සදහම් වැස්සක් මෑතකාලයේ ලෝකයට ඉස්මතු වුනේ මේ වැඩපිළිවෙල ඔස්සේයි. මේ සදහා දායක වෙන උතුම් පින්වත් ස්වාමින් වහන්සේලාටත් , ගිහි පින්වත් උවැසි උවසියන්ටත් , මේ සදහා උපකාර වෙන සියලු දෙවියන්ටත් මේ පිංකම උත්කෘෂ්ට අයුරින් කිරීමට සියලු බාධා මගහැරී, ශක්තිය ආරක්ෂාව ලැබේවායි අපි පතමු.(නදී)

:       0       0

සහන Tuesday, 14 May 2013 03:27 AM

පිටිගල , ඒක හොදයි තමයි. ඉතින් අපි ඒක කරමු. මේ වගේ උතුම් පින්කම් නවත්වලා ඒක කරමු කියන එකේ තේරුමක් නැහැනේ. ඔහොම හිතුවා නම් එදා රජවරු අද අපට රුවන්වැලි සෑය, මිරිසවැටිය, සමාධිය ,අවුකන මුකුත් නැහැ. ඒ සල්ලි වලින් වෙන වැඩ කරලා තියෙයි. ඔන්න එහෙනම් ඔබ යෝජනා කරන නිසා ඔබ එය සංවිධානය කිරීමේ මුලිකත්වය ගන්න. අපි ඔක්කොම ඒ පින්කමත් කරමු. (නි)

:       0       0

ෆායිස් Tuesday, 14 May 2013 03:32 AM

සරලව බුද්ධාගම, භාවනාව කියාදෙන නිසා අපිටත් අහන්න පුළුවන්. මගේ හිත ඇදගත් එකම තැන මෙයයි. ඒ කාලේ බුදුහාමුදුරුවන්ටත් බැන බැන යන්න ඇති මේ පිටිගල , සුසිල් වගේ කට්ටිය. නේද ? (නි)

:       0       0

සදුන් Tuesday, 14 May 2013 03:35 AM

සුසිල් මහත්තයා, එහෙමනම් බුදුරජාණන් වහන්සේටත් වරදින්න ඇති තමන් වහන්සේගේ ගුණ ගැන උන් වහන්සේම වදාළේ. තමන් සිල්වත් පින්වත් කියලා බයක් සැකක නැතුව කියන්නත් ලොකු ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනෑ. හැමෝටම ඒක කියන්න ‍‍ධෛර්යය නැහැ. කොහොම වුණත් උන් වහන්සේලා සාමයෙන් ශ්‍රද්ධාවෙන් කරන සේවයේ අඩු තැන සොයන්නේ නැතුව හැමෝම හැකි පමණින් අඩු ගානේ තමන්ගේ පවුලේ අයටවත් ධර්මය කියලා දීලා රටට සේවයක් කරමු. තෙරුවන් සරණයි (නි)

:       0       0

සාලිය වික්‍රමසුරිය Sunday, 12 May 2013 09:05 PM

සුසිල් මහත්මා, ඔබ හරි. අත්තුක්කංසන පරවම්භන (තමන් සිල්වත් කියාගන්නා බව හා අනුන් පහතයයි) චින්තනය භික්ෂුවත් වුවත් අපායට ගෙන යනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1657 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 271 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4568 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 478 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 633 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2205 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site