(සුජිත් හේවාජුලිගේ)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නිලධාරීන්ට විවිධ කාලවකවානුවලදී නිකුත් කෙරුණු ගිනිඅවිද ලබන මස 30 වැනිදාට පෙර ළඟම ඇති පොලිසිවලට බාර දෙන ලෙස ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී ඇත.
ඒ අයගේ ජීවිත ආරක්ෂාව සදහා ශ්‍රී ලංකා පොලිසියෙන් හා යුද හමුදාවෙන් නිකුත් කර තිබු පිස්තෝල, රිවෝල්වර් හා පතොරම් තුවක්කු සැලකිය යුතු ප්‍රමාණයක් ඇති බව අමාත්‍යාංශයට තොරතුරු අනාවරණය වී ඇත. අමාත්‍යාංශය මෙම දැනුම්දීම කර ඇත්තේ ඉන් අනතුරුවය.
පසුගිය කාලයේදී ගිනි අවි නිකුත් කෙරුණු පුද්ගලයන්ගේ ලයිස්තුව දැනටමත් ලබාගෙන ඇතැයි වාර්තාවේ.
එම වාර්තා පරීක්ෂා කරමින් ගිනි අවි භාර ගැනීමට පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික ඡන්ද තැපැල් ඡන්ද ඡාතික ජන බලවේගය ඡන්ද 24,776ක් ලබා ගත් අතර සමගි ජනබලවේගය ලබා ගත් ඡන්ද සංඛයාව 2969කි. නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරම
පළමු තැපැල් ඡන්ද නිල ප්‍රතිපඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළේය. ඒ අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32296ක් ලබා ගත් අතර සමගි ජනබලවේගයට හිමි වූයේ ඡන්ද 3523කි.
තෙවැනි චාල්ස් රජු සිය 76 වැනි උපන්දිනය රාජකීය කටයුතු වල නියැලෙමින් අද(14) සැමරුවේය. තෙවැනි චාල්ස් රජු අද(14) ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන දෙකක් මහජනතාව වෙනුව
මැතිවරණ ප්‍රතිඵලවලින් අනතුරුව කිසිම අයකුට පෙළපාලියාම සදහා අවසර ලබා නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (14) පැවැස
ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයකු,14 දින පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී ඔහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලබන 30 පෙර ගිනි අවි දෙන්න කියයි
don Wednesday, 13 November 2024 03:49 AM
බලය අහිමි වෙද්දී කළ හොරකම්, වංචා, දූෂණ, අල්ලස් අහුවෙයි කියලා ගොඩක් අය සියදිවි හානිකර ගන්නත් පුළුවන්. ඒ නිසා හැකි ඉක්මණින් මේවා එකතු කරන එක හොඳයි...