IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘ලැම්බෝගිනි පථයත් නෑ : චීනෙට වරාය නගරෙන් ඉඩම් විකුණන්නෙත් නෑ‘

කොළඹ ගාලු මුවරදොර වරාය නගරයේ ඉදි කිරීමට නියමිතව තිබූ ලැම්බෝගිනි ධාවන පථය ඉවත් කළ බවත්, ඉඩම සින්නක්කරව චීනයට ලබා දීමට මීට පෙර තීබූ තීරණය ඉවත් කර අනූනව අවුරුදු බදු ක්‍රමයට ලබා දීමට තීරණය වූ බවත් වැඩබලන මුදල් ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අද පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසිනි.

වරාය නගරය නැවත ඇරඹන ලෙස අදාළ සමාගමට දැනුම් දුන් බවත්, වසරක් පමණ එය නවත්වා තැබීමෙන් වූ පාඩුව ඉල්ලා ඇති බවත්, ඒ ගැන අගමැතිවරයා සිය චීන සංචාරයේදී සාකච්ඡා කරන සහනයක් ගනු ඇති බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා කීවේය.

ප්‍රශ්නය - එජාපය බලයට එන්න පෙර ෆොර්ට්සිටියට චෝදනා කළා. දැන් එය යළි අරඹන්නේ කොහොමද?

පිළිතුර - මේ සම්බන්ධයෙන් පරිසරවේදින් ඇතුළු බොහෝ දෙනකුගේ විරෝධතාවක් තිබුණා. පරිසර බලපෑම් තක්සේරු වාර්තාව ලබා ගත් ආකාරය ගැන ගැටළු තිබුණා. අපි බලයට ඇවිත් තාවකාලිකව මෙය නැවැත්තුවා. එදා අපි ගත් තීරණය හරි. නැවතත් පරිසර බලපෑම් සම්බන්ධයෙන් පරීක්ෂා කර වාර්තා කැඳෙව්වා. ඒ අනුව දැන් යළි අරම්භ කරන්න තීරණය කර තිබේනවා. අද අපි ගත් තීරණයත් හරි. ‘‘ යි වික්‍රමරත්න මහතා කීවේය.

IMG_6372 lll



අදහස් (0)

‘ලැම්බෝගිනි පථයත් නෑ : චීනෙට වරාය නගරෙන් ඉඩම් විකුණන්නෙත් නෑ‘

දුමින්ද Thursday, 07 April 2016 10:35 AM

99 බද්ද යනු කොළේ වසා පැවරීමක්ද?(හේ)

:       0       0

නිමල් Thursday, 07 April 2016 10:35 AM

වැඩේ සත්‍ය නම් ඉතාමත් හොඳ ක්‍රියාවක්.(හේ)

:       0       0

වසන්ත Thursday, 07 April 2016 10:35 AM

ප්‍රස්නයක් නැහැ අපිට තිරික්කල් රේස් තියන්න පුළුවන්.(හේ)

:       0       0

චානක මධුසංඛ Thursday, 07 April 2016 05:23 PM

හරි, දැන් පරිසර බලපෑමක් වුණා නම් එ්වා නිවැරදි කළේ කොහොමද? මොනවද පරිසර බලපෑම් නිවැරදි කරන්න කළ දේවල්? අපි දන්නෙ නැහැනෙ එ්වා මෙච්චර කොළඹ ඉඳලත්. අනික මේක ලැම්බොගිනි ධාවන පථයක් කිවුවට මේක ෆෝමියුලා 1 ධාවන පථයක් නේද? ඕකෙ ලැම්බොගිනි වගේම ඕනෑ නම් පාපැදි වුණත් යන්න පුලුවන්නේ. විදේශිකයන්ට තරඟ වගේම සංචාරක කර්මාන්තයටත් මේ ධාවන පථය වැදගත් (නි)

:       0       0

නිහාල් Thursday, 07 April 2016 10:38 AM

ඒ වුනාට මෙයාල ඒ කාලේ පොළොවේ අඩි හප්පලා කිව්වේ පොර්ට් සිටිය කරන්නෙම නෑ කියලා.(හේ)

:       0       0

නුවන් Thursday, 07 April 2016 10:41 AM

99 අවුරුදු බද්දට දුන්න කියන්නේ සින්නක්කර දුන්නා වගේ තමා!!(හේ)

:       0       0

චන්න Thursday, 07 April 2016 05:40 PM

අනූනව අවුරුදු බද්ද කියන්නේ මොකක්ද, සින්නක්කර කියන්නේ මොකක්ද කියලා වෙනසවත් හරිහැටි දන්නේ නැති අය අදහස් පළකිරීම ගැන කණගාටු වෙනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? (නි)

:       0       0

ගාමිණි Thursday, 07 April 2016 10:44 AM

ඒ කාලේ කරද්දි වැරැදි දැන් කරද්දි හරි.(හේ)

:       0       0

හෙලන් Thursday, 07 April 2016 10:52 AM

අනේ අපරාදෙනේ! ඇයි සින්නක්කරයටම ඉඩම් දුන්නේ නැත්තේ? (නි)

:       0       0

සිල්වි Thursday, 07 April 2016 06:01 PM

දැන් ඕක නතර කරලා තිබුන කාලේ වුණ පාඩුව ගෙවන්නේ ඔය යහපාලනයේ ඉන්න ඇමතිවරුන්ගේ සාක්කුවෙන්ද? අපේ මහජන මුදලින්ද? (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 07 April 2016 11:29 AM

දළදා සමිඳුන් වැඩසිටින මාළිඟාව අවට තිබෙන ලැම්බෝගිනි පථයට මොකද වෙන්නේ? (නි)

:       0       0

නිල්මිණි-ජපානය Thursday, 07 April 2016 11:32 AM

99 අවුරුදු බද්ද කියන්නේ කොලේ වසා සින්නකර දීමක් නොවෙයි. අවුරුදු 100 කට බ්‍රිතාන්‍යට චීනය දීපු හොංකොං දේශය ආපහු චීනයට අයිති වුණෙත් ඒ ගිවිසුම් අවසන්වීම නිසා. (නි)

:       0       0

විජේ Thursday, 07 April 2016 11:42 AM

බලන්න අනිත් රටවල්. චීනයේ ඕනෑ කෙනෙකුට ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ ඉඩම් ගන්න පුළුවන්. ලංකාවේ තමා ගන්න බැරි (නි)

:       0       0

මුණසිංහ Thursday, 07 April 2016 11:47 AM

මෙයාගේ පණ්ඩිත කතා අපට. අර ඉල්ලන වන්දි මුදලට මොකද කියන්නේ? (ස)

:       0       0

අබය Thursday, 07 April 2016 09:28 PM

හොංකොං නගරයත් සුද්දන්ට අනුනව අවුරුදු බදු දීලා තිබිලා පහුගිය 1999 වසරේ චීනයට ආපසු බාරදුන්නා. දැන් හොංකොං කියන්නේ ලෝකයේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක්. (නි)

:       0       0

සිල්වා Thursday, 07 April 2016 12:01 PM

ඉදිකිරීමට නියමිතව තිබු සම්පුර්ණ ව්‍යාපෘතිය ඉදිකරනවා නම් තමයි අපි කැමති. ෆොමිලා වන් ධාවන පථයක් ඉදිකිරිම තුලින් රටට විශාල සංචාරකයන් පිරිසක් ගෙන්නගන්න පුළුවන්. (බ)

:       0       0

ගෝමස් Thursday, 07 April 2016 10:41 PM

එංගලන්තය හොංකොං ගත්තෙත් ඔයවගේ දීර්ඝකාලින බද්දකට. කාලය ආවහම එංගලන්තය චීනයට හොංකොං ආපසු දුන්නා. ලංකාවේ මේ අද වෙන්නේ අහසට පොළොව වගේ වෙනසක්, පසුගිය ආණ්ඩුව කරපු වැඩ දිහා බැලුවහම... (නි)

:       0       0

රවි බණ්ඩාර Thursday, 07 April 2016 11:03 PM

අර ලක්ෂ 62ට දැන්වත් වැටහෙයිද මන්දා. පිරිසකට කළ රස්සා නැතිවුණා. වන්දියත් ගෙවන්න වුණා. වියදමත් වැඩිවුණා. අපූරු අාර්ථික වර්ධනය. (නි)

:       0       0

ඩෙන්සිල් Thursday, 07 April 2016 11:54 PM

මෙය නතර කරන්න ඕනෑ දෙයක්. නමුත් ගිවිසුමක් අත්සන් කළාට පසුව එය එක් පාර්ශවයකට අවලංගු කරන්න බැහැ. අපි නියම සත්‍ය දන්නේ නැහැනේ. නමුත් මේ කියන දේවල් ඇත්ත නම් එය රටට යහපතක්. (නි)

:       0       0

නයන් Friday, 08 April 2016 12:47 AM

ධාවන පථයක් ඉදිකළ පමණින් තරඟ ලංකාවට ලබාගැනීමට නොහැකියි. ඉන්දියාවටත් ලැබෙන්නේ වසර දෙකකට වරක්. පෝර්ට් සිටිය ලංකාවට අත්‍යවශ්‍ය දෙයක් නොවෙයි. නමුත් එය ඉදිකරනවා නම් මහා පරිමාණ ආයෝජකයන් ගෙන්වාගැනීම අරමුණු කරගෙන කළයුතුයි. (නි)

:       0       0

උපාලි Thursday, 07 April 2016 01:15 PM

ඉතාම හොඳ වැඩක්. සින්නක්කර දුන්නොත් අයිතිය ලැබුම්කරුටයි. රජයට හිමිකමක් ඉතිරි වන්නේ නැහැ. 99 අවුරුද්දට රටේ පුරවැසියන්ට ඉඩම් පවරා දෙන්නේ නම් ආපහු ගන්න බලාගෙන නෙමෙයිනේ. ඒ හින්ද එතන ගැටළුවක් නැහැ. මේක අපට හිමිකම තියාගන දෙන එකක්. (බ)

:       0       0

දහම් Thursday, 07 April 2016 01:24 PM

රනිල්ම ටී වී සාකච්ඡාවකදී සහතික වුනේ පොර්ට් සිටි එක නතර කරනවා කියල. බලය ගන්න බොරු කප්පරක් කියනවා කියන්නේ ඕක තමා. මිනිස්සු රැවටුණු බව දැන් නම් තේරිලා. පළාත් ඡන්ද තියන්න බය ඒකයි (බ)

:       0       0

නුවන් Friday, 08 April 2016 03:06 AM

අනූනම අවුරුදු කියන්නෙ සින්නකර වගේම තමයි. කෑගහපු නිසා මොනවාහරි කරන්න එපැයි. (නි)

:       0       0

සුනිල් Friday, 08 April 2016 03:35 AM

දැන් පෝර්ට්සිටි තමයි අළුත්ම මාතෘකාව (නි)

:       0       0

නිම්මි Thursday, 07 April 2016 02:47 PM

සමහරු නම් වෙනස්වෙලා. ඒත් තාමත් කඩේ යන අය ඉන්නවා (නි)

:       0       0

නාලක Friday, 08 April 2016 04:48 AM

නිල්මිණි, දුමින්ද, නිමල් වගේ ගොඩක් අය නීතිය ගැන මෙලෝහසරක් දන්නේ නැහැ. 99 අවුරුදු බද්දයි හොංකොං බද්දයි (100 කට දුන්නම) දෙකක්. නීතිය ඉගෙනගන්න. නිකම් මෝඩ කතා නොකියා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 613 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 297 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 656 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2406 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 478 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 196 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38096 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site