IMG-LOGO

2025 මාර්තු මස 05 වන බදාදා


ලයිට් බිල වැඩි කරන්න අයිඑම්එෆ් කියයි

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙරට විදුලිය ගාස්තුව සංශෝධනය කිරීමට පසුගිය ජනවාරි මාසයේදී විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබෙන බවත් එම සංශෝධනයත් සමග විදුලිය නිෂ්පාදනය කිරීමේ පිරිවැය, නව ගාස්තුවෙන් ආවරණය නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කර ඇතැයි එම අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා අද (04) පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

ඉදිරිය දෙස බලනවිට ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලැබීමට තිබෙන හැකියාව නව ගාස්තුව යටතේ වැළැක්වීමට අවස්ථාවක් නොලැබෙන බව පැහැදිලි යැයි බෲවර් මහතා පැවැසුවේය.

ඒ හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ණය නැවත ගොඩ ගැහීමේ අවදානමක් පවතින බවත් එවිට නැවතත් ලංකා විදුලිබල මණ්ඩලය රජයට බරක් වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

ලංකා විදුලිබල මණ්ඩලය රජයට කෙතරම් බරක් විය හැකිදැයි යන්න පිළිබඳව සැමට අත්දැකීමක් තිබෙන බවත් ඒ හේතුවෙන් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණයක් ඉදිරි විදුලිය ගාස්තු සංශෝධනයේදී නැවත ස්ථාපනය කිරීම අත්‍යවශ්‍ය බව ද ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා පැවැසුවේය.

පාඩු නොලැබෙන ආකාරයෙන් මිල තීරණය කිරීමට ස්වයංක්‍රීය යාන්ත්‍රණ දැනටමත් තිබෙන බවත් ඒවා ක්‍රියාත්මකවීමට ඉඩ හැරිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව පිළිබඳ සිදු කළ තෙවැනි සමාලෝචනයට විධායක කමිටු අනුමැතිය ලැබීම සම්බන්ධයෙන් ඊයේ (04) වොෂිංටන් නුවරදී මාධ්‍ය හමුව පැවැති අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර්, නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානි කට්සියරිනා ස්විරිඩ්සෙන්කා සහ නේවාසික නියෝජිත මර්තා ටෙස්ෆායේ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

 



අදහස් (0)

ලයිට් බිල වැඩි කරන්න අයිඑම්එෆ් කියයි

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

‘කුෂ්‘ සමඟ ඉන්දියානුවා ගුවන්තොටේදී මාට්ටු
2025 මාර්තු මස 05 75 0

රුපියල් පන් කෝටි විසි ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දිය ජාතික ගුවන් මගියෙකු අද(05 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී


හිලෑ අලියාගේ පහරදීමෙන් ඇත් ගොව්වා මරුට
2025 මාර්තු මස 05 240 0

හබරණ පුවක්පිටිය පාලම අසලදී හීලෑ ඇලියෙකු පහරදීමෙන් ඇත් ගොව්වෙකු මියගොස් ඇති බව හබරණ පොලිසිය කියයි.


අධිවේගී අනතුරින් අයෙක් මරුට:ASP ඇතුළු තිදෙනකුට තුවාල
2025 මාර්තු මස 05 735 0

රාජ්‍ය බුද්ධි සේවයේ නැගෙනහිර පළාත භාර සහකාර පොලිස් අධිකාරිවරයා ගමන් ගත් ජීප් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 39 දශම 3 දොඩංගොඩ ප්‍රදේශයේ නවතා තිබූ


සංජීවගේ වෙඩික්කරුගේ තවත් තොරතුරු එළියට
2025 මාර්තු මස 05 1321 0

පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීවට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින වෙඩිකරු කඳාන වීදි මාවතේ නිවසකට වෙඩි තබා පලායාමේ සිද්ධියේ වෙඩි


පී.සීට පහර දුන් ගුවන් සෙබලා අල්ලයි
2025 මාර්තු මස 05 396 0

ත්‍රී රෝද රථයක රියදුරුට තාවකාලික රියදුරු බලපත්‍රයක් ලබා දුන්නැයි උරනව පොලිස් කොස්තාපල්වරයකුට පහර දුන් ගුවන් හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව පිටකොටු


අද වැසි රහිත කාලගුණයක්
2025 මාර්තු මස 05 54 0

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා


වැඩි දෙනා කියවූ පුවත්



රනිල් මැතිසබයට?
2025 පෙබරවාරි මස 20 20055 50



මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 131 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 459 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 533 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site