IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ලුම්බිණියටත් ලක් සිසුන්ටත් හානියක් නෑ

නේපාලයේ කත්මණ්ඩු අගනුවරට කිලෝ මීටර් 80 ක් වයඹ දිග සිදුවූ මහා භූමිකම්පාවෙන් සිද්ධාර්ථ කුමාරයාගේ උපත සිදුවූ ලුම්බිණයට කිසිම හානියක් සිදුවී නැත.

කත්මණ්ඩු නුවරට කිලෝ මීටර් 179 ක් ඈතින් ඉන්දියා - නේපාල දේශශීමාව අසලම ලුම්බිණිය පිහිටියේය.

1997 දී ලුම්බිණිය ලෝක උරුම පුද බිමක් ලෙස නම් කැරිණි.

භූ කම්පන හේතුවෙන් නේපාලයේ රජවරුන් විසින් 12වන සියවසත් 18 වැනි සියවසත් අතර ඉදිකරන ලද පිළිම, විහාර ඇතුළු පෞරාණික වටිනාකමකින් යුත් බොහෝ ස්ථාන සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි නේපාල පුවත් සේවා වාර්තා කරයි.

යුනෙස්කෝ සංවිධානය ඉපැරුණි කත්මණ්ඩු නුවර රාජධානී වන පාටන් හා බක්ත්පූර් ඇතුළු පෞරාණික වස්තූන් ඇති ප‍්‍රදේශ හා හානි වූ පෞරාණික සිද්ධස්ථාන පිළිබඳ දත්ත එක්රැස් කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

භූ කම්පනයෙන් ශ්‍රී ලාංකිකයන් කිසිවකුටත් හානියක් සිදුව නැතැයි නේපාලයේ ශ්‍රී ලංකා තානාපති ඩබ්ලිව්.එම්.සෙනෙවිරත්න මහතා පැවසීය. නේපාලයේ වත්මන් තත්ත්වය ගැන ශ්‍රී ලාංකිකයන්ට තොරතුරු දැනගැනීමට පැය 24 පුරා ක්‍රියාත්මක 0097 7985 1020 057 අංකය ඇමතිය හැකි බව තානාපතිවරයා කියයි.

හිමාල භූමිකම්පාවෙන් එවරස්ට් කන්දේද කොටස් ගිලා බැස ඇත. එවරස්ට් කන්ද නගිමින් සිටි පිරිසෙන් අඩු ගණනේ 10 දෙනකුවත් මිය ගොස් ඇතැයි කඳු නගින්නකු කියයි.

භූකම්පනයෙන් 1800 කට වඩා වැඩි පිරිසක් මිය ගොස් 5000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් පුවත් සේවා සඳහන් කරයි. අතුරුදන්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවද කියති. රිච්ටර් මාපකයේ 7.9 ක අගයක් ගත් මෙම භූකම්පනයෙන් බංග්ලාදේශය, ටිබෙටය, උතුරු ඉන්දියාවට හා පකිස්ථානයටද හානි සිදුවී ඇත. මෙය වසර 81 කට පසු නේපාලයේ සිදුවූ දරුණුතම භූමිකම්පාව බවද විදෙස් ආරංචි කියයි.

තුවාලකරුවනට ප්‍රතිකාර කිරීම සඳහා කත්මණ්ඩු නුවර පාරවල් අවටද ජංගම රෝහල් විවෘත කර ඇත. ශ්‍රී ලංකාවෙන් හමුදා වෛද්‍ය කණ්ඩායමක්ද, ඉන්දියාවෙන් සහන සේවකයෝද දැනටම එහි ගොස් සිටිති. ශ්‍රී ලංකාවේ වෛද්‍ය සිසුන් 120 ක් පමණ කත්මණ්ඩු නුවර නිරුපද්‍රිතව සිටින බවද විදේශ අමාත්‍යංශය කියයි.

නේපාල පොලිසිය අද (26) පැවසුයේ මිය ගිය 1865 කගේ සිරුරු සොයාගෙන ඇති බවයි.

කත්මණ්ඩු නුවර හා අවට නිවාස ඇතුළු ගොඩනැගිලි වැඩිහරියක් සුන්බුන් ගොඩක් වී ඇත.

 

635655327194812274-EPA-NEPAL-EARTHQUAKE-72581148 635655328550928967-EPA-NEPAL-EARTHQUAKE-72581180 635655540354850420-GTY-471057696 635655546144671534-AP-Nepal-Earthquake.1 635655546144671534-AP-Nepal-Earthquake iDBjjKI

27F980B600000578-3055045-Mothers_hold_their_children_close_as_they_sit_and_wait_outside_a-a-46_1429990526986 27F9779800000578-3055731-A_man_buried_up_to_his_shoulders_in_rubble_is_rescued_from_the_r-a-59_1430009243544 27FADDB700000578-3055045-People_clear_rubble_in_Kathmandu_s_Durbar_Square_a_UNESCO_World_-a-41_1429990526618 2800EEB500000578-3055595-image-a-97_1430016898458

980492-01-02_18298127 980571-01-02_18298217 980903-01-02_18298658 1962445988_GF10000072349_18298231

554247-01-02 554298-01-02 555256-01-02 555260-01-02 555307-01-02 559002-01-02 559022-01-02 559219-01-02Quake-980091-01-03

ඡායාරූප - ඒ.එෆ්.පී සහ ඩේලිමේල් ඇසුරිනි

558247-01-02 558278-01-02 558320-01-02

ඡායාරූප - ඉෂාර කොඩිකාර ( ඒ.එෆ්.පී ප්‍රංශ පුවත් සේවය)

 

 



අදහස් (0)

ලුම්බිණියටත් ලක් සිසුන්ටත් හානියක් නෑ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2490 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 430 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1726 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5074 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3408 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3756 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site