IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ලොරෙන්සෝ පුතා බේරා ගැනෙති

(ගයාන් සූරියආරච්චි, අංජුල මහිකවීරරත්න සහ හිරාන් ප්‍රියන්කර)

අරාබි මුහුදේදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ‘ලොරෙන්සෝ පුතා 4‘ බහුදින යාත්‍රාව සහ ධීවරයන් 6 දෙනා  අද (29) නිරුපද්‍රිතව බේරාගෙන සීෂල්ස් රාජ්‍යෙය් වික්ටෝරියා නගරයට රැගෙන ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් වී.ජී. වික්‍රමසූරිය මහතා පැවැසීය.

සීෂල්ස් රාජ්‍යෙය් විශේෂිත ගුවන් යානා දෙකක් සහ ටොපෑස් නැමැති නෞකාව ආධාරයෙන් ඊයේ (28) සහ අද (29) දිනවල සිදු කළ විශේෂ මෙහෙයුම්වලින් අනතුරුව සීෂල්ස් රාජ්‍යෙය් අනන්‍ය ආර්ථික කලාපයේ තිබී සැක කටයුතු යාත්‍රාවක් පිළිබදව නිරීක්ෂණය වී තිබූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ඒ අනුව දිගින් දිගටම සිදුකළ නිරීක්ෂණවලදී එම යාත්‍රාෙව් අවිගත් පුද්ගලයන් සිටින බවට තහවුරුවීමෙන් අනතුරුව සිදුකළ විශේෂ මෙහෙයුමකදී ශ්‍රී ලාංකික ධීවරයන් 6 දෙනා නිරැපද්‍රිතව බේරාගත් බවත් සෝමාලියානු නෞකාවේ සිටි මුහුදු කොල්ලකරුවන් 3 දෙනකු අත්අඩංගුවට ගෙන තිබූ බවත් වික්‍රමසූරිය මහතා කීය.

සීෂල්ස් රාජ්‍යයට ඊසාන දෙසින් නාවික සැතපුම් 230 ක් දුරින් එම මෙහෙයුම සිදුකර සෝමාලියානු කොල්ලකරුවන් අත්අඩංගුවට ගෙන තිබූ බවත් මෙරට ධීවරයන් නිරැපද්‍රිතව සීෂල්ස් රාජ්‍යයට රැගෙන ආ බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කළේය.

සෝමාලියානු කොල්ලකරුවන් විසින් ‘ලොරෙන්සෝ පුතා 4‘ යාත්‍රාව අත්අඩංගුවට ගෙන සෝමාලියාව දෙසට රැගෙන ගොස් තිබූ අතර පසුව ඔවුන් එම යාත්‍රාව සීෂල්ස් රාජ්‍ය්යේ උතුරු දෙසට රැගෙන ගොස් තිබූ බවත් පසුව සීෂල්ස් රාජ්‍ය යේ වෙරළාරක්ෂක බළකාය සමග එක්ව පැහැර ගත් ධීවරයන් බේරාගැනීම සදහා නාවික හමුදාව නිරතුරුවම  මෙහෙයුම්වල නිරතවූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා පැවැසීය.

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් ශ්‍රී ලාංකික ධීවරයන් පැහැරගත් මොහොතේ සිටම ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රියාත්මක වී බහරේන්, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 39 ක් සමාජිකත්වය දරන ඒකාබද්ධ සමුද්‍රීය බළකායේ සහාය ඇතිව ධීවරයන් බේරාගැනීමට මෙහෙයුම් දියත් කරන්න විය.

වත්තල දික්ඕවිට වෙරෙළ ප්‍රෙද්ශයෙන් ධීවර කටයුතු සදහා පිටත්වී තිබූ ‘ලොරෙන්සෝ පුතා 4‘ ධීවර යාත්‍රාව සමග එහි සිටි ධීවරයන්  6  දෙනෙකු සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් ඉකුත් (27) දා අරාබි මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

(ඡායාරූප: හිරාන් ප්‍රියන්කර)



අදහස් (0)

ලොරෙන්සෝ පුතා බේරා ගැනෙති

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1357 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 827 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2088 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 416 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 710 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1766 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site