IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ලබන ජනවාරියේදී රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්

( රංජන් කස්තුරි සහ හර්ෂණ තුෂාර සිල්වා) 

රාජ්‍ය සේවකයින්ගේ  වැටුප් 2020  වසරේ  ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි තවදුරටත් ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.
  
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා  විසින් පත් කරන ලද  එස්.රනුග්ගේ මහතා  ප්‍රධානත්වයෙන් යුතු කමිටුවේ නිර්දේශ මත  එම වැටුප් වැඩි වීම ලබා දීම කැබිනට් අනුමැතිය ද හිමි වී ඇත.
 
ඒ අනුව 2020 වසරේ සිට විධායක ශ්‍රේණියේ නිලධාරීයකුගේ ආරම්භක වැටුප රුපියල් 9,587 කින්ද  අමාත්‍යංශ ලේකම් යටතේ ආරම්භක වැටුප 23,975 කින්ද පහළම රාජ්‍ය සේවකයාගේ වැටුප රුපියල් 3,000 කින්ද වැඩිවෙයි.

 



අදහස් (30)

ලබන ජනවාරියේදී රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්

kamal Wednesday, 25 September 2019 11:45 AM

හැමදාම ස්ට්‍රයික්. කිසිම වැඩක් ක‍රන්නේ නැත.

:       9       245

nishaThursday, 26 September 2019 04:48 AM

ඔයගොල්ලන්ට ඡන්දේ ජනවාරි වලින් පස්සේ දෙන්නම්.

:       1       20

Kumara Wednesday, 25 September 2019 11:54 AM

"බල සුභ නිමිති පෙර මග නැකතටත් වැඩියි", ඡන්දයක් ළඟබවට සුබනිමිති...

:       0       108

Uditha - London Wednesday, 25 September 2019 12:06 PM

ආණ්ඩු වෙනස් වෙද්දී හෙට, අනිද්දා ඕවත් වෙනස් වෙනවද?

:       3       67

Raveendra Wednesday, 25 September 2019 12:07 PM

අපි කැමතියි "මැකෝ" විසින් ඡන්ද අල්ලස් ගැන වැඩසටහනක් කළොත් මොකද මෙය ඡන්ද අල්ලසක් නොවේ යන්න කීමට කිසිවෙකුට හැකිද?

:       5       328

surath Wednesday, 25 September 2019 02:16 PM

ඔන්න දෙන්න පටන් අරන්... රට අගාධයට ගෙනියන කැරට් අලනේ..

:       1       178

සෙනෙවි Wednesday, 25 September 2019 02:59 PM

මෙම වැටුප් වැඩිකිරීමෙන් විශ්‍රාමිකයන්ගේ ඇතිවන විෂමතාවයද ඒ ගමන්ම ඉවත්කළ යුතුයි..

:       164       525

අප්පුහාමිThursday, 26 September 2019 01:03 AM

ගරු විපක්ෂ නායකතුමාත් පොහොට්ටුවේ අපේක්ෂකතුමාත් විශ්‍රාමිකයින්ට වැටුප් හා පහසුකම් සැලසීමට කටයුතු කරනවා කියනවා.එය අගය කරන අපි විශ්‍රාමික වැටුප් විෂමතා ඉවත්කිරීමට විරුද්ධ වන්නන් (ඩිස් ලයික් දැමූවන්) හෙලා දකිමු

:       72       82

කුමාර්Thursday, 26 September 2019 06:54 AM

ඕකට හිත නරක් කරගන්න එපා අප්පුහාමි මහත්තයා . ඔය ඩිස්ලයික් 114 ම දාලා තියෙන්නේ එකම මිනිහෙක්.

:       4       56

chandima Wednesday, 25 September 2019 03:33 PM

ඒ යන විදියට අතේ තියෙන ටික දීලා කළු කඩෙන් හරි ඩොලර් කොළ ටිකක් ගන්න වෙනවා. මේ කියන ගණන් ගෙවන්න රුපියල් සියයට 20 කින් වත් පහළට දමයි.

:       1       41

Sumith Wednesday, 25 September 2019 03:40 PM

ගොවියා කම්කරුවා අමතක වෙලා.පොඩි මිනිහට සලකන විදිය දැන්ම තේරෙනවා

:       2       0

සනත් වීරකෝන් Wednesday, 25 September 2019 04:30 PM

මේ දීමනාව 2016 දෙන්න සැලසුම් කරලා තිබුණාට මුදල් හිඟකම නිසා පියවර හතරකින් 2017, 2018, 2019 සහ 2020 දී ගෙවන්න තීරණය කළා. 2020 ජනවාරි වල තමයි අවසාන පියවර ක්‍රියාත්මක වෙන්නේ...

:       0       0

anura Wednesday, 25 September 2019 05:01 PM

සල්ලි අච්චුගහලා මේ කරන දේවල් නිසා ඉස්සරහට සිලි සිලි බෑග් වෙනුවට මුදල් නෝට්ටු වලින් හදපු බෑග් භාවිතය ලාභ වෙන්න ඉඩ තියෙනවා.

:       0       12

asela Wednesday, 25 September 2019 05:06 PM

ඔහොම තමයි 2015 දින සියය කියල මිනිස්සුන්ව ගොනාට ඇන්දුවේ.දන්නවනේ ඉන්නේ මි හරක් කියල දැන් කතිරේ ගහන්න එයාලගෙම අයට.

:       10       96

rasika Wednesday, 25 September 2019 06:20 PM

මෙම වැටුප් වැඩිවීම රජයට බරක් නොවී ගෙන යාම සඳහා ඉහල වැටුප් ලබන පෞද්ගලික අංශයේ සේවකයන්ට බදු මුදලක් පැනවිය යුතුයි

:       36       159

chandima Wednesday, 25 September 2019 07:50 PM

එතකොට ඉතින් පරලොව ගිහින් ඉවරයි. අපි නෙමෙයි. ආණ්ඩුව.

:       8       80

Jehaan Wednesday, 25 September 2019 08:29 PM

රටේ කිසිම කාර්යක්ෂමතාවක් පලදායිතාවයක් නැති පිංගුත්තර සේවාවකට තව වැටුප් වැඩි කරන්න. මේ රට හෙට අනිද්දට සෝමාලියාවට යටයි.

:       2       18

Nandani Thursday, 26 September 2019 12:38 AM

වැන්දඹු අනත් දරු විශ්‍රාම වැටුපට මේ කිසිම වැඩිවීමක් නැද්ද? පසුගියදා විශ්‍රාම වැටුප් වැඩි කලාට ඒ අය සලක ලා නැහැ . ඇයි ඒ අයගේ ස්වාමියන් ස්වාමි දියණියන් රජයට සේවය කොට නැද්ද? ඒ අය වැන්දඹු අනත් දරු සාමාජිකයන් වී ඒ සඳහා අතිරේක සාමාජික මුදලක් ගෙව්වේ නැද්ද?

:       2       0

මුණසිංහ Thursday, 26 September 2019 01:11 AM

රැවටෙන්න එපා! 10.000 පඩියට එකතු කිරීමේ දී එය අවු.4කින් තමා කරන්නේ. ඒකෙ අවසන් අධියර 2020 ජනවාරි. ඒකයි මේ කියන්නේ. විශේෂ පඩි වැඩි වීමක් නැහැ.

:       2       64

gunarathna Thursday, 26 September 2019 01:44 AM

කවුද දන්නේ නෙහෙ මේ පඩි වෙඩි කරන්නේ.රනිල්ද,සජිත්ද, ගෝටද,මොකද ජනවාරි වෙනකොට මේ ආණ්ඩුවේ කවුරුත් ඉතුරු වෙන එකක් නෙහෙ/

:       1       10

lalithm Thursday, 26 September 2019 02:44 AM

රටේ සමස්ථ නිෂ්පාදන ක්‍රියාවලියම සහ සේවා වලින් 50% වඩා කරන්නේ පුද්ගලික අංශය. රජය මෙහෙම නිකම්ම වගේ ඉන්න රාජ්‍ය සේවකයින්ට නිකම් සල්ලි දෙනකොට පුද්ගලික අංශය කඩා වැටෙනවා. රජයේ සේවකයෝත් පඩි ගන්නේ පුද්ගලික අංශයෙන් උපයන බදු වලින් නේද? රට තව අඝාධයකට යනවා. හැමෝම පාරේ පෙළපාලි යාවි රජයේ රැකියා ඉල්ලලා.

:       3       100

Rohana Thursday, 26 September 2019 06:15 AM

සේවක වැටුප් වැඩිවීම් හෝ රැකියා ලබාදීම් සහ අනෙකුත් සතුටට පත්වන දේවල් මැතිවරණ ආසන්න වනවිට ලහි ලහියේ සිදුකිරීම දැන් පුරුද්දක් කරගෙන. මේ නායකයින් හිතනවා ඇති එහෙම කලාම ඡන්ද ගොඩ වැඩිකරගත හැකියි කියලා. එහෙම වෙන්නේ නැහැ. පවතින ආණ්ඩුවක් නැවත බලයට එන්නේ ආණ්ඩුවේ සමස්ත වැඩ පිළිවෙල සාර්ථක නම් පමණි. එම වැඩ පිළිවෙල අසාර්ථක බව ද දැන්විය යුතුය.

:       0       0

Mongal Thursday, 26 September 2019 06:37 AM

බාල ගිරි දෝසේ.

:       0       0

vipula Thursday, 26 September 2019 06:50 AM

මේ අවුරුදු පහට රටේ නිෂ්පාදන හා සේවාවල ලැබීම් කොතරම් පහත වැටුනද? එකදු විදේශීය ආයෝජනයක් ගෙන්වන්න බැරි වුණා. බදු ඉපයීම 100% දක්වා වැඩිකර ජන්දේ ලංවෙනකොට මේවා මතක්වෙන්නේ තවත් රට විනාස කරන්න.

:       1       31

Bandara Thursday, 26 September 2019 06:54 AM

රසික පුද්ගලික අංශය හරිනම් අපට ගානක් ගෙවන්න ඕනේ රටට බරක් නැතිව පැය 8 ක් වැඩ කරනවට.පුද්ගලික අංශය නැතිනම් මෙලහකට රටක් නෑ.අපි හොයලා දෙන සල්ලි වලින් තමයි ඔය මැති ඇමතිවරුයි රජයේ සේවකයොයි ජීවත් වෙන්නේ.

:       0       1

Sarasi Thursday, 26 September 2019 10:36 AM

රසික, පුද්ගලික අංශය නැති නම් මේ රට වල පල්ලටම වැටිලා. ආණ්ඩුවේ කන්තෝරුවල නිදි කිරද්දී, උපරිම ඵලදායිතාවයක් එක්ක වැඩ කරන පුද්ගලික අංශයේ ඔයගොල්ලන්ට එක දවසක් ගිහින් වැඩ කරන්න කියලා මම අභියෝග කරනවා. අපි එක දවසට කරන වැඩ ටික කරන්න ඔයගොල්ලන්ට අවුරුදු සීයක්වත් යාවි.

:       0       0

Ragti pemdasa Thursday, 26 September 2019 03:10 PM

අපේ සියලුම ඡන්දෙ සජිත් ප්‍රේමදාසට, හංසයාට, ජයවේවා..!!! අපේ පඩිය වැඩිකර දෙන්න.

:       0       0

nihal Thursday, 26 September 2019 09:03 PM

පඩි වැඩිවීමක්?.. එහෙනම් ..ළඟම බඩුමිල ..වැඩිවීමක් ස්ථිරයි.. සූත්තර පුංචලා ගැන අපි නොදන්නා අපි..

:       0       0

Bamunuarachchi Friday, 27 September 2019 02:22 AM

ජනතාවට බදු පටවනවා මන්ත්‍රීලාට රජයේ සේවකයා පඩි වැඩි කරනවා. ඊටවඩා දෙයක් මේ අවුරුදු 5 මේ රටේ වුණාද?

:       0       0

Siri Friday, 27 September 2019 10:29 PM

මේක මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්. මැ.කො. තුමනි. ඔබේ අවදානය පිණිසයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1106 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 1304 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1008 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 229 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 601 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 440 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2107 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site