මහා බ්‍රිතාන්‍යයේ මහමෙව්නා අසපුවේ වෙසක් පිංකම සැදැහැවතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. එතරම් පිරිසක් සඳහා විහාරස්ථානයේ ඉඩපහසුකම් සැපයීම අසීරුවූ නිසා පිංකම පවත්වන ලද්දේ ඒ අසල පිහිටි සුවිසල් ශාලාවකය.
පිංකම ආරම්භවූයේ උදෑසන හතට මහමෙව්නාව අසපුවෙහි බුදුදහම හදාරන දරු දැරියන් සියයකට වැඩි ප්‍රමාණයක්ද වැඩිහිටි දායක කාරකාදීන් හයසීයකට වඩා වැඩි ප්‍රමාණයක්ද අටසිල්හි පිහිටුවීමෙනි. උදෑසන කිරිපිඬු දානය සහ ඉන්පසු පැවැත්වූ සම්බුදු ගුණ සිහිපත් කිරීම සඳහා දහසකට වැඩි සැදැහැවතුන් පිරිසක් එක්වුහ.
මහමෙව්නාවේ නිර්මාණශිලී තරුණ දායකයන් පිංකම පැවැත්වූ ශාලාව ඉතාමත් අලංකාර අන්දමට සකස්කර තිබුනේ ලන්ඩනයේ මහමෙව්නාව භාවනා අසපුව සඳහා ශ්‍රී ලංකාවේදී විශේෂයෙන් නිර්මාණයකරනලද බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩමවා අලංකාර බුදුකුටියක් ශාලාව මධ්‍යයේ නිර්මාණයකිරීමෙනි. බුදුරජාණන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ විදහා දැක්වෙන අන්දමට මෙම නව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කර ඇත්තේ මහමෙව්නා අසපු ලොකු ස්වාමීන්වහන්සේ වන කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ගේ උපදෙස් හා මගපෙන්වීම යටතේය.
සිල් සමාදන්වූ දරු දැරියන් වෙනුවෙන් මහමෙව්නා අසපුවේ අර්ථවත් වැඩසටහන් සුදානම්කර තිබිණි. ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වූ මෙම වැඩසටහන් අතරට දරු දැරියන් විසින් බුදුදහම පිළිබඳ ඔවුන්ගේ දැනුම විදහා දක්වන කතා සහ දේශන මෙන්ම භාවනාමය වැඩසටහන්ද ඇතුළත් විය.
දැනට ලන්ඩන් අසපුවේ ස්වාමීන්වහන්සේලා හතර නමක් වැඩ සිටිති. උන්වහන්සේලා සහභාගීවූ වේදල්ල ධර්ම සාකච්ඡාවෙන් බුදුන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය ඉගෙනගැනීමේ අවස්ථාවද පිංකමට සහභාගීවූ සියලුදෙනාටම ලැබිණි.
පිංකම අවසාන කරනලද්දේ සිරි ගෞතම බෝධි වන්දනාවෙනි.
මහමෙව්නා අසපුවටම ආවේනිකවූ අන්දමට පිංකමේ කටයුතු ඉතාමත් කාර්යක්ෂම අන්දමට පැවැත්වුණ අතර ඒ සඳහා සහභාගීවූ සියලුමදෙනාත්, න්කමට සහභාගීවූ සියලුම ගිහි සැදැහැවතුන් ශ්වේතවර්ණ රෙදිපිළි පමණක් ඇඳසිටීමද විශේෂයෙන් කැපී පෙනිණි.
වෙසක් පුන් පොහොය වෙනුවෙන් මහමෙව්නා අසපු භුමිය මනරම් වෙසක් පහන් කුඩු රැසකින් අලංකාර කර තිබිණි.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලන්ඩන් මහමෙව්නා වෙසක් පිංකම
ලසන්ත Monday, 27 May 2013 11:12 AM
විචිත්‍රවත් දර්ශනයක්.....මිනිසුන්ගේ ආධ්‍යාත්මය සුවපත් වේවා! බුදු සසුන ලොව බැබලේවා! (නි)
සම්පත් Monday, 27 May 2013 04:53 PM
සාදු!සාදු!සාදු! අපගේ ගෞතම බුදු සමිදාණෙනි, මේ ඔබගේ යුගයයි! (නි)
දිනේෂ් Wednesday, 29 May 2013 07:13 AM
"මහමෙව්නාව මට සුන්දර වූ ලැබීමකි. ලොවට රම්‍ය වූත්, සුරම්‍ය වූත් දායාදයකි. දෙවියන්ටත්, මිනිසුන්ටත් යහපතම උදා කර දෙන්නකි. ඒ නිසා මේ සුන්දර වූ දායාදය ලොව බොහෝ කලක් පවතීවා...! බොහෝ අයට හමුවේවා...! (නි)
තමාරා Monday, 27 May 2013 05:18 PM
බුදු දහම මුළු ලොවම් බැබලේවා එම දහම අවබෝදයෙන් සියලු මනුෂයෝ නිවන් මග සාක් සත් කරගනිත්වා සාදු සාදු සාදු.(නදී)
යූ.ඒ.හෙට්ටි ආරච්චි Monday, 27 May 2013 12:40 PM
මෙවැනි ශාසනික සේවවාක් මෙන්ම ධර්ම ප්‍රචාරක කටයුතු ලොව පුරා සිදු කරන මහමෙව්නාවට ඇතැමුන් බුදුදහම විනාශ කරනවා යැයි චෝදනා කිරීම කෙතරම් ඊර්ෂ්‍යාවකින් පවසන ලද්දක්දැයි මට සිතේ.. (නි)
ජොනී Monday, 27 May 2013 06:51 PM
නමෝ බුද්ධාය....අනුමෝදන් වෙමි.(නදී)
අමර Monday, 27 May 2013 01:16 PM
සාධු...සාධු...සාධු...
පියල් උපසේන Monday, 27 May 2013 01:38 PM
සාදු !!! සාදු !!! සාදු !!!(නදී)
අමාලි සිල්වා Monday, 27 May 2013 01:46 PM
ලංකාවෙන් පිට කරන මේ වගේ වැඩ අපි අගය කළ යුතුය. සතුට සාමය ලොව පුරා පැතිරේවා! නිර්මල බුදු දහම සදා කල් පැවෙත්වා! (නි)
සරත් Monday, 27 May 2013 02:06 PM
මම හිතුවේ ලන්ඩන් නිසා සුදු ජාතිකයෝ ඇති කියලා. බැලුවාම මේ ඔක්කොම ලංකාවේ බෞද්ධ ජනතාවනේ. කොහොම වුණත් වැඩේ හොදයි (නි)
සමරසේකර Monday, 27 May 2013 02:08 PM
සාධු සාධු සාධු !(නදී)
ප්‍රදීප් Monday, 27 May 2013 02:13 PM
සාදු !සාදු !! සාදු !!! අනුමොදමී.(නදී)
ප්‍රසාද් Monday, 27 May 2013 02:14 PM
සුන්දර දසුන් පෙළක්. ලංකාදීප පුවත්පතේ සියලු දෙනාටම අප්‍රමාන පින් සිදු වේවා. නමෝ බුද්ධාය!(නදී)