IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ලබන වසර විසර්ජනයේ වැඩිම මුදල ජාතික ආරක්ෂාවට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලබන වසරේ රජයේ වියදම් සඳහා ඉදිරිපත් කෙරෙන අයවැය විසර්ජන පනත් කෙටුම්පතේ වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ  ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් වන  අතර එම මුදල රුපියල් කෝටි 42271කි.

ඊට පසු වැඩිම මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කෙරෙන අතර එම මුදල කෝටි 41028කි.

විසර්ජන පනත් කෙටුම්පත අනුව ලබන වසරේ රජයේ වියදම් සඳහා රුපියල් කෝටි තුන් ලක්ෂ අසූ හය දහසකට වැඩි මුදලක් වැය කිරීමට රජය අපේක්ෂා කරයි.

ලබන වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීමටවූ  විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳවූ  ගැසට් නිවේදනය  පසුගිය 27 වැනිදා නිකුත් කරනු ලැබීය.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මේ සතියේ ඉදිරිපත් කිරීමට නියමිතය.

මීට අමතරව ජනාධිපති කාර්යාලය වෙනුවෙන් රුපියල් කෝටි 659 ක්ද අග්‍රාමාත්‍ය කාර්යාලය වෙනුවෙන්  කෝටි 115 කට වැඩි මුදලක්ද  උපරිමාධිකරණ වල විනිශ්චකාරවරුන් වෙනුවෙන් රුපියල් කෝටි 51 ක්ද වැය කෙරෙන බව  විසර්ජන පනත් කෙටුම්පතේ සඳහන් වේ.

මේ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් රුපියල් කෝටි 85 ක්ද  පාර්ලිමේන්තුව වෙනුවෙන් රුපියල් කෝටි හාරසිය තිස් දෙකක්ද මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වෙනුවෙන් කෝටි 22494ක්ද විදේශ කටයුතු අමාත්‍යංශය වෙනුවෙන් කෝටි 1960ක්ද කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි 10041ක්ද වෙන් කෙරේ.

මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන්  කෝටි 23705 ක්ද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙනුවෙන්  රුපියල් කෝටි 5577 ක්ද මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් කෝටි 14073ක්ද වෙන් කෙරෙනු ඇත.



අදහස් (3)

ලබන වසර විසර්ජනයේ වැඩිම මුදල ජාතික ආරක්ෂාවට

කමල් Friday, 29 September 2023 07:19 PM

තේරෙන්නේ නැති හින්දයි අහන්නේ. විදේශ අමාත්‍යාංශයට බිලියන 19.6ක් වියදම් කළාට මෙච්චර කල් ප්‍රතිඵල තියෙනවාද? අඩු ගානේ ලංකාවේ බිස්නස් වලට... ආරක්ෂක අමාත්‍යාංශයට වුණත් ඇත්තටම වියදම් වෙන විදිහ බලන්න පුළුවන් කොළඹ ප්‍රධාන පාසල් ඉස්සරහ උදේ ඉඳලා හවස් වෙනකම්ම නවත්තලා තියෙන ආරක්‍ෂක අමාත්‍යාංශයට අයිති වාහන, රියදුරෝ දැක්කාම. කවුරු ආවත් හැමදාම කලේ නාස්ති කරන එක විතරක් හින්දා බැරිද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තේමාව වෙනස් කරන්න "සදාකාලික නාස්තියට අපි බදු ගෙවමු" කියලා...!

:       0       6

chandima Friday, 29 September 2023 08:51 PM

ඒ කියන්නේ කඳුළු ගෑස් එහෙම තව වැඩියෙන් ගෙන්වන්න යනවද?

:       0       3

චන්දන Saturday, 30 September 2023 07:48 AM

මේවා කොලයකට සීමා වූ ඉලක්කම් විතරයි. ඇත්ත වියදම හා ආදායම මීට වඩා වෙනස්... මෙතැන ඇස් බැන්දුමක් විතරයි. ගිය අවුරුද්දේ යෝජිත හා සම්මත අයවැයත් සත්‍ය වියදම් ආදායමත් පුළුවන් නම් දැන් පෙන්නන්න...

:       0       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 118 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 131 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1851 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1549 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 455 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 580 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40026 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25953 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 235 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site