IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


ලියන්න ගිය අයටත් ගහලා

අලුත්ගම හා ධර්ගා නගරයේ දී මාධ්‍යවේදීන් හතර පස් දෙනකුටම පහර දී කැමරා කඩා බිඳ දමා ඇතැයි එම මාධ්‍යවේදීහු කියති.

බෙල්ල තුවාල වී රෝහල් ගත වී සිටින මාධ්‍යවේදියකු පැවසුවේ ධර්ගා නගරයේ කාණුවක දිගාවී නොසිටියේ නම් අද තමා ජීවතුන් අතර නැති බවයි. ඔහුගේ කැමරාව ද උදුරාගෙන ඇත.

තවත් මාධ්‍යවේදීන් කිහිප දෙනකුගේ කැමරා උදුරාගෙන හෝ පොළොවේ ගසා කඩා දමා ඇත.

පසුගිය 15 වැනි දා ධර්ගානගරයේ දී ලංකාදීප මාධ්‍යවේදියකුගේ වීඩියෝ කැමරාව පොළොවේ ගසා කඩා එහි කැබැල්ලක් ඔහුට දී තිබේ.

එම කැමරාව රුපියල් ලක්ෂයක් පමණ වටිනා බවත්, කැමරාව අහිමි වීමෙන් තම වෘත්තියට දැඩි බලපෑමක් එල්ල වූ බවත් අද පැමිණිලි කළේය.

අල් ජසීරා රූපවාහිනියේ මාධ්‍යවේදීන් ගමන් කළ රියකට ද ධර්ගා නගරයේ දී ගල්මුල් ප්‍රහාරයක් එල්ල විය.

 

 



අදහස් (0)

ලියන්න ගිය අයටත් ගහලා

නිසාර් Tuesday, 17 June 2014 08:05 PM

ලංකාදීප මාධ්‍යවේදියකුගේ වීඩියෝ කැමරාව පොළොවේ ගැසීම ගැන ඇත්තෙන්ම කනගාටුවෙනවා. ඕක නැත්නම් සිංහලෙන් මොකද වෙන්නේ කියල දැන ගන්නත් බැහැ (නදී)

:       0       0

නාලි Tuesday, 17 June 2014 08:14 PM

දැන්වත් කරුණාකරලා මාධ්‍ය වල උන දේවල් කියන්ඩ. ඇයි මාධ්‍යෙව්දියෝ මෙච්චර බය වෙලා ඇත්ත රටට හෙළි කරන්ඩ. (නදී)

:       0       0

හර්ෂ Tuesday, 17 June 2014 08:19 PM

එක දෙක කරලා ලෝකෙටම දෙවි අයෙත් දෙකක් නැ (අ)

:       0       0

ගිහාන් Tuesday, 17 June 2014 08:20 PM

ලංකාදීපයට සම්බන්ධ මාධ්‍ය වේදියෙකුට එවන් අතවරයක් උනානම් හදවතින්ම සමාවන්න. නමුත් හිමිනමක් මියගියා යැයි ජාති භේදය අවුස්සන්නට බොරු තොරතුරු සපයපු මාධ්‍යවේදියා අයිති සමාගමට නම් "සොරිම" තමයි. (අ)

:       0       0

ප්‍රියනාත් Tuesday, 17 June 2014 08:21 PM

ආයෙත් අහන්න දෙයක් නැහැ, ඔය කැත වැඩේ කලේ ගමේ මිනිස්සු නම් නෙමේ, පිටින් ආපු අන්තවාදී මැරයෝයි. (අ)

:       0       0

රුවන් Wednesday, 18 June 2014 08:59 AM

මේ වගේ අවස්ථාවක් වාර්තා කරනකොට හොඳින් ප්‍රවේශම් වියයුතුයි (නි)

:       0       0

රණා Wednesday, 18 June 2014 09:09 AM

කරුණාකර අහිංසාව පදනම් වූ බුදු දහම අනුවන මැරයන්ගෙන් බේරාදෙන්න උගත් කතුවරුනි. (නදී)

:       0       0

අජිත් Tuesday, 17 June 2014 08:35 PM

මාධ්‍ය මේ අවස්ථාවේ ක්‍රියාකළ ආකාරය හරිම ප්‍රසංසනීයයි. ඔවුන් ගැටුම් පැතිරී නොයෑමයට ක්‍රියා කළේ ක්‍රෝධය වෛරය පැතිරෙව්වේ නැත. ලංකාදීප ඇතුළු ලංකාවේ සියලුම මාධ්‍යයට හිස නමා ආචාර කරමි. (අ)

:       0       0

සම්පත් Wednesday, 18 June 2014 09:10 AM

ගැහුවේ කවුද කියලා ඒගොල්ලෝ දන්නවා. කියන්නේ නැත්තේ එතකොට ජාතිවාදී කියලා කියන නිසා. (නදී)

:       0       0

සුසිර Tuesday, 17 June 2014 08:42 PM

තිරිසන්නු කියල කියන්න ඕන මෙහෙම උන්ට තමයි. ජාති, ආගම් නෙමේ, මොවුන්ගේ මතයට එකඟ නොවන හැමෝටම සලකන්නේ ඔය විදිහට තමයි. ලේ පිපාසිත මිනීමරුවෝ. කඩ ගිනි තියල අනුන්ගේ දේපොළ වලට අලාභ හානි කලට පසුව සැපට නින්ද යනවා ඇති. (අ)

:       0       0

රියාල් Tuesday, 17 June 2014 08:48 PM

තමන්ගේ නිරුවත වහගන්න මිනිස්සු ඔය වාගේ වැඩ කරනවා (අ)

:       0       0

ෂෙහාන් Tuesday, 17 June 2014 08:48 PM

මේ ඇත්තද (අ)

:       0       0

වසීම් Wednesday, 18 June 2014 09:38 AM

කව්ද දැන් මේ අලාබය ගෙවන්නේ ? (නදී)

:       0       0

අතුල Tuesday, 17 June 2014 08:57 PM

අජිත්ගේ කතාවට මමත් එකඟයි (අ)

:       0       0

ශිහඩ් Wednesday, 18 June 2014 10:07 AM

මාධ්‍යවේදීන්ට ගහන එක වැරදියි. මොකද ඔවුන් නැත්නම් පිට රට වල ඉන්න අය මෙහෙ මොකද වෙන්නේ කියා දන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ හෙළුව වහගන්න අනුන්ගේ රෙදි ගලවලා හරියන්නෙත් නැහැ (නදී)

:       0       0

අනුර ශාන්ත Wednesday, 18 June 2014 10:17 AM

මේවා ඇහෙනකොට දකිනකොට හරිම වේදනයි. රටේ නීතිය අහක බලනකොට විශ්වාසය කියන දේ සාමාන්‍ය මිනිසාට නැති වෙනකොට සියලු ජන ජීවිත කඩා හැලෙනවා නේද? ඇයි මේවා පාලකයින්ට නොතේරෙන්නේ. (නදී)

:       0       0

නන්දසිරි Tuesday, 17 June 2014 09:28 PM

කවුද මේ අයට දැන් පිහිට වෙන්නේ? එයාලා කරන්න ගියේ රාජකාරියක් (නි)

:       0       0

ඒලියන් Wednesday, 18 June 2014 10:49 AM

ලංකාවේ බොහෝ මාධ්‍ය වගකීමෙන් වැඩ කලා. ලංකාවේ මාධ්‍ය වලට ගැහැව්වට මමත් විරුධයි. නමුත් ඔය අල්ජසීරා එකේ අයට ගහපු එකට නම් මම කැමතියි. ඔය අය එන්නේ ඇවිලෙන ගින්නට පිදුරු දාන්න. ඔක්කොම බලාගෙන ඉන්නේ අපේ රටේ මොකක් හරි ප්‍රශ්නයක් ඇතිවෙනකන් ඉන්නේ ඒක විකුණගෙන කන්න.(නදී)

:       0       0

මිගිද Tuesday, 17 June 2014 09:35 PM

මාධ්‍යවේදීන්ට ගහලා, කැමරා කුඩුකෙරුවාට ඒ අයගේ කට වහන්න, ප්‍රවෘත්ති ප්‍රකාශ කිරීම නවත්තන්න පුළුවන් කියල හිතනවා නම් ඒ තරම් මෝඩකමක් තවත් නැහැ. කොන්ද පණ ඇති මාධ්‍යවේදීන්ට අපි ණයගැතියි (නි)

:       0       0

ඉම්රාන් Tuesday, 17 June 2014 10:18 PM

දැන් බලන්න මේ මිනිස්සු කරලා තියෙන අපරාධයක තරම (දී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 17 June 2014 10:22 PM

සමහර ප්‍රතිචාර දාන්නේ සිංහල නම් වලින් වෙනත් කට්ටිය වගේ හිතෙන්නේ..නැත්නම් ගුටි කාපු කට්ටියම විත්තිකාරයෝ කරන්න දගලන්නේ වෙන මොක්කුන්ද.දැන් බැලුවම හැමදුරුවන්ට ගහල තියෙන්නෙත් බොදු බල සේනාවේ පෙරහරට ගහල තියෙන්නෙත් අපිම තමයි..හරි හරි,,.සාදු කාරයක් දීල ඒක අපි පිළිගමු ආගමික සහ වාර්ගික සහජීවනය උදෙසා කියල..(දී)

:       0       0

ඉන්දික Tuesday, 17 June 2014 10:35 PM

අපි හැමෝම ශ්‍රී ලාංකිකයන්ය. මුස්ලිම්, දෙමල, සිංහල වශයෙන් බේද වෙන්න එපා. හිතුවක්කාර තීරන නිසා මේ වගේ ප්‍රශ්න ඉදිරියත් ඒවි. අපි හැමෝම කල්පනාවෙන් ඒවාට මුහුණ දෙමු. මේක බලා බනින්න එපා මට. (නි)

:       0       0

කුසුම් Wednesday, 18 June 2014 11:35 AM

සුසිර, ඔබ හරි. හෙළුවෙන් සිටගෙන ක්‍රියා කරන අය ඔවුන්ගේ නිරුවත වසා ගැනීම සඳහා තමයි මේ මිලේච්ජ ප්‍රහාරය කර තිබෙන්නේ. නිර්භීත මාධ්‍ය වේදීන් දිවි පරදුවට තබා මෙවැනි දේ වාර්තා කරන නිසා අපි ගෙදරට වෙලා මේවා, කියවනවා, නරඹනවා. ඒ ගැන ඔබලාට හදවතින්ම ස්තුතිය පුද කරමි.පාඨකයන් ලෙස අපි මේ ප්‍රහාරය තරයේ හෙලා දැකිය යුතුයි. (ස)

:       0       0

ගුණවර්ධන Tuesday, 17 June 2014 11:24 PM

මට කියන්න තියෙන්නෙත් සුසිර කියන දේම තමයි (නි)

:       0       0

රූපවතී Wednesday, 18 June 2014 12:31 AM

ලංකාදීප අපේ මාධ්‍යවේදීන්ට ගැසූ එක ගැන නම් හිතට හරිම වේගයක් ආවා.මොකද මේ මාධ්‍යයට පින් සිදුවෙන්න තමයි අපි මොනවාහරි දැනගන්නේ. ඔවුන්ට පින් සිදුවෙන්න අපි දැනුවත් වෙනවා ජීවිත අවදානම් ගැන (නි)

:       0       0

තරංග Wednesday, 18 June 2014 12:20 PM

ගැහුවේ කවුද ? (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 18 June 2014 12:26 PM

මේවා අනාගත දරු පරපුරට භයානක ආදර්ශය (නි)

:       0       0

හුසේන් Wednesday, 18 June 2014 12:33 PM

මේ සියලු දෙනාගේ අදහස් වලින් පෙනෙන දෙයක් තමයි පසුගියදා අලුත්ගමදී සිදුවෙච්ච දේ ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාව අනුමත නො කරන බවත් සුළු නුගත් පිරිසගේ ක්‍රියාවක් බවත්. සිසිර,කුසුම්,ඉන්දික ඇතුළු මේ අදහස් දැක්වූ සියලු සහෝදරයිනි ඔබලා මේ ලක්බිමට වසනාවන්තයන්ය (නදී)

:       0       0

ශාන්ති Wednesday, 18 June 2014 01:47 AM

මමත් අජිත්ගේ කතාව පිළිගන්නවා (නි)

:       0       0

දයාල් Wednesday, 18 June 2014 02:59 AM

අපි සියල්ලන්ම මිනිසුන්ය. ඇයි අපි කා කොටාගන්නේ? (නි)

:       0       0

හෂාන් Wednesday, 18 June 2014 03:52 AM

අනේ පවු ඒ මිනිස්සු! (නි)

:       0       0

එරංග Wednesday, 18 June 2014 04:30 AM

ඒ අය මොනවා කරන්නද? ඒක එයාලගේ වෘත්තිය (නි)

:       0       0

රංග Wednesday, 18 June 2014 05:08 AM

මේ ගහගන්නේ මොනවා ඇති කරන්නද? මොනවා නැතිකරන්නද? අපි ඔක්කොම ලංකාවේ මිනිස්සු. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 18 June 2014 05:48 AM

මාධ්‍යවේදීන්ට පහර දෙන්න ඇත්තේ මොන කණ්ඩායමද කියලා හිතාගන්න පුළුවන්. මොකද එම කට්ටිය කරන වැරදි පත්තරවල වැටෙනවට ඒ අය කැමති නැතුව ඇති (නි)

:       0       0

ඇසළ Wednesday, 18 June 2014 06:38 AM

හරියට, එක මකුණයි කන්නේ ඒ වුණාට සේරම මකුණෝ මැරෙනවා වගෙයි මේ ප්‍රශ්නයත්. විදේශ වල ගිය ප්‍රවෘත්ති දැක්කහම හිතාගන්න පුළුවන් බොහෝ දේ. ලාංකිකයෝ වශයෙන් අපිටත් ලැජ්ජයි (නි)

:       0       0

ශාදී Wednesday, 18 June 2014 07:09 AM

මිනිසුන්ට ඇයි සමගියෙන් ජීවත්වෙන්න මෙච්චර අමාරු? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2524 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1680 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2421 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 573 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3329 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 630 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site