IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ලියුම් දීම වරදක් නෑ

අමාත්‍යවරයෙකු වශයෙන් ලියුම් නිකුත් කිරීමට සිදුවීම සමාජ යථාර්ථයක් බව විජිත විජේමුණි සේයිසා ඇමති  අද (09) කොළඹ නිදහස් පක්ෂ කාර්යයාලයේ පැවති මාද්‍ය හමුවක දී කීවේය.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල හිතවතෙකුට කථිකාචාර්ය තනතුරක් ලබා දීම සඳහා නිකුත් කළ ලිපිය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු එසේ පැවසීය.

විවිධ අවශ්‍යතා සඳහා අමාත්‍යවරුන් මුණ ගැසීමට පැමිණෙන ඡන්ද දායකයන්ට ඔවුන්ගේ අවශ්‍යතා අනූව ලියුම් ලබා නොදුනහොත් ඔවුන් තමන්ට දොෂාරෝපණ කරන බවද ඔහු පැවසුවේය.

DSC_1738



අදහස් (0)

ලියුම් දීම වරදක් නෑ

අජිත් Wednesday, 09 March 2016 11:28 AM

ඔය කියන යථාර්ථ වෙනස් කරලා සාධාරන සමාජයක් ඇති කරන්න තමයි ජනතාව ආණ්ඩුව මාරු කෙරුවේ. (කෞ)

:       0       0

රොෂාන් Wednesday, 09 March 2016 11:35 AM

සෙනරත් පක්ෂ පාට බේද වලින් වැඩක් නැහැ.ඉස්සරවෙලා මනුෂයෙකුට කතා කරන්න ඉගෙනගන්න (බ)

:       0       0

සුවිනි Wednesday, 09 March 2016 11:51 AM

වරදක් නොවෙන්නේ කොහොමද සම්මුඛ පරික්ෂණේට අැගිලිගහද්දී. ලියුමක් දෙන්නේ අහවල් එකටද බලපෑමක් නොවේනම්. ඉස්කෝලේ දෙකේ පන්තියේ ළමයෙක්ට තේරෙනවා එ්ක.ඕක දෙන්න ළමයෙක්ට ඇමතිතුමා...(බ)

:       0       0

සෞදි සරත් Wednesday, 09 March 2016 11:43 AM

නොදක්කනම් දැන් බලාගන්න නිල් අලි කියන්නේ මේගොල්ලන්ටය (බ)

:       0       0

ඉන්දික Wednesday, 09 March 2016 11:43 AM

එ්ක මාර කතාවක්නේ. ඔය විදිහට මෙයා ළගට එන මිනිස්සු කිව්වා කියල ඕනෑම ජරා වැඩක් කරාවී. (බ)

:       0       0

පෙරේරා Thursday, 10 March 2016 05:58 AM

ඔය කියන "සමාජ යථාර්ථය", "සුදුස්සාට සුදුසු තැන" නිර්ණය අනුගමනය කරන සමාජවල නැහැ. (නි)

:       0       0

ටිකිරි Wednesday, 09 March 2016 09:02 PM

දේශපාලකයෝ වැරදි කරන්නේ නැහැනේ (නි)

:       0       0

සිරිමල් Thursday, 10 March 2016 06:15 AM

අනේ මහත්තයෝ මටත් කැලේ සත්තු දෙන්නෙක් මරා ගන්න ලියුමක් දෙනවද පොලොසියට දෙන්න.(හේ)

:       0       0

සිරි Wednesday, 09 March 2016 10:05 PM

අප්පච්චි මියගියා. දැන් ඕනෑ කෙනෙකුට කඩේ යනවා. මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

අජිත් Wednesday, 09 March 2016 10:17 PM

මේ වගේ අයට මිනිස්සු ඡන්දෙ දුන්නේ නැතත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එනවනේ. (නි)

:       0       0

ලලිත් Wednesday, 09 March 2016 12:30 PM

විජේ මහත්තයටත් ලියුමක් ඕනිවෙලා වගේ නැත්නම් සෙනරත් කීව කතාව වැරැද්දක් නෑ (බ)

:       0       0

මහින්ද සෞදි Wednesday, 09 March 2016 12:33 PM

සෙනරත් ඔබගේ කතාව නියමයි. මෙයාලා ගැන කියන්න වචන නෑ. (බ)

:       0       0

මහින්ද Wednesday, 09 March 2016 12:34 PM

අපිටත් ලියුමක් ගන්න බැරි වෙයිද?(හේ)

:       0       0

අනුර Wednesday, 09 March 2016 11:02 PM

දේශපාලනික බලපෑම් පත්වීම් දීමේදී සිදුකිරීම බරපතල වරදකි. මීට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. ඒක තේරෙන්නේ නැති අයට ඡන්දේ දුන්නේ කවුද දන්නේ නැහැ. (නි)

:       0       0

වික්‍රම Wednesday, 09 March 2016 01:06 PM

දැන් මේ අයගෙන් ලියුමක් ගත්තා නම් ජොබ් එක අතේ.(හේ)

:       0       0

නන්ද Wednesday, 09 March 2016 11:32 PM

හැබෑ නේන්නම්! ඇමති උතුමන් මොනවා කළත් වරදක් නැහැ තමයි. (නි)

:       0       0

රෝහිණී Wednesday, 09 March 2016 01:02 PM

ලියුම් දීම විතරක් නොවෙයි. ඔයාලා මොනවා කළත් වරදක් නැහැ. වරද අපි ඔයාලව ඔතනට පත් නොකළත් එවන අය තමයි. (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 09 March 2016 01:11 PM

සෙනරත්, ඔබ හරි. ඔබේ භාෂාවත් හරි. කියන එක මූහුණ හරහා වදින්නම කියන්න ඕනෑ. මේවාට උත්තර දීම ඔලුව අතගගා කරන්න පුළුවන් ඒවා නොවෙයි. (නි)

:       0       0

මංගල Wednesday, 09 March 2016 01:03 PM

එහෙනම් විභාග තියන්න අවශ්‍ය නැහැනේ (නි)

:       0       0

කෝනාර Thursday, 10 March 2016 12:03 AM

“හිතවතෙකුට කථිකාචාර්ය තනතුරක් ලබාදීම සඳහා නිකුත් කළ ලිපිය “ එහෙම කථිකාචාර්ය තනතුරු ලබාදුන්නම රටට යන කල මොකක්ද? සම්මුඛ පරික්ෂණයට ගිහින් පාස් වුණොත් තමයි ඒ වගේ තනතුරු ගන්න පුවළුන්. (නි)

:       0       0

විකුම් Wednesday, 09 March 2016 01:05 PM

අනේ මෙහෙමත් කතා හැබෑට! (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 09 March 2016 01:15 PM

රොෂාන්, සෙනරත්, ඔයවගේ මිනිසුන්ට දෙන්න ඕනෑ විදිහට දීලා තිබෙන්නේ. තව පුළුවන් නම් එ්කටත් මම කැමතියි. (නි)

:       0       0

සත්‍යපාල Wednesday, 09 March 2016 01:07 PM

විජේ,රොෂාන් ඔහෙලා හරි වැදගත් අය. කවුරුහරි කාට හෝ නරක විදිහට කතා කරනකොට හිත රිදෙනවා. (නි)

:       0       0

අන්වර් Wednesday, 09 March 2016 01:12 PM

පැරදුන අයට පසුව ඇමතිකම් දුන්නටත් කමක් නැද්ද? (නි)

:       0       0

භක්ති Wednesday, 09 March 2016 01:19 PM

අනේ මෙහෙමත් දේශපාලකයෝ? (නි)

:       0       0

ශානක Thursday, 10 March 2016 01:20 AM

මෙතුමාට අධ්‍යාපන ඇමතිකමනේ දෙන්න තිබුණේ (නි)

:       0       0

රකිත් Thursday, 10 March 2016 01:18 AM

ලියුම් දීමේ කිසිම වරදක් නැහැ. හැබැයි, මොන වගේ ලියුමක්ද දෙන්නේ කියන එකයි ප්‍රශ්නය. වරායෙන් කුඩු කන්ටේනර් නිදහස් කිරීමට, තම හිතවතුන්ට රැකියා ලබා දෙන ලෙස රජයේ ආයතන වලට බලපෑම් කිරීමට, තම හිතවතුන්ගේ දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීමට වැනිදේට ලියුම් දීම වැරදියි. (නි)

:       0       0

ජනක Thursday, 10 March 2016 02:29 AM

රොෂාන්, සෙනරත් එයාගේ සමාජ තරාතිරමේ හැටියට අදහස් පළකළා. (නි)

:       0       0

රණතුංග Thursday, 10 March 2016 02:55 AM

මේ මහත්තයා ගැන මොණරාගල ඉන්න අපි නොදන්නවායැ. ලැජ්ජයි. (නි)

:       0       0

නිම්මි Wednesday, 09 March 2016 03:10 PM

අනේ රොෂාන් දැක්කේ නැද්ද කිරිඇල්ල ඇමති මාධයවේදියාට කතා කරපු හැටි? අගමැති පාර්ලිමේන්තුවේ කතා කරපු හැටි? අනේ මන්ද (කෞ)

:       0       0

ඇසළ Wednesday, 09 March 2016 03:08 PM

දෙන්නෙක්ම ලියල තියෙන්නේ කතා කරන්න ඉගෙන ගන්න කියල එක කියන්න ඕනේ ලොක්කටයි ගෝලයෝ සෙට් එකටයි දියවන්නාවේ ඉන්න, ඉස්සෙල්ලාම. ඒගොල්ලෝ හරහට යනකොට මහජනයා කොහොමද කෙලින් යන්නේ. (කෞ)

:       0       0

ශෂිකා Wednesday, 09 March 2016 03:27 PM

ඕනෙම ගොනෙකුට කඩේ යන්න පුළුවන්...(බ)

:       0       0

අමර Wednesday, 09 March 2016 03:31 PM

විජේ,රොෂාන්, වැදගත් කමක් නැති අයට කතා කළ යුත්තේ සෙනරත් කියන විදියට තමයි.හරකට හරකා නොකියා හරක් මහත්තය කියනවද? (බ)

:       0       0

චතුර Wednesday, 09 March 2016 03:24 PM

ලියුම් දීම වරදක් නෑ කියමු. එත් ඔබතුමාලා යූඑන්පී එකට කඩේ යාම නම් කැතයි හොඳේ ?(කෞ)

:       0       0

කුමාර Thursday, 10 March 2016 03:34 AM

අද රටේ ජනතාව නොයෙකුත් ආයතනවල සිද්දවෙන දේවල් ගැන දන්නේ ඉතාම අඩුවෙන්. පැපරාසි සේවයක් තියෙනවනම් හොදයි කියල මට හිතෙන්නේ ආණ්ඩුවෙන් පඩි ලබන මිනිස්සු බොහෝ දෙනෙක් කරන දේ අහම්බෙන් දකින නිසා. (ම)

:       0       0

සුදේශ් Thursday, 10 March 2016 03:44 AM

සෙනරත්ගේ භාෂාව හරි. මේ වගේ අය අමතන්න ඕනෑ මෙහෙම තමයි (නි)

:       0       0

සිල්වා - බර්ලින් Friday, 11 March 2016 06:46 AM

ලංකාව ආර්ථික , සමාජීය වශයෙන් දිගටම පිරිහෙමින් පවතින්නේ මෙවැනි දේශපාලකයන් සහ ඔවුන්ගේ අදහස් නිසාය , කණගාටුවට කාරණය පසුගිය ආණ්ඩුවේ සිටි මෙවැනි දේශපාලකයන් යහපාලන ආණ්ඩුවටද ගොඩවී ඔවුන්ගේ වැරදි සාධාරණිය කරමින් දිගින් දිගටම පරණ ක්‍රමයටම ඉදිරියට යන එකය , මේවා දකින තරුණයන් ඔරුවක කොල්ලෑවක හෝ එල්ලී ඔස්ට්‍රේලියාවට හෝ වෙනයම් රටකට පැනයාම් ඉදිරියේදී සුලභ වියහැක , ජනාධිපති තුමනි ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද මොවුන් ආණ්ඩුවට ගැනීම ඔබවිසින් කරන ලද විශාල වරදකි (බ)

:       0       0

සුදේශ් Thursday, 10 March 2016 03:50 AM

බලන්නකෝ එයාලා ගිය උඩ (නි)

:       0       0

කින් බෙනට් Wednesday, 09 March 2016 04:33 PM

එහෙනම් ඔය රජයේ තනතුරු වලට පවත්වන විභාග, සම්මුඛ සාකච්ඡා ඔක්කොම නවත්වලා ඒ රැකියාවල් සඳහා ඇමතිතුමාගෙන් ලියුමක් අරන් ආවහම ඇති කියන ක්‍රමය අපි ගෙනෙමු. එතකොට ඔය පත්වෙන 225 දෙනාට තවත් ඉහළින් මේ රටේ සෙල්ලම් කරන්න පුළුවන් (නි)

:       0       0

ප්‍රියාන් Wednesday, 09 March 2016 04:39 PM

අමර, ඔයා හරි. වෙන විදියක් නැහැ මෙයාලට කතාකරන්න (නි)

:       0       0

කින් බෙනට් Wednesday, 09 March 2016 04:42 PM

අප්පච්චි මැරුණා වුණාට මල්ශාලාවේ කට්ටිය එම්බාම් එක දීලා තියෙන්නේ මෙතුමාටනේ (නි)

:       0       0

චන්ද්‍රසේකර Wednesday, 09 March 2016 04:51 PM

අනේ මෙහෙමත් කතා! (නි)

:       0       0

ඩලස් Wednesday, 09 March 2016 04:56 PM

මෙහෙම දේශපාලනය කරන අය සිටිනතාක් රටට අබ සරණයි! (නි)

:       0       0

තුෂාර Thursday, 10 March 2016 05:18 AM

අනේ යන්න රොෂාන් වැදී බණ කියන්නේ නැතුව. ඔය වගේ අයට ඔහොම නැතුව කොහොමද කතාකරන්නේ? (නි)

:       0       0

සෙනරත් Wednesday, 09 March 2016 11:19 AM

මූ දැන් පුළුවන් තරම් රෙදි හෝදන එක කරන්නේ.. මුගේ සංහතියම ලැජ්ජාවක් නැති අය .අපි දන්නවනේ සහෝදරයෝ ටික ඉන්නේ අපේ අවිස්සවෙල්ලෙනේ.මම කිවේ මේ 'අප්පච්චි මලෝ' ගැන.(අ)

:       0       0

ප්‍රසා Wednesday, 09 March 2016 11:11 AM

ඇමතිවරු ටිකක් හොරකම් කරාටත් කමක් නැහැ, ඒකත් සමාජ යථාර්තයක්. (අ)

:       0       0

අනුර පනාගොඩ Wednesday, 09 March 2016 11:13 AM

මෝඩ කමට බේත් නැනේ (අ)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 09 March 2016 11:22 AM

අප්පොච්චියේ.......ස්තුතියි කිරිඇල්ල ඇමති වෙනුවෙන් කතා කළාට. (අ)

:       0       0

හේමන්ත Wednesday, 09 March 2016 05:52 PM

ඇත්තටම මොහු කතා කරන්නේ කටින්ද කියලත් හිතෙනවා. පාට බේදයක් නැතුව කියන්නේ, හැරෙන හැරෙන පැත්තට කතා කරන විදිය දැක්කහම හරිම පිළිකුලක් දැනෙන්නේ. (නි)

:       0       0

නිහාල් Wednesday, 09 March 2016 11:32 AM

ඕනෑම අයෙක්ට ඕනෑම අයෙක්ව සාධාරණීය කරන්න පුළුවන් බව කිරිඇල්ල කිව්වේ නැත්ද.(කෞ)

:       0       0

විජේ Wednesday, 09 March 2016 11:33 AM

මට පෙනෙන්නේ සෙනරත් මහත්තයත් තවත් කාගේදෝ රෙදි හෝදන්න පටන් අරගෙන වගේ, භාෂාව ටිකක් සංවර උනානම් හොඳයි(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2448 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 428 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1718 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5067 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3402 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3755 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site