IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘ලැබේදෝ අහිමි උරුමය කවදා‘

වර්ෂ 1505 දී  ලොරෙන්සෝද අල්මේදා නම් පෘතුගීසි ජාතික නාවිකයා ප‍්‍රමුඛ පිරිසක් ඔවුන්ගේ ‘ෂෙයිලාඕ‘ නම් වූ ශ්‍රී ලංකාවට ගොඩ බැස්සේය. යුරෝපයේ පාන් හා වයින් කමින් බොමින් පැමිණි මෙම පිරිස දුටු ඒ දවස ලක් වැසියෝ තිරුවානා ගල් කමින් ලේ බොමින් පැමිණි කලිසම් ඇදි ආගන්තුකයන් ගැන ඒ දවස රජුට සැළකළහ. ඒ දවස රාජ්‍ය පාලකයා වූ කෝට්ටේ රාජධානියේ බුවනෙකබාහු රජතුමා අලි ඇතුන් දස දෙනෙකු සමග දුත පිරිසක් ඔවුන් හමුවට පිටත් කර යැවීය. ඉන්පසු  අලි ඇතුන් පෙරමුණ ගත් පෙරහරකින් ඔවුහු රාජ සභාවට කැඳවනු ලැබූහ. රජු ඔවුන් මහා ඉහළින් පිළිගත්තේය. අවුරුදු 153 ක් පමණ ඔවුහු ලංකාවේ පදිංචිවී සිටියහ. පසුව ගියහ.

ඉහත මුලික සාරාංශය පෘතුගීසීන්ගේ පැමිනීම අප කුඩා කල ඉතිහාසයට ඉගෙන ගත් කොටසක මතකයයි. පෙරහරින් පැමිණි පෘතුගීසින්  කළ කී දේ ගැන ඔවුනගේ පේ‍්‍රම කථා, ඩ‍්‍රැකියුලා කථා, ඇඟ හිරිවැටෙන කථා, සුන්දර කථා අපි අනන්තවත් අසා ඇත්තෙමු. ඒ සියලූ දේ සිදුවී දැනට වසර 510 කි. අල්මේදාලා ලංකාවට පැමිණ වසර 500ක් සැමරීම නිමිතිකොට ඔවුන්ගේ ඉතිහාසයට වටිනා සිහිවටනයන් එක් කරමින් අලංකාර මුද්දර තුනක් නිකුත් කැරිණි. පෞරාණික ඉතිහාසාත්මක වටිනාකමක් සහිත ශ්‍රී ලාංකික හැකියා පිළිබිඹු කළ කෞතුක වස්තූ නිර්මාණ පසුතලයේ සරසා යුරෝ 0.30, 0.75, 2.40 අගය ඇති ඉතාමත් දැකුම්කළු වර්ණවත් මුද්දර තුනක් පෘතුගාලයේ තැපැල් දෙපාර්තමේන්තුව 2006 ඔක්තෝබර් මස 30 වැනිදා  පළමු වරට  නිකුත් කළේය.        

17 වැනි සියවසේදි ඇන්ටෝනියෝ බොකාරෝ විසින් රචිත ‘ඕ ලිව්රෝ දා ප්ලොන්ටාස් ටොඩා ආ පොතාලේසා‘ යන පොතේ බරේටො ඩේ රෙසෙන්ඩේ විසින් අඳින ලද ඒ දවස ගාලූ වරාය පසුබිමට තෝරාගත් මුද්දරය යුරෝ 0.30 කට අලෙවිය සඳහා නිකුත් විය. යුරෝ 0.30, 0.75 හා 2.40 මුද්දර පිළිවෙළින් ලක්ෂ 3ක්, ලක්ෂ 2 ක් හා හැත්තෑ දහසක් ලෙස මුද්‍රණය කොට අගනුවර ලිස්බන්, ෆොර්ටෝ, ෆුන්චල් හා ෆොන්ටා ඩෙල්ගාඩා යන ප‍්‍රසිද්ධ නගරවල තැපැල්හල් වලින් අලෙවියට නිකුත් කර ඇත.

මෙම මුද්දර පසුතල සැරසූ එම කෞතුක නිර්මාන වල; අපි හිමිකරුවෝ වන්නෙමු. නමුත් දැන් ඒවා අපට අහිමිවී විදේශිකයන්ට හිමිවීම කොතරම් අවාසනාවක්ද?. එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් හී ඈෂ්මෝලන් කෞතුකාගාරයත් , ජර්මනියේ මියුනික් හී රෙසිඩන්ට් කෞතුකාගාරයත් රන්, මුතු, මැණික් ගිල්වූ ඇත්දල කැටයම් සහිත එම කෞතුක භාණ්ඩ වලින් බැබලේ. එහි වටිනාකම දන්නේ දෙවියන් පමනය. එම මුද්දර තුන සදහා පසුබිම සරසා ඇත්තේ ඒ දවස ඔවුන් විසින් මෙරටින් රැුගෙන ගිය කෞතුක භාණ්ඩ කිහිපයක රූපයන්ය. මෙහි ඇති වැදගත්කම එයයි. රන්,මුතු,මැණික් වලින් නිමවා ඇති රාජකීය පෙට්ටගමක රූපය යුරෝ 0.75 මුද්දරයට පසුබිම සරසා ඇති අතර ඇත්දළින් නිමවා ඇති එහි ඉස්සර රජවරුන්ගේ රූපශ‍්‍රීය පිළිබිඹු කරවයි. එය ජර්මනියේ මියුනික් හී රෙසිඩන්ස් කෞතුකාගාරය සතුව පවතී. අලි ඇතුන් යවා පිළිගත් පෘතුගීසීන්ගේ ලංකා ආගමනය පිළිබිඹු කරවන ඇත් දළ  කැටයම්  යුරෝ 2.40 මුද්දරයේ පසු තලයට යොදා ඇති අතර; එය එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් හී ඈෂ්මෝලන් කෞතුගාරය සතුව ඇත.

අපේ මුතුන් මිත්තන්ගේ වටිනා නිර්මාණ එම රටවල් සතු වුයෙන් අද දක්වාම එම කෞතුක භාණ්ඩ දැකබලා ගැනීමට අපි වාසනාවන්තයන් බව සමහරු පවසති.

කෙසේ නමුදු පසුගිය දිනක පැරීසියේ පැවැත්වූ 67 වැනි නිදහස් සැමරුම් රැස්වීම ඉහත යටගියාව නැවත සිහිපත් කිරීමට අවස්ථාව උදාකර දුන්නේය. පසුගිය පෙබරවාරි 24 වැනි බදාදා සවස පැරීසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදි 67 වැනි නිදහස සැමරීම වස් උත්සවයක් පැවැත්විණි.

නිදහස මෙන්ම තානාපති සමුගැනීමද මෙම උත්සවයට ඇතුළත්වූ අතර පැරීසියේ ශ්‍රී ලාංකිකයෝ පිරිසක් හා තානාපති කාර්ය මණ්ඩලය උත්සව සභාව නියෝජනය කළේය. සම්ප‍්‍රදායානුකූල චාරිත‍්‍ර වාරිත‍්‍ර හා සිහිකිරීම් වලින් පසු ජනාධිපති හා අගමැතිගේ නිදහස් පණිවුඩයන් සභාවට ඉදිරිපත් කෙරිණි. ඉන්පසු ප‍්‍රංශ තානාපති මහාචාර්ය කරුණාරත්න හඟවත්ත ප‍්‍රංශයේ අවසන් නිදහස් හා සමුගැනීමේ කථාව සිදුකළේය. ඔහුට හැකිවූ දේ හා නොහැකිවූ දේ ගැන විස්තරයක් කළේය.

පැරීසියේ ශ්‍රී ලාංකිකයන් අතර සමගිය ඇති කිරීමේ උත්සාහය බිඳ වැටීමට නොහැකිවූ දේ අතර විශේෂ වුයේය. එහෙත් එය නිෂ්පල වීමට හේතුව ඔහු නොකිවේය. කළ දේ අතරට ජාත්‍යයන්තර යුනේස්කෝ ආයතනයට අනුබද්ධ විශේෂ කාරක මණ්ඩල හතරක් නියෝජනය කිරීමට ශ්‍රී ලංකාව ඇතුළත්වීම විශේෂ වුයේය. එක් එක් රට වලින් හෝ ජාතීන්ගෙන් සොරා ගත් හෝ පිටමං කළ පෞරාණික කෞතුක භාණ්ඩ එම රටවලට නැවත ලබාදීමේ විශේෂ කාරක මණ්ඩලයද ඒ අතරට අයත්වේ.

ශ්‍රී ලංකාවද එම මණ්ඩලය නියෝජනය කරයි. එසේ නම් ඉහත යුරෝපා කෞතුකාගාරයන් සතු ශ්‍රීලංකාවට හිමි විය යුතු කෞතුක වස්තු ලබා ගැනීමට ශ්‍රී ලංකාවට දැන් ස්වර්ණමය අවස්ථාවක් උදාවී ඇත්තේය. මණ්ඩල නියෝජනයෙන් පමණක් නොනැවතී එහි පල නෙළා ගැනීමට මෙය සුදුසුම අවස්ථාව නොවේද? එය මණ්ඩලයේ නියෝජිත වගකීමකි.

________-________-67-____-______-_______-_______-____ ________-________-67-____-______-_______-_______-____--01 223 DSC08420 first-cover-with-stamps Ivory-box-in-residenz-museum Side-evaluation-of-ivory-casket-in-0 Stamp-of-0 Stamp-of-2

 

 

 

 

 



අදහස් (0)

‘ලැබේදෝ අහිමි උරුමය කවදා‘

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1493 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 261 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4377 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 474 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 623 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2163 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38255 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site