IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘ලොන්ඩරි ජනමාධ්‍යයක් එපා‘

පසුගිය රජය කාලයේ ලොන්ඩරියක් බවට පත්වූ ජනමාධ්‍ය අමාත්‍යංශය ඒ තත්ත්වයටම පත්වුවහොත් මහජනයාට ඉන් කිසි වැඩක් නැතැයි සාධාරණ හෙටක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ ජන මාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා වැඩ බාරගැනීමේ උත්සවයේදී පැවසූහ.

හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාද පැමිණ සිටියේය.

නා හිමියන් එසේ කියද්දී ඔහුට ඉබේම සිනා පහළ විය.

කාටූන් ශිල්පීන් බොහෝ විට එදා කෙහෙළිය හැඳින්වූයේ ඔහු ජනපති ලොන්ඩරියේ රෙදි පොට්ටනි අපුල්ලන්නකු බවටය.

‘‘ජනමාධ්‍ය අමාත්‍යංශය එදා අපට එපා වෙලා තිබුණේ. එහෙම අමාත්‍යංශයක් නම් යළිත් එපා‘‘ යැයිද සෝභිත හිමියෝ කීහ.

RDS_0029 RDS_0074

 

 



අදහස් (0)

‘ලොන්ඩරි ජනමාධ්‍යයක් එපා‘

කුමාර Friday, 16 January 2015 09:03 AM

මොනවද මේ වෙන්න යන්නේ ? (නදී)

:       0       0

තිලක් -ඩුබායි Friday, 16 January 2015 09:04 AM

බිමල්, ලංකාදීපය හැරුන කොට අපි රටේ සිද්ද වෙන සත්‍ය දැන ගත්තේ අන්තර්ජාලයෙන්. ලංකාවේ අසරණ මිනිසුන්ට සත්‍ය දැන ගැනීමේ අයිතිය සහමුලින්ම ඉවත් කරලයි තිබුනේ. හරියට ඉස්සර මිනීමරු ප්‍රබාකරන්ගේ කාලේදී අසරණ දමිල මිනිසුන්ගේ එකම ගැලවුම්කාරයා, එකම වීරයා කරවල තිබුනේ මිනීමරු ප්‍රබාකරන් පමණයි වගේ. (නදී)

:       0       0

රෝහණ Friday, 16 January 2015 09:05 AM

ගාල්ල කියන විට මතක් වෙන්නේ වැඩ බැරි උදවිය ගැන. ඒ වුනාට එජාප මාධ්‍ය ප්‍රකාශක ලෙස ගයන්ත නිපුනතාව ඇති දේශපාලකයෙක්. ඒ නිසා ගයන්තට මේකෙන් ජය ගන්න කොහොමටත් පුළුවන්. එ්ත් පරිස්සමින් වැඩ කරන්න. රැවුලයි කැඳයි දෙකම බේරන් යන්න. (නදී)

:       0       0

කුෂාන් Friday, 16 January 2015 09:06 AM

දැන් ඉහත, සෝභිත ස්වාමින් වහන්සේට බණ කියූ බන්දුල පෙරේරා නියම කෙනාද? නැත්නම් වෙන කෙනෙක්ද ? (නි)

:       0       0

කෙවින් Friday, 16 January 2015 09:07 AM

අපුල්ලන එක නෙමෙයි බන්දුල ප්‍රශ්නය. රෙදි නැතුව අපුල්ලන්න යන එක. මොනවා වුණත් අහළ පහළ මිනිස්සු ඉන්නවනේ! (නි)

:       0       0

නිමල් Friday, 16 January 2015 09:08 AM

දැන්වත් දේශපාලනය ජරා ජීර්ණ රැකියාවක් නොවී මහ ජන සේවයක් බවට පත්වේවා. රටට වැඩක් කළ හෝ ඉදිරියේදී වැඩක් කළ හැකි මිනිසුන් කොටසක් බිහි වේවා (දිල්)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 16 January 2015 09:14 AM

මැතිවරණයෙන් පස්සේ ගොඩක් දෙනාගේ කටවල් වැහිලා නේද?(දිල්)

:       0       0

චන්දන Friday, 16 January 2015 09:28 AM

දැන් අප රටට මාධ්‍ය නිදහස ලබා දිය යුතුයි.(හේ)

:       0       0

විජයබාහු Friday, 16 January 2015 09:31 AM

කතාවනම් කදිමයි හාමුදුරුවනේ. එත් රජයේ මධ්‍යයයේ හැසිරීමේ වෙනසක් තවමත් නෑ නේද?(හේ)

:       0       0

සිරිමල් Friday, 16 January 2015 09:33 AM

ඔව් ඒ කතාව ඇත්ත.(හේ)

:       0       0

සරත් පියසේන Friday, 16 January 2015 09:44 AM

වෙනසක් නම් පෙනෙනතෙක් මානයක නැහැ තවමත් (නි)

:       0       0

උමේෂ් Friday, 16 January 2015 10:05 AM

අපේක්ෂකයන්ට පුද්ගලික මඩ ප්‍රහාර එල්ල කල රුපවාහිනි නාලිකා වලට රටේ කිසිම වැදගත් අවස්ථාවක් ආවරණය කරන්න ඉඩ දෙන්න නරකයි. අර පච වාහිනිය නම් පැත්ත පළාතේ කැන්දා ගන්න නරකයි. (ස)

:       0       0

හසිත් Friday, 16 January 2015 10:12 AM

ඡන්ද දායකයන් රැවටුනත් පොඩි දරුවන් රවට්ටන එක ලෙස නැහැ. බලන්න ගයන්ත ඇමතිතුමාගේ දුව බලාගෙන ඉන්නේ කවුරු දිහාද කියල හරියට මෙයා මොකාටද එන්නේ කියල වගේ. ! (ස)

:       0       0

සෑම් Friday, 16 January 2015 04:40 AM

කතාව නියමයි හාමුදුරුවනේ. හිනාවෙන්න නෙමෙයි අඬන්නයි තිබුනේ. ගාල්ලේ කෙනෙක් විදියට හොඳට වැඩ කරයි කියලා හිතනවා. ඔබට ජය වේවා! (නි)

:       0       0

සිසිර Friday, 16 January 2015 10:42 AM

ඒ කතාව හරි.(හේ)

:       0       0

ලෙස්ලි ලෝව් Friday, 16 January 2015 11:21 AM

ගයන්ත කරුණාතිලක කියන්නේ විනයක් සහිතව, මඩ ගහන්නේ නැතුව, අසභ්‍ය වචන පාවිච්චි කරන්නේ නැතුව, දේශපාලනය කළ උපාධිධාරී තරුණ නායකයෙක්.ඉතාම සුදුසු තනතුරක් ඔහුට ලැබී තිබෙනවා.අපි ඔහුට සුබ පතනවා (නි)

:       0       0

යොමාල් Friday, 16 January 2015 05:55 AM

මොනවා වුණත් නියම කතාවක් මේක නම්. අගය කළයුතුයි (නි)

:       0       0

සුරංග Friday, 16 January 2015 06:02 AM

සුභ පැතුම් ඇමති තුමනි (නදී)

:       0       0

පද්මිණී Friday, 16 January 2015 06:16 AM

අපිට නිදහස් අදහස් දක්වන්නත් ඉඩ තබන්න. (නදී)

:       0       0

දහම් Friday, 16 January 2015 06:29 AM

දැනටම ජාතික රූපවාහිනී අයි ටී එන් බලන්නකෝ වෙනස. හරිම ස්වාධීනයි නේද? (නදී)

:       0       0

ජයත් Friday, 16 January 2015 06:52 AM

අනේ පින් සිද්ද වෙයි හාමුදුරුවනේ මේ " ලොන්ඩරී ගෙම්බන්ට " නම් මේ පැත්තට පනින්න දෙන්න එපා. ඔය පේන්නේ නැත්ද දොරකඩ ගාවට වෙලා බලාගෙන ඉන්න හැටි (නදී)

:       0       0

අශෝක Friday, 16 January 2015 07:22 AM

සෝමරත්නගේ රූපවාහිනියේ සිංදුවක් බැලුවද හාමුදුරුවනේ? නියම ජාතික සමගිය. සොමේගේ පදමාලාව. . ගැහැණු ළමයාගේ පිට අල්ලන් පන්සලේ පඩි නගින සඳ (නදී)

:       0       0

සල්ගාදු ප්‍රන්සය Friday, 16 January 2015 07:22 AM

කෙහෙළිය රඹුක්වැල්ලට වැටහෙන්නට ඇති තමා පසු ගිය කාලයේ රජයට රෙදි සොදපු වගත් කඩේ ගිය වගත් , එකයි ඔහුට සිනහවක් පහල උනේ. (ස)

:       0       0

සරත් Friday, 16 January 2015 07:24 AM

කෙහෙළියගේ ආසනයේ මම ඉන්නේ. මෙයා කරපු දෙයක් නැහැ පාරවල් හදන්න කියල ලොකු බෝඩ් කැලි දල තියෙනවා.ඡන්දෙට කලින් බාගෙට ඉවර කරපු පාරවල් මගදී නතර කරලා දාල මහජන මුදල් කෝටි ගානක් අපතේ යවල තියෙනවා.දැන් ඒවා වැස්සට කඩාගෙන ගිහින් තියෙනවා ආයේ ගොඩගන්න බැරි තරමට . (ස)

:       0       0

අල්විස් Friday, 16 January 2015 07:27 AM

කෙහෙලිය ඇඳුම් ඇඳගෙනද ආවේ? (ස)

:       0       0

නිහාල් Friday, 16 January 2015 07:34 AM

ජනමාධ්‍ය ඇමති කැබිනට් ප්‍රකාශක නොවී තම අමාත්‍යාංශයේ ප්‍රමිතිය වෙනුවෙන් පමණක් ක්‍රියා කල යුතුයි. රජයේ තීරණ දැනුම් දීම අමාත්‍ය අංශ ලේකම් මගින් පමණක් කීරීම සුදුසුය. (ස)

:       0       0

චින්නප්පා Friday, 16 January 2015 07:34 AM

කෙහෙළියගේ පැමිණීම ඉතාම හොඳ ආදර්ශයක්. (ස)

:       0       0

සත්‍යපාල Friday, 16 January 2015 08:03 AM

ඔව් එහෙම උනොත් අපි ඕකෙ නම වෙනස් කරමු ලොන්ඩරි කටුයුතු අමාත්‍යංශය කියලා.(නදී)

:       0       0

තිලක් -ඩුබායි Friday, 16 January 2015 08:17 AM

ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ රටේ අසරණ ජනතාව ඉන් මුදා ගැනීමේ "මානුෂිය මෙහෙයුම" වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කරපු හාමුදුරු නමක්. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Friday, 16 January 2015 08:20 AM

ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ,අතුරලියේ රතන හිමියෝ, ඕමල්පේ සෝබිත හිමියෝ යන හාමුදුරුවරුන්ගේ නම් ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙනවා. ඒ රටත් ජාතියත් ඒකාධිපතියෙකුගෙන් නිදහස් කර ගැනීමේ "මානුෂිය මෙහෙයුමට" නායකත්වය දී දිවි හිමියෙන් රට වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන් ඉදිරියෙන්ම ගොස් සටනට නායකත්වය දී රට නිදහස් කර ගැනීම වෙනුවෙන්. (නදී)

:       0       0

දිලාන් Friday, 16 January 2015 08:21 AM

ඉස්සර රෙදි අපුල්ලපු කෙනා දැන් වෙන බංගලාවකට එන්නද කියල අහනව ඔය කාටුන් එකක තිබුනේ (නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 16 January 2015 08:28 AM

බුදුන් වහන්සේ දෙසු නිර්මල දහම අවබෝධ කරගෙන නිවන් මග දකින්න ලොන්ඩරි ජන මාධ්‍ය අවශ්‍ය වෙන්නේ නැහැ අපේ හාමදුරුවනේ. ඒවා අවශ්‍ය වෙන්නේ වර්තමාන දේශපාලන රටාවට. ඒක හිටපු රජයටත් පවතින රජයටත් හෙට එන්න ඉන්න රජයටත් පොදු වූ නියත ධර්මතාවයක්. කැමති උනත් අකමැති උනත් ඔතනට එන කාටත් අපුල්ලන්න වෙනවා. (නදී)

:       0       0

බිමල් Friday, 16 January 2015 08:32 AM

ජයග්‍රහණයට අපක්ෂපාති මාධ්‍ය මගින් විශාල සහයෝගයක් ලැබුන බව අමතක කරන්න එපා. ලංකාදීප වැනි පුවත්පත් නැතිනම් අපිට ස්වාධින දේශපාලන අදහසක් වත් කියාගන්න බැහැ. (හේ)

:       0       0

බටන්ගල Friday, 16 January 2015 08:36 AM

ජනතා ඡන්දයෙන් බලාපොරොත්තු වුණ දෙය ද මේ වෙන්නේ කියලා සැකයක් අපිට තියෙනවා .(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 543 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 61 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 426 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 524 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 712 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 1005 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site