විකිණීමට සුදානම් කර තිබු කකුළුවන් මිලදීගෙන ආපසු කලපුවට මුදා හැරීමේ වැඩපිළිවෙළක් කඩුවෙල මහමෙව්නාව බෝධිඥාන භාවනා අසපුව මඟින් ක්‍රියාත්මක කර ඇත.
කකුළුවන් වෙළඳාම සඳහා තබාගන්නේ පන පිටින්ය.
මෙම අභයදානමය පුණ්‍ය කර්මය සඳහා එම අසපුවේ "ගෞතම දරුවෝ" යොවුන් බෝධිඥාන සභාවේ පින්වතුන් සමඟ මහාසංඝරත්නය සහභාගීවුහ.
"මරණය මිනිසුන් ඇතුළු ඕනෑම සත්වයෙකු හට දැනෙන ලොකු ම බිය බවත් එම බියෙන් කවර හෝ සත්වයෙකු නිදහස් කිරීම මහත් ඵල මහානිසංස ලබාදෙන අගනා පුණ්‍ය කර්මයක් බවත්" මෙම වැඩපිළිවෙල සම්බන්ධයෙන් අදහස් දැක්වූ යොවුන් බෝධිඥාන සභාවේ සාමාජිකයෙක් පැවසුවේ.
තවදුරටත් අදහස් දැක්වූ ඔහු දීර්ඝායු සම්පත් ලැබීමටත් අකල් මරණයන්ගෙන් නිදහස් වීමටත් උපකාර වන මේ උතුම් පුණ්‍ය කර්මසඳහා උපකාරිවු සහභාගිවූ සියලුදෙනාටම පුණ්‍යානුමෝදනා කරන බවද මින් ඉදිරියටත් මෙවන් අභයදානමය පින්කම් සිදුකිරීමට බලාපොරොත්තුවන බවද පැවසීය.
මෙම පුණ්‍යකර්මය සඳහා සහභාගිවීමට කැමති සියලුමදෙනා [email protected] යන විද්යුත් තැපෑලෙන් විමසන ලෙසටද සංවිධායකයින් ඉල්ලීමක් කර ඇත.
(ඡායාරූප - ශ්‍රද්ධා රූපවාහිනිය අනුග්‍රහයෙනි)
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ : සිටි කකුළුවෝ ඇත ආයෙත් එළියේ
චන්දික Thursday, 26 February 2015 01:00 PM
ඇත්තටම අගය කරන්න ඕනේ.මේ දේවල් සත්ත්ව හිංසනයට හොද පිං වැඩක් (අ)
ඡන්දු Thursday, 26 February 2015 05:28 AM
සිරි සමන්තභද්‍ර හාමුදුරුවන්ගෙ උපන්දිනේට කකළුවන් එහෙමත් උයල තිබ්බ කියල ආරංචියි - අනේ මෙහෙමත් පොළොව ණුහුලන පාප කර්ම කරල සංසාරෙ කවදා නිවන් දකින්නද? -(නදී)
මහේෂ් Thursday, 26 February 2015 05:34 AM
මෙමඟින් නිදහස් කිරීම සඳහා යැයි කියමින් පණපිටින් කකුළුවන් ඇල්ලීමට දිරිමත් විය හැක. (නි)
කසුන් Thursday, 26 February 2015 07:11 AM
කළපුවටම නිදහස් කළහම ආයේ උන්ව අල්ලන් ඇවිත් විකුණයි නේ. හැබැයි ඉතින් උපන්දින සමරන්න සමහර ශ්‍රමණ වේශධාරීන් කකුළුවෝ බදින වෙලේ මේක අගය කළ යුතුයි.(දිල්)
සිල්වා Thursday, 26 February 2015 07:53 AM
ගොඩක් පින් ,නැවත, නැවත, මෙවැනි පිංකම් කරන්න ලැබේවා.(දිල්)
සහන් Thursday, 26 February 2015 07:57 AM
සත්වයකුගේ වූවත් පණ බේරීම සඳහා මේ ගන්න උත්සාහය අගය කළ යුතුයි (දිල්)
අරලිය Thursday, 26 February 2015 08:00 AM
නමෝ බුද්ධාය! එම පින්කමේ පින්තූර මෙහි පළ කරන්නට හැකි නම් ලබා දිය හැකියි. එ පින්තූර බලන්න පිරිස කැමති වේවි !(දිල්)
දිල්රුක්ෂි Thursday, 26 February 2015 10:16 AM
ගොඩක් පින් ,නැවත, නැවත, මෙවැනි පිංකම් කරන්න ලැබේවා.(හේ)