IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ලයිට් - හෝන් ගහගෙන යන ප්‍රභූ වාහන ගැන ජනපති හොයයි

ප්‍රධාන ලාම්පු දල්වාගෙන අනවශ්‍ය ලෙස නලා ශබ්ද කරමින් අපරික්ෂාකාරී ලෙස මහමග ගමන් ගන්නා ප්‍රභූ රථ ගැන වහාම සොයා බලා ඒ පිළිබඳ වාර්තාවක් තමන්ට ලබාදෙන්නැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කීවේය.

‘මේ විදියට පාරේ යන්නේ චොප්පෙ ද, වෙලේ සුදා ද, මරු සිරා ද, ආමි විමලේ ද කියලා කාටවත් හොයන්න බැහැ. එක දිගට වාහන හත අටක් ලයිට් ගහගෙන කඩාගෙන යනවා. පොලිසිය දන්නෙත් නෑ මේ වගේ කවුද යන්නේ කියලා. ඒ ගොල්ලන්ට වමත් නෑ. දකුණත් නෑ. වේග සීමාවක් නෑ. මොකක්වත් නෑ. එහෙම රටේ පාරවල්වල යන්න කිසි කෙනකුට හේතුවක් නෑ. මෙහෙම යන්නේ අපේ ඇමැතිවරුන්ද, නියෝජ්‍ය ඇමැතිවරුන් ද මහා ඇමැතිවරුන් ද, ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද එහෙම නැත්නම් මහා අපරාධකාරයෙක් ද කියලා කවුරුත් දන්නේ නැහැ. මෙහෙම යන්නේ ප්‍රභූවරුන් නම් එයාලත් කවුද කියලා දැනගන්න ඕනෑ නිසයි පොලිස්පතිට එහෙම නියෝග කළේ‘ යැයි ජනපති කීය.

ජනපති මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව තවත් සංවිධාන රැසක සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරන ජාතික මාර්ග ආරක්ෂණ සතිය ආරම්භ කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චත්‍රරශ්‍රයේදී අද (1)  පෙරවරුවේ ආරම්භ කරමිනි.

‘පරිස්සමෙන් ගිහින් එන්න’ නමින් නම් කර ඇති මෙම මාර්ග ආරක්ෂණ සතිය අද සිට දෙසැම්බර් 7 වැනිදා දක්වා දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවෙනු ඇත.

මාර්ග ආරක්ෂණ සමාරම්භක උළෙලට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව ජාතික පාසල්වල මාර්ග ආරක්ෂණ කව නිර්මාණය කිරීම, පාසල් දරුවන් ප්‍රවාහනය කරන බස් රථ හා වෑන් රථ ශ්‍රේණිගත කිරීමේ ජාතික වැඩසටහන කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීම ආදී වැඩසටහන් රැසක් ද අද සිදුකෙරේ. 

RDS_6015 RDS_6030 RDS_6036 RDS_6053 RDS_6078

 



අදහස් (0)

ලයිට් - හෝන් ගහගෙන යන ප්‍රභූ වාහන ගැන ජනපති හොයයි

සමන් Thursday, 01 December 2016 08:37 AM

පිලියමක් සොයාගත්තොත් එය වටිනවා (ර)

:       0       0

සරත් Thursday, 01 December 2016 08:40 AM

සොයා බලා නිවැරදි තීරණයක් ගත්තොත් හොඳයි (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 01 December 2016 09:01 AM

ක්‍රියා කරලා පෙන්වන්න.(හේ)

:       0       0

අසන්ත Thursday, 01 December 2016 09:06 AM

කරුණාරකරලා එම් එස් ඩී සහ වි අයි පී වාහන වලට විශේෂ හැදුනුම් අංකයක් හදුන්වා දෙන්න. දැන් පාරේ නිකන් වාහන වලත් හදිසි ලයිට් සහ නාලා හයි කරගෙන හදිසියෙන් යනවා. මේ අයට රුපියල් 25000 මදි තව වැඩි කළොත් හොඳයි.(හේ)

:       0       0

කපිල Thursday, 01 December 2016 09:24 AM

වැදගත් කාර්යයක් (ර)

:       0       0

මහේල Thursday, 01 December 2016 09:29 AM

නිවැරදි තීරණයක්. (ර)

:       0       0

තිලක් Thursday, 01 December 2016 09:29 AM

බුදුදහම අනුව කවුරු කීවත් තමාම නිවැරදි වන්න ඒවගේ කොටසක් නිවැරදි වන විට ගමක් නිවැරදි වේවි ගමක්ම නිවැරදි වනවිට පළාතම නිවෙරදි වේවි පළාත් නිවැරදි වනවිටටම රටම නිවැරදි වේවි (ර)

:       0       0

වනිගරත්න Thursday, 01 December 2016 09:46 AM

කකුළුවා යන්නේ හරහට , එවුනට ඌ , උගේ පැටවුන්ට කියනවා " යන විදිහ වැරදි ,කෙලින් යන්න"කියල . (ර)

:       0       0

ටිකිරි Thursday, 01 December 2016 10:02 AM

ඉතා හොඳ තීරණයක් (ර)

:       0       0

කුමාර් Thursday, 01 December 2016 10:38 AM

වෙන කවුද ඔහොම යන්නේ මහගෙදර ඇත්තන්න්ගේ පිරිස මිසක. (හේ)

:       0       0

සංජු Thursday, 01 December 2016 10:47 AM

බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ.. (ර)

:       0       0

බමුණු Thursday, 01 December 2016 11:11 AM

යන්නේ චොප්පෙද - මරු සිරාද - වෙලේ සුදාද කියලා දන්නෙත් නෑලු අපිනම් දන්නවා . මොකද ජීවත් වෙන අයගේ නම් කියන්න බයද ? (බ)

:       0       0

බමුණු Thursday, 01 December 2016 11:13 AM

ලංකාව හිමින් නැගිටිනවාලු සුමුදු ඩුබායි හීනයක් දැකල වගෙයි (බ)

:       0       0

බමුණු Thursday, 01 December 2016 11:14 AM

පාර්ලිමේන්තුවේදී නිදාගත්තොත් මොන රුපියල් 25000.00 ක දඩයක්ද කනෙන් අල්ලලා එලියට දානවා මිසක් (බ)

:       0       0

ශාන Thursday, 01 December 2016 06:08 AM

"පරිස්සමෙන් රට කාපන්" කියලා තමයි මට අපේ දේශපාලකයන්ට කියන්න තියෙන්නේ......... (නි)

:       0       0

ගොඩගේ Thursday, 01 December 2016 06:13 AM

අපේ ලොකු ලොක්කෝ අගමැතිතුමාට එහෙම හැමදාම කියන එක නේද ඔය? මොකද අගමැතිතුමා යන්නේ රටමනේ කොයිවෙලෙත් (නි)

:       0       0

ලුසේනා Thursday, 01 December 2016 06:21 AM

වැඩි ප්‍රේක්ෂක ආකර්ශනයක් තියෙන නාලිකාවක් යොදාගත්තා නම් ප්‍රචාරය තවත් පුළුල්. (නි)

:       0       0

රන්ජිත් Thursday, 01 December 2016 06:28 AM

කොහෙද පහුගිය කාලේ ආකර්ෂණය නැති කරලම දැම්මනේ හිටපු කට්ටිය (නි)

:       0       0

විකී Thursday, 01 December 2016 06:45 AM

ඔන්න අද ඉඳලා වැඩේ හරියයි. (නි)

:       0       0

සමන් Thursday, 01 December 2016 06:53 AM

යම් කෙනෙක්ගේ වාහන 18ක් ඔය විදිහට එක දිගට ගියා මම ඇස් දෙකෙන් දැක්කා. අනේ මගේ කට! (නි)

:       0       0

ජනහිත Thursday, 01 December 2016 06:56 AM

ජනාධිපතිතුමා දැන් වැඩට බැහැලා වගෙයි. කොච්චර වේගෙන් ගියත් ඒ අය කරපු දෙයක් නැහැ ජනාධිපතිතුමනි. හුඟදෙනෙක් දුවන්නේ බඩේ අමාරුවක් හැදිලා වගෙයි. පහුගිය කාලේ අර ළමයෙක් හප්පපු එක ගැනත් සොයලා බැලුවොත් නම් අගෙයි. (නි)

:       0       0

ආර්. වික්‍රම Thursday, 01 December 2016 07:08 AM

අනේ මන්දා! මුලින්ම හොයලා බලන්න ඔබතුමාගේ වාහන ටික යන්නේ කොහොමද කියලාත් (නි)

:       0       0

හේමන්ත Thursday, 01 December 2016 07:12 AM

රට යනකොට වාහනයේ යන්නේ නැහැනේ. මොනවද මේ සමහරු කියන කතා? (නි)

:       0       0

අරවින්ද Thursday, 01 December 2016 07:25 AM

රටේ මහ අයට එක නීතියකුත් පොඩි මිනිහට තව නීතියකුත් තියාගෙන යහපාලනේ ඇතිකරන්න බැහැ ආයුබෝවන්ඩ. (නි)

:       0       0

ලුසේනා Thursday, 01 December 2016 07:37 AM

රාත්‍රී 8න් පසුව පැය දෙකක්‌ නුවර පාරේ අඹේපුස්ස අවට හිටියොත් ඇතුළේ රතු නිල් ලයිට් සවිකරපු සුදු පාට ලෑන්ඩ් කෘෂර් අධික වේගයෙන් මේ ආකාරයට ගණන් කරනවා දැකගත හැක (නි)

:       0       0

රූපවතී Thursday, 01 December 2016 07:37 AM

මේවා නම් මගේ ඇසට කණට වැකෙන්නේ ඉතාමත් උපහාසයෙන්. මොකද අපේ රට පාලනය කරන්නේ ජනතාව පීඩාවට පත්කරලා හිනස්වන වෙහෙසෙන කණ්ඩායමක්ද කියලා, මට පුදුම ලැජ්ජාවක් හිතෙනවා (නි)

:       0       0

කමනි Thursday, 01 December 2016 07:42 AM

හොඳ දෙයක් කිරීමට යනවිටත් බනින මිනිස්සු ටිකක් ඉන්න රටක් මේක. ඔය කියන විදියේ පෙළපාලි මම අතිශයින් සුලභව දැක්කේ පසුගිය කාලේ. මේවා සහමුලින් නවතා මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමට ඔබට හැකි වේවා. (නි)

:       0       0

මංජුල Thursday, 01 December 2016 07:46 AM

පාර්ලිමේන්තුවේදී නිදාගත්තොත් රුපියල් 25000.00 ක දඩයක් ගහමු. (නි)

:       0       0

සමන් Thursday, 01 December 2016 07:48 AM

කයිවාරු ඇති. දැන් වැඩ පෙන්වන්න (නි)

:       0       0

සුපුන් Thursday, 01 December 2016 08:04 AM

මෙහෙම විහිලු? රටකට ගිය කලක්! (නි)

:       0       0

නිමල් Thursday, 01 December 2016 08:13 AM

කවුරුත් යන්නේ එහෙමම තමා. පොලිසියේ කට්ටිය එළියට අත දාගෙන යනකොට අනිත් අය නිකම්ම පස්සට යනවා. මොන ලෝකේ යනවද කියලා හිතෙනවා. (නි)

:       0       0

ශානක Thursday, 01 December 2016 08:18 AM

මේ යහපාලනේ අපු දවසේ ඉඳන් දීපු වාර්තා ගිනස් වාර්තා වලට වැඩ වැඩි (බ)

:       0       0

සුමුදු ඩුබායි Thursday, 01 December 2016 08:27 AM

ලංකාවේ සමහරක් උදවියට හැමදේම දේශපාලනය. හොද වැඩක්.ලංකාව හිමින් නැගිටිනවා.නිල් කොළ ඔලුවේ තියනකම් හොද පෙන්නේ නැ (බ)

:       0       0

අනුර Thursday, 01 December 2016 08:27 AM

වැඩ සටහන් තුලින් මාර්ග අනතුරු වළක්වන්න බැහැ මාර්ග ඉංජිනේරුවන් යොදවා මාර්ග ආරක්ෂක පියවර මෙන්ම පොලිසිය යොදවා මාර්ග නීති ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වෙනවා (බ)

:       0       0

අනුර Thursday, 01 December 2016 08:30 AM

ඇමතිවරු ඔක්කොම යන්නේ ඔහොම තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 146 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5594 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1186 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 356 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2127 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2064 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40052 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site