IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ලබන අවුරුද්දෙ තියෙන්නෙත් මේ ආණ්ඩුවමයි

(අංජුල මහික වීරරත්න)

ලබන වසරේත් මෙරට තිබෙන්නේ වත්මන් ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ආණ්ඩුව නැති වෙන්නේ ආණ්ඩුවේ මහජන නියෝජිතයන් ගමට නොගියොත් බව කී ජනාධිපතිවරයා  සංවර්ධනය සදහා ලබා දී ඇති මුදල් ගෙන ගමට ගොස් ගමේ සංවර්ධනයට සෘජුවමට දායකවන්නැයි ඉල්ලා සිටියේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ද පිළිබද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කීවේය.

නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතා සංවිධානය කළ මෙම රැස්වීමට ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ දිස්‍ර්තික් නායකයයෝ ද සහභාගී වූහ.

අගෝස්තු වෙන්න කලින් මුදල් වියදම් කරලා වැඩකටයුතු ආරම්භ කරන්න. කල් දාන්න එපා. එන අවුරුද්දේත් මුදල් දෙන්නම් යැයි ජනාධිපතිවරයා එහිදී කීය.



අදහස් (28)

ලබන අවුරුද්දෙ තියෙන්නෙත් මේ ආණ්ඩුවමයි

ශාන් Monday, 04 March 2024 05:09 PM

ලබන අවුරුද්දේ ඔයා ගෙදර ඔයාගේ යාලුවෝ වැඩි හරියක් හිරේ...

:       245       161

Lakmal Monday, 04 March 2024 06:31 PM

වැරැදියි. මෙයාගේ යාලුවන් එක්ක මෙයත් හිරේ යන්න ඕනෑ...

:       0       0

Hafeel Monday, 04 March 2024 05:11 PM

ඔහොම හිතාගෙන ඉන්න එක තමයි තියන්නේ.... බලන්නකෝ සෝදාගෙන යන හැටි...!

:       237       146

Ruwan Monday, 04 March 2024 05:25 PM

ඔහෙලා... සංවර්ධනය කියන වචනෙත් අවභාවිතා කරපු උදවිය. ඔහෙලාට සංවර්ධනය කියන්නේ හොරකමට හදාගත්තු මාර්ගයක් විතරයි. ලබන අවුරුද්දේ ඔහෙයි. ඔහේගේ හොරු රැලයි ගෙදර තමයි. ඒකට ලෑස්ති වෙලා ඉන්න.

:       0       0

Surain Monday, 04 March 2024 05:31 PM

දැන්මම මොලේ කචල් වෙලා වගේ... අංගොඩ කොහේද කියලා පේන්න. සජිත් ආවොත් අනිවාර්යයෙන් කට්ටියට මහඋළු ගෙට යන්න වෙනවා.

:       0       0

විජිත් Monday, 04 March 2024 05:55 PM

විකාර කියවනවා, පිස්සු තදවෙලා !!!

:       0       1

ajith Monday, 04 March 2024 06:11 PM

හාමුගේ ඔලුව දැන් හොඳටම අවුල් වේගෙන යන්නේ...!

:       0       2

Kumara Monday, 04 March 2024 06:19 PM

ලබන අවුරුද්දේ තියෙන්නේ මාලිමාවේ අපේ ආණ්ඩුවක්... ඔයාට තව පෝය 7යි.

:       0       1

පිටරටවැසියා Monday, 04 March 2024 07:19 PM

සහතික ඇත්ත. මෙතුමා දන්නවා මේරට බත්කන හරක් වැඩි ප්‍රමාණයක් තවමත් ඉන්නා බව... කල් මැරීමේ රහස එයයි.

:       0       0

Don perea Monday, 04 March 2024 07:29 PM

වයසට ගියාම ඔහොම හීන පේනවා.

:       0       0

fairoos Monday, 04 March 2024 07:37 PM

මේ ඩීල් ආණ්ඩුව තියනකන් රටට කිසිම සෙතක් නැහැ.

:       0       0

ජයන්ත මහලේකම් Monday, 04 March 2024 07:40 PM

හා, හා හිතට හොරා ඔබ කියන කතා...

:       0       0

Banda Monday, 04 March 2024 09:49 PM

තමුන් ඉන්නේ හීන ලෝකයක...

:       0       0

Rohana Monday, 04 March 2024 10:02 PM

ඒ කියන්නේ මේ අවුරුද්දේ මහමැතිවරණයක් තියලා ජනාධිපතිකම බේරා ගැනීමේ සැලැස්මක් ගැන හිතේ වැඩකරනවා කියන එක නේද?

:       0       0

නිහාල් Monday, 04 March 2024 10:11 PM

මට පේන හීන...

:       0       0

ගමේ එකාල Monday, 04 March 2024 10:56 PM

පින් ජනපතිට බල තණ්හාව. පොහොට්ටුවේ දූෂිත දේශපාලුවෝ නම් කැමැති ඇති ඉන්නවාට...

:       0       0

Dona Monday, 04 March 2024 11:09 PM

ඔව් ඔව් හොඳේ... ඔක්කෝම සංවර්ධන කරලා ඉවර කරන්න. ඔයාට ගෙදර යවන්න බලාගෙන ඉන්නේ අපි... එතකොට ලබන අවුරුද්දේ ආණ්ඩුවට එන අය‍ට පහසුයි...

:       0       0

Dharmatileke Monday, 04 March 2024 11:13 PM

සංවර්ධනයෙයි, ගමෙයි මතක් වෙන්නේ ඡන්දයක් ළඟ එනකොට විතරයි.

:       0       0

de silva Tuesday, 05 March 2024 02:18 AM

පොහොට්ටු කාරයින්ට ඔය කියන විදිහට ගම්වල කරක් ගහන්න දැන් බැහැ මිනිස්සු බනිනවා, හූ කියනවා, ගල් ගහනවා, දැන් ඒ ගොල්ලන් ගමට යන්නේ STF ගාර්ඩ් එක දමාගෙන, දැන් ටකරම් කැබැල්ලක්, උදලු තලයක් දීලා මිනිස්සු මුලා කරන්න බැහැ. අරගලෙන් පස්සේ මිනිස්සුන්ගේ ඇස් ඇරී ඇත..

:       0       0

Vithana Tuesday, 05 March 2024 04:19 AM

ගොඩක් අය ජනාධිපති වුනාම අඳින්න ඇඳුමුත් මහලාලු. ඒත් සැබෑවටම වෙන දේ තමයි මෙතුමා මේ කියන්නේ. ගොඩක් අයට මේ යාතාර්ථය තේරුම් ගන්න මොළේ නැති නිසා බොරුවට උඩ පනිනවා...

:       0       0

Chathuri Tuesday, 05 March 2024 05:50 AM

ලබන අවුරුද්දෙත් ඉන්නවා කියන්නේ කොහොමද? ජනතාවට කරපු වද හින්සන අමතකද? ඉඩි අමීන් වගේ. ජනතාවගේ හිත දිනාගන්න නෙමේ වැඩකෙරුවේ. හොරා කාලා හිරේ ලගින්න ඕනෑ ඔවුන්ගේ හොඳ හිත දිනා ගත්තා. දැන් හෝ ගාලා බඩු අඩු කරනවා... ගොවියන්ගේ දුක බලනවා. කුඩුකාරයෝ අල්ලනවා. දැන් ගොඩක් පරක්කු වැඩියි. මේ සේරම ඡන්දෙ ගන්න කම් විතරයි. බලය ලැබුණාම නැවත ගැරඬි හැව ඇරලා. නයි පේනේ දා ගන්නවා. ජනතාව රැවටෙන්නේ නැහැ. 77 හිටපු ගොන්නු නෙමේ දැන් ඉන්නේ බුද්ධිමත් තරුණ පිරිසක්. නැවත මැරෙනකම් කිසිම තනතුරක් ලැබෙන්නේ නැහැ රොත්ත පිටින් අත් අඩන්ගුවට. අරන් සියලුම දේපල රාජසන්තකයි. පොලිස් ආරක්ශාවන් නැහැ... තමන් හිසට තම අතමය සෙවනැල්ල...

:       0       0

Perera Tuesday, 05 March 2024 07:45 AM

මෙයා ව්‍යයන්ගයෙන් කියන්නේ ඡන්දෙ තියන්නේ නැහැ කියලා.

:       0       0

Aravinda Monarawila Tuesday, 05 March 2024 08:16 AM

ලබන අවුරුද්දේ ආණ්ඩු කරන්න නොවෙයි හිරේ ලගින්න ලැහැස්ති වෙන්න සර්

:       1       6

Ranpatabendi Mudiyanselage Dharmasena Tuesday, 05 March 2024 08:26 AM

කොහොමටත් මෙම ආණ්ඩුව තවදුරටත් තබා ගැනීමට ඔබ උත්සාහ කරනවා. මන්ද එහෙම නොවුනොත් හොරැන්ටයි මංකොල්ල කාරයන්ටයි බාර් කසිප්පු ක=ඩු සහ තවත් ධුෂණයන් සමග බලයට පැමිණි පිරිසට අවාසනාවන්ත කාලයක් උදා වෙන්න පුලුවන්. එම නිසා දැනට පවතින සමාජ රාමුව ආරක්ෂා කර ගත හොත් ධූෂිතයින්ට තවදුරටත් ආරක්ෂා විය හැකි බැවින් එය ආරක්ෂා කර දෙන ලෙස ඔබට බැසිල් විසින් කොන්ත%ාත්ත=වක් ලබා දී ඇත. කොහොමත් ඔබ පත් වන්නේ මහජනතාවගේ කැමැත්තෙන් නොව දූෂිත පොහොටියුකාරයන් බව මතක තබා ගන්න. ඔබ පෙනී සිටින්නේ මහජනයා වෙනුවෙන් නොව පක්ෂ යනුවෙන් හ‍්දන්වාගත් දේශපාලන බල කල්ලි ත=නේ තක්කඩියන් වෙනුවෙන් බව පැහැදිළිය.

:       2       7

එරංග Tuesday, 05 March 2024 09:04 AM

උඹත් හිරේ බන් උඹට විරුද්ධව තියෙන නඩු ටිකත් මේ අවුරුද්දේම පටන්ගන්නවා

:       2       9

chinthaka Tuesday, 05 March 2024 09:04 AM

දැන් අනාවැකි කියන්නත් දන්නවා

:       2       6

Asanga Tuesday, 05 March 2024 09:57 AM

ඇයි චන්දෙ නොතියන්නද කල්පනාව .එසේ නම් ඔබලා මැරුම් කන්නේ ජනතාවගෙන්

:       1       12

Jayasekara Tuesday, 05 March 2024 10:22 AM

හිතාගෙන ඇති මෙයත් .මෙයාට පුටුවේ ඉන්න උදව් කරන පරම්පරාවේ කට්ටියත් බලයේ ඉන්න .මේ පාර මේ සෙට් දෙකට තුනටම .හොඳ පාඩමක් කියලා දීලා තුන් වරිගයම ගෙදර යවන්න ඕන.අවුරුදු ගානක් තට්ටු මාරු ක්‍රමයට බලයේ ඉඳලා රට නැත්තටම නැති කරා .කාලකන්නි

:       2       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 869 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 474 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 351 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 611 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 404 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1114 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38669 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site