IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


‘ලබන වසරේදී කොරෝනා අවසන්වී ආර්ථිකය ඉදිරියට යාවි‘

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කොවිඩ් වසංගත තත්වය  ලබන වර්ෂයේදී නිමාවී  ආර්ථිකය වඩාත් සැලසුම් සහගතව සහ ක්‍රියාශීලීව ඉදිරියට ගමන් කරනු ඇතැයි  තමා  අපේක්ෂා කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.

ඒ ඉදිරි ගමන වෙනුවෙන් ආර්ථීක ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ උපරිම දායකත්වය ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.

අගමැතිවරයා මෙසේ පැවසූවේ  මුදල් අමාත්‍යාංශයේ වැය  ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.



අදහස් (12)

‘ලබන වසරේදී කොරෝනා අවසන්වී ආර්ථිකය ඉදිරියට යාවි‘

මැක්ස් Friday, 10 December 2021 01:55 PM

ජනතා පැතුමත් එයයි.

:       1       0

ජයන්ත මිලානො Friday, 10 December 2021 01:57 PM

ඤාණ කතා නොහොත් ඤාණක්කාගේ කතා...

:       0       2

Rohan Friday, 10 December 2021 01:59 PM

හ්ම්.. කොරෝනාවට ඉස්සෙල්ලා.. සිංගප්පූරුව වගේනේ රට තිබුණේ. අනේ මගේ කට.

:       0       1

Pradeep Friday, 10 December 2021 02:03 PM

මොනවත් නොකර අඩුම ගානේ හොරකම නැවැත්තුවොත් ටිකක්හරි ඉදිරියට යයි..

:       0       1

ලමය Friday, 10 December 2021 02:05 PM

හීනෙන්ද? රටට කාලා කාලා එක උලාත් කාලා රට දියුණු වෙනවාලු... මේක දියුණුවෙන්නේ.. ඔහෙයි, ඔහේගේ පවුලයි කම්බස් වෙච්චි දවසට තමයි.

:       0       1

ganegoda Friday, 10 December 2021 02:14 PM

යාවී, යාවි. ඔයාලත් ගෙදර යාවී

:       0       1

චමින්ද ජයනාත් ජයසූරිය Friday, 10 December 2021 02:25 PM

වංචාවයි.., දුෂණයයි.., නාස්තියයි.. ඔබතුමයි, ඔබතුමාගේ වටේ ඉන්න පිරිසෙයි, රට කරවන්න ඉන්න අනෙක් පිරිසෙයි තියෙනකන් මේවා නිකන් දවල් හීන විතරයි අගමැතිතුමා... ඩොලර් බිලියන නෙමේ ඩොලර් ට්‍රිලියන ගණනක් මේ රටට ගෙනාවත් රට සංවර්ධනය විම කෙසේවෙතත්, ඒවා හරියට අර මකර කටට යනවා වගේ තමයි... ඒක තමයි කියන්නේ ඔබලා ඇතුළු මේ රටේ හැම පාලකයෙක්ම අපේ රටට සාපයක් කියලා මිනිස්සු...!

:       0       1

Nuwan Friday, 10 December 2021 02:46 PM

ඔව් ඔව්... යාවී, පාවී පාවී...!

:       0       1

Tilin Friday, 10 December 2021 03:06 PM

අපේක්ෂා කරන දේවල් නම් ඕන කෙනෙකුට කියන්න පුළුවන්. අපේක්ෂා වලට ළඟාවීමට අවශ්‍ය සැලසුම් සහ ඒ සැලසුම් ක්‍රියාත්මක කිරීම තමයි නැත්තේ..

:       0       1

Shan Friday, 10 December 2021 03:52 PM

යාවි.. යාවි... කට ඇරගෙන බලාගෙන ඉන්න. නියම බඩු ටිකකනේ රටේ ආර්ථිකය හසුරුවන්නේ.

:       0       1

Senith Friday, 10 December 2021 04:05 PM

කිසිම ප්ලෑන් එකක් නෑ.. වැසි වැස්සොත් ගඟ ගලයි වගේනේ...

:       0       1

sharm warn Friday, 10 December 2021 05:01 PM

ඇයි තව කොහෙන් හරි නයෙක් ඇවිල්ලා කිව්වද එන අවුරුද්ද සුභ වෙනවා කියලා ?2021 දීත් ඕවා කියලා තමයි අන්තිමේ නන්නත්තාර වෙලා ඉන්නේ.දැන් වත් බොරු පුචානම් කියවිල්ල නවත්තලා යතාර්තයට මුහුණ දෙනවද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආණ්ඩුව දෙන සහන ගැන නාමල් අවදානයෙන්
2024 නොවැම්බර් මස 20 78 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ


ආසියානු බෞද්ධ සමුළුව සාර්ථකව අවසන්
2024 නොවැම්බර් මස 20 211 0

ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.


හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 801 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 721 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 854 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 810 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 422 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 673 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1915 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site