IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ලන්දේසි කාසි, කිල්ලෝට රාජසන්තකයි

මෙරට  රජ සමයට හා ලන්දේසි යුග වලට  අයත් බවට සැකකරණ  පෞරාණිික  කාසි, සහ පුරා විද්‍යා වටිනාකමකින් යුතු  කිල්ලෝට  තොගයක් රැගෙන මෙරටින් පිටවීමට  උත්සහ කළ ඉන්දියානු ව්‍යාපාරිකයෙකුට රුපියල් දස දහසක දඩයක් නියම කළ රේගුව එම කාසි සහ කිල්ලෝට සියල්ල රාජසන්තක කළේය.

අත් අඩංගුවට ගනු ලැබූ කාසි අතර  වර්ෂ 1734, 1746, 1751,  සහ 1765 ගනන් වලට අයත් ලන්දේසි  වී. ඕ.සී  කාසි 27 ක් ද තවත් පැරණි කාසිද, කෞතුක වටිනාකමක් ඇති කිල්ලෝට 10 යක්ද වූ බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක, රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමණී මහතා පැවසීය.

සැකකරු 51 වියැති ඉන්දියාවේ කෞතුක භාන්ඩ  ආයතනයක හිමිකරුවෙක්  බව රේගුව කියයි. 
 

 මෙම කෞතුක භාන්ඩ රාජගිරිය ප‍්‍රදේශයෙන්  මිලදී ගත් බව මොහු  රේගු නිලධාරීන්ගේ ප‍්‍රශ්ණ කිරීම් හමුවේ පවසා ඇත.

මීට දින කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති සැකකරු  මෙහි පැමිණි පලමු අවස්ථාව මෙය බවද රේගුව අනාවරණය කරගෙන ඇත.

සැකකරු  ජෙට් ගුවන්සේවයට අයත් එස්.ජී 3316 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ මදුරෙයි බලා පිටත්විමට පැමිනි අවස්ථාවේදී  රේගු  ජෛව විවිදත්ව ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගේ ගමන් මලූවල මෙම පෞරණික භාන්ඩ තිබූ බව රේගුව කියයි.

පුරා වස්තු ආඥා පනත යටතේ 1815 ට පෙර භාන්ඩ කිසිවක් අපනයනට තහනම් බැවින් මොහු මෙම භාන්ඩ සමග අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ රේගු ජෛව විවිධත්ව සහ ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුනසේකර සහ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක  ඩබ්ලිව්.ඒ.ආර්.එච්  වංශතිලත යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී අයි. බාලසූරිය, නියොජ්‍ය රේගු අධිකාරී එච්. ගුරුගේ සහකාර රේගු අධිකාරීවරුන් වන හසන්ත කෞසල්‍ය, සහන් ජයසිංහ, ඒ.කේ.ආර් සමන්ජිත්, ජේ.කේ.එල්.එස් පෙරේරා, අයි.එම්.එල් දුෂ්‍යන්ත සහ සොනාලි ලොකු බාලසූරිය යන නිලධාරීහු සිදුකරති. 

 

 

 



අදහස් (0)

ලන්දේසි කාසි, කිල්ලෝට රාජසන්තකයි

ජෙෆ් Sunday, 16 June 2013 12:30 AM

ප්‍රථමයෙන් අපේ රෙගු නිලාදරිනට (චාලිස් එන්ජල්) කණ්ඩායමට උත්තමාචාර! අද වනවිට දිනපතාම ලැබෙන ප්‍රවෘත්ති අතර රේගුවට අසුවන වංචා සුලබයි. දැන් ගෙවෙමින් පවතින්නේ 2013 වසරයි. පුරා වස්තු ආඥා පනත වෙනස් කල යුතුයි. වසර 100 යකට එහා සියල්ල පුරාවස්තු විය යුතුයි. අපට වටිනාකමක් නැතී, විදේශිකයනට වටිනා, සියල්ල හොර රහසේම රටෙන් පිට කර අපගේ අභිමානය විනාස කර දමන මෙම දේශිය හොරුන්ට දැඩි දඩුවම් දිය යුතුයි.(නදී)

:       0       0

මංගල-අබුඩාබි Sunday, 16 June 2013 12:38 AM

අවුලක් නැහැ මිනිහා ලබන සැරෙත් ඒවි කෞතුක බඩු අරන් යන්න. මොකද දඩය දහදාහක් විතරයි නේ. ඕක හිගන්නෙක්ට වුනත් ගෙවන්න පුළුවන් ගානක් නේ.(නදී)

:       0       0

නෙතලී Sunday, 16 June 2013 10:59 PM

ගහන්න තිබුනේ ලක්ෂ විස්සක් විතර (නි)

:       0       0

සංජු Sunday, 16 June 2013 08:04 AM

අපේ රටේ මිනිස්සුන්ගේ බරපතල වැරදි මේවා...අපේ අනාගත පරපුරට මොනවද අපි දායද කරන්නේ? (නි)

:       0       0

ලසන්ත Sunday, 16 June 2013 08:19 AM

පොල් කඩපුවහම පනස්දාහක් ගහන ලංකාව මේ වගේ රජ කාලේ හොරකමකට දහා දාහයි. දැන් ලංකාව කෝලන් මඩුවක් වගේ.(නදී)

:       0       0

අමාලි සිල්වා Sunday, 16 June 2013 10:25 AM

අපේ රටට පැමිණෙන සියයට 95 ක් පමණ ඉන්දියානුවන් සහ පකිස්තාන් කාරයන් අපේ රටට කුඩු ගෙන ඒමත් අපේ රටේ වටිනා වස්තු ඔවුන් රැගෙන යාමත් නැතිනම් සංචාරක කාලය පසු වෙලත් ලංකාවේ රැකියාවක් වෙළදාමක් කර අපේ ජාතික ධනය ඔවුන් ගේ රටට සුරා ගෙන යාමත් කරන්නේ. මොවුන්ට ගසන දඩය වැඩි කල යුතුයි. රේගු නිලදාරීන්ගේ කාර්යක්ෂම භාවයට සේවයට මගේ ප්‍රණාමය.(නදී)

:       0       0

දිනේෂ් Sunday, 16 June 2013 10:34 AM

අපේ රටේ මිනිස්සුන්ගේ වැරදි තමා. ගහලා තියන දඩය වැඩි නැද්ද මන්දා?(නදී)

:       0       0

උපාලි Monday, 17 June 2013 06:53 AM

සංචාරයට ආපු ඉන්දියන් වෙළෙන්දෝ පුරාවස්තු අරන් යනවා. පාරවල් හදන්න ආපු චීන කම්කරුවො හිරිගල්, මුහුදු පැළෑටි අරන් යනවා. දෙගොල්ලෝ එකතුවෙලා ලංකාවක් හදන්නවත් යනවද, ඉන්දු-චීන දේශ සීමාවෙ? (නි)

:       0       0

නලින් Sunday, 16 June 2013 06:54 PM

ජෙෆ් , නිල් , බොහොම නිවැරදීව කියල තියෙනවා අපේ නීති වල සමහර තැන් යාවත්කාලින කලයුතුමයි. මංගල, හොඳ වැඩකට හොදයි කිව්වනම් තමයි හොඳ. රේගුවත් කටයුතු කරන්න වෙන්නේ යල් පැනපු සමහර නීති එක්ක. හිතෙන හිතෙන දඩ ගහන්න බෑ. ඔය බඩු රාජසන්තක කරපුවමත් අර මිනිහට විශාල පාඩුවක් වෙනවා කියන එක සම හරකුන්ට නොතේරෙන එක පුදුමයක්.(නදී)

:       0       0

ජිනාත් Sunday, 16 June 2013 12:35 PM

ඇත්තටම දඩයනම් මදි , රුපියල් ලක්ස 2 ක් 3 විතර දමලා අරින්නයි තිබුනේ. අනික මේ ඉන්දියන්කාරයෝ ගැන නම් මීට වඩා ටිකක් උනන්දුවෙන් ඉන්න මහතුනේ.(නදී)

:       0       0

නීල් Saturday, 15 June 2013 10:41 PM

1815 වර්ෂය සංශෝධනය කිරීමට දැන් කාලෙ හරි. නිදහස ලැබීමට පෙර යුගයට අයත් භාණ්ඩ අපනයනය තහනම් වන සේ පුරාවිද්‍යා පනත සංශෝධනය කිරීමයි වඩාත් සුදුසු. (නි)

:       0       0

ගාමිණී-සිරි Saturday, 15 June 2013 11:05 PM

රේගුවට අහුවුනු රජකාලේ කිල්ලෝට දිහා බලනකොට ,අපේ මුතුන් මිත්තෝ බුලත් විට කන්න පටන්ගෙන කොපමණ කාලයක් පරණද හැබෑට? (නි)

:       0       0

දොන් ඔස්ටින් Saturday, 15 June 2013 11:23 PM

මේවා විකුණූ අයටත් දඩුවම් කරන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 387 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 437 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 718 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 557 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 394 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 729 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site